Divisional Secretariat Narammala

Divisional Secretariat Narammala Narammala Divisional Secretariat is a Divisional Secretariat of Kurunegala District, of North Western Province

11/08/2026
11/08/2026

අත්තම - ජාතික පවිත්‍රතා දිනය දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරී වසම්වල සාර්ථකව පැවැත්විණි....🌱

අත්තම - ජාතික පවිත්‍රතා වැඩසටහන සෑම මසකම අවසන් සෙනසුරාදා දින සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කොටිඨාසය ආවරණය කරමින් පැවැත්වෙනු ඇත. පසුගියදා පැවැත්වුණු ශ්‍රමදාන වැඩසටහන් සඳහා පුළුල් ජන සහභාගීත්වයක් තිබීම කැපී පෙනෙන්නකි. සියලු දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මටිටමින් වැඩසටහන් රැසක් සංවිධාන කෙරිණි. ඒ සඳහා දේශපාලනඥයින් , දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරැන් සහ ක්ෂෙත්‍ර නිලධාරීන් මෙන්ම අනෙකුත් රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන් , මෙන්ම ස්වෙච්ජා සංවිධාන වල නියෝජිතයෝ ඇතුළු තවත් පිරිසක් එක්වුහ. “පවිත්‍ර දේශයක් සඳහා පුරවැසි මෙහෙයුම” වැඩසටහනේ තේමාවයි. පරිසර හිතකාමී මෙන්ම පවිත්‍ර පරිසර පද්ධතියක් ඉදිරි පරපුර උදෙසා නිර්මාණය කිරීමේ අරමුණෙන් වැඩසටහන සංවිධාන කළේ , ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයයි.
රාජ්‍ය , පෞද්ගලික හා මහජන හවුල්කාරීත්ව ( 4P ) සංකල්පය මත පදනම්ව , සියලු දිස්ත්‍රික් ලේකම්වරැන් ගේ අධීක්ෂණය යටතේ වැඩසටහන ක්‍රියාත්මක විය.
පරිසර ප්‍රජා සහජීවනය සඳහා වු ජාතික දිනය නිමිත්තෙන් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය හා තවත් රාජ්‍ය ආයතන ගණනාවක සහය ඇතිව මෙය ක්‍රියාවට නැංවිණි. ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වය ද ඊට ලැබිණි. ශ්‍රී ලංකා පොලිසියේ පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ මඟ පෙන්වීමද වැඩසටහනට ලැබිණ..
ප්‍රජාව අතර සහයෝගීතාවය හා ශ්‍රම හුවමාරුව නැවතත් තරුණ පරපුර තුළ ප්‍රවර්ධනය කිරීම, පොදු දේපල කෙරෙහි සංකල්ප ධනාත්මක ආකල්ප ඇතිකරමින් ඌන උපයෝජිත පොදු පහසුකම් වැඩිදියුණු කිරීම, මහාමාර්ග හා වෙළෙඳ පොල ඇතුළු පොදු ස්ථාන පිරිසිදුව තබාගනිමින් දැකුම්කළු පරිසරයක් නිර්මාණය කිරීම සහ පරිසර දුෂණයෙන් ඇතිවන රෝග බෝවන ප්‍රභවයන් මුළුමනින්ම ඉවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
මෙමඟින් අපේක්ෂිත ප්‍රතිඵල වන්නේ, පිරිසිදු හා ආකල්ප වලින් පිරිපුන් පරිසරයට සංවෙිදී අනාගත පරපුරක් බිහිකිරීම , පොදු පහසුකම් සංවර්ධනය තුළින් ජන ජීවිතය උසස් කිරීම , පුරවැසියන් අතර අනෝන්‍ය සබඳතා ප්‍රවර්ධනයයි.

🗓️ මීළඟ "අත්තම": 2026 සැප්තැම්බර් 19 (සෙනසුරාදා)

#අත්තම

✴️"අත්තම" ජාතික පවිත්‍රතා දින නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ප්‍රධාන වැඩසටහන පොතුපිටිය ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කරග...
10/08/2026

✴️"අත්තම" ජාතික පවිත්‍රතා දින නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ප්‍රධාන වැඩසටහන පොතුපිටිය ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරිණි....

"ක්ලීන් ශ්‍රී ලංකා" ජාතික වැඩසටහනට සමගාමීව "පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර" තේමාව යටතේ, "දැකුම්කලු දිවයිනක් - සොම්නසින් පිරි ජනතාවක්" බිහි කිරීමේ අරමුණින් රාජ්‍ය, පෞද්ගලික සහ මහජන හවුල්කාරීත්ව (4P) සංකල්පය මත පදනම්ව පැවැත්වෙන "අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහනේ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ප්‍රධාන ශ්‍රමදාන වැඩසටහන (අගෝස්තු 08) පෙ.ව. 8.00 ට පොතුපිටිය ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කෙරිණි.

එහි දී කිතලදෙණිය ඇළ මාර්ගය පවිත්‍ර කිරීම සිදු කෙරුණු අතර නාරම්මල ප්‍රාදේශීය සභාව හා නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට නාරම්මල කොට්ඨාස සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දඹදෙණිය ආසන සංවිධායක අශෝක ගුණසේන මහතා, නාරම්මල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති හසිත රන්දික මහතා ඇතුලු දේශපාලන නියෝජිතයින්ද, නාරම්මල ප්‍රාදේශීය ලේකම් එම්. ආර්. එම් ඉම්රාන් මහතා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් ද, හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසී මහජනතාව ද මෙම ප්‍රධාන ශ්‍රමදාන වැඩසටහනට සහභාගි වූහ...

10/08/2026

අද අත්තමට අපි හැමෝම එකතු වෙමු.🤝

#අත්තම

06/08/2026

"අත්තම" කියන්නේ මොකක්ද? 🤝🇱🇰

"අත්තම" කියන්නේ අතීතයේ ඉඳන් අපේ ගම්වල පැවැති සුන්දර එකමුතුකමේ පාරම්පරික සිරිතයි. ගොවිතැනේදී හෝ ගමේ පොදු වැඩකදී මුදලට නෙවෙයි, එකිනෙකා අතර ශ්‍රමය හුවමාරු කරගනිමින් එකතු වෙලා වැඩ කරපු ඒ උතුම් ගුණාංගය තමයි "අත්තම" කියන්නේ. අද අපේ පරිසරය, මාර්ග සහ පොදු ස්ථාන පිරිසිදුව අලංකාරව තබාගන්න ඒ පැරණි එකමුතුකම "අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන හරහා නැවතත් අවදි වෙනවා!

වැඩසටහනින් සිදුවන්නේ කුමක්ද?

🧹 පරිසරය & පොදු ස්ථාන පවිත්‍ර කිරීම: අපේ ගමේ/නගරයේ මාර්ග, පොදු වෙළඳපොළවල් සහ පොදු ස්ථාන පිරිසිදු කර අලුත්වැඩියා කිරීම.
🌿 ස්වාභාවික සම්පත් සුරැකීම: පැළ සිටුවීම, වැව්-ඇළ දොළ සහ වෙරළ තීරයන් සංරක්ෂණය කරමින් සෞඛ්‍ය සම්පන්න වටපිටාවක් සෑදීම.
🤝 ප්‍රජා එකමුතුකම: තරුණ පරපුර මුල් කරගනිමින් එකිනෙකාට සහයෝගය දක්වන, වගකීම්සහගත ශ්‍රී ලාංකික ප්‍රජාවක් ගොඩනැගීම.

වැඩසටහන් තොරතුරු:
📅 ආරම්භක දිනය: 2026 අගෝස්තු 08 වන දින
🔄 පැවැත්වෙන දිනයන්: සෑම මසකම අවසාන සෙනසුරාදා දිනවල
⏰ වේලාව: පෙ.ව. 08:00
📍 ස්ථානය: ඔබගේ ග්‍රාම නිලධාරී වසම මූලික කරගනිමින්

ඔබත් මේ සඳහා දායකවන්න.

06/08/2026

ජාතික පවිත්‍රතා දින වැඩසටහන! 🌿🇱🇰
"එකමුතුව එක්වෙමු - පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු!"

📅 දිනය: 2026 අගෝස්තු 08 (සෙනසුරාදා)

එන්න, පරිසරය සුරැකීමේ මෙම අර්ථවත් ජාතික මෙහෙයුමට ඔබත් සක්‍රියව දායක වන්න!

06/08/2026

📍අත්තම - ජාතික පවිත්‍රතා දින වැඩසටහන
“එකමුතුව එක්වෙමු - පිවිතුරු ශ්‍රී ලංකාවක් ගොඩනගමු!” 🇱🇰

#අත්තම

06/08/2026

✴️ප්‍රදේශයේ සංවර්ධන කටයුතු, මහජන සේවා කාර්යක්ෂම කිරීම සහ ආයතන අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ප්‍රාදේ...
04/08/2026

✴️ප්‍රදේශයේ සංවර්ධන කටයුතු, මහජන සේවා කාර්යක්ෂම කිරීම සහ ආයතන අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීම 2026.07.31 දින සාර්ථකව පැවැත්විණි.

මෙම රැස්වීමේදී දේශපාලන නියෝජිතයින්, රාජ්‍ය ආයතනවල නිලධාරීන් සහ අදාළ පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහන්, මහජන ගැටලු සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කරන ලදී.

ප්‍රදේශයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් සැපයීම වෙනුවෙන් සියලු ආයතන එක්ව කටයුතු කිරීමට මෙහිදී අවධානය යොමු කරන ලදී.

-විශේෂ අවස්ථා-

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - නාරම්මල

Address

Thanayama Road
Narammala
60100

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94372249354

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Narammala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Narammala:

Shortcuts

Share