Divisional Secretariat - Pannala

Divisional Secretariat - Pannala තෘප්තිමත් මහජන සේවයක් සදහා කැපවූ විශිෂ්ඨ රාජ්‍ය ආයතනයක් වීම අපගේ අභිලාෂයයි ....

21/03/2026
රාමසාන් උපවාස සමය නිමිති කර⁣ ගෙන පන්නල ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් පරිදි සියලු ජන කොටස් අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ අර...
11/03/2026

රාමසාන් උපවාස සමය නිමිති කර⁣ ගෙන පන්නල ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් පරිදි සියලු ජන කොටස් අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් ඉස්ලාම් ආගමික වතාවත් සදහා මුල් තැන ලබා දෙමින් 2026.03.09 වන දින රාමසාන් උපවාස ශීලය අවසන් කිරීමේ ඉෆ්තාර් වැඩසටහනක් පන්නල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.

එහිදී කලියුර් රහුමාන් මව්ලවිතුමා විසින් අගනා දේශණයක් සිදු කල අතර පාසල් ළමුන් 15 දෙනෙකු සදහා ද්‍රව්‍යමය ප්‍රදානයන් සිදු කරන ලදි. මෙම ඉෆ්තාර් වැඩසටහන පන්නල ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු නිළධාරීන්ගේ සහ මස්ජිතුල් නූරුල් ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයේ සභාපතිතුමා ඇතුළු ප්‍රදේශයේ ඉස්ලාම් භක්තිකයින්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව සිදු කරන ලදී.

මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සහ පන්නල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන ලද ප්‍රාදේශීය රැකියා පො...
24/02/2026

මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සහ පන්නල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන ලද ප්‍රාදේශීය රැකියා පොළ සහ වෘත්තීය පොළ වැඩසටහන 2026 පෙබරවාරි 23 වන දින පන්නල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලීය පරිශ්‍රයේ දී පන්නල ප්‍රාදේශීය ලේකම් චතුර සමරසිංහ මහතාගේ සහ මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශානිකා මායාදුන්නේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.
බැංකු හා මූල්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව, වෘත්තිය පුහුණු ආයතන ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන 35 ක් මෙම වැඩසටහනට සම්බන්ධ වූ අතර කොට්ඨාසයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් 400ක පමණ පිරිසක් මෙම වැඩසටහන සදහා සහභාගී විය.

පන්නල ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් පරිදි තෛයිපොංගල් සැමරුම් උත්සවය පසුගියදා පන්නල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය පරිශ්‍ර...
11/02/2026

පන්නල ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් පරිදි තෛයිපොංගල් සැමරුම් උත්සවය පසුගියදා පන්නල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය.

කාර්යාලයේ සියලුම නිලධාරීන් කෝලම් රටා ඇතුළු චාරිත්‍රානුකූල සැරසිලි සිදුකර කාර්යාලීය පරිශ්‍රය අලංකාර ලෙස සකස් කරන ලදී.

එමෙන්ම පොංගල් බත සකස් කර හින්දු ආගමානුකූලව පූජාවක්ද මෙදින සිදු කල අතර හින්දු සම්ප්‍රදායික නැටුම් හා ගැයුම් වලින් මෙම උත්සවය වර්ණවත් විය.

පන්නල ප්‍රාදේශීය ලේකම්තුමා⁣ගේ උපදෙස් පරිදි  78 වන නිදහස් දිනය අභිමානවත් හා චාම් අන්දමින් සැමරීම  පන්නල ප්‍රාදේශීය මහලේකම...
04/02/2026

පන්නල ප්‍රාදේශීය ලේකම්තුමා⁣ගේ උපදෙස් පරිදි 78 වන නිදහස් දිනය අභිමානවත් හා චාම් අන්දමින් සැමරීම පන්නල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදි සිදු විය.ප්‍රාදේශීය ලේකම්තුමන් විසින් ජාතික ධජය එසවීමෙන් පසු ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව උත්සවයේ සැමරුම් කටයුතු ආරම්භ විය.

