28/04/2026
🙏
නිර්වාණ සැපත මුදලට පුලුවන්ද ?
පහුගිය කාලයේ අපේ රටේ එහෙම සිද්ධි වාර්තා උනා.
කෝටි ගණන් දේපල විකුණලා බුදු බව වගේ තනතුරු දෙනව කියල යම් යම් භික්ෂූන්වහන්සේලා සිටින ආයතන වලින්.
ඔය අසපු ක්‍රමයෙ කාණ්ඩේ එහෙම ඒකාලෙ ආර්යන්වහන්සේ වගේ නම් දෙන්න ගත්තා මැරුණාම.
මේක මේ අම්මගෙ වරදක් නෙවