GSMB Technical Services

GSMB Technical Services learn more about us
👇🏻
https://linktr.ee/gsmbts

GSMB Technical Services (PVT) Ltd is a subsidiary company of Geological Survey and Mines Bureau and fully controlled by the Ministry of Environment. The company has established on 12th September 2001 as a fully government owned limited liability company by registrar of companies under the company Act No 17 of 1982. The company holds a share capital of 66.66% by Geological Survey & Mines Bureau

, 16.67% by National Gem & Jewelry Authority and 16.67 % owned by Lanka Phosphate Limited. GSMB Technical Services (Pvt) Ltd is the only government organization in Sri Lanka that has capability to provide the Technical Knowledge, Manpower Resources, Equipment including Analytical Laboratories and the technical consultation needed for the industry. Mainly, two Divisions in Mining and Geology specialize to provide and facilitate the technical services needed for the industry while seeking the new income projects by the Special Project Unit. As a Geotechnical support and consultancy focused company, our aim is to contribute towards the quality and productivity of mining and explorations in the industry while provide and facilitate technical services and consultancy support locally and regionally. A wide range of industrial mineral explorations, large scale mapping surveys and consultancy services for mining and excavation are undertaken by the company while continually improving the quality of the service and productivity by minimizing the environmental impact with regards to the Mining activities in the country. The Company is maintaining a good relationship with clients while cater the various activities to deliver good quality service and productivity to the industry. The registered office of the Company and the entire operation is done at the building located No. 190IA, Rathnaweera Building, Stanley Thilakarathna Mawatha, Nugegoda.

23/10/2025
තබ්බෝව දැන් ආයෙත් අලින්ට.......
12/10/2025

තබ්බෝව දැන් ආයෙත් අලින්ට.......

"අලි ඇතුන් වෙනුවෙන් පරිසර පද්ධති සුපෝෂණය කිරීමේ වැඩසටහනක් තබ්බෝව වැව පරිශ්‍රයේදී අද (11) දෙවෙනි දිනයටත්"පරිසර අමාත්‍යාංශ...
11/10/2025

"අලි ඇතුන් වෙනුවෙන් පරිසර පද්ධති සුපෝෂණය කිරීමේ වැඩසටහනක් තබ්බෝව වැව පරිශ්‍රයේදී අද (11) දෙවෙනි දිනයටත්"

පරිසර අමාත්‍යාංශය සහ "Clean Sri Lanka" වැඩසටහන එක්ව ක්‍රියාත්මක කරන පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළෙහි තවත් එක් කඩිනම් ව්‍යාපෘතියක්, පුත්තලම දිස්ත්‍රික්කයේ, කරුවලගස්වැව, තබ්බෝව වැව කේන්ද්‍ර කරගනිමින් ඊයේ (10) ආරම්භ විය.

මෙම වැඩසටහනේ ප්‍රධානතම කාර්යය වන්නේ, ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළ ගැටලුවක් වන අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබා දීමයි. එම අරමුණ පෙරදැරිව, "අලි වැටෙන් ඔබ්බට ස්ථිරසාර විසඳුමක් කරා" යන තේමාව යටතේ ජාතික වැඩසටහනක් ලෙස මෙය දියත් කෙරේ.

මෙම ජාතික වැඩසටහනේ ප්‍රධාන කාර්ය ලෙස, අලින්ට හිතකර පරිසර පද්ධති නිර්මාණය කිරීම සහ අලි සුපෝෂණ කලාප ඇති කිරීම හඳුනාගෙන ඇත. එහි සමාරම්භක පියවර ලෙස, තබ්බෝව වැව් පරිශ්‍රය ආක්‍රමණය කර තිබූ ජපන් ජබර සහ කළපු අන්දර වැනි ආක්‍රමණශීලි ශාක ඉවත් කිරීම සිදු කෙරිණි. ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, සිවිල් ආරක්ෂක නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ තරුණයින්, පරිසර නියමු භටයන් සහ පාසල් සිසුසිසුවියන් ඇතුළු දහසකට ආසන්න පිරිසක් මෙම ශ්‍රමදාන කටයුතු සඳහා සිය දායකත්වය ලබා දුන්හ.

මෙම වැඩපිළිවෙළ යටතේ, වනජීවී රක්ෂිත තුළ හායනය වූ වැව් පරිසර පද්ධති පුනරුත්ථාපනය කිරීමටත්, ග්‍රාමීය කමිටු හරහා ප්‍රාදේශීය ලේකම් මට්ටමින් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් මෙම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කෙරේ.
මෙම වැඩසටහනට සමගාමීව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් තබ්බෝව වැවේ සීමාමායිම් සලකුණු කිරීම, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ගල්විල පාරිසරික උද්‍යානයේ පවතින ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම සහ එම උද්‍යානයේදීම ප්‍රජා මූල සංවර්ධන වැඩසටහනක් පැවැත්වීමද සිදු කෙරිණි. මීට අමතරව, විදුලිවැට දෙපස ඇති කැලෑව ඉවත් කිරීමටත්, වනාතවිල්ලුව විදුලිවැට දිගේ ඇති මාර්ගය පිළිසකර කිරීමටත් නියමිතය.

පරිසර අමාත්‍යාංශය සහ "Clean Sri Lanka" වැඩසටහන එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරු සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, "Clean Sri Lanka" ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (සමාජීය) කපිල සෙනරත්, අධ්‍යක්ෂ (පාරිසරික) අංජුල ප්‍රේමරත්න, අධ්‍යක්ෂක (තොරතුරු තාක්ෂණ) ඉසුරු අනුරාධ යන මහත්වරුද, පුත්තලම දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු පිරිසක්ද එක්ව සිටියහ.

අද දිනයේදි අනාතවැව සහ එලාරිස් වැව් පිටියන් තෘණ වැඩිම පිණිස ජපන් ජබර ආක්‍රමණශිලි ශාකය ඉවත් කිරීමට නියමිතය.මේ සදහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියෙ භට පිරිස් මෙන්ම නිළධාරින් දහසකට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිතය.

“අලි ඇතුන් වෙනුවෙන් පරිසර පද්ධති සුපෝෂණය  කිරීමේ ඒකාබද්ධ වැඩසටහන”-තබ්බෝව ආයෙත් අලින්ට අද (සැප් 10) ආරම්භ වේ.වනඅලින් ගම්ව...
10/10/2025

“අලි ඇතුන් වෙනුවෙන් පරිසර පද්ධති සුපෝෂණය කිරීමේ ඒකාබද්ධ වැඩසටහන”
-තබ්බෝව ආයෙත් අලින්ට අද (සැප් 10) ආරම්භ වේ.

වනඅලින් ගම්වැදීම හේතුවෙන් වර්තමානයේ දෛනික මිනිස් ජිවිතයට බලපා තිබෙන විවිධ බලපෑම් සම්බන්ධයෙන් නිරන්තර පරිසර අමාත්‍යංශයේ අවධානය යොමු විය. ඒ අනුව එය ජාතික වශයෙන් බලපා තිබෙන ප්‍රමුඛ කරුණක් ලෙස සලකා ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සමග පරිසරවේදීන් මෙන්ම ඒ හා සම්බන්ධ විද්වතුන්ගේ අදහස් සහ යෝජනාද සැලකිල්ලට ගෙන විවිධ ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක වේ.

වන අලින් මාරුවන අලිමංකඩ ආසන්නව දුම්රිය සංඥා පුවරු ස්ථාපිත කිරීමද එහි එක් පියවරකි. විදුලි වැටට පමණක් සීමා නොවී විකල්ප ක්‍රමවේදයන් සම්බන්ධයෙන් අවධානය යොමුකර විවිධ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීම අලිමිනිස් ගැටුම කළමනාකරණය කිරීමට හේතු වනු ඇත.

2025 ඔක්තෝබර් මස 10, 11 සහ 12 යන තෙදින තුල පුත්තලම දිස්ත්‍රික්කයේ තම්බෝව වැව සහ ඒ ආශ්‍රිත අභයභූමි කලාපය තුල අලි සුපෝෂණ කලාපයක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර ආක්‍රණමණශීලි ශාක ඉවත් කිරීම, වන අලින් ප්‍රිය කරන ශාක වර්ග රෝපණය කිරීම, පවතින ජල මූලාශ්‍ර නඩත්තු කිරීම සහ නව ජල වලවල් සකස් කිරීම වැනි කාර්යයන් රැසක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. #අලිවැටෙන්ඔබ්බට #තබ්බොව්වඅයෙත්අලින්ට

අලි ඇතුන් වෙනුවෙන් පරිසර පද්ධති සුපෝෂණය කිරීමේ ක්‍රියාදාමය හෙට සිට දින තුනක් පුරාවට පුත්තලමේ දී......සොබාදහමට ආදරය කරන අ...
09/10/2025

අලි ඇතුන් වෙනුවෙන් පරිසර පද්ධති සුපෝෂණය කිරීමේ ක්‍රියාදාමය හෙට සිට දින තුනක් පුරාවට පුත්තලමේ දී......

සොබාදහමට ආදරය කරන අපි හැමෝම මේ ක්‍රියාන්විතයට එක්වෙමු- තබ්බෝව වැව් තාවුල්ලට එන්න...........

💚තබ්බෝවේදී හමුවෙමු....

#අලිවැටෙන්ඔබ්බට #තබ්බොව්වඅයෙත්අලින්ට

අලි ඇතුන් වෙනුවෙන් පරිසර පද්ධති සුපෝෂණය කිරීමේ ක්‍රියාදාමය මෙමස 10,11 සහ 12 තෙදින පුරාවට පුත්තලම දිස්ත්‍රික්කයේ දී.........
08/10/2025

අලි ඇතුන් වෙනුවෙන් පරිසර පද්ධති සුපෝෂණය කිරීමේ ක්‍රියාදාමය මෙමස 10,11 සහ 12 තෙදින පුරාවට පුත්තලම දිස්ත්‍රික්කයේ දී........
සොබාදහමට ආදරය කරන ඔබත් මෙම ඒකාබද්ධ පාරිසරික ක්‍රියාන්විතයට එක්වෙන්න - තබ්බෝව වැව් තාවුල්ලට එන්න...........
තවත් පරිසර සංරක්ෂණ ව්‍යාපෘතීන් රැසක් මෙම වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මකයි.
#අලිවැටෙන්ඔබ්බට #තබ්බොව්වඅයෙත්අලින්ට

The Cricket Tournament and Friendly Gathering 2025 organized by the Welfare Society of GSMB Technical Services (Pvt) Ltd...
30/09/2025

The Cricket Tournament and Friendly Gathering 2025 organized by the Welfare Society of GSMB Technical Services (Pvt) Ltd was successfully held at the Gunners Club, Minneriya on 20th September 2025. 🏏✨

It was a day filled with sportsmanship, teamwork, and camaraderie, strengthening the bonds within our GSMBTS family. Here are some memorable moments from the event! 📸

"සියවස් දෙකක උද්හිද උද්‍යාන පුරාවෘත්තය" අද (28) මහජන අයිතියට.“රාජකීය උද්භිද උද්‍යානයේ නිර්මාතෘවරයා වන ඇලැක්සැන්ඩර් මූන් ...
28/09/2025

"සියවස් දෙකක උද්හිද උද්‍යාන පුරාවෘත්තය" අද (28) මහජන අයිතියට.

“රාජකීය උද්භිද උද්‍යානයේ නිර්මාතෘවරයා වන ඇලැක්සැන්ඩර් මූන් මහතා අනුස්මරණය කරමින් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය තුළ 2025 සැප්තැම්බර් මස 28 (අද) දින ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය ගරු වෛද්‍ය දම්මික පටබැඳි මහතා,පරිසර ගරු නියොජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා,පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ.ආර් උඩුවාවල මහතා සහ උද්හිද උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිතය.

Address

569, Epitmulla Road, Sri Jayawardanapura Kotte
Nugegoda

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112515029

Alerts

Be the first to know and let us send you an email when GSMB Technical Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to GSMB Technical Services:

Share