23/09/2021
🌺 මල් පොහොර 🌺
----------------------------------
මලක photo එකක් දැම්මොත් ගොඩක් අය මුලින්ම අහන්නෙ දාන්න ඕනි පොහොර මොනාද කියලා.. ආසාවෙන් පිලිවෙලට මල් හදන්න ආස අයට මේ තොරතුරු අන්තර්ජාලයෙන් බලලා තමයි හොයා ගත්තේ.. ඔයාලට වැදගත් වෙයි කියලා හිතුනා... අපි මල් ගන්න ගියාම ඒ තැන් වලින් ඇහුවට ගොඩක් අය මේ පොහොර ගැන කියන්නෙ නෑ... ඔන්න එහෙනම් කියවලා අදහසක් ගන්නකෝ... 😊
🌺 නිල් කැට පොහොර
මේ පොහොර යොදන්නෙ ගසක වර්ධනය සඳහා වර්ධන අවදියේ. පලමු දිනයේ යොදා දින 10/14 පසුව යොදන්න.
🌺දම් කැට පොහොර
මේ පොහොර යොදන්නේ ගසේ මල් වර්ධනය කර ගැනීම සඳහා. පලමු දින යොදා දින 10/14 පසුව යොදන්න.
🌺කොළ කැට පොහොර
මේ පොහොර ගසේ වර්ධනයට මෙන්ම මල් වර්ධනය කර ගැනීමට යොදාගන්නවා. පලමු දින යොදා දින 10/14 වරක් යොදන්න.
🌺යාරමිලා ටාගට් පොහොර
මල්, ගෙඩි ලබා ගැනීමට සති දෙකකට වරක් යොදන්න. නයිට්‍රජන් 14%, පොස්පරස් 14%, පොටෑසියම් 21%ක ප්‍රමාණයක් අඩංගුයි.
🌺යාරමිලා කම්ප්ලෙක්ස්
මෙය පොටෑසියම් අධික පොහොරක් එම නිසා ගහේ මුලට 1.5cm පමණ දුරින් යොදන්න. මසකට වරක් භාවිතා කරන්න. ගස්වල මල්,ගෙඩි හට ගැනීමට වැදගත් වේ.
🌺ඔස්මොකොට් High N පොහොර
මෙය නයිට්‍රජන් අධික පොහොර වර්ගයකි. මෙය ශාක වර්ධනය සඳහා වැදගත් වේ. සති දෙකකට වරක් යොදන්න.
🌺ඔස්මොකොට් High K
මෙය පොටෑසියම් අධික පොහොර වර්ගයකි. මෙය ශාකයේ මල් වර්ධනය සඳහා වැදගත් වේ. සති දෙකකට වරක් යොදන්න.
🌺ඔස්මොකොට් All Purpose
මෙය ශාක වර්ධනයට මෙන්ම මල් හට ගැනීමට යොදනු ලබයි. සති දෙකකට වරක් යොදන්න.
මෙම පොහොර ඇන්තූරියම් , බෝගන්විලා , ජබරාස් , බාබන්ඩේසි, කපුරු, කානේෂන් ,ඕලු, නෙලුම්, මානෙල් .....වැනි ශාකයන්හි උසස් ප්‍රතිඵල ලබා ගැනීමට උපකාරී වේ. මෙහි ඇති අවාසිය දියර පොහොර වලට වඩා කැට පොහොර ගසට උරා ගැනීමට යම් කාලයක් ගත වේ.කැට පොහොර යොදන විට කවදාවත් ගස මුලට දාන්න එපා. සෙන්ටිමීටර් එකක් වත් දුරින් දාන්න. නැත්නම් පොහොර සැරට ගස් මැරෙනවා... යොදන පොහොර ප්‍රමාණය එක් එක් ගස් වල තරාතිරම අනුව වෙනස් වෙනවා... ගිනි පෙට්ටි පියනකින් බාගයක් පමණ මුලින් එකතු කරන්න ..
ඉමා රත්නායක ........ ✍️
තොරතුරු හා පින්තූර අන්තර්ජාලයෙන්