Divisional Secretariat - Nochchiyagama

Divisional Secretariat - Nochchiyagama යෙදෙමු හැම විට - නිසි ජනතා මෙහෙවරක නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කේතය - 39
අනුරාධපුර දිස්ත්‍රික් කේතය - 71

දරුවන් සදහා නායකත්ව කුසලතා සහ ආකල්ප සංවර්ධන වැඩසටහනක්...=============================නොච්චියාගම, දුණුපොතගම විද්‍යා ප්‍රද...
27/08/2026

දරුවන් සදහා නායකත්ව කුසලතා සහ ආකල්ප සංවර්ධන වැඩසටහනක්...
=============================

නොච්චියාගම, දුණුපොතගම විද්‍යා ප්‍රදීප මහා විද්‍යාලයේ දී
2026.08.26 වන දින නායකත්ව කුසලතා සහ ආකල්ප සංවර්ධන වැඩසටහනක් පවත්වන ලදි.

ළමා සමාජ දරුවන් හා විද්‍යාලයේ ශිෂ්‍ය නායක දරුවන් 75 දෙනෙකු සහභාගි කර ගනිමින් පැවති මෙහිදී තමන්ගේ ශක්තීන් හා දුර්වලතා හදුනා ගනිමින්, වගකීම් හා වටිනාකම් වර්ධනය කරගත් දරු පිරිසක් සමාජගත කිරීම අරමුණු විය.

මෙහිදී කණ්ඩායම් ක්‍රියාකාරකම්වලට දරුවන් සක්‍රීයව දායක කරගනිමින්, නායකයකු යනු කවරෙක්ද යන්න සහ නායකත්ව ලක්ෂණ හා ගුණාංග පිළිබඳ අවබෝධය දරුවන්ට ලබාදීම සදහා සම්පත් දායකත්වය රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සං.නි. සරත් චන්ද්‍රරත්න මහතා විසින් ලබාදෙන ලදී.

එසේම ධනාත්මකව සිතන සදාචාරාත්මක වටිනාකම් සහ වගකීම් සහගත පුරවැසියකු වන්නේ කෙසේද යන්න පිළිබඳව හරවත් දේශනයක් පොලිස් සැරයන් සම්පත් උඩුදුම්බර මහතා විසින් සිදුකළ අතර දරුවන්ගේ කුසලතා හා හැකියාවන් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ද වැඩසටහන තුල විය.

මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම් තුමියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් තුමාගේ මගපෙන්වීම මත පාසලේ සහයෝගයද ලබාගනිමින් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි කේ.බී.වී. චන්ද්‍රලතා මිය විසින් සංවිධානය කරන ලදී.
නොච්චියාගම, ළමාරක්ෂක නිලධාරි නිරෝමි වන්නිනායක මිය සහ පාසලේ විදුහල්පතිතුමා හා ප්‍රියන්ති රංගමුව ගුරුතුමිය මේ සදහා සහභාගි විය.

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවසක් වෙනුවට නව නිවසක්...=========================පසුගිය වසරේ බලපෑ දිට්වා සුළි කුණාටුව හ...
25/08/2026

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවසක් වෙනුවට නව නිවසක්...
=========================

පසුගිය වසරේ බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් නිවැසියන් හට නව නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන පහක මුදලක් රජයේ විසින් වෙන්කර ඇත. ඒ අනුව නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 342 පහමුනේගම වසමේ පදිංචි ඇන්ටන් දේව කුමාර යන අය වෙත ලබාදුන් මුදලින් නිවසේ සම්පූර්ණ වැඩ කටයුතු අවසන් කර 2026.08.24 දින නිවස විවෘත කරන ලදි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සෘජු මෙහෙය වීම මත ඉදිකළ මෙම නව නිවස චාරිත්‍රානුකූලව ගේ හිමියන් වෙත පැවරීම නොච්චියාගම සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර මැතිතුමා සහ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් මංජරී සී චන්ද්‍රදාස මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

දහම් මිතුරු ශිෂ්‍යනායක වැඩමුළුව==========================නායකත්ව කුසලතා ආකල්ප වර්ධනය කිරීම තුළින් දහම් පාසල් පද්ධතිය තවද...
23/08/2026

දහම් මිතුරු ශිෂ්‍යනායක වැඩමුළුව
==========================

නායකත්ව කුසලතා ආකල්ප වර්ධනය කිරීම තුළින් දහම් පාසල් පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ඔත්තප්පුව රජමහා විහාරයේ දී දහම් මිතුරු ශිෂ්‍යනායක වැඩමුළුව නමින් වැඩසටහනක්, 2026.08.19 හා 20 යන දින දෙකේදී පැවැත්විනි.

නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය විසින් සංවිධානය කල මෙම වැඩසටහන සඳහා දහම් පාසල් දරුවන් 200 ක් සහ දහම් පාසල් ගුරු බවතුන් 50ක් පමණ සහභාගි විය.

මේ සඳහා සම්පත් දායකත්වය, නියෝජ්‍ය ලේඛකාධිකාරී රාජාංගනය සාසනාරක්ෂක මණ්ඩලය පූජ්‍ය රාජාංගනයේ සිරි සද්ධානන්ද හිමි, තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් සුමිත් කේ.සෝමරත්න මහතා,නොච්චියාගම සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, තඹුත්තේගම මූලික රෝහල විශේෂඥ වෛද්‍ය ෂේන් ජයසුන්දර මහතා, මනෝ වෛද්‍ය සසිනි දිල්හාරා පණ්ඩිතරත්න මහත්මිය, ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී සිලෝන් බිස්කට් ආයතනය රසික ෆොන්සේකා මහතා, ගායන ශිල්පී විශාරද හේමන්ත හපු ආරච්චි මහතා, සංස්කෘතික සංවර්ධන නිලධාරී දමයන්ති බණ්ඩාර මහත්මිය, මේජර් ඩී .එස්.ජයන්ත දිසානායක මහතා,රාජාංගනය මානව සම්පත් නිලධාරී සරත් චන්දරත්න මහතා විසින් ලබා දෙන ලදි.

AI තාක්ෂණය පිලිබද පුහුණු වැඩසටහන ==========================නව තාක්ශණික දැනුම, විශේෂයෙන්ම කෘතිම බුද්ධිය තුලින් තමන්ගේ රාජ...
22/08/2026

AI තාක්ෂණය පිලිබද පුහුණු වැඩසටහන
==========================

නව තාක්ශණික දැනුම, විශේෂයෙන්ම කෘතිම බුද්ධිය තුලින් තමන්ගේ රාජකාරි ජීවිතයේදී මෙන්ම පෞද්ගලික ජීවිතයේදීත් කාර්‍යන් පහසුවෙන් සහ කාර්‍යක්ෂමව සිදු කර ගන්නා ආකාරය පිලිබදව පුහුණු වැඩසටහනක් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ශ්‍රවණාගාරයේ දී ඊයේ දින (21) පැවැත්විනි.

වාර්ෂිකව පවත්වන පුහුණු වැඩසටහන් වලට සමගාමීව සංවිධානය වූ මෙම වැඩසටහනේ දී, වර්තමාන ලෝකයේ භාවිතා වන AI මෙවලම් සහ ඒවාගෙන් ප්‍රයෝජන ලබා ගන්නා ආකරය මෙන්ම ඒවායේ අදුරු පැතිකඩ පිලිබදව ද ලැබී තිබූ කාලය තුල ඉතාමත් සඵලදායි ලෙස කෙටි ක්‍රියාකාරකම් තුලින් නිලධාරින් දැනුවත් කිරීම, වැඩසටහනේ සම්පත් දායක ලෙස කටයුතු කළ නව තාක්ෂණය කෙරෙහි සුවිශේෂී දැනුමක් ඇති මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ පරිපාලන නිලධාරි ලෙස වැඩ බලන තාරක තිසේරා මහතා විසින් සිදුකරන ලදි .

ප්‍රාදේශීය ලේකම් මංජරී සී චන්ද්‍රදාස මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් කුමාර චන්ද්‍රගුප්ත මයාගේ පූර්ණ මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ පැවති මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 70ක් පමණ සහභාගි විය.

👇✍
20/08/2026

👇✍

පළතුරු ගස් කප්පාදුව හා නඩත්තුව පිළිබඳ දැනුවත් කිරීම===================331 ළිඳවැව වසමේ ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී චාමී...
15/08/2026

පළතුරු ගස් කප්පාදුව හා නඩත්තුව පිළිබඳ දැනුවත් කිරීම
===================

331 ළිඳවැව වසමේ ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී චාමීණී ප්‍රියංකා මියගේ සම්බන්ධීකරණයෙන්, ළිඳවැව D.M.ස්වර්ණා කුසුම් මහත්මියගේ ගෙවත්ත ආශ්‍රිතව පළතුරු ගස් කප්පාදුව හා නඩත්තුව පිළිබඳ දැනුවත් කිරීම පිලිබද වැඩසටහනක් පැවැත්විනි.

■ ඵලදායිතාව හා අස්වැන්නෙහි ගුණාත්මක භාවය ඉහළ නැංවීම
■ ශාකයේ සෞඛ්‍ය සහ වර්ධනය පාලනය කිරීම
■ අස්වැන්න නෙළීම සහ නඩත්තුව පහසු කිරීම
■ ගොවීන්ගේ සහ ගෙවතු ගෙවතු වගාකරුවන්ගේ දැනුම හා ආකල්ප වර්ධනය
අරමුණු කරගනිමින් මෙය පැවැත්විය.

කෘෂිකර්ම උපදේශක R.M.නලින් හිරන්ත මහතාගේ මෙහෙයවීම හා සම්පත් දායකත්වයෙන් පැවති මේ සඳහා ප්‍රතිලාභීන් 19 ක් සහභාගි විය.

නොච්චියාගම ප්‍රතිලාභීන් සඳහා ඉඩම් අවසරපත්‍ර ප්‍රධානය කිරීම=============================නොච්චියාගම කොට්ඨාසය ආවරණය වන පරිද...
14/08/2026

නොච්චියාගම ප්‍රතිලාභීන් සඳහා ඉඩම් අවසරපත්‍ර ප්‍රධානය කිරීම
=============================

නොච්චියාගම කොට්ඨාසය ආවරණය වන පරිදි පෙර වර්ෂයන්වලදී පවත්වනු ලැබූ ඉඩම් කච්චේරි මඟින් සුදුසුකම් ලැබූ පුද්ගලයන් 70 දෙනෙකු වෙත අවසරපත්‍ර ප්‍රදාන කිරීම 2026.08.12 දින නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති මහාචාර්යය සේන නානායක්කාර මැතිතුමාගේ සහ එතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ගාමිණි දිසානායක මහතා, උතුරු මැද පළාත් ඉඩම් කොමසාරිස් ජී.ඒ. කිත්සිරි මහතා, නොච්චියාගම ප්‍රාදේශීය සභා ගරු සභාපති ආර්. පේමසිරි මහතා, ගරු වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මැතිතුමා නියෝජනය කරමින් එතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා සහ නොච්චියාගම ගොවිජන සේවා සංවර්ධන නිලධාරි මහතාගේ සහභාගීත්වයෙන් මෙන්ම නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් මංජරී සී. චන්ද්‍රදාස මහත්මිය, පරිපාලන ග්‍රාම නිලධාරි තිලක් පුෂ්පකුමාර මහතා, පරිපාලන නිලධාරි කළ්‍යාණි ගමගේ මහත්මිය, ප්‍රධාන කළමණාකරන සේවා නිලධාරි අනූෂා රත්නමලල මහත්මිය, ඉඩම් නිලධාරි සුසිල් ජිනදාස මහතා ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි විය.

රජයේ ඉඩමක් සඳහා බලපත්‍රයක් (Permits) ලබා ගැනීම යනු එම ඉඩම නීත්‍යානුකූලව භුක්ති විඳීමට, සංවර්ධනය කිරීමට සහ අනාකූලව පදිංචි වීමට රජයෙන් ලැබෙන නිල අවසරයක් බවත් එය ඉඩමක පරම අයිතිය (සින්නක්කර ඔප්පුවක්) ලබාගැනීමේ මූලික පියවර වන බව සහ ඉඩම් හිමිකම තහවුරු කරගැනීමට අත්‍යවශ්‍ය වන බව උතුරු මැද පළාත් ඉඩම් කොමසාරිස් ජී.ඒ.කිත්සිරි මහතා විසින් ජනතාව වෙත පවසා සිටින ලදි.

එමෙන්ම රජයේ ඉඩමක අනවසරයෙන් පදිංචි වීමෙන් හෝ භාවිතයෙන් වැළකී,
නීතියට අනුව එම ඉඩමේ අයිතිය සහ පරිහරණය භුක්ති විඳීමට හැකි වීම, නිවසක් තැනීමට, වගා කටයුතු කිරීමට හෝ ඉඩම දියුණු කිරීමට කිසිදු බාධාවකින් තොරව රාජ්‍ය අනුමැතිය ලැබීම,
ඉඩම හොඳින් සංවර්ධනය කර රජයේ කොන්දේසි සපුරාලීමෙන් පසු අනාගතයේදී පරම අයිතිය සහිත සින්නක්කර ඔප්පුවක් හෝ දීමනා පත්‍රයක් (Grants) ලබා ගැනීමට ඇති මූලික සුදුසුකමක් වීම සහ උරුම අයිතිය තහවුරු කිරීම එනම් ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍රලාභියාට තම අනුප්‍රාප්තිකයා (උරුමක්කාරයා) නම් කිරීමට නීතිමය අවස්ථාව ලැබීම ආදී ඉඩම් බලපත්‍රයක් ලැබීම මඟින් බලපත්‍රලාභීයා වෙත සැලසෙන සියලු වාසිසහගත තත්ත්වයන් පිළිබඳවද මෙතුමා විසින් මෙම අවස්ථාව සඳහා සැපමිනි සියලු දෙනා හට මනාව අවබෝධ කරන ලදී.

පොල් වගාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ ප්‍රායෝගික පුහුණුව ලබාදීම.============================ලිඳවැව වසමේ පාලිත  රංජිත්  ...
12/08/2026

පොල් වගාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ ප්‍රායෝගික පුහුණුව ලබාදීම.
============================

ලිඳවැව වසමේ පාලිත රංජිත් සමරසිංහ මහතාගේ ගෙවත්ත ආශ්‍රිතව පොල් වගාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ ප්‍රායෝගික පුහුණුව ලබාදීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විය.

පොල් සංවර්ධන නිලධාරී R.H. සෙනෙවිරත්න මියගේ මෙහෙයවීම හා සම්පත් දායකත්වය මත පැවැත්වූ මෙම වැඩසටහන සඳහා සහභාගි වූ ප්‍රතිලාභීන් ගණන 40 කි.

මෙහි විශේෂ අරමුණු වූයේ,
*අස්වැන්න සහ ගුණාත්මක භාවය ඉහළ නැංවීම ම්
*රෝග හා පලිබෝධ පාලනය පිළිබඳ අවබෝධය ලබා දීම
*ඉඩම් උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම
*අගය එකතු කළ නිෂ්පාදන සඳහා යොමු කිරීම
*ව්‍යවසායකත්වය සහ ආර්ථික මට්ටම ඉහළ නැංවීම
*පාරිසරික තිරසරභාවය සහ පස් සුරැකීම පිළිබඳ අවබෝධය ලබාදීම යනාදියයි.

දහස් පෙතියා මල් වගාව සහ  අලෙවිය සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීම=============================328 තිඹිරිවැව  වසමේ ප්‍රජා...
10/08/2026

දහස් පෙතියා මල් වගාව සහ අලෙවිය සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීම
=============================

328 තිඹිරිවැව වසමේ ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී එම්.කේ.ජේ.හේරත් මිය සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර ක්‍රිෂාන්ත හේම කුමාර මහතාගේ සංවිධානයෙන් 2026/08/09 වන දින නැකැත්තේගම ප්‍රජාශාලාවේ දී දහස් පෙතියා මල් වගා සහ අලෙවිය සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විනි.

● වර්තමානයේ මෙම වගාව ඉතාමත් ලාභදායි හා ඉහළ ඉල්ලුමක් ඇති මල් වගාවක් වීම නිසා වැඩි දෙනා අතරේ ප්‍රචලිත කිරීම,
● අවම පිරිවැයකින් කෙටිකාලීන ආදායමක් ලබා ගැනීමට හැකිවීම,
● ස්වයංං රැකියා අතිරේක ආදායම් මාර්ග බිහි කිරීම
අරමුණු කරගනිමින් මෙම වැඩසටහන පැවැත්විය.

ප්‍රාදේශීය ලේකම් මංජරී සී චන්ද්‍රදාස මිය, සහකාර ප්‍රාදේශීය ලේකම් කුමාර චන්ද්‍රගුප්ත මයා හා සහකාර අධ්‍යක්ෂක මල්කි බාලසූරිය මියගේ මඟ පෙන්වීම මත පැවති මේ සඳහා සම්පත් දායකත්වය well grown agrrow ආයතනයේ කළමණාකරු ඉන්දික ප්‍රියදර්ශන මහතා විසින් ලබා දෙන ලදි.

Address

Puttalam Road
Nochchiyagama
50200

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94252257838

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - Nochchiyagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat - Nochchiyagama:

Shortcuts

Share