21/08/2026
වර්තමානයේ දිවයිනේ සමහර දිස්ත්‍රික්ක වලට බලපා ඇති අධික වියලි කාලගුණය හේතුවෙන් වී ඇතුළු අනිකුත් වගාවන්ට සිදුවී ඇති හානි සඳහා වන්දි මුදල් කඩිනමින් නිදහස් කරන ලෙස ගරු කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය, කේ. ඩී. ලාල්කාන්ත මහතා විසින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වෙත උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව,හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සුළු වාරි සහ වර්ෂා පෝෂිත වගාබිම් වල වී වගාව මේ තත්ත්වය යටතේ හානි වී බව වාර්තා වී ඇති බැවින් එම හානි වූ වගා බිම් පරීක්ෂා කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාල සහකාර අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් සමග 2026.08.21 දින අදාළ වගා බිම් වලට ගොස් හානි තත්ත්වය න් සම්බන්ධයෙන් නිරීක්ෂණය කර කඩිනමින් වන්දි මුදල් නිදහස් කිරීම සඳහා වන්දි ලේඛන සකස් කර ඉදිරිපත් කරන ලෙස උපදෙස් දෙන ලදී.