සදහම් අසපුව නුවරඑළිය

සදහම් අසපුව නුවරඑළිය ගෞතම බුදු සසුන බබලවන පිරිසක් බිහි වේවා?

05/08/2026

🌸මලින් සරසා බුදු මාවත - සාදමු සැදැහැති සිත් පබඳ 🌸
තිලෝගුරු අමාමෑණි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වඩිනා මාවත පූජනීය වූත්, සුගන්ධවත් වූත් මලින් සරසා සිදුකළ ඒ උතුම් මල් පූජෝපහාරය...
නුවරඑළිය සදහම් අසපුව මගින් පූජනීය මල් තොරණින් බුද්ධාලම්බන ප්‍රීතිය වඩවමින් සිදුකළ ඒ මහා පුණ්‍යකර්මයේ සොඳුරු දසුන් පෙළයි මේ.
සැදැහැති සිත් පෙරටු කරගෙන එක්වූ සියලුම පින්වතුන්ටත්, වෙහෙස මහන්සි වී මෙම අලංකාර මල් තොරණ නිර්මාණය කළ සියලු දෙනාටත් මේ උතුම් පුණ්‍යකර්මය අනුමෝදන් වේවා!
🙏 අනන්ත බුදු ගුණ බලයෙන් ඔබ සැමට තෙරුවන් සරණයි! 🙏

🙏 සිව් දිගින් වැඩමවන මහා සංඝරත්නය උදෙසා කෙරෙන උතුම් කුටි සෙනසුන් පූජාව... 🙏නුවරඑළිය මහමෙව්නාව භාවනා අසපුවේ වැඩ සිටින පින...
26/07/2026

🙏 සිව් දිගින් වැඩමවන මහා සංඝරත්නය උදෙසා කෙරෙන උතුම් කුටි සෙනසුන් පූජාව... 🙏
නුවරඑළිය මහමෙව්නාව භාවනා අසපුවේ වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා කුටි සෙනසුන් හතරක් (04) ඉදිකිරීමට කටයුතු යොදා ඇත.
සංඝරත්නය උදෙසා වාසස්ථාන පූජා කිරීම යනු මහත් වූ ආනිශංස ගෙනදෙන අසදෘශ පුණ්‍යකර්මයකි. මෙම උතුම් පින්කමට ඔබගේ ශක්ති ප්‍රමාණයෙන් දායක වී දෙලොව සැප සලසන උතුම් පින් රැස් කරගන්නා ලෙස සැදැහැ සිතින් ඇරයුම් කරමු! 🌸🍃
✨ සම්පූර්ණ කුටියක් භාර ගැනීමට ද ඔබට අවස්ථාව ඇත.
📞 විමසීම් සඳහා:
071 206 8883
+94 77 047 1053
📍 මහමෙව්නාව භාවනා අසපුව - නුවරඑළිය

02/07/2026
30/06/2026

බෝධීන් වහන්සේගේ ආරක්ෂාව උදෙසා පුජා කළ බෝධි ගෘහය, මේ දුර්ලභ පින්කම සියලු දෙනා සතුටින් දැකබලා අනුමෝදන් වේවා🙏🙏🙏

30/06/2026

නුවරඑළිය මහමෙව්නාව භාවනා අසපුවේ වැඩ සිටින උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සීතල සුළඟින්,වැස්සෙන්, පින්නෙන් හානියක් නොවීම පිණිස,බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට ඉදි කළ බෝධි ගෘහය උතුම් පොසොන් පුන් පොහෝ දින බෝධීන් වහන්සේ උදෙසා පූජා කළ අසිරිමත් පින්කම. මේ සඳහා උපකාර කළ සියලූම දෙනා ඇතුළු දැක බලා අනුමෝදන් වන හැම දෙනාට මේ පින් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම උපකාර වෙත්වා 🙏🙏🙏.

23/06/2026

නුවරඑළිය මහමෙව්නාව භාවනා අසපුවේ වැඩ සිටින උතුම් බෝධීන් වහන්සේට වැස්සෙන්,සුළඟින්,පින්නෙන් සහ අධික සීතලෙන් වන හානි වැලැක්වීම පිණිස ඉදිකළ මනරම් බෝධි ගෘහය පොසොන් පුන් පොහෝ දින බෝධීන් වහන්සේ උදෙසා පූජා කරනු ලබයි. 🙏🙏🙏

02/06/2026

-ලුම්බිණී සල්වනෙන් -🙏🙏🙏

නුවරඑළිය මහමෙව්නාව භාවනා අසපුවේ ශ්‍රී ශාක්‍යමුණි දහම් පන්තියේ දරුවන් විසින් වෙසක්‌ පොහෝ දින ලබා දුන් කිරි කෝපි සහ කේක් ද...
31/05/2026

නුවරඑළිය මහමෙව්නාව භාවනා අසපුවේ ශ්‍රී ශාක්‍යමුණි දහම් පන්තියේ දරුවන් විසින් වෙසක්‌ පොහෝ දින ලබා දුන් කිරි කෝපි සහ කේක් දන්සල 🙏🙏🙏

Address

Mahamevnawa Buddhist Monastery, 153/1, Upper Lake Road
Nuwara Eliya

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94712068883

Alerts

Be the first to know and let us send you an email when සදහම් අසපුව නුවරඑළිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category