GNOA Peradeniya

GNOA Peradeniya Government Nursing officers' Association - Peradeniya Branch

📢 පශ්චාත් ප්‍රාථමික හෙද පුහුණුව (රෝහල් සේවා)  සඳහා අයදුම්පත් කැඳවයි – 2026 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් පවත්වනු ...
20/08/2026

📢 පශ්චාත් ප්‍රාථමික හෙද පුහුණුව (රෝහල් සේවා) සඳහා අයදුම්පත් කැඳවයි – 2026

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන අවුරුදු 1½ක පශ්චාත් ප්‍රාථමික හෙද ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සුදුසුකම් ලත් හෙද නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා ඇත.

මෙහිදී,

🔹 වාට්ටු කළමනාකරණය හා අධීක්ෂණය – මාස 12
🔹 වින්නඹු කර්මය / මානසික හෙදකම – මාස 06

යන පුහුණු අංශ ඇතුළත් වේ.

🎯 මුළු පුරප්පාඩු – 335

📌 තේරීම් ක්‍රමවේදය

🔸 35% – සීමිත ධාරාව
ලිඛිත තරඟ විභාගය + සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය

🔸 65% – ජ්‍යෙෂ්ඨතා හා කුසලතා ධාරාව
ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය

👩‍⚕️ ප්‍රධාන සුදුසුකම්

• හෙද සේවයේ II, I හෝ අධි ශ්‍රේණියේ සේවයේ නියුතු වීම.
• පූර්වාසන්න වසර 05 තුළ නියමිත සියලු වැටුප් වර්ධක උපයාගෙන තිබීම.
• උසස්වීම් දිනට පෙර වසර 5 ක සතුටුදායක මට්ටමට වඩා ඉහල වාර්ෂිකව කාර්‍යසාධනයක් තීබීම
• අදාළ රාජ්‍ය සේවා කොමිෂන් සභා වක්‍රලේඛ අනුව විනයානුකූල දඬුවම් ලබා නොතිබීම.

🎂 වයස් සීමාව

➡️ සීමිත ධාරාව – අවුරුදු 48 නොඉක්මවිය යුතුය
➡️ ජ්‍යෙෂ්ඨතා/කුසලතා ධාරාව – අවුරුදු 52 නොඉක්මවිය යුතුය

💰 විභාග ගාස්තුව – රු. 1,000/-
(සීමිත ධාරාව සඳහා පමණි.)

📅 වැදගත් අවසන් දිනයන්

🗓️ අයදුම්පත ආයතන ප්‍රධානියාට භාරදීම – 2026.09.30

🗓️ ආයතන ප්‍රධානියා විසින් අමාත්‍යාංශයට යොමු කිරීම – 2026.10.20

📄 අයදුම්පත් ආකෘති සහ සම්පූර්ණ විස්තර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැක.

https://www.health.gov.lk/wp-content/uploads/2022/08/02-62-2026-1.pdf

📬 යොමු කළ යුතු ලිපිනය:
අධ්‍යක්ෂ (පාලන) I,
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය,
අංක 106, ඩබ්ලිව්. ඒ. ඩී. සිල්වා මාවත,
කොළඹ 08.

⚠️ අයදුම් කිරීමට පෙර නිල වක්‍රලේඛයේ සඳහන් සියලුම සුදුසුකම්, කොන්දේසි සහ උපදෙස් හොඳින් පරීක්ෂා කරන්න.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය

අවුරුදු දෙකක් වෙන්න ආවා එක ඉල්ලීමක්වත් ලබා දුන්නාද තමන්ගේ වෘත්තිය පල්ලෙහාට දමමින් තවත් බොරු බේගල් කියමින් ඉඳපල්ලා
18/08/2026

අවුරුදු දෙකක් වෙන්න ආවා එක ඉල්ලීමක්වත් ලබා දුන්නාද තමන්ගේ වෘත්තිය පල්ලෙහාට දමමින් තවත් බොරු බේගල් කියමින් ඉඳපල්ලා

📢 සිසු හෙද පුහුණුව 2026 සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමසෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සිසු හෙද පුහුණු පාඨමාලාව – 2026 (...
15/08/2026

📢 සිසු හෙද පුහුණුව 2026

සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සිසු හෙද පුහුණු පාඨමාලාව – 2026 (2023 කණ්ඩායම) සඳහා අයදුම් කළ සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ 2026 සැප්තැම්බර් 05 වන දින සිට ආරම්භ කිරීමට නියමිතය.

📌 ඔබ දැනගත යුතු වැදගත් කරුණු

නාම ලේඛනය (ඇමුණුම 01) සහ සම්මුඛ පරීක්ෂණ කාලසටහන (ඇමුණුම 02) සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කර ඇත.

👉 ඔබට නියමිත ස්ථානය, දිනය සහ වේලාවට අනිවාර්යයෙන්ම සහභාගී වන්න.

📄 රැගෙන යා යුතු ලේඛන

1️⃣ උප්පැන්න සහතිකය
2️⃣ ජාතික හැඳුනුම්පත / ගමන් බලපත්‍රය / රියදුරු බලපත්‍රය
3️⃣ අත්සන් කර සහතික කළ මුද්‍රිත අයදුම්පත
4️⃣ A/L ප්‍රතිඵල ලේඛනය සහ Z-Score සහතිකය
5️⃣ O/L ප්‍රතිඵල ලේඛනය
6️⃣ රු. 1,000.00 ගෙවූ රිසිට්පත
7️⃣ ග්‍රාම නිලධාරී සහතිකය (DS 4)
8️⃣ පාසල් හැරයාමේ සහතිකය (අධ්‍යාපන බී 59)
9️⃣ රු. 50.00 මුද්දරයක් මත අත්සන් කළ දිවුරුම් ප්‍රකාශය (ඇමුණුම 03)
🔟 බහුමාන සහතිකය (ඇමුණුම 04)

⚠️ විශේෂ අවධානයට!

🔹 ලේඛනවල සඳහන් නම අතර වෙනසක් තිබේ නම්, ඒ සඳහාද රු. 50.00 මුද්දරයක් මත අත්සන් කළ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය.

🔹 සම්මුඛ පරීක්ෂණයට කැඳවීම පමණක් පුහුණුව සඳහා තේරී පත්වීමක් ලෙස නොසැලකේ.

🌐 නිල තොරතුරු සඳහා

වැඩිදුර තොරතුරු, නාම ලේඛනය සහ සම්මුඛ පරීක්ෂණ කාලසටහන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය පරීක්ෂා කරන්න.
https://www.health.gov.lk/wp-content/uploads/2022/09/PDF813-1.pdf

https://www.health.gov.lk/wp-content/uploads/2022/09/PDF811-compressed.pdf

https://www.health.gov.lk/wp-content/uploads/2022/09/PDF812-compressed.pdf

📌 ඔබගේ සම්මුඛ පරීක්ෂණ දිනය සහ වේලාව නිවැරදිව පරීක්ෂා කර, අවශ්‍ය සියලුම ලේඛන සූදානම් කරගෙන නියමිත වේලාවට සහභාගී වන්න.

❤️ හෙද වෘත්තීය දිවියට පළමු පියවර තබන ඔබ සැමට සුබ පැතුම්! 🩺🌹

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය

🩺 CVP Line එකක් ගලවන්න කලින් Peripheral Cannula එකක් දාන්නම ඕන ඇයි? “CVP Line එක ගලවලා ඉවර වෙලා Cannula එකක් දාමු” කියන ...
15/08/2026

🩺 CVP Line එකක් ගලවන්න කලින් Peripheral Cannula එකක් දාන්නම ඕන ඇයි?

“CVP Line එක ගලවලා ඉවර වෙලා Cannula එකක් දාමු” කියන අදහසට වඩා, රෝගියාගේ හදිසි IV access එකක් කලින්ම සූදානම් කර තිබීම වැදගත් වන්නේ ඇයි කියලා බලමු. 🚨

CVP Line (Central Venous Pressure Line) එකක් කියන්නේ රෝගියෙකුගේ ප්‍රධාන රුධිර නාළයක් — Internal Jugular,(වැඩිපුරම භාවිතා වේ. ) Subclavian — ඔස්සේ හෘදය ආසන්නයටම යවන විශේෂිත IV access එකක්. (තවත් ආකාරයක් වන Femoral vein මගින් ඇතුලත් කර ඇති cvp line එකකට මෙම බරපතල අවදානම නැත. නමුත් cannula වක් දැමිය යුතුය.)

නමුත් මේ CVP Line එක ඉවත් කිරීමට (Remove කිරීමට) පෙර, අතට හෝ කකුලට Peripheral Cannula එකක් දමා තිබීම වැදගත් වන්නේ ඇයි?

ඒ පිළිබඳව කතා කරන විට, හෘදයේ විද්‍යුත් පද්ධතියට සිදුවිය හැකි බලපෑම සහ Arrhythmias (අක්‍රමවත් හෘද ස්පන්දන) පිළිබඳවද අවධානය යොමු කළ යුතුයි. 🫀⚡

---

🔍 මොකක්ද මේ වෙන සීන් එක? — Pathophysiology

1️⃣ SA Node එක සහ CVP Line එක අතර ඇති සම්බන්ධය

CVP Line එකේ කෙළවර (Catheter Tip) සාමාන්‍යයෙන් Superior Vena Cava (SVC) සහ Right Atrium (දකුණු කර්ණිකාව) ආසන්න ප්‍රදේශයේ පිහිටයි.

හෘදයේ ස්වාභාවික Pacemaker එක වන SA Node (Sinoatrial Node) ද Right Atrium හි ඉහළ කොටසේ පිහිටා ඇත.

2️⃣ Mechanical Irritation — යාන්ත්‍රික උත්තේජනය

Line එක ඉවත් කිරීමේදී catheter tip එක හෘදය ආසන්න ප්‍රදේශයේ තිබේ නම්, catheter එකේ movement හේතුවෙන් cardiac tissue වෙත mechanical irritation ඇතිවිය හැක.

3️⃣ හදිසි Arrhythmias ඇතිවීම

මෙවැනි mechanical stimulation හේතුවෙන් හෘදයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වයට තාවකාලික බලපෑම් ඇතිවී,

🔹 Premature Atrial Contractions (PACs)
🔹 Premature Ventricular Contractions (PVCs)
🔹 Ventricular Tachycardia (VT)
🔹 Severe Bradycardia / Asystole

වැනි හදිසි cardiac rhythm abnormalities ඇතිවිය හැක.

🚨 මෙන්න මේ නිසයි Cannula එක අත්‍යවශ්‍ය වෙන්නේ!

යම් හෙයකින් Line එක ගලවන මොහොතේ මෙවැනි serious arrhythmia එකක් ඇතිවුවහොත්,

✅ Adenosine, Amiodarone, Atropine හෝ Adrenaline වැනි වෛද්‍යවරයා නියම කරන හදිසි ඖෂධ ලබාදීමට වෙනත් IV Access එකක් තිබීම ඉතා වැදගත්.

✅ CVP Line එක ගලවන අතරතුර රෝගියාගේ තත්ත්වය හදිසියේම Collapse / Shock වුවහොත්, එම අවස්ථාවේදී අලුතින් IV access එකක් ලබාගැනීම වඩාත් අපහසු විය හැක.

CVP Line එකක් ඉවත් කිරීම කියන්නේ සරලව ප්ලාස්ටරයක් ගලවනවා වැනි දෙයක් නෙමෙයි.

එය හෘදය ආසන්නයේ ඇති vascular access එකක් ඉවත් කරන සංවේදී clinical procedure එකක්.

එනිසා, CVP Line එක ගලවන්න කලින් දාන Peripheral Cannula එක කියන්නේ හදිසි අවස්ථාවකදී අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට භාවිත කළ හැකි ප්‍රධාන Safety Access එකක්! 🛡️🩺

(අවධානම තේරුම් ගනිමු. CVP line ගැන පසුව කතා කරමු

හෙද නිලධාරීන් අතර Share කර දැනුවත් කරන්න.)

චතුරංග සමීර
හෙද නිලධාරී.

13/08/2026

🩺🩸 ABG Report එකක් තත්පර කිහිපයකින් Interpret කරන්න — ROME Rule එකත්, Treatment එකත් එකම තැනක!

ABG Report එකක් දැක්කාම Acidosis ද? Alkalosis ද? Respiratory ද? Metabolic ද? කියලා ඉක්මනින් හඳුනාගන්න ROME Rule එක ඉතා ප්‍රයෝජනවත්. 🔥

🧠 ROME = Respiratory Opposite, Metabolic Equal

🌬️ R – Respiratory / O – Opposite

pH සහ PaCO₂ ප්‍රතිවිරුද්ධ දිශාවට වෙනස් වන්නේ Respiratory disorder එකකදීයි.

🔻 pH ↓ + PaCO₂ ↑
➡️ Respiratory Acidosis

🔺 pH ↑ + PaCO₂ ↓
➡️ Respiratory Alkalosis

⚗️ M – Metabolic / E – Equal

pH සහ HCO₃⁻ එකම දිශාවට වෙනස් වන්නේ Metabolic disorder එකකදීයි.

🔻 pH ↓ + HCO₃⁻ ↓
➡️ Metabolic Acidosis

🔺 pH ↑ + HCO₃⁻ ↑
➡️ Metabolic Alkalosis

---

📌 මතක තබාගන්න Normal Values

🩸 pH: 7.35 – 7.45
🌬️ PaCO₂: 35 – 45 mmHg
⚗️ HCO₃⁻: 22 – 26 mEq/L

---

💊 Acid–Base Imbalance එකකට Treatment කරන්නේ කොහොමද?

⚠️ මූලික නීතිය: ABG අගය පමණක් "නිවැරදි" කිරීම නොව, Underlying Cause එක හඳුනාගෙන ප්‍රතිකාර කිරීම තමයි ප්‍රධාන අරමුණ.

1️⃣ 🫁 Respiratory Acidosis

pH ↓ + PaCO₂ ↑

➡️ සාමාන්‍යයෙන් Hypoventilation / CO₂ retention නිසා ඇතිවේ.

Management:
• Airway එක පවත්වාගෙන යාම
• රෝගියාගේ oxygenation සහ ventilation තක්සේරු කිරීම
• හේතුව අනුව Bronchodilators / Nebulization
• අවශ්‍ය නම් Non-invasive ventilation (උදා: BiPAP)
• තදබල respiratory failure එකකදී invasive mechanical ventilation
• Opioid toxicity හේතුවක් නම් වෛද්‍ය උපදෙස් අනුව Naloxone
• COPD වැනි තත්ත්වවලදී oxygen ලබාදීම නිසි target එකකට සහ clinical monitoring සමඟ සිදු කිරීම

---

2️⃣ 🌬️ Respiratory Alkalosis

pH ↑ + PaCO₂ ↓

➡️ සාමාන්‍යයෙන් Hyperventilation නිසා ඇතිවේ.

Management:
• Hypoxia, fever, pain, anxiety, sepsis වැනි හේතුව සොයා ප්‍රතිකාර කිරීම
• Hypoxia තිබේ නම් සුදුසු oxygen therapy
• Pain / fever පාලනය
• Anxiety ඇති අවස්ථාවල reassurance සහ supportive care
• Sepsis වැනි underlying condition එකකට සුදුසු ප්‍රතිකාර

🚫 Paper-bag rebreathing ක්‍රමය routine ලෙස භාවිතා නොකළ යුතුයි. Hypoxia වැනි බරපතළ හේතුවක් තිබේ නම් එය තත්ත්වය තවත් අනතුරුදායක කළ හැක.

---

3️⃣ ⚗️ Metabolic Acidosis

pH ↓ + HCO₃⁻ ↓

➡️ DKA, Lactic Acidosis, Renal Failure, severe diarrhea වැනි හේතු තිබිය හැක.

Management:
• DKA → IV fluids + insulin + electrolyte monitoring/replacement
• Lactic acidosis → tissue hypoperfusion / sepsis වැනි හේතුවට ප්‍රතිකාර
• Renal failure → අවශ්‍යතාව අනුව renal replacement therapy
• Diarrhea → fluid සහ electrolyte replacement
• Sodium bicarbonate routine treatment එකක් නොවන අතර, තෝරාගත් severe cases වලදී පමණක් වෛද්‍ය තීරණය මත ලබාදේ.

---

4️⃣ ⚗️ Metabolic Alkalosis

pH ↑ + HCO₃⁻ ↑

➡️ Vomiting, NG suction, diuretics, volume depletion සහ electrolyte abnormalities වැනි හේතු තිබිය හැක.

Management:
• Vomiting / gastric losses පාලනය
• Volume ගැටළුවක් තිබේ නම් සුදුසු IV fluid replacement
• Potassium සහ Chloride levels පරීක්ෂා කර අවශ්‍ය නම් replacement
• Diuretics හේතුවක් නම් medication review
• Severe / refractory cases සඳහා underlying cause අනුව විශේෂ ප්‍රතිකාර

---

🩺 👩‍⚕️ Nursing Considerations

ABG abnormality එකක් හඳුනාගත් විට,

✅ Vital signs
✅ SpO₂ සහ respiratory pattern
✅ Level of consciousness
✅ Fluid balance
✅ Serum Na⁺ / K⁺ / Cl⁻
✅ Renal function
✅ Repeat ABG අවශ්‍යතාව
✅ Treatment response

අඛණ්ඩව නිරීක්ෂණය කිරීම වැදගත්.

