27/07/2026
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන “සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්“ ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීම.
2026.07.27 දින සිට 2026.07.31 දින දක්වා ජාතික සුපිළිපන්න සතියට සමගාමීව වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය සමග කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ, මලියදේව පිරිමි විද්‍යාලයේ පරිසර නියමු ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් එකතුව 2026.07.27 දින ඇතුගල අවට පරිසරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියත්මක කරන ලදී. එහිදී පරිසරය සුරැකීම සහ කසල වර්ගීකරණය පිළිබඳවත් නිසි පරිදි කසල බැහැර කිරීමේ සමාජ වගකීම පිළිබඳවත් පැමිණ සිටි පරිසර නියමු ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීම ද සිදුකරන ලදී.