18/06/2026
ඩෙංගු වැඩිවෙලා ඇයි MOH එකට බැරි දුම්ගහලා මේක ඉවර කරන්න ? මේක තමයි මේ දවස් වල වැඩිපුරම අපිට එන පැමිනිල්ල.
🦟 ඩෙංගු සදහා දූමායනය කිරීම: ඔබ දැනගත යුතු කරුණු: ඩෙංගු රෝගීන් වැඩි වන සෑම අවස්ථාවකම බොහෝ අය දූමායනය කරන ලෙස ඉල්ලා සිටින මුත් එය විශේෂිත වසංගත පාලන එක් පියවරක් පමනක් වන අතර එය පාරිසරික පිරිසිදු කිරීම සඳහා ආදේශකයක් නොවේ. 🚪 අපි දැන් ගෘහස්ථ දූමායනය පමනක් සිදු කරන්නේ ඇයි? ඩෙංගු මදුරුවන් (Aedes aegypti) නිවාස තුළ, ගෘහ භාණ්ඩ යට, තිර රෙදි පිටුපස සහ අඳුරු කොන් වල විවේක ගැනීමට කැමැත්තක් දක්වයි. එමනිසා, වසංගත අතරතුර, ඩෙංගු රෝගීන් වටා ගෘහස්ථ දූමායන මගින් අන් අයට රෝගය පැතිරවිය හැකි ආසාදිත වැඩිහිටි මදුරුවන් විනාශ කිරීම වඩාත් ඵලදායී බව විද්‍යාත්මකව තහෝරු කර ඇත.
⏰ දූමායනය සිදුකරන්නේ කුමන වේලාවටද? සාමාන්‍යයෙන් ඩෙංගු මදුරුවන් වඩාත් ක්‍රියාකාරී වන උදය සහ සවස් කාලයේ දූමායනය සිදු කෙරේ. 🌧️ වැසි සහිත විට දූමායනය නොකරන්නේ ඇයි? • වර්ෂාව දූමායනයේ බිංදු වල කාර්යක්ෂමතාව අඩු කරයි. • වැසි කාලයේදී මදුරුවන් ආරක්ෂිත ස්ථානවල සැඟවී සිටිති. • මදුරුවන් සම්බන්ධ වීමට තරම් කාලයක් දුමෙහි ඇති රසායන ද්‍රව්‍යන්ට නොලැබේ.
🧪 දූමායනය කිරීමෙන් සියලුම මදුරුවන් විනාශ වේද? නැහැ. ඉසින අවස්ථාවේ සිටින වැඩිහිටි මදුරුවන් පමණක් එයින් විනාශ වේ. එය ජල එකතුවන තැන්වල ඇති බිත්තර හා කීටයන් විනාශ නොකරයි.
❓ අපට දූමායනය පමනක් භාවිතා කල නොහැක්කේ ඇයි? • දූමායනයේ බලපෑම කෙටි කාලයක් පමණක් පවතී. • නැවත නැවත අනවශ්‍ය ලෙස මෙය යොදාගැනීමෙන් මදුරුන් කෘමිනාශක ප්‍රතිරෝධය ඇතිකරගැනීමට ඉඩ ඇත. එය මිල අධික ක්‍රමයක් වන අතර පුහුණු පුද්ගලයින් අවශ්‍ය වේ. • අභිජනන ස්ථාන ඉවත් නොකරන්නේනම් , දින කිහිපයක් ඇතුළත නව මදුරුවන් මතු වේ.
👀ඇතිවිය හැකි තාවකාලික අතුරු ආබාධ සමහර අයට ඇස් රතුවීම උගුරේ අපහසුව, හිසරදයක් හෝ කැස්සක් අත්විඳිය හැකිය. මෙම රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් කෙටි කාලීන වේ.
✅ වඩාත් ඵලදායී ඩෙංගු පාලන ක්‍රමය එලෙසම පවතී: සෑම සතියකම මදුරුවන් බෝවන ස්ථාන සොයා විනාශ කරන්න. එමගින් ඊළඟ මදුරු පරම්පරාවඇතිවීම වළක්විය හැක.
🏡 ඩෙංගු රෝගයට එරෙහිව හොඳම ආරක්ෂාව පිරිසිදු පරිසරයකි.
#ඩෙංගු නැවැත්වීමට #ඩෙංගු වැළැක්වීමට #සටන් කරමු.
#පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය .