Police Station Nittambuwa

Police Station Nittambuwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Police Station Nittambuwa, Government Organization, Nittambuwa.

09/05/2025

සබරගමුව විශ්ව විද්‍යාල තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුන් හට නවකවදය ලබා දීම සම්බන්ධයෙන් 2025.04.29 වන දින සමනලවැව පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් අනුව සිදුකෙරෙන විමර්ශනයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2025.05.06 වන අද දින උදෑසන සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන තවත් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මින් පෙර, එනම් 2025.05.04 වන දින සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමෙන් අනතුරුව ඔවුන්ව ලබන 16 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගතකරන ලදී.

විමර්ශනයට අදාලව 2025.05.05 වන දින තාක්ෂණ පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන තවත් සිසුන් සිව්දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය.

ඒ අනුව 2025.05.06 (අද) දින අත්අඩංගුවට ගත් දෙදෙනාත් සමඟ මේ දක්වා සිසුන් දහ දෙනෙකු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ඉදිරියට පවත්වයි.

#මේ_ඔබේ_පොලිසියයි

Address

Nittambuwa
POLICESTATIONNITTAMBUWA

Telephone

+94332287225

Website

Alerts

Be the first to know and let us send you an email when Police Station Nittambuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Police Station Nittambuwa:

Share