Agri News - Central Province

Agri News - Central Province Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Agri News - Central Province, Government Organization, Peradenya.

Ministry of Agriculture, Minor Irrigation, Animal Production and Development, Agrarian development, Inland Fisheries, Environmental Affairs, Hindu cultural Affairs, and Estate infrastructure Facilities
Central Province

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ 2026 සංවර්ධන වැඩසටහන සමාලෝචනය කිරීම සදහා කෘෂිකර්ම හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ ඩී ලාල්...
26/02/2026

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ 2026 සංවර්ධන වැඩසටහන සමාලෝචනය කිරීම සදහා කෘෂිකර්ම හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මැතිතුමා , නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ජී විජේරත්න මැතිතුමා ඇතුළු මහජන නියෝජිතයන් සහභාගි වේ.

2026.2.25 දින පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මෙම අවස්ථාව සදහා අමාත්‍යාංශ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතා,පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ,පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ ,පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ඇතුළු දෙපාර්තමේන්තු විධායක නිලධාරීන් හා අමාත්‍යාංශ මාණ්ඩලික නිලධාරීන් ප්‍රමුඛ කාර්‍ය මණ්ඩලය සහභාගි විය

මෙහිදී රාජ්‍ය යාන්ත්‍රණය ගුණාත්මක ලෙස සංවර්ධනය වෙමින්,ගොවි ජනතාව වෙත ආර්ථික ප්‍රතිලාභ ලැබෙන පරිදි කෘෂිකාර්මික ඵලදායිතාව වැඩිකිරීම සදහා නව ප්‍රවේශ ඔස්සෙ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බවත්,දැඩි මානව හා භෞතික සම්පත් හිගයක් සහිතව වුවද විශාල සේවාවක් ඉටුකරන පළාත් සභාවේ කෘෂිකර්ම අංශයේ නිලධාරීන් ගේ කාර්‍යභාරය අගය කරන බවත් ගරු අමාත්‍යතුමා අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී

මධ්‍යම පලාත් කෘෂිකාර්ම හා පරිසර අමාත්‍යාංශයේ පරිසර අංශය මගින් 2024/06/15 වන දින කසල කලමනාකරනය පිලිබද දැනුවත් කිරීමේ වැඩස...
18/06/2024

මධ්‍යම පලාත් කෘෂිකාර්ම හා පරිසර අමාත්‍යාංශයේ පරිසර අංශය මගින් 2024/06/15 වන දින කසල කලමනාකරනය පිලිබද දැනුවත් කිරීමේ වැඩසටහක් ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය , මහනුවර නගර සභාව ,මහනුවර පරිසර පොලිසිය හා කැන්ඩි සිටි සෙන්ටර් ආයතනය සමග ඒකාබද්ධව මහනුවර නගර සීමාවේ සියලුම වෙළඳසැල් හා ආයතන දැනුවත් කිරීම සිදු කරන ලදී.

මධ්‍යම පළාත් කෘෂිකර්ම හා හින්දු සංස්කෘතික අමාත්‍යාංශයේ වාර්ෂික ක්‍රියාත්මක සැලැස්මට අදාළව හින්දු දහම් පාසල් ගුරුවරුන්ගේ ...
12/06/2024

මධ්‍යම පළාත් කෘෂිකර්ම හා හින්දු සංස්කෘතික අමාත්‍යාංශයේ වාර්ෂික ක්‍රියාත්මක සැලැස්මට අදාළව හින්දු දහම් පාසල් ගුරුවරුන්ගේ ඉගැන්වීමේ කුසලතා වර්ධනය කිරීම සඳහා උපමාන පාදක සංවර්ධන ප්‍රධාන ප්‍රතිපාදන යටතේ දෙවන අදියරේ වැඩමුළුව 2024.06.01 දින හින්දු සංස්කෘතික අංශයේ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ඩී.එම්. ශීලා මැණිකේ මහත්මිය හා සංවර්ධන නිලධාරී ආර්. මධූරි, මානෙල් අඟුලාගොඩවත්ත යන මහත්මීන්ගේ සම්බන්ධීකරණයෙන් රත්තොට හින්දු දහම් පාසල් සම්බන්ධීකරණ හා හින්දු තරුණ සංගම් සභාපති එම්. පරමලිංගම් මහතාගේ සහයෝගයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ හින්දු විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පෙ.ව. 9.00ට දහම් පාසල් ගුරුවර ගුරුවරියන් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පවත්වන ලදී.
එහි සම්පත්දායකත්වය ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශක (හින්දු ආගම) කේසවන් උමාදේවි මහත්මියගේ හා හින්දු ආගම සම්බන්ධව ප්‍රවීණ දේශක නීතීඥ එම්. සුරේෂ් කුමාර් මහතා විසින් ලබාදෙන ලදි.
වැඩමුළුව අවසානයේ සහභාගී වූ සියලුම ගුරු මහත්ම මහත්මීන් වෙත සහතික පත්‍ර බෙදා දීමක් සිදු කරන ලදී.

