07/08/2026
ගොවි ප්‍රජාව සහ පාසල් ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන
2026 වර්ෂයේ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් අතර ගොවි ප්‍රජාව දැනුවත් කිරීමේ සහ පාසල් ප්‍රජාව දැනුවත් කිරිමේ විශේෂ වැඩසටහනක් පසුගිය දා ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කරන්ගොඩ මහා විද්‍යාලයේදී ඉතා සාර්ථකව පවත්වන ලදී.
මෙම වැඩසටහනේදී ඉතා වැදගත් ක්ෂේත්‍ර කිහිපයක් වන ගෙවතු වගාව, වාණිජ මට්ටමින් සහ ගෙවතු මට්ටමින් කාබනික පොහොර භාවිතය, දැල්වූ දහයියා (කර දහයියා) නිෂ්පාදනය හා භාවිතය පිළිබඳ ප්‍රජාව
ප්‍රායෝගික සහ න්‍යයාත්මකව දැනුවත් කරන ලදි.
මෙම අවස්ථාව සඳහා පාසල් දරුවන්, දෙමාපියන්, වසම භාර රාජ්‍ය නිලධාරීන්, ගොවිජන සේවා නිලධාරීන් සහ කෘෂිකර්ම උපදේශක ඇතුළු කෘෂිකාර්මික නිලධාරීන් සම්බන්ධ විය.
වැඩසටහන සංවිධානය
ජීවන් ජයනාත් විජේරත්න මහතා (ඒකක කළමණාකරු)