Disaster Relief Service Unit Pasbagekorale

Disaster Relief Service Unit Pasbagekorale Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Disaster Relief Service Unit Pasbagekorale, Government Organization, Nawalapitiya.

03/07/2022
තද වැසි හා තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනය📢
03/07/2022

තද වැසි හා තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනය📢

පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයවර්ණය - ඇම්බර්🟠
31/05/2022

පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය
වර්ණය - ඇම්බර්🟠

සැළකිලිමත් වන්න...Please Be Aware...
08/05/2022

සැළකිලිමත් වන්න...
Please Be Aware...

08/05/2022

2022 මැයි මස 09 දින සඳහා කාලගුණ අනාවැකිය
2022 මැයි මස 08 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා වැඩිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

WEATHER FORECAST FOR 09 May 2022
Issued at 1200 noon on 08 May 2022

Showers or thundershowers will occur at times in Western, Sabaragamuwa, Central and North-western provinces and in Galle and Matara districts. Fairly heavy showers above 50 mm may occur at some places in these areas.

Showers or thundershowers will occur at several places in Uva, Eastern and North-central provinces and in Hambantota district during the evening or night.

Winds speed can increase up to 40 kmph at times in the Northern, North-central and North-western provinces and in Hambantota district.

General public is kindly requested to take adequate precautions to minimize damages caused by temporary localized strong winds and lightning during thundershowers.

05/05/2022

2022 මැයි මස 05 දින සඳහා කාලගුණ අනාවැකිය
2022 මැයි මස 05 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදේ කාලයේ දී වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

WEATHER FORECAST FOR 05 May 2022
Issued at 05.30 a.m. on 05 May 2022
Showers or thundershowers will occur at times in Western and
Sabaragamuwa provinces and in Galle and Matara districts.

Fairly heavy showers above 50 mm may occur at some places in Sabaragamuwa province and in Kaluthara, Galle and Matara districts.

Showers or thundershowers will occur at several places in Central, Uva, Eastern and North-central provinces and in Hambantota district during the evening or night. Fairly heavy showers above 50 mm may occur at some places.

A few showers may occur in the coastal areas of Puttalam district during the morning.

General public is kindly requested to take adequate precautions to minimize damages caused by temporary localized strong winds and lightning during thundershowers.

අවවාදාත්මක නිවේදනය..
05/05/2022

අවවාදාත්මක නිවේදනය..

05/05/2022

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
2022 මැයි මස 05 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

වැසි තත්ත්වය:
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර හෝ නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-40) පමණ වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) පමණ දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය:
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවේ. සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

WEATHER FORECAST FOR SEA AREAS AROUND THE ISLAND DURING NEXT 24 HOURS
Issued at 05.30 a.m. on 05 May 2022

Condition of Rain:
Showers or thundershowers will occur at times in the sea areas off the coast extending from Puttalam to Hambantota via Colombo, Galle and Matara. Showers or thundershowers may occur at a few places elsewhere during the evening or night.

Winds:
Winds will be westerly or south-westerly and wind speed will be (20-40) kmph. Wind speed can increase up to (45-50) kmph at times in the sea areas off the coast extending from Puttalam to Hambantota via Colombo and Galle.

State of Sea:
The sea areas off the coast extending from Puttalam to Hambantota via Colombo and Galle will be fairly rough at times and the other sea areas around the island may be moderate.
Temporarily strong gusty winds and very rough seas can be expected during thundershowers.

සැළකිලිමත් වන්න..!Please Be Aware...!
13/02/2022

සැළකිලිමත් වන්න..!
Please Be Aware...!

🌧️🌧️🌧️
12/02/2022

🌧️🌧️🌧️

09/01/2022

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය
2022 ජනවාරි මස 09 දින සවස 04.00 ට නිකුත් කරන ලදි.

දිවයිනට ගිනිකොණ දෙසින් පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වී ඇත. එබැවින්, ජනවාරි මස 10 සහ 11 දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

අද රාත්‍රී:
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැක.
ඌව පළාතේ සහ අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක් තද වැසිද ඇති විය හැක.

හෙට දින:
උතුර, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම, සබරගමුව, ඌව, උතුරුමැද සහ දකුණු පලාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

📌️විමසිලිමත් වන්න....
29/11/2021

📌️විමසිලිමත් වන්න....

Address

Nawalapitiya

Opening Hours

Monday 08:00 - 16:15
Tuesday 08:00 - 16:15
Wednesday 08:00 - 16:15
Thursday 08:00 - 16:15
Friday 08:00 - 16:15

Website

Alerts

Be the first to know and let us send you an email when Disaster Relief Service Unit Pasbagekorale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Disaster Relief Service Unit Pasbagekorale:

Share