කාර්යාලයීය නිළධාරීන්ගේ දේශාභිමානී ගීත ගායනා තුලින් සැමරුම් උළෙල විචිත්‍රවත් විය.නිදහසේ වටිනාකම හා නව චින්තනය පිළිබඳව ප්‍රාදේශීය ලේකම්තුමා විසින් අගනා දේශනයක් සිදු කරන ලදී. එමෙන්ම ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ ළමා හිමිකම් අංශය විසින් අවශ්‍යතා ඇති පාසල් දරු දැරියන් සදහා පාසල් උපකරණ බෙදා දීමක්ද මෙහිදී සිදු විය.

කාර්යාල නිලධාරීන් අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් ප්‍රදර්ශන වොලිබෝල් තරග බාලක හා බාලිකා යන අංශ ද්විත්වය නියෝජනය කරමින් සංවිධානය කර තිබූ අතර සියලුම නිලධාරීන් මේ සදහා ඉතා උද්යෝගයෙන් සම්බන්ධ විය.

පන්නල ප්‍රාදේශිය ලේකම් චතුර සමරසිංහ මහතාගේ  උපදෙස් පරිදි ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008/04 චක්‍රලේඛනයට අනුව ඉඩම් නොමැති පු...
21/01/2026

පන්නල ප්‍රාදේශිය ලේකම් චතුර සමරසිංහ මහතාගේ උපදෙස් පරිදි ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008/04 චක්‍රලේඛනයට අනුව ඉඩම් නොමැති පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ඉඩම් කච්චේරිය 2026/01/20 වන දින නාලවලාන සීලරතනාරාම විහාරස්ථානයේදී නාලවලාන, මැදිරිවිල, පහළ මාකඳුර, පන්වලකුඹුර යන ග්‍රාම නිලධාරී වසම් වල පුද්ගලයින් 150ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව සිදු කරන ලදී.

පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යවසායකයින්ගේ හා පන්නල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ මූල්‍ය සාක්ෂරතාව, තහන...
09/01/2026

පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යවසායකයින්ගේ හා පන්නල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ මූල්‍ය සාක්ෂරතාව, තහනම් මූල්‍ය යෝජනා ක්‍රම, අනවසර මූල්‍ය තැන්පතු හා ඩිජිටල් මූල්‍ය ගනුදෙනු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පන්නල ප්‍රාදේශීය ලේකම් චතුර සමරසිංහ මැතිතුමාගේ උපදෙස් මත 2026.01.09 වන දින පන්නල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණ.

මේ සදහා කොට්ඨාශයේ ව්‍යවසායකයින් හා පන්නල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ නිළධාරීන් 200කට අධික පිරිසක් සම්බන්ධ විය. කොට්ඨාසයේ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව හා ආයෝජනය පිළිබඳ දැනුම වර්ධනය කිරීම තුළින් එම පිරිසගේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීම හා ග්‍රාමීය සංවර්ධන වේගවත් කිරීමත්, දැනුමෙන් සන්නද්ධ රාජ්‍ය නිලධාරීන් හරහා කොට්ඨාසයේ වෙසෙන ග්‍රාමීය ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමත් මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ජේෂ්ඨ කළමනාකාර දුමින්ද දිසානායක මහතා දැනුවත් කිරීමේ දේශනය සිදු කරන ලදි.

කිරි ඉතිරෙන්නට නව වසරේසුබ මොහොතින් වැඩ ඇරඹේ...🌞🌞🌞🌞2026🌞🌞🌞🌞රාජ්‍ය නිලධාරීන් වශයෙන් කාර්‍යක්ෂම සහ සඵලදායී සේවාවක් මහජනතාව ...
02/01/2026

කිරි ඉතිරෙන්නට නව වසරේ
සුබ මොහොතින් වැඩ ඇරඹේ...
🌞🌞🌞🌞2026🌞🌞🌞🌞

රාජ්‍ය නිලධාරීන් වශයෙන් කාර්‍යක්ෂම සහ සඵලදායී සේවාවක් මහජනතාව වෙනුවෙන් ලබා දීම අරමුණු කරගනිමින්, උදා වූ 2026 නව වසර පිළිගැනීම සහ සුබ මොහොතින් වැඩ ඇරඹීම, ප්‍රාදේශිය ලේකම් චතුර සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සියළු මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සෙසු නිලධාරීන්ගේ සහභාහීත්වයෙන් ඊයේ දින සිදු කෙරිණ.

ඒ අනුව සුබ මුහුර්තයෙන් කිරි ඉතිරවීමෙන් අනතුරුව පහන්පැළට වතාවත් සිදු කර සියළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජාතික ගීය ගායනා කෙරුණු අතර ඉන් අනතුරුව හරිත සංකල්පය සංකේත්වත් කරමින්, ප්‍රාදේශිය ලේකම් තුමන්ගේ සුරතින්, කාර්‍යාල භූමියෙහි පැලයක් රෝපණය කිරීම සිදු විය.

සුපුරුදු පරිදි ඉන් අනතුරුව මහා සංඝරත්නය වඩම්මවා ආගමික වතාවත් සිදු කර, පිරිත් දේශනා කිරීමෙන් පසුව, නව වසරේ පළමු කාර්‍ය මණ්ඩල රැස්වීම පැවැත්විණ.සම්ප්‍රදායානුකූලව ආගම සිහි කිරීමෙන් පසුව වීරෝධාර රණවිරුවන් ඇතුළු එක් එක් අනපේක්ෂිත ආපදාවන් හමුවේ මිය ගිය පිරිස් වෙනුවෙන් ගෞරවය පුදනු වස් මිනිත්තු කිහිපයක නිහැඩියාවක් සටහන් කර ඉන් අනතුරුව 2026 වසර වෙනුවෙන් වූ රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දෙනු ලැබිණ.මෙහිදී ප්‍රාදේශිය ලේකම් තුමන් ප්‍රමුඛ සියළු මාණ්ඩලික නිලධාරීන් මෙන්ම සෙසු සියළු අංශ නියෝජනය කරමින් එක් එක් නිලධාරීන් විසින් උදා වූ නව වසර වෙනුවෙන් සිය සුභාශිංසන එක් කරන ලදී.තවද ඉදිරි වසරක කාල සීමාව තුළ ඉලක්කගත අරමුණු වෙනුවෙන් කටයුතු කල යුතු ආකාරය පිළිබදව සියළු නිලධාරීන් දැනුවත් කිරීමද ප්‍රාදේශිය ලේකම් චතුර සමරසිංහ මහතා විසින් සිදු කරන ලදී.

අනතුරුව සියළු නිලධාරීන් වෙනුවෙන් පිළියෙල කර තිබූ නව අවුරුදු කෑම මේසය පිළිගැන්වීම සිදු කෙරුණු අතර, මෙහිදී සියළු නිලධාරීන් දිරි ගැන්වීමේ අරමුණින් පසුගිය වසර තුළ අවම නිවාඩු ප්‍රමාණයක් ලබාගනිමින් සහ උපරිම වේලාවක් කාර්‍යාලය තුළ රැදෙමින් කාර්‍යාල රාජකාරී තුළ නිරත වූ නිලධාරිනිය ඇගයීමට ලක් කිරීමද සිදු කෙරිණ.

එම අවස්ථාවේ මතක සටහන් කිහිපයක් මේ....

සුබ නව වසරක් වේවා!!!🙏🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞බිදුනු සිදුනු දහසක් සිහින නැවුම් මගකින් ..යළි පුබුදන්නට....සුවහසක් ජීවිත හා බැදිසුන්දර සුප...
31/12/2025

සුබ නව වසරක් වේවා!!!🙏
🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞

බිදුනු සිදුනු දහසක් සිහින
නැවුම් මගකින් ..
යළි පුබුදන්නට....
සුවහසක් ජීවිත හා බැදි
සුන්දර සුපිරිසිදු බලාපොරොත්තු,
යළි දල්වන්නට......

නැවුම් උදාවක් පැමිණ ඇත.....
.....2026 නව වසර....
....ආයුබෝවන්...🙏

අපි ඔබ,අපරිමිත සෙනෙහසින් සහ ගැඹුරු ගෞරවයෙන් පිළිගන්නෙමු.....!!!

අද මෙන්ම හෙට ද..
දිරියෙන් එක්සත්ව...
අභියෝගයන්ගෙන් සවිය ලැබ...
නොසැලී පෙරට විත්...
මෙහෙවර උරමත තබා...
සුවහසක් මිනිසුන් වෙනුවෙන්...
ධෛර්‍යෙන් ඉදිරියට යන්නට...
අප සූදානම් ය...
.."2026" නව වසර...

එය ඔබේ දිවිය එළිය කරන,
නව හැරවුමක් සටහන් කරන...
සුපැහැදිලි ජයග්‍රහණයන්ගෙන් සුසැදි...
නව පරිච්ඡේදයක්ම වේවා!!!

-ප්‍රාදේශිය ලේකම් තුමන් ප්‍රමුඛ සමස්ථ කාර්‍ය මණ්ඩලය-
ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය - පන්නල

පන්නල යෞවන සමාජයෙන් අකුරට අත්වැලක්..............පන්නල ප්‍රාදේශිය යෞවන සමාජ සම්මේලනයේ තරුණ තරුණියන්ගේ සම්බන්ධීකරණයෙන් ,ප්...
16/12/2025

පන්නල යෞවන සමාජයෙන්
අකුරට අත්වැලක්..............

පන්නල ප්‍රාදේශිය යෞවන සමාජ සම්මේලනයේ තරුණ තරුණියන්ගේ සම්බන්ධීකරණයෙන් ,ප්‍රාදේශීය වශයෙන් ඉදිරිපත් වූ පරිත්‍යාගශීලීන් විශාල පිරිසකගේ මූල්‍යමය හා ද්‍රව්‍යමය පරිත්‍යාගයන් ඒකරාශී කොටගෙන, කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 46 ක විපතට පත් අඩු ආදායම්ලාභී පවුල් වල පාසල් දරුවන් 350 කට අධික පිරිසක් වෙනුවෙන් පාසල් පොත් කට්ට්ල බෙදා දීම ස්ථාන 8 කදී පසුගිය දෙසැම්බර් 12 සහ 13 යන දෙදින සිදු කෙරිණ.

එහිදී පහළ මැද්දෙපොළ පාසල, මාහරහම ප්‍රාදේශීය සභා පෙර පාසල,වැල්ලෑව හන්දිය,බෝපිටිය ක්‍රීඩාංගනය,පන්නල මහජන ක්‍රිඩාංගනය,මාකදුර බස් නෑවතුම්පල, කොරලම්පොත්ත පාසල සහ උඩුගම විහාරය යන ස්ථානයන්හිදී මෙම පාසලුපකරණබෙදා දීම සිදු කෙරිණ.

මේ සදහා ඇප කැප වූ සියළු දෙනා වෙනුවෙන් අපගේ ස්තූතීය 🙏💐

කුලියාපිටිය කාය වර්ධන මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙන් පන්නල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගං වතුරින් විපතට පත් නාලවලාන ප්‍රදේශවාස...
16/12/2025

කුලියාපිටිය කාය වර්ධන මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙන් පන්නල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගං වතුරින් විපතට පත් නාලවලාන ප්‍රදේශවාසීන් වෙනුවෙන් සහනාධාර බෙදා දීමක් පසුගිය ඉරිදා (2025.12.14) සිදු කෙරුණු අයුරු....

Address

Divisional Secretariet
Pannala

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94372246038

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - Pannala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat - Pannala:

Share