🧠 එක වාක්‍යයකින් ROME!

🌬️ Respiratory → Opposite
⚗️ Metabolic → Equal

ABG එකේ pH එකෙන් “Acid ද Base ද?” බලන්න.
PaCO₂ සහ HCO₃⁻ සමඟ සසඳලා “Respiratory ද Metabolic ද?” හඳුනාගන්න.
ඊට පස්සේ — “ඇයි මෙහෙම වෙලා තියෙන්නේ?” කියලා Underlying Cause එක සොයන්න. 🎯

⚠️ මෙය අධ්‍යාපනික මාර්ගෝපදේශයක් පමණි. ප්‍රතිකාර තීරණය රෝගියාගේ clinical condition, ABG trend සහ වෛද්‍ය තක්සේරුව අනුව සිදු කළ යුතුය.

චතුරංග සමීර
හෙද නිලධාරී

10/08/2026

🫁⚠️ ඔක්සිජන් කියන්නේ ඕනෑම ප්‍රමාණයකින් දෙන්න පුළුවන් දෙයක්ද?

Hyperoxia ගැන හරියටම දැනුවත් වෙමු!

රෝගියෙකුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වූ විට, අපි බොහෝවිට මුලින්ම සිතන්නේ “ඔක්සිජන් දෙමු” කියලයි.

ඒක වැදගත් ප්‍රතිකාරයක් වුණත්, “ඔක්සිජන් වැඩිපුර දුන්නොත් වඩා හොඳයි” කියන අදහස නම් නිවැරදි නැහැ. ❌

ඔක්සිජන් කියන්නේ සරලව ලබාදෙන වායුවක් පමණක් නොවෙයි. නිවැරදි රෝගියාට, නිවැරදි ප්‍රමාණයෙන්, නිවැරදි ඉලක්කයකට ලබාදිය යුතු ප්‍රතිකාරයක් ලෙස සැලකිය යුතුයි.

🚨 අධික ඔක්සිජන් ලබාදීමෙන් මොනවා වෙන්න පුළුවන්ද?

🫁 1. Oxygen Toxicity

ඉතා ඉහළ ඔක්සිජන් සාන්ද්‍රණයකට දිගු වේලාවක් නිරාවරණය වීමෙන් පෙනහළු පටකවලට හානි විය හැකියි.
එමඟින් පෙනහළු ක්‍රියාකාරීත්වය අඩුවීම සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැක.

🩸 2. CO₂ මට්ටම ඉහළ යාම

විශේෂයෙන් CO₂ රඳවා ගැනීමේ අවදානමක් ඇති COPD රෝගීන්ට, අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ඔක්සිජන් ලබාදීමෙන් CO₂ මට්ටම ඉහළ යා හැකියි.

එහි ප්‍රතිඵලයක් ලෙස නිදිමත, ව්‍යාකූලතාව සහ දරුණු අවස්ථාවල සිහිය අඩුවීම වැනි තත්ත්ව ඇති විය හැක.

🫧 3. Absorption Atelectasis

අධික FiO₂ භාවිතයේදී alveoli තුළ ඇති nitrogen අඩුවීම නිසා, සමහර අවස්ථාවල alveoli හැකිලීමට (absorption atelectasis) ඉඩ ඇත.

🧠 4. මධ්‍යම ස්නායු පද්ධතියට බලපෑම්

ඉතා ඉහළ පීඩනයක ඔක්සිජන් නිරාවරණය වීමේදී oxygen toxicity හේතුවෙන් ස්නායු පද්ධතියට බලපෑම් ඇති විය හැකියි. මෙය සාමාන්‍ය ward oxygen therapy සමඟ සිදුවන දෙයක් ලෙස නොසැලකිය යුතුය.

👶 5. නොමේරූ බිළිඳුන්

Premature infants සඳහා ඔක්සිජන් පාලනය කිරීම විශේෂයෙන් වැදගත්. අධික oxygen exposure එක Retinopathy of Prematurity (ROP) සහ පෙනහළු ආශ්‍රිත සංකූලතා සමඟ සම්බන්ධ විය හැකියි.

💡 එහෙනම් ඔක්සිජන් දෙන්නේ කොහොමද?

“More oxygen” නොවෙයි — “Enough oxygen” ! 🫁

රෝගියාගේ තත්ත්වය අනුව SpO₂, clinical condition, ABG සහ CO₂ මට්ටම් වැනි දේ සලකා oxygen therapy එක titrate කළ යුතුයි.

🔹 බොහෝ acutely ill adults සඳහා සාමාන්‍ය ඉලක්කය SpO₂ 94–98% පමණ වේ.

🔹 Hypercapnic respiratory failure අවදානමක් ඇති රෝගීන්ට බොහෝවිට 88–92% ඉලක්කයක් භාවිතා කරයි.

🔹 Oxygen flow rate එක හෝ FiO₂ එක අවශ්‍යතාවයට අනුව සකස් කළ යුතු අතර, රෝගියාගේ තත්ත්වය අනුව නැවත නැවත ඇගයීම වැදගත්.

🩺 මතක තබාගන්න!

ඔක්සිජන් අඩුවීම අනතුරුදායකයි.
ඔක්සිජන් අනවශ්‍ය ලෙස වැඩි කිරීමත් සුදුසු නැහැ.

👉 “Oxygen is a drug.”
ඒ නිසා එයත් අනෙකුත් ප්‍රතිකාර මෙන් නිවැරදි මාත්‍රාවෙන්, නිවැරදි ඉලක්කයට ලබාදීම වැදගත්.

💙 රෝගියාගේ ආරක්ෂාව සඳහා — Oxygen එක දෙන්න, නමුත් Oxygen එකත් පාලනය කරන්න!

