NPP Banks and Finance Forum

NPP Banks and Finance Forum Let's build our country under NPP flag.

30/03/2026

රාජ්‍ය බැංකු ඉතිහාසය තුල වැඩිම සේවක ප්‍රසාද දීමනා මුදල මෙවර ලබාදේ (2025 වසරට අදාල)

රාජ්‍ය බැංකු ඉතිහාසයේ වැඩිම ලාභය 2025 වසරේ වාර්තා කරන ලදී

රාජ්‍ය බැංකු ඉතිහාසයේ වැඩිම ලාභාංශ 2025 වසරට අදාලව ගෙවීමට නියමය.

බැංකු වල ලාභදායීත්වය මත ලබා දෙන දිරිදීමනා පාරිතෝශික (Incentive Bonus) ලබාදීමේදී දීර්ඝ කාලයක් තිස්සේ බලපෑ ගැටළු නිරාකරණය කරගනිමින් සියලු දෙනාටම පිළිගත හැකි ක්‍රමවේදයක අවශ්‍යතාවය ජාතික ජනබලවේගයේ(NPP) බැංකු හා මූල්‍යය සංසදය මතු කල අතර,ඒ සඳහා සුදුසු යෝජනාවලියක් සකස් කර කම්කරු අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්‍ය අනිල් ජයන්ත මහතා සමග සාර්ථක සාකච්ඡා වට කිහිපයක්ම පවත්වන ලදී.
එහිදී එකඟ වූ කරුණු මත දිරිදීමනා පාරිතෝශික (Incentive Bonus) තීරණය කිරීමේ ක්‍රමවේදය සියලු පාර්ශව සඳහා සාධාරණව, බැංකුවල ස්ථාවරත්වයට බලපෑමක් නොවන පරිදි සේවකයින්ට උපරිම ප්‍රතිලාභයක් ලැබෙන ලෙස සකස් කිරීමට තීරණය විය.
ඒ අනුව ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරිමේ බැංකුව හා රාජ්‍ය උකස් හා අයෝජන බැංකුව යන රාජ්‍ය බැංකු 04 හි සේවකයන් හට මෙතෙක් ලබා දුන් ඉහලම ප්‍රසාද දීමනාව ලබාදීමට වත්මන් රජය ඇතුළු සියලුම පාර්ශවයන්ගේ එකඟතාවය මේ වනවිට ලැබී ඇත.
මෙය අප සියලු දෙනාගේ ජයග්‍රහණයක් වන අතර ගරු ජනාධිපතිතුමන්ටත්, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්‍ය අනිල් ජයන්ත මහතාටත්, භාණ්ඩාගාර ලේකම් හර්ශණ සූරියප්පෙරුම මහතාටත් බැංකුවල කළමනාකාරීත්වය ඇතුලු සියලුම සම්බන්ධිත නිලධාරීන්ටත් අපගේ විශේෂ ස්තුතිය පළකර සිටිමු.
විශේෂයෙන්, ප්‍රසාද සහ අනෙකුත් දීමනා සහ 1996න් පසු විශ්‍රාම වැටුප සම්බන්ධව අප සංසදය ගරු ජනාධිපතිතුමන් සහ අනෙකුත් නිලධාරීන් සමග සකච්චා වට කිහිපයක් ම පැවැත් වූ අතර එම සාකච්චා තුලින් ලබා ගත් සියලු ජයග්‍රහණ ඉදිරියේදි ඔබ සැමට භුක්ති විදීමට හැකි වනු ඇත.
තවද, 1996 පසු විශ්‍රාම වැටුප සම්බන්ධව වසර 30 කට පසු විශ්‍රාම වැටුප් අරමුදල් ශක්තිමත් කිරීම තුලින් සේවකයන් හට සම්පුර්ණ විශ්‍රාම වැටුපක් (අවසාන දළ වැටුපෙන් ඉහළම ප්‍රතිශතයක්) ලබාදීම පිලිබදවත් මේ වනවිට රජයේ සියලු පාර්ශවයන්ගේ මුලික එකගත්වය ලැබී ඇති බව සතුටින් දැනුම් දෙමු.
ස්තුතියි !

Address

Pelawatta

Telephone

+94773760265

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Banks and Finance Forum posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NPP Banks and Finance Forum:

Shortcuts

Share