Divisional Secretariat - Pannala

Call Directions Contact the organization

Divisional Secretariat - Pannala තෘප්තිමත් මහජන සේවයක් සදහා කැපවූ විශිෂ්ඨ රාජ්‍ය ආයතනයක් වීම අපගේ අභිලාෂයයි ....

පන්නල මහජන ක්‍රීඩාංගනයේදී ඇසළ පෝය නිමිති කර පැවැත්වු ඇසළ උදානයට සමගාමීව 2026.08.01 වන දින කාර්යාලීය නිළධාරීන්  බැති ගී ව...
04/08/2026

පන්නල මහජන ක්‍රීඩාංගනයේදී ඇසළ පෝය නිමිති කර පැවැත්වු ඇසළ උදානයට සමගාමීව 2026.08.01 වන දින කාර්යාලීය නිළධාරීන් බැති ගී වැඩසටහනට සම්බන්ධ වු අතර පන්නල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද කහබත් දන්සල 2026.08.02 වන දින රාත්‍රියේදී 1500ක අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පවත්වන ලදී.

31/07/2026
"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන යටතේ සුපිලිපන්න සතියට  අදාල  ප්‍රතිඥාව ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුලු නිළධාරීන් විසින් අද දින කා...
27/07/2026

"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන යටතේ සුපිලිපන්න සතියට අදාල ප්‍රතිඥාව ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුලු නිළධාරීන් විසින් අද දින කාර්යාලීය පරිශ්‍රයේදි ලබා දෙන ලදි.

දිට්වා ආපදාව හේතුවෙන් විපතට පත් ව්‍යාපාර හා නිවාස වෙනුවෙන් වන්දි ගෙවීමේ කටයුතු තවදුරටත් කඩිනම් කිරීමේ අරමුණින් නාරංගමුව,...
08/05/2026

දිට්වා ආපදාව හේතුවෙන් විපතට පත් ව්‍යාපාර හා නිවාස වෙනුවෙන් වන්දි ගෙවීමේ කටයුතු තවදුරටත් කඩිනම් කිරීමේ අරමුණින් නාරංගමුව, මල්ගමුව මාහරගම හා මත්තේගම යන ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි ජංගම සේවා වැඩසටහනක් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ පන්නල ප්‍රාදේශීය ලේකම් චතුර සමරසිංහ මැතිතුමාගේ මෙහෙයවීමෙන් 2026 මැයි මස 5 වන දින ගිරිඋල්ල නගර ශාලාවේදී පවත්වන ලදි. මෙම ජංගම සේවා වැඩසටහන හරහා දිට්වා ආපදාවෙන් බලපෑමට ලක් වූ නිවාස හා ව්‍යාපාර හිමිකරුවන් විශාල පිරිසකට සේවා සැපයීමට හැකි විය.

දිට්වා ආපදා තත්වය හේතුවෙන් නිවාස හා ව්‍යාපාර හානි ඇතුළු බලපෑමට ලක් වූ පුද්ගලයන් 143 දෙනෙකු වෙනුවෙන් වන්දි ලබා දීමේ වැඩසට...
11/04/2026

දිට්වා ආපදා තත්වය හේතුවෙන් නිවාස හා ව්‍යාපාර හානි ඇතුළු බලපෑමට ලක් වූ පුද්ගලයන් 143 දෙනෙකු වෙනුවෙන් වන්දි ලබා දීමේ වැඩසටහනක් පන්නල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කුරුණෑගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ගුණවර්ධන මැතිතුමාගේ හා පන්නල ප්‍රාදේශීය ලේකම් චතුර සමරසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026-04-11 වන දින පන්නල නගර ශාලාවේදී පවත්වන ලදි. පන්නල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර හා කර්මාන්ත අංශය සහ ආපදා කළමනාකරණ අංශය මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

රාමසාන් උපවාස සමය නිමිති කර⁣ ගෙන පන්නල ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් පරිදි සියලු ජන කොටස් අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ අර...
11/03/2026

රාමසාන් උපවාස සමය නිමිති කර⁣ ගෙන පන්නල ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් පරිදි සියලු ජන කොටස් අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් ඉස්ලාම් ආගමික වතාවත් සදහා මුල් තැන ලබා දෙමින් 2026.03.09 වන දින රාමසාන් උපවාස ශීලය අවසන් කිරීමේ ඉෆ්තාර් වැඩසටහනක් පන්නල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.

එහිදී කලියුර් රහුමාන් මව්ලවිතුමා විසින් අගනා දේශණයක් සිදු කල අතර පාසල් ළමුන් 15 දෙනෙකු සදහා ද්‍රව්‍යමය ප්‍රදානයන් සිදු කරන ලදි. මෙම ඉෆ්තාර් වැඩසටහන පන්නල ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු නිළධාරීන්ගේ සහ මස්ජිතුල් නූරුල් ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයේ සභාපතිතුමා ඇතුළු ප්‍රදේශයේ ඉස්ලාම් භක්තිකයින්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව සිදු කරන ලදී.

මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සහ පන්නල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන ලද ප්‍රාදේශීය රැකියා පො...
24/02/2026

මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සහ පන්නල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන ලද ප්‍රාදේශීය රැකියා පොළ සහ වෘත්තීය පොළ වැඩසටහන 2026 පෙබරවාරි 23 වන දින පන්නල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලීය පරිශ්‍රයේ දී පන්නල ප්‍රාදේශීය ලේකම් චතුර සමරසිංහ මහතාගේ සහ මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශානිකා මායාදුන්නේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.
බැංකු හා මූල්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව, වෘත්තිය පුහුණු ආයතන ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන 35 ක් මෙම වැඩසටහනට සම්බන්ධ වූ අතර කොට්ඨාසයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් 400ක පමණ පිරිසක් මෙම වැඩසටහන සදහා සහභාගී විය.

Address

Divisional Secretariet
Pannala

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94372246038

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - Pannala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat - Pannala:

Shortcuts

Share