Katana Pradeshiya Sabha

Katana Pradeshiya Sabha වත්මන් සභාපති - ගරු අයි.ඩී.එන්.ඉරේෂා ජයකොඩි මැතිනිය
උප සභාපති - ගරු ජේ.ඒ.අජිත් ප්‍රියදර්ශන අප්පුහාමි මැතිතුමා
ලේකම් - එම්.ඒ.එස්.සමන්ත මහතා

Government organisation

රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් පළාත් පාලන ආයතනවල ආදායම් උත්පාදනය කිරීම සඳහා ‘කාර්ය සාධනය මත පදන...
20/08/2026

රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් පළාත් පාලන ආයතනවල ආදායම් උත්පාදනය කිරීම සඳහා ‘කාර්ය සාධනය මත පදනම් වූ ප්‍රාග්ධන ප්‍රදාන ලබාදීමේ ව්‍යාපෘති - 2026’

කටාන ප්‍රාදේශීය සභාවට අයත්, කොන්දගම්මුල්ල කොට්ඨාසයේ මීගමුව - දිවුලපිටිය ප්‍රධාන මාර්ගයට යාබදව දෙමංහන්දිය ප්‍රදේශයේ ආහාර අලෙවි කිරීමේ සහ සේවා සැපයීමේ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ පළමු අදියර සඳහා 2026.08.14 දින මුල්ගල තබන ලදී.

මෙම අවස්ථාව සඳහා ගම්පහ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතා, කටාන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති නිශානි ඉරේෂා ජයකොඩි මහත්මිය, උප සභාපති අජිත් ප්‍රියදර්ශන මහතා ඇතුළු කටාන ප්‍රාදේශීය සභා සභිකයින් ද, බස්නාහිර පළාත් පාලන කොමසාරිස් එස්.කේ.ජයසුන්දර මිය, ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන සහකාර කොමසාරිස් එන්.බී.ආර්.වී.ප්‍රනාන්දු මිය ,කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් සහභාගී විය.

12/08/2026
වසර ගණනාවක් මුළුල්ලේ අබලන් තත්ත්වයේ ක්‍රියාත්මක වූ 💫කැබැල්ලගස් හන්දිය සති පොළ භූමිය💫 කටාන ප්‍රාදේශීය සභා අරමුදල් යොදවමින...
06/08/2026

වසර ගණනාවක් මුළුල්ලේ අබලන් තත්ත්වයේ ක්‍රියාත්මක වූ 💫කැබැල්ලගස් හන්දිය සති පොළ භූමිය💫 කටාන ප්‍රාදේශීය සභා අරමුදල් යොදවමින් නවීකරණය කර ජනතා අයිතියට පත් කිරීම

ගරුතර සංඝරත්නය පෙරදැරි කොට ගෙන ගම්පහ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතාගේ , කටාන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති නිශානි ඉරේෂා ජයකොඩි මහත්මිය, කටාන ප්‍රාදේශීය සභාවේ වැඩ අධිකාරී සමන් ඉන්දික මහතා ඇතුළු කාර්යය මණ්ඩලයද, කටාන ප්‍රාදේශීය සභා සහිකයින් හා වෙළඳ මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශවාසී පාරිභෝගික ජනතාවගේ සහභාගීත්වයෙන් සිදු කිරීම 2026-08-01දින මෙලෙස සනිටුහන් කෙරිණි.

දිට්ඨා කුණාටුව හේතුවෙන් විනාශ වුන තෝප්පුව කොට්ඨාශයට අයත් නිවසකට රජයේ නිවාස වැඩපිළිවෙළ යටතේ රු.ලක්ෂ 50ක මුදලක් ලැබුණු අතර...
05/08/2026

දිට්ඨා කුණාටුව හේතුවෙන් විනාශ වුන තෝප්පුව කොට්ඨාශයට අයත් නිවසකට රජයේ නිවාස වැඩපිළිවෙළ යටතේ රු.ලක්ෂ 50ක මුදලක් ලැබුණු අතර නව නිවසට මුල් ගල තැබීම 2026-08-01 දින ගරු කටාන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිනි නිශානි ජයකොඩි මැතිණියගේ ප්‍රධානත්වයෙන් තෝප්පුව කොට්ඨාස මන්ත්‍රීනී කුමුදු ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

කටාන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිනි නිශානි ජයකොඩි මහත්මියගේ උපදෙස් පරිදි කටුවපිටිය කොට්ඨාශ මන්ත්‍රී ඩී.දාවිත් චන්ද්‍රපාල ...
05/08/2026

කටාන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිනි නිශානි ජයකොඩි මහත්මියගේ උපදෙස් පරිදි කටුවපිටිය කොට්ඨාශ මන්ත්‍රී ඩී.දාවිත් චන්ද්‍රපාල මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රදේශ වාසීන්ගේ සහය ඇතිව 2026-08-04 දින 161/සී සෙල්ලකන්ද ග්‍රාම නිලධාරී වසමේ (මහහුණුපිටිය ලංකා බැංකුව ඉදිරිපිට) සුහද මාවත ආරම්භයේ සිට බෝක්කුව දක්වා මීටර් 50ක් කොන්ක්‍රීට් කිරීම සිදු කෙරිණි.

01/08/2026

රාජ්‍ය සේවා වාර්ෂික ස්ථාන මාරුවීම් ලබා මීගමුව නගර සභාව වෙත කටාන ප්‍රාදේශීය සභා සේවා බිමෙන් නික්ම යන 💫තමාලී නදීශානි මහත්මියනි...! එකොලොස් වසරක සේවා කාලය තුල ඔබ දැක්වූ ලෙන්ගතු සේවයේ ඇගයුම් අවස්තාව 2026.07.31 දින කටාන ප්‍රාදේශීය සභා භූමියේ දී මෙලෙස සනිටුහන් කෙරිනි💐💐💐

31/07/2026

කටාන ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂක ලෙස 2026.0731 දින අභිනවයෙන් පත්වීම් ලද

රවීනා ක්‍රිස්ටීන් රොද්‍රිගෝ මිය

ශෙහානි රුක්මිලා පෙරේරා මිය

කේ.එස්.මධුශ්‍යාන් ද සිල්වා මයා

ඔබට කටාන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමිය ඇතුලු කාර්ය මණ්‌ඩලයේ උණුසුම් සුභ පැතුම්...

ගම්පහ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතාගේ හා කටාන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිනි නිශානි ඉරේෂ...
31/07/2026

ගම්පහ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතාගේ හා කටාන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිනි නිශානි ඉරේෂා ජයකොඩි මැතිණියගේ ප්‍රධානත්වයෙන් කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී මණ්ඩලය හා කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් මෙතෙක් ප්‍රදේශයට විශාල අඩුපාඩුවක් ව පැවති කැබැල්ලගස් හන්දිය සති පොළ නව ගොඩනැඟිල්ල 2026 අගෝස්තු 01 වන සෙනසුරාදා සවස 4.00ට ජනතා අයිතියට පත් වන සුභ මොහොතට සම්බන්ධ වීමට ඔබ සැමට කෙරෙන ආරාධනා...!

දිට්වා සුලි කුනාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ මුරුතාන ග්‍රාමයේ නිවසකට රජය මගින් ලබාදෙන ලක්ශ 50 ආධාරයෙන් ඉදිවන නිවස සදහා මුල්...
27/07/2026

දිට්වා සුලි කුනාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ මුරුතාන ග්‍රාමයේ නිවසකට රජය මගින් ලබාදෙන ලක්ශ 50 ආධාරයෙන් ඉදිවන නිවස සදහා මුල්ගල තැබීම.
ගම්පහ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතා ,කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නිශානි ඉරේශා මහත්මිය , කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී කුමුදු ප්‍රනාන්දු පුල්ලේ , කටාන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිලධාරීන්, මුරුතාන වසමේ ග්‍රාම නිලධාරීතුමිය, ආර්ථික සංවර්ධන නිලධාරිතුමිය සහ කොට්ඨශ සභාපති තුමා ඇතුලු ග්‍රාමවාසීන් සියලු දෙනා 2026/07/20 දින සහභාගී වූ අවස්ථාව.

දිට්ඨා කුණාටුව හේතුවෙන් විනාශ වුන අක්කරපනහ ජනජයගම ප්‍රදේශයේ නිවසට  රජයේ නිවාස වැඩපිළිවෙළ යටතේ රු. ලක්ෂ 50ක මුදලක් ලැබුණු...
27/07/2026

දිට්ඨා කුණාටුව හේතුවෙන් විනාශ වුන අක්කරපනහ ජනජයගම ප්‍රදේශයේ නිවසට රජයේ නිවාස වැඩපිළිවෙළ යටතේ රු. ලක්ෂ 50ක මුදලක් ලැබුණු අතර නව නිවසට මුල් ගල තැබීම 24/07/2026 දින ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතාගේ හා කටාන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිනි නිශානි ජයකොඩි මැතිණියගේ කොට්ඨාස මන්ත්‍රි රෝහිත විජේනායක මහතා යන අයගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

Address

Katana Pradeshiya Sabawa, Negombo-Mirigama Road, Negombo
Negombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 08:30 - 15:00
Wednesday 08:30 - 15:00
Thursday 08:30 - 15:00
Friday 09:00 - 15:00

Telephone

+94312222575

Alerts

Be the first to know and let us send you an email when Katana Pradeshiya Sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Katana Pradeshiya Sabha:

Shortcuts

Share