චතුරංග සමීර
හෙද නිලධාරී.

🌬️ ශ්වසන අපහසුතාවලදී ජීවිත සුරකින නූතන වෛද්‍ය ආශ්චර්යයHigh Flow Nasal Cannula (HFNC) යන්ත්‍රයදැඩි ශ්වසන අපහසුතාවයකින් පෙ...
09/08/2026

🌬️ ශ්වසන අපහසුතාවලදී ජීවිත සුරකින නූතන වෛද්‍ය ආශ්චර්යය

High Flow Nasal Cannula (HFNC) යන්ත්‍රය

දැඩි ශ්වසන අපහසුතාවයකින් පෙළෙන රෝගියෙකුට ඉහළ ප්‍රවාහයකින්, රත් කළ හා තෙතමනය සහිත ඔක්සිජන් ලබාදෙමින් ශ්වසනය පහසු කිරීමට උපකාරී වන නවීන ශ්වසන සත්කාර ක්‍රමයක් ලෙස High Flow Nasal Cannula (HFNC) හඳුන්වා දිය හැකිය.

සාමාන්‍ය නාසික ඔක්සිජන් බටයකින් සාමාන්‍යයෙන් 1–6 L/min පමණ ප්‍රවාහයක් ලබාදෙන අතර, HFNC මඟින් රෝගියාගේ අවශ්‍යතාවය අනුව 20–60 L/min දක්වා ඉහළ ප්‍රවාහයක් ලබාදිය හැකිය.

⚙️ HFNC යන්ත්‍රයේ ප්‍රධාන සංරචක

🔹 Air/Oxygen Blender – වාතය හා ඔක්සිජන් නියමිත අනුපාතයකින් මිශ්‍ර කර අවශ්‍ය FiO₂ (21%–100%) ලබාදෙයි.

🔹 Flow Meter – රෝගියාට ලබාදෙන වායු ප්‍රවාහය L/min වලින් පාලනය කරයි.

🔹 Humidifier & Heater – වායුව රත් කර තෙතමනය එක් කරමින් රෝගියාට වඩාත් සුවපහසු ශ්වසන ප්‍රතිකාරයක් ලබාදෙයි.

🔹 Heated Breathing Tube – බටය තුළ ජල බිංදු ඝනීභවනය වීම අවම කරයි.

🔹 Large-bore Nasal Cannula – ඉහළ ප්‍රවාහයකින් යුත් වායුව පහසුවෙන් රෝගියාගේ නාසය හරහා ලබාදීමට නිර්මාණය කර ඇති විශේෂ නාසික නළයකි.

❤️ රෝගියාට ලැබෙන ප්‍රධාන වාසි

✅ ශ්වසනය වඩාත් සුවපහසු කරයි
රත් කළ හා තෙතමනය සහිත වායුව ලබාදීම නිසා නාසය හා ශ්වසන මාර්ගය වියළීම සහ අපහසුතාව අඩු කරයි.

✅ ශ්වසන වෙහෙස අඩු කරයි
රෝගියාට හුස්ම ගැනීමට දැරීමට සිදුවන Work of Breathing අඩු කිරීමට උපකාරී වේ.

✅ CO₂ ඉවත් කිරීමට උපකාරී වේ
ඉහළ ප්‍රවාහය මඟින් නාසෝෆැරින්ජියල් dead space එකේ ඇති CO₂ ඉවත් කිරීමට උපකාර වන අතර, ශ්වසන කාර්යක්ෂමතාව වැඩි කරයි.

✅ පෙනහළු විවෘතව තබා ගැනීමට උපකාරී වේ
ඉහළ ප්‍රවාහය මඟින් ඇතිවන සුළු positive airway pressure හේතුවෙන් alveoli හැකිලීම අවම කිරීමට සහ පෙනහළු විවෘතව තබා ගැනීමට උපකාරී වේ.

🏥 HFNC බහුලව භාවිත වන අවස්ථා

🔸 දැඩි නියුමෝනියාව හෝ වෙනත් පෙනහළු ආසාදන නිසා ඇතිවන Acute Hypoxemic Respiratory Failure

🔸 සාමාන්‍ය ඔක්සිජන් ප්‍රතිකාරයෙන් ප්‍රමාණවත් SpO₂ පවත්වා ගැනීමට අපහසු අවස්ථා

🔸 COPD / Asthma වැනි තත්ත්ව උග්‍ර වීමේදී, සුදුසු රෝගීන් සඳහා

🔸 Acute Cardiogenic Pulmonary Edema වැනි තත්ත්වයන්හිදී

🔸 Extubation කිරීමෙන් පසු ශ්වසන සහාය අවශ්‍ය රෝගීන් සඳහා

HFNC යනු හුදෙක් “ඔක්සිජන් දෙන යන්ත්‍රයක්” පමණක් නොවේ.
ඉහළ ප්‍රවාහය, නිවැරදි FiO₂, උණුසුම් හා තෙතමනය සහිත වායුව සහ සුළු positive airway pressure එකක් ලබාදීම හරහා, ශ්වසන අපහසුතාවයෙන් පෙළෙන රෝගියාගේ ශ්වසන වෙහෙස අඩු කිරීමටත්, ඔක්සිජන්කරණය වැඩි දියුණු කිරීමටත් උපකාරී වන නවීන ශ්වසන සත්කාර ක්‍රමයකි. 🌬️❤️

චතුරංග සමීර
,,හෙද නිලධාරී

🩸 ABG පරීක්ෂණයක Lactate (ලැක්ටේට්) අගය ගැන හරියටම දැනගනිමු!ICU හෝ ETU වැනි හදිසි සහ දැඩි සත්කාර පරිසරයකදී ලබාගන්නා ABG (...
09/08/2026

🩸 ABG පරීක්ෂණයක Lactate (ලැක්ටේට්) අගය ගැන හරියටම දැනගනිමු!

ICU හෝ ETU වැනි හදිසි සහ දැඩි සත්කාර පරිසරයකදී ලබාගන්නා ABG (Arterial Blood Gas) පරීක්ෂණයක Lactate අගය රෝගියාගේ තත්ත්වය තක්සේරු කිරීමට වැදගත් ජෛව දර්ශකයක්.

Lactate අගය ඉහළ යාමෙන් පටකවල රුධිර සංසරණය අඩුවීම, ඔක්සිජන් සැපයුමේ ගැටලු, පරිවෘත්තීය වෙනස්කම් හෝ Lactate ඉවත් කිරීම අඩුවීම වැනි තත්ත්ව පිළිබඳ ඉඟියක් ලැබිය හැකියි. එහෙත් Lactate එක පමණක් බලලා Tissue Hypoxia හෝ Sepsis නිශ්චය කළ නොහැක.

💡 Lactate හැදෙන්නේ කොහොමද?

Lactate යනු ශරීරයේ සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියාවලියේදීත් නිපදවන ද්‍රව්‍යයක්. ශරීරයේ අවශ්‍යතාවය වැඩිවීම, පටකවල රුධිර සංසරණය අඩුවීම, ඔක්සිජන් සැපයුමේ ගැටලු සහ ඇතැම් පරිවෘත්තීය තත්ත්ව හේතුවෙන් රුධිරයේ Lactate මට්ටම ඉහළ යා හැකියි.

ඒ නිසා “Lactate වැඩි = අනිවාර්යයෙන්ම ඔක්සිජන් මදි” ලෙස සරලව අර්ථ දැක්වීම නිවැරදි නොවේ.

📊 සාමාන්‍ය Lactate අගය

රසායනාගාරය සහ පරීක්ෂණ ක්‍රමය අනුව reference range වෙනස් විය හැකි නමුත්, සාමාන්‍යයෙන්:

🟢 ආසන්න වශයෙන් 0.5–2.0 mmol/L — සාමාන්‍ය පරාසය

🟠 >2 mmol/L — Lactate ඉහළ යාමක් ලෙස සැලකිය හැක

🔴 ≥4 mmol/L — විශේෂයෙන් දැඩි රෝගී තත්ත්වයකදී බරපතල ලෙස සලකා හේතුව සොයා බැලිය යුතු මට්ටමක්.

⚠️ Lactate වැඩිවීමට ප්‍රධාන හේතු

1️⃣ Type A — රුධිර සංසරණය/ඔක්සිජන් සැපයුම සම්බන්ධ හේතු

Sepsis සහ Septic Shock

Hypovolemic Shock

Cardiogenic Shock

දැඩි Hypoxemia

Tissue Ischemia

Cardiac Arrest

2️⃣ Type B — පැහැදිලි Tissue Hypoxia නොමැතිව ඇතිවන හේතු

Liver Dysfunction

ඇතැම් ඖෂධ

Metformin සම්බන්ධ තත්ත්ව

Malignancy

Seizures

Thiamine deficiency

ඇතැම් පරිවෘත්තීය ආබාධ

⚠️ Lactate වැඩි වීමෙන් ඇතිවිය හැකි ප්‍රධාන බලපෑම්

🔴 1. Metabolic Acidosis – රුධිරය අම්ලීය වීම
Lactate වැඩි වීම බොහෝවිට Metabolic Acidosis සමඟ සම්බන්ධ වේ. pH අගය පහළ යාමෙන් සෛල හා අවයවවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති විය හැක.

🔴 2. රුධිර පීඩනය පහළ යාම (Hypotension)
Lactate ඉහළ යාමට හේතු වන Shock වැනි තත්ත්වයන්හිදී රුධිර සංසරණය දුර්වල වීම සහ රුධිර පීඩනය අඩුවීම සිදුවිය හැක.

🔴 3. හෘද ක්‍රියාකාරීත්වයට බලපෑම් ❤️
දැඩි Acidosis සහ Shock තත්ත්වයන්හිදී හෘදයේ සංකෝචන හැකියාව සහ හෘද ස්පන්දන රිද්මයට බලපෑම් ඇති විය හැක.

🔴 4. වේගවත් හා ගැඹුරු ශ්වසනය 🫁
Metabolic Acidosis ඇති වූ විට සිරුර CO₂ වැඩිපුර පිටකිරීම මගින් pH තත්ත්වය යම් ප්‍රමාණයකින් සමතුලිත කිරීමට උත්සාහ කරයි. එම නිසා වේගවත් හා ගැඹුරු ශ්වසනයක් ඇති විය හැක.

🔴 5. අවයව ක්‍රියාකාරීත්වය අඩාල වීම
Lactate ඉතා ඉහළ මට්ටමක පැවතීම සහ එයට හේතු වූ Shock/Sepsis වැනි තත්ත්වයන් දිගටම පැවතුණහොත් මොළය, වකුගඩු, හෘදය සහ අනෙකුත් අවයවවල ක්‍රියාකාරීත්වයට බරපතළ බලපෑම් ඇති විය හැක.

🩺 දැකිය හැකි ලක්ෂණ

▪️ අධික මහන්සිය හා දුර්වලතාව
▪️ වේගවත් හෝ අපහසු ශ්වසනය
▪️ කරකැවිල්ල හෝ සිහිමඳ ගතිය
▪️ අත් පා සීතල වීම / සුදුමැලි වීම
▪️ රුධිර පීඩනය අඩුවීම
▪️ බරපතළ තත්ත්වයන්හිදී සිහිය වෙනස් වීම

🏥 Lactate වැඩි නම් කරන්නේ මොකක්ද?

Lactate වැඩිවීමම වෙනම රෝගයක් නොවේ. එයට හේතුව සොයාගෙන ඒ අනුව ප්‍රතිකාර කිරීමයි වැදගත්.

උදාහරණයක් ලෙස:

🩺 Sepsis/Septic Shock → ඉක්මන් sepsis management සහ hemodynamic resuscitation
💧 Hypovolemia → සුදුසු IV fluid resuscitation
❤️ Cardiogenic Shock → හෘද ක්‍රියාකාරීත්වය සහ perfusion තක්සේරු කර targeted management
🫁 Hypoxemia → සුදුසු oxygen/respiratory support
🩸 Ischemia → රුධිර ප්‍රවාහයට ඇති බාධාව හඳුනාගෙන ප්‍රතිකාර කිරීම

නමුත් Lactate අගය පමණක් මත ප්‍රතිකාර තීරණය නොකළ යුතු අතර රෝගියාගේ සමස්ත clinical picture එක සමඟ අර්ථකථනය කළ යුතුය.

ප්‍රතිකාරයෙන් පසු Lactate අගය අඩුවෙමින් යනවාද, නැද්ද යන්න රෝගියාගේ තත්ත්වය සහ ප්‍රතිකාරයට ලැබෙන ප්‍රතිචාරය තක්සේරු කිරීමට උපකාරී වේ.

නමුත් “පැය 6කදී 20%කින් අඩු වුණොත් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර සාර්ථකයි” වැනි තනි අගයක් මත තීරණයක් ගැනීම සුදුසු නොවේ. Lactate trend එක, රුධිර පීඩනය, urine output, capillary refill, mental status සහ අනෙකුත් clinical findings සමඟ එකට සලකා බැලිය යුතුය.

🧠 මතක තබාගන්න!

> Lactate එක කියන්නේ රෝගියාගේ තත්ත්වය ගැන වැදගත් ඉඟියක් — නමුත් එය තනිවම diagnosis එකක් නොවේ.ඒ නිසා ABG report එකක Lactate අගය දුටු විට අගය කොපමණද? → වෙනස් වෙන්නේ ඇයි? → රෝගියාගේ perfusion කොහොමද? → ප්‍රතිකාරයෙන් පසු trend එක කොහොමද? යන කරුණු එකට සලකා බැලීම ඉතා වැදගත්. 🩺🩸

චතුරංග සමීර
හෙද නිලධාරී

06/08/2026

🫁 FiO₂, SpO₂ සහ PaO₂ යනු මොනවාද?

ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය මැන බලන ප්‍රධාන මිනුම් 3ක් සරලව තේරුම් ගනිමු! 🩺

රෝහලකදී, ICU එකකදී හෝ සායනයකදී රෝගියෙකුගේ ඔක්සිජන් මට්ටම තක්සේරු කිරීමේදී FiO₂, SpO₂ සහ PaO₂ යන මිනුම් නිතරම දක්නට ලැබේ. බොහෝ දෙනෙකුට මේවා එකිනෙක පටලැවෙන නිසා, ඒවායේ තේරුම සරලව බලමු.

🟢 1. FiO₂ (Fraction of Inspired Oxygen)

රෝගියා ආශ්වාස කරන වාතයේ ඔක්සිජන් ප්‍රතිශතය

🔹 සරලව කියනවා නම්: රෝගියාට ලබාදෙන වාතයේ ඔක්සිජන් ප්‍රමාණයයි.

✅ සාමාන්‍ය වායුගෝලීය වාතයේ FiO₂ = 21% (0.21)

🫁 Oxygen Therapy (Nasal Cannula, Face Mask හෝ Ventilator) ලබාදෙන විට, අවශ්‍යතාවය අනුව FiO₂ 21% සිට 100% දක්වා වැඩි කළ හැක.

🟢 2. SpO₂ (Peripheral Oxygen Saturation)

හිමොග්ලොබින් සමඟ බැඳී ඇති ඔක්සිජන් ප්‍රතිශතය

🔹 සරලව කියනවා නම්: රතු රුධිර සෛලවල ඇති හිමොග්ලොබින් කොපමණ ප්‍රමාණයක් ඔක්සිජන් රැගෙන යනවාද යන්නයි.

📍 මනින ආකාරය 👉 ඇඟිල්ලට සවි කරන Pulse Oximeter මඟින් වේදනාවකින් තොරව මැනගත හැක.

✅ සාමාන්‍ය අගය: 95% – 100%

⚠️ 90% ට අඩු වීම Hypoxemia සඳහා අනතුරු ඇඟවීමක් විය හැකි අතර, රෝගියාගේ සමස්ත සායනික තත්ත්වය සමඟ එක්ව තක්සේරු කළ යුතුය.

🟢 3. PaO₂ (Partial Pressure of Arterial Oxygen)

ධමනි රුධිරයේ දියවී ඇති ඔක්සිජන් පීඩනය

🔹 සරලව කියනවා නම්: රුධිර ප්ලාස්මාව තුළ දියවී ඇති ඔක්සිජන් ප්‍රමාණය පීඩන අගයක් ලෙස පෙන්වන මිනුමයි.

📍 මනින ආකාරය 👉 Arterial Blood Gas (ABG) පරීක්ෂාව මඟින් පමණක් මැනගත හැක.

✅ සාමාන්‍ය අගය: 75 – 100 mmHg

🩺 මෙය පෙනහැලි මගින් රුධිරයට ඔක්සිජන් ඇතුළු කිරීමේ කාර්යක්ෂමතාව තක්සේරු කිරීමට භාවිතා කරන ඉතා වැදගත් මිනුමකි.

⬇️ මේවා එකිනෙකට සම්බන්ධ වන්නේ කෙසේද?
​අපි ආශ්වාස කරන වාතයේ ඇති ඔක්සිජන් (FiO_2) පෙනහැලි හරහා ගොස් ධමනි රුධිරයේ දියවේ (PaO_2). ඉන්පසු එම ඔක්සිජන් රතු රුධිර සෛලවල ඇති හිමොග්ලොබින් සමඟ බැඳී මුළු සිරුර පුරා ගමන් කරයි (SpO_2).

📚 ICU, ETU, Emergency, Respiratory Care සහ Critical Care ක්ෂේත්‍රයේ වැඩ කරන ඔබට අත්‍යවශ්‍ය දැනුමක්!

👍 මෙම තොරතුරු ඔබට ප්‍රයෝජනවත් නම්, තවත් හෙද හා වෛද්‍ය අධ්‍යාපනික ලිපි සඳහා Post එක Share කර Page එක Follow කරන්න. 🩺✨

චතුරංග සමීර
හෙද නිලධාරී

05/08/2026

🫁 Ventilator එකේ "Trigger Sensitivity" කියන්නේ මොකක්ද?

ICU / ETU එකක Mechanical Ventilation නිරීක්ෂණය කරන හෙද නිලධාරියෙකුට අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතු වැදගත් Concept එකක් තමයි Triggering.

Trigger Settings නිවැරදිව සකස් කිරීම මගින්,

✅ Patient–Ventilator Synchrony පවත්වා ගත හැක.

✅ Work of Breathing අඩු කළ හැක.

✅ Auto-triggering සහ Patient–Ventilator Dyssynchrony වළක්වා ගත හැක.

❓ Trigger කියන්නේ මොකක්ද?

Trigger කියන්නේ Ventilator එක හුස්මක් (Inspiration) ආරම්භ කරන Signal එකයි.

සරලව කිව්වොත්...

> "දැන් හුස්මක් ලබාදිය යුතුයි" කියලා Ventilator එක තීරණය කරන සංඥාව තමයි Trigger.

⚙️ Triggering වර්ග දෙක

🔹 1. Time Trigger (Machine Initiated)

මෙහිදී හුස්ම ලබාදීම ආරම්භ කරන්නේ Ventilator එකයි.

Machine එක Set කර ඇති Respiratory Rate (RR) අනුව නියමිත කාල පරතරයකට Breath එකක් ලබාදේ.

උදාහරණය

RR = 15 bpm

➡️ තත්පර 4 කට වරක් (60 ÷ 15 = 4 sec)

Machine එක Breath එක Trigger කරයි.

භාවිතා වන්නේ

✔️ Sedated Patients

✔️ Paralysed Patients

✔️ Controlled Ventilation Modes

🔹 2. Patient Trigger (Patient Initiated)

මෙහිදී Breath එක ආරම්භ වන්නේ රෝගියාගේම උත්සාහයෙන්.

රෝගියා හුස්ම ගැනීමට උත්සාහ කරන විට ඇතිවන Pressure හෝ Flow වෙනස්වීම Ventilator එක හඳුනාගෙන වහාම Breath එක ලබාදේ.

භාවිතා වන්නේ

✔️ SIMV

✔️ Assist Control (A/C)

✔️ PSV

✔️ Spontaneous Modes

🎯 Patient Triggering ක්‍රම

① Pressure Trigger

රෝගියා හුස්ම ගැනීමට උත්සාහ කරන විට Circuit එක තුළ ඇතිවන Negative Pressure Ventilator එක හඳුනාගනී.

සාමාන්‍ය Setting

➡️ −1 සිට −2 cmH₂O

② Flow Trigger

වර්තමානයේ වැඩිපුරම භාවිතා වන Trigger Method එක.

රෝගියා හුස්ම ගැනීමට උත්සාහ කරන විට Circuit එකේ Continuous Flow එකේ සිදුවන කුඩා වෙනස Ventilator එක Sense කර Breath එක ලබාදේ.

සාමාන්‍ය Setting

➡️ 1 – 3 L/min

වාසිය

✅ Work of Breathing අඩුයි.

✅ Patient Comfort වැඩියි.

✅ Synchrony හොඳයි.

⚠️ Trigger Sensitivity වැරදි නම්...

🔴 Too Sensitive

Trigger Sensitivity වැඩි නම්,

Ventilator එක

✔️ Water Condensation

✔️ Circuit Leak

✔️ Cardiac Oscillations

✔️ Secretions

වැනි කුඩා වෙනස්වීම් පවා Patient Effort ලෙස හඳුනාගෙන,

➡️ Auto-triggering සිදු කරයි.

ඒ නිසා

Respiratory Rate එක අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙයි.

🟠 Too Insensitive

Trigger Sensitivity අඩු නම්,

රෝගියාට Breath එක Trigger කිරීමට

➡️ වැඩිපුර පපුව ඇදීමට සිදුවේ.

ඒ නිසා

❌ Work of Breathing වැඩිවේ.

❌ Missed Triggers ඇතිවේ.

❌ Patient–Ventilator Dyssynchrony ඇතිවිය හැක.

🩺 Clinical Nursing Pearls

✅ Patient Ventilator එකත් සමඟ Fight කරනවා නම්,

පළමුව

✔️ Trigger Sensitivity

✔️ Circuit Water

✔️ Secretions

✔️ Leak

පරීක්ෂා කරන්න.

✅ හැකි සෑම විටම Flow Trigger භාවිතා කරන්න.

✅ Auto-PEEP තිබෙන රෝගීන්ට Trigger කිරීමට වැඩි උත්සාහයක් අවශ්‍ය විය හැක.

💡 මතක තබා ගන්න

Trigger Sensitivity නිවැරදිව සකස් කිරීමෙන්

✔️ Patient Comfort වැඩිවේ.

✔️ Work of Breathing අඩුවේ.

✔️ Auto-triggering වළක්වා ගත හැක.

✔️ Patient–Ventilator Synchrony හොඳින් පවත්වා ගත හැක.

📘 Critical Care හා Mechanical Ventilation පිළිබඳ දැනුම ව්‍යාප්ත කිරීමට මෙම සටහන Share කරන්න.

චතුරංග සමීර
හෙද නිලධාරී

Address

Peradeniya

Alerts

Be the first to know and let us send you an email when GNOA Peradeniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share