07/09/2026
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ මග පෙන්වීම මත දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 10 තුළ නිලධාරින්ගේ සුහදතාවය හා මානසික සුවය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් 2026 දිසාපති කුසලාන ක්‍රිකට් සහ නෙට්බෝල් තරගාවලිය පසුගිය (05) දා නුවරඑළිය සිනිසිටා මහජන ක්‍රිඩාංගනයේ දී පැවැත්විණි.
මේ සඳහා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම් ලහිරු කලුගම්පිටිය මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් සුජානි වීරසිංහ මහත්මිය ඇතුළු නිලධරයින් රැසක් සහභාගී වූහ.