Pradeep Asiri

Pradeep Asiri සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

05/10/2024
28/09/2024

හිටපු අමාත්‍ය ගරු කුමාර වෙල්ගම මැතිතුමාට මා නිවන්සුව ප්‍රාර්ථනා කරමි!

20/09/2024
ජනාධිපති අපේක්ෂක තුමන්ලාගේ ආදායම් හා වත්කම්.
25/08/2024

ජනාධිපති අපේක්ෂක තුමන්ලාගේ ආදායම් හා වත්කම්.

25/08/2024

රටේ සම්පත් විකුණගෙන කෑමේ ප්‍රතිපත්තිය හකුලාගනු.

රජයේ විජය විද්‍යාලයේ වර්ථමාණ එච්.කේ. ධර්මදාස විද්‍යාලයේ ගුරු සේවයේ නියුතු හා ගුරු සේවයේ හිටිය අපගේ ගුරු මව් පිය වරුන්ට අ...
12/08/2024

රජයේ විජය විද්‍යාලයේ වර්ථමාණ එච්.කේ. ධර්මදාස විද්‍යාලයේ ගුරු සේවයේ නියුතු හා ගුරු සේවයේ හිටිය අපගේ ගුරු මව් පිය වරුන්ට අපගේ ජිවිතයේ පළමු ගුරු උපහාරය පුදදෙමින් 2024-08-11

මත් උවදු‍රින් දරුවන් මුදවා ගමු.රටේ දූෂණය, බීෂණය, මිනිස් ගහාතන, වගේම හොරකම් වලට 90%ක් ම සෘජුව හෝ වක්‍රව බල පාන එකම කාරණය ...
03/08/2024

මත් උවදු‍රින් දරුවන් මුදවා ගමු.

රටේ දූෂණය, බීෂණය, මිනිස් ගහාතන, වගේම හොරකම් වලට 90%ක් ම සෘජුව හෝ වක්‍රව බල පාන එකම කාරණය වන්නේ මත්ද්‍රව්‍ය භාවිතය හා මත්ද්‍රව්‍ය වෙළෙඳාමයි. ඒ වගේම රට තුල දවසින් දවස වැඩිවන දුප්පත් කමට මේ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවේ. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් තමන්ගේ බිරිඳ, දරුවන් උගසට තබා, හෝ අනුන්ගේ දෑ සොරාකමින් එම කටයුතුවල යෙදෙයි. රට තුල මෙතරම් විනාශයක් ඇති කරන මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රටේ පවතින නීති රීති අනපනත් ප්‍රමාණවත් නොවිම හේතුවෙන් ආසියාවේ මත්ද්‍රව්‍ය වෙළද මද්‍යහස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇත. අද රටේ මත්ද්‍රව්‍ය සම්බන්ධව පවතින නීති රීති මගින් මෙය තව තවත් වියාප්ත වීමක් සිදුවන අතර එය රජයට හොඳ ආදායම් මාර්ගයක් ද වේ. රටේ වැඩිහිටියන් හා අනාගත දරු පරම්පරාව මේ විවසනයෙන් මුදවා ගැනීම, අප හැමගේ මූලික වගකීම වුවත් එය වෙනත් පාර්ශ්‍රවක් ඉටුකර දෙනකන් අප බලා සිටීමට පුරුදුව ඇත. අපේ ගම, රට, මින් මුදවා ගැනීම ඔබෙත් මගෙත් අප සියළු දෙනාගේත් එකායන අරමුණ විය යුතුය. මෙම මත්ද්‍රව්‍ය සම්බන්ධව තියන නීති රීති අදට සුදුසු ආකාරයෙන් සංශෝධනය විය යුතුයි.

# මත්ද්‍රව්‍ය භාවිතා කරන සියළුම දෙනා බාරකාරත්වයකින් තොරව අනිවාර්යයෙන් පුනරැප්ථාපනය කිරීමේ දීප වයාප්ත ක්‍රමවේදයක් රට තුල ඇති කර යුතුය.

# සුළු පරිමාණයේන් මත්ද්‍රව්‍ය වෙළෙඳාම් කරන පුද්ගලයන් සදහා වෙනත් රැකියා අවස්ථා ලබාදීම, උපදේශන සේවාවන් වලට යොමු කිරීම, ඔහුන්ගේ පවුලේ සුභසාධන කටයුතු වෙනුවෙන් දායකත්වය ලබාදීම, මෙන්ම ඔහුන් ඉන් මුදවා ගැනීම සදහා ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කර යුතුය.

# දිගින් දිගටම මහ පරිමාණයෙන් මත්ද්‍රව්‍ය වෙළෙඳාම්, මිනිස් ගාතන, විවිධ සමාජ විශමාචාර වල යෙදෙන පුද්ගලයන් සදහා මරණ දන්ඩණය ක්‍රියාත්මක කිරීම කල යුතු වේ.

# මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ යෙදෙන හෝ එයට අනුබල දෙන දූෂිත නිලධාරීන් පිලිබදව සොයා බලා දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමට බලය ඇති ඒකකයක් ග්‍රාමීය මට්ටමින් ඇතිකර යුතුය.

# මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් ගොඩනැගීමට කථිකාවතක් ඇතිකර යුතුය.

එම්.ප්‍රදීප් ආසිරි
සභාපති.
මහජන ආරක්ෂක කමිටුව
174 ඟඟබඩ බටහිර ග්‍රාමසේවක වසම
පෑලියගොඩ.

Address

Peliyagoda Gangaboda

Alerts

Be the first to know and let us send you an email when Pradeep Asiri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category