මධ්‍යම පළාත් කෘෂිකර්ම හා හින්දු සංස්කෘතික අමාත්‍යාංශයේ වාර්ෂික ක්‍රියාත්මක සැලැස්මට අදාළව හින්දු දහම් පාසල් ගුරුවරුන්ගේ ...
29/05/2024

මධ්‍යම පළාත් කෘෂිකර්ම හා හින්දු සංස්කෘතික අමාත්‍යාංශයේ වාර්ෂික ක්‍රියාත්මක සැලැස්මට අදාළව හින්දු දහම් පාසල් ගුරුවරුන්ගේ ඉගැන්වීමේ කුසලතා වර්ධනය කිරීම සඳහා උපමාන පාදක සංවර්ධන ප්‍රධාන ප්‍රතිපාදන යටතේ පළමු අදියරේ වැඩමුළුව 2024.05.18 දින හින්දු සංස්කෘතික අංශයේ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ඩී.එම්. ශීලා මැණිකේ මහත්මිය හා සංවර්ධන නිලධාරී ආර්. මධූරි, මානෙල් අඟුලාගොඩවත්ත යන මහත්මීන්ගේ සම්බන්ධීකරණයෙන් තලවාකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරී ස්ටීෆන් මහතාගේ සහයෝගයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල, ඌටන් ශ්‍රී මුත්තුමාරිඅම්මාන් ශාලාවේදී පෙ.ව. 9.00ට දහම් පාසල් ගුරුවර ගුරුවරියන් 175 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පවත්වන ලදී.
එහි සම්පත්දායකත්වය හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශක (හින්දු ආගම) ඒ. දමයන්ති මහත්මියගේ හා විශ්‍රාමික ගුරු උපදේශක සහ හින්දු ආගම සම්බන්ධව වසර ගණනාවක සම්මාන රැසකට හිමිකම් කියන ඒ. රාජේන්ද්‍රන් මහතා විසින් ලබාදෙන ලදි.
වැඩමුළුව අවසානයේ සහභාගී වූ සියලුම ගුරු මහත්ම මහත්මීන් වෙත සහතික පත්‍ර බෙදා දීමක් සිදු කරන ලදී.

පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතා නුවරඑළිය සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්‍...
27/04/2024

පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතා නුවරඑළිය සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්‍යාලයට අනුබද්ධ සංචාරක බංගලාවේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කරන ලදී..මෙම අවස්ථාවේ දී නුවරඑළිය දිස්ත්‍රික්කයට අනුයුක්ත පශු වෛද්‍ය නිලධාරීන් හා සත්ව සංවර්ධන උපදේශක මහත්ම මහත්මීන් හමු වී ඔවුන්ගේ ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට ද අවස්ථාව උදා විය.මෙම අවස්ථාව සදහා පළාත් සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ සැලසුම් නියෝජ්‍ය අධ්‍යක්ෂවරු සහභාගි විය.

ගල්පාලම දිස්ත්‍රික් කෘෂිකර්ම ගොවිපොළ පළාත් කෘෂිකර්ම ලේකම් චන්දන වික්‍රමසූරිය මහතාගේ  නිරීක්ෂණයට..එහිදී ගොවිපොළ කළමනාකරු ...
26/04/2024

ගල්පාලම දිස්ත්‍රික් කෘෂිකර්ම ගොවිපොළ පළාත් කෘෂිකර්ම ලේකම් චන්දන වික්‍රමසූරිය මහතාගේ නිරීක්ෂණයට..

එහිදී ගොවිපොළ කළමනාකරු ප්‍රමුඛ නිලධාරීන්ගේ ගැටළු මෙන්ම ගොවිපොළ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට අභිනව ලේකම් තුමාට අවස්ථාව උදා විය. එමෙන්ම විවිධ දුෂ්කරතා මධ්‍යයේ නුවරඑළිය නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ හා ගොවිපොළ කළමනාකරු ප්‍රමුඛ කාර්‍යය මණ්ඩලය විසින් වාර්ෂිකව ඉහල ආදායම් ලබමින්, ඉහල ගොවිපොළ කාර්‍යයසාධනයක් ලගා කර ගැනීම ලේකම් තුමාගේ ප්‍රශංසාවට ලක් විය.

කදපොළ ශ්‍රී රාහුල විද්‍යාලයේ ගෙවත්ත සංවර්ධනය පිළිබඳ ඉල්ලීම සම්බන්ධයෙන් පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූ...
26/04/2024

කදපොළ ශ්‍රී රාහුල විද්‍යාලයේ ගෙවත්ත සංවර්ධනය පිළිබඳ ඉල්ලීම සම්බන්ධයෙන් පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් හා නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් ක්ෂෙත්‍රය නිරීක්ෂණය කරන ලද අතර විදුහල්පති ප්‍රමුඛ පාසල් ප්‍රජාවගේද සහයෝගය ඇතිව ඉදිරියේ පාසල් වාරයේදී පාසලේ ගෙවත්ත සංවර්ධනය කිරීමට අවශ්‍ය තාක්ෂණික දායකත්වය ලබා දීමට කෘෂිකර්ම උපදේශක වෙත උපදෙස් ලබාදෙන ලදී .

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා හා පළාත් කෘෂිකර්ම ලේකම් චන්දන වික්‍රමසූරිය මහතා  විසින් 2024.04.19 දින ...
23/04/2024

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා හා පළාත් කෘෂිකර්ම ලේකම් චන්දන වික්‍රමසූරිය මහතා විසින් 2024.04.19 දින වේඩරුව ග්‍රාමයේ ක්‍රියාත්මක වන විශේෂ වාරිමාර්ග හා කෘෂිකර්ම ව්‍යාපෘති නිරීක්ෂණය කරන ලදී. මෙම ඒකාබද්ධ ක්ෂෙත්‍ර නිරීක්ෂණය සදහා පළාත් සුළු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ , මහනුවර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ , සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ , කෘෂිකර්ම අමාත්‍යාංශයේ සැලසුම් නියෝජ්‍ය අධ්‍යක්ෂවරු ඇතුළු නිලධාරීන් සහභාගි වන ලදී..

එමෙන්ම මෙම ක්ෂෙත්‍ර නිරීක්ෂණයට ප්‍රථම ,පළාත් ප්‍රධාන ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් වේඩරුව රජමහා විහාරස්ථානයේ දී ගම්වාසීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී වේඩරුව ගම්මානයේ පවතින සංවර්ධන අවශ්‍යතා හදුනාගත් අතර ප්‍රධාන ලේකම් විසින් එම අවශ්‍යතා සපුරාලීමට සුදුසු ව්‍යාපෘති යෝජනා සකස් කර මුදල් කොමිෂන් සභාව වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රධාන ලේකම් කාර්‍යාලයේ සැලසුම් අංශයේ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නැකතට පැලයක් වැඩසටහන....නැකතට පැළයක් සිටවීමේ ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමිව මධ්‍යම ...
19/04/2024

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නැකතට පැලයක් වැඩසටහන....

නැකතට පැළයක් සිටවීමේ ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමිව මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේ පැළ රෝපණය කිරීම ඊයේ (18) දින සිදු කෙරිණි.

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාවට සඳහා එම අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් සහභාගී විය.

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල සහකාර  කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාපයේ කෘෂි ව්‍යප්ති කටයුතු,අභිනව  පළාත් කෘෂිකර්ම  අමාත්‍යාංශ ලේකම්...
10/04/2024

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාපයේ කෘෂි ව්‍යප්ති කටයුතු,අභිනව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතාගේ නිරීක්ෂණයට ලක්වේ ...මෙම අවස්ථාව සදහා දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඇතුළු ව්‍යාප්ති නිලධාරීන් සහ අමාත්‍යාංශයේ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් සහභාගි විය..

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අභිනව ලේකම් චන්දන වික්‍රමසූරිය මහතා විසින් 2024.04.05 වන අද දින, නවයාලතැන්න පිහිටි දි...
05/04/2024

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අභිනව ලේකම් චන්දන වික්‍රමසූරිය මහතා විසින් 2024.04.05 වන අද දින, නවයාලතැන්න පිහිටි දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්ෂණය සදහා සහභාගි විය. මෙහිදී, මෙම පුහුණු මධ්‍යස්ථානය මගින් කෘෂිකර්ම ක්ෂෙත්‍රයට යොමුවන තරුණ ප්‍රජාව වෙත ලබා දෙන සේවය සදහා ලේකම් තුමාගේ ප්‍රශංසාව හිමිවිය.. එමෙන්ම මෙම පුහුණු මධ්‍යස්ථානය හා ආදර්ශ ගොවිපොළ පවත්වාගෙන යාමේදී බාධා පැමිණෙන කාර්‍යය මණ්ඩල ගැටළු ,යටිතල පහසුකම් අවශ්‍යතා සහ වෙනත් මූල්‍ය හා භෞතික අවශ්‍යතා පිළිබඳව ද කරුණු විමසා දැනගන්නට හැකි වූ අතර එම ගැටළු සදහා විසදුම් ලබා ගැනීමට නව ප්‍රවේශයකින් යුතුව කටයුතු කිරීමට නිලධාරීන් ට අවශ්‍ය මගපෙන්වීම හා උපදෙස් ලබා දීමට කටයුතු කෙරුණි..මෙම අවස්ථාව සදහා අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන ) හා ගොවිපොළ කළමණාකරු සහ කාර්‍යය මණ්ඩලය සහභාගි විය.

Address

Peradenya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when Agri News - Central Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share