Divisional Secretariat Ratnapura

Divisional Secretariat Ratnapura ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - රත්නපුර
මාධ්‍ය ඒකකය | Media Unit |
Divisional Secretariat, Ratnapura®
©RPDS Media All Rights Reserved

'Clean Sri Lanka' - 'අත්තම' ජාතික පවිත්‍රතා මෙහෙයුම 🇱🇰📢 ”අත්තම” – පවිත්‍ර දේශයක් සඳහා වන ජාතික පුරවැසි මෙහෙවර | සමාජ මාධ...
04/08/2026

'Clean Sri Lanka' - 'අත්තම' ජාතික පවිත්‍රතා මෙහෙයුම 🇱🇰

📢 ”අත්තම” – පවිත්‍ර දේශයක් සඳහා වන ජාතික පුරවැසි මෙහෙවර | සමාජ මාධ්‍ය ප්‍රචාරණය 🧹✨
📢 ”அத்தம” – தூய்மையான தேசத்திற்கான தேசிய பிரஜைகள் பணி | சமூக ஊடக பிரச்சாரம் 🧹✨

රත්නපුර මේ වන විට තත්ත්වය | අවධානයෙන් කටයුතු කරන්න.  මාධ්‍ය ඒකකය,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රත්නපුර.​Media Unit | Divisi...
03/08/2026

රත්නපුර මේ වන විට තත්ත්වය | අවධානයෙන් කටයුතු කරන්න.

මාධ්‍ය ඒකකය,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රත්නපුර.
​Media Unit | Divisional Secretariat, Ratnapura®

​Copyright 2026 © All Rights Reserved
​[ © 2026 RPDS Media ]

වර්ෂාපතනය ඉතා දැඩි බැවින් සියලු දෙනාම අවධානයෙන් කටයුතු කරන්න. ⚠️️🚳🚷  මාධ්‍ය ඒකකය,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රත්නපුර.​Med...
03/08/2026

වර්ෂාපතනය ඉතා දැඩි බැවින් සියලු දෙනාම අවධානයෙන් කටයුතු කරන්න. ⚠️️🚳🚷

මාධ්‍ය ඒකකය,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රත්නපුර.
​Media Unit | Divisional Secretariat, Ratnapura®

​Copyright 2026 © All Rights Reserved
​[ © 2026 RPDS Media ]

තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ...
03/08/2026

තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්
2026 අගෝස්තු මස 04 වන දින පෙ. ව 11.30 දක්වා වලංගු වන පරිදි
2026 අගෝස්තු මස 03 වන දින පෙ. ව 11.30 නිකුත් කරන ලදී.

UPDATE 1🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත. වලංගුභාවය: 2026.08.03 දින පෙ.ව 9.00 සිට 2026.08.04 දින ප...
03/08/2026

UPDATE 1

🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.

වලංගුභාවය: 2026.08.03 දින පෙ.ව 9.00 සිට 2026.08.04 දින පෙ.ව 9.00 දක්වා

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 3- ඉවත් වන්න(රතු)
------------------------------- *

මහනුවර දිස්ත්‍රික්කය:
* පස්බාගේ කෝරලේ
* ⁠ගඟ ඉහළ කෝරලේ

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
------------------------------- *

මහනුවර දිස්ත්‍රික්කය:
* උඩුදුම්බර
* ⁠උඩපලාත

කෑගල්ල දිස්ත්‍රික්කය:
* යටියන්තොට
* ⁠අරණායක

නුවරඑළිය දිස්ත්‍රික්කය:
* අඹගමුව
* ⁠නෝර්වුඩ්
* ⁠නුවරඑළිය
* ⁠කොත්මලේ නැගෙනහිර
* ⁠කොත්මලේ බටහිර

රත්නපුර දිස්ත්‍රික්කය:
* ⁠ඕපනායක
* ⁠ඉඹුල්පේ
* ⁠රත්නපුර

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ) ------------------------------- *

මහනුවර දිස්ත්‍රික්කය:
* ⁠පන්විල
* ⁠මැදදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය:
* ⁠දැරණියගල
* ⁠දෙහිඕවිට

රත්නපුර දිස්ත්‍රික්කය:
* ⁠නිවිතිගල
* ⁠කුරුවිට

03/08/2026

🔴 විශේෂ නිවේදනයයි. (2026/08/03) 09.20am කළු ගඟ මීටර් 6.63 alert flood පසු කර ඇත.
❝ දැනුවත් වීමෙන් - දැනුවත් කිරීමෙන් හානි අවම කරගනිමු ❞

ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කළු ගඟෙහි ජල මට්ටම අනතුරු ඇඟවීමේ මට්ටම (Alert Flood Level) දක්වා (6.63m) පැමිණ ඇත. නැවතත් වැසි ඇති වියහැකි බැවින් පහත් බිම් හා ගඟ අවට ජනතාව අවධානයෙන් සිටින්න.


මාධ්‍ය ඒකකය,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රත්නපුර.
​Media Unit | Divisional Secretariat, Ratnapura®

​Copyright 2026 © All Rights Reserved
​[ © 2026 RPDS Media ]

01/08/2026

මීදුම, විශ්වාසය සහ කළු ගඟ - සපරගමුවේ ආත්මය 🎬

අවුරුදු සිය ගණනක් පුරා නොනැසී එන සපරගමු මහ සමන් දේවාලයේ දිය කැපීම. අද උදේ කළු ගඟේදී.

මේක නිකන් පෙරහැරක් නෙවෙයි, මේක අපේ උරුමය.

📍 Kalu Ganga, Ratnapura



මාධ්‍ය ඒකකය,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රත්නපුර.
​Media Unit | Divisional Secretariat, Ratnapura®

​Copyright 2026 © All Rights Reserved
​[ © 2026 RPDS Media ]

30/07/2026

මීදුම, විශ්වාසය සහ කළු ගඟ - සපරගමුවේ ආත්මය 🎬

අවුරුදු සිය ගණනක් පුරා නොනැසී එන සපරගමු මහ සමන් දේවාලයේ දිය කැපීම. අද උදේ කළු ගඟේදී.

මේක නිකන් පෙරහැරක් නෙවෙයි, මේක අපේ උරුමය.

📍 Kalu Ganga, Ratnapura

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" - රත්නපුර පා ගමන| 🇱🇰පුරවැසි ආචාරධර්මීය යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සහ දූෂණ...
28/07/2026

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" - රත්නපුර පා ගමන| 🇱🇰

පුරවැසි ආචාරධර්මීය යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සහ දූෂණයෙන් තොර, ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීමේ අරමුණින් ප්‍රකාශයට පත් කරන ලද “ජාතික සුපිළිපන් සතිය” (2026 ජූලි 27 - 31) නිමිත්තෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ සබරගමුව පළාත් සභාව එක්ව සංවිධානය කළ විශේෂ වැඩසටහන් මාලාවේ ප්‍රධාන පාගමන 2026.07.28 දින පැවැත්විණි.

​ආරම්භය සහ මාර්ගය - සබරගමුව පළාත් සභා සංකීර්ණය අසළින් ආරම්භ වී රත්නපුර නව නගරයේ උසාවි හංදිය දක්වා ගමන් කිරීම සිදු විය.

​සමාජ දැනුවත් කිරීම - පාගමන අවසානයේදී ජනතාව හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරෙන වීදි නාට්‍ය ද්විත්වයක් රඟ දැක්වීම සිදු විය.

​මේ සඳහා සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් උපාලි ජයසේකර මහතා, රත්නපුර දිස්ත්‍රික් ලේකම් / දිසාපති එම්.ජී. ලලිත් ආනන්ද මහතා, සබරගමු පළාත් සභා අමාත්‍යාංශ ලේකම් වරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් ගයානි අයි. කරුණාරත්න මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් අමිල විජේරත්න මහතා , රත්නපුර ප්‍රාදේශීය ලේකම් චින්තන උදාර නානායක්කාර මහතා, දිස්ත්‍රික් අධ්‍යක්ෂ (සැලසුම්) එම්.කේ.එල්. ජයසිංහ මහතා, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ක්ලීන් ශ්‍රී ලංකා රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක උපුල් වසන්ත මහතා, ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරීන් 500 ක් පමණ මේ සඳහා සහභාගි විය.

​මෙම වැඩසටහන සතියකට පමණක් සීමා නොකරමින්, රත්නපුර දිස්ත්‍රික් රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාවය සහ පාරදෘශ්‍යභාවය තහවුරු කෙරෙන කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන සැලසුම් රැසක් ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මාධ්‍ය ඒකකය,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රත්නපුර.
​Media Unit | Divisional Secretariat, Ratnapura®

​Copyright 2026 © All Rights Reserved
​[ © 2026 RPDS Media ]

Address

New Town

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Ratnapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Ratnapura:

Shortcuts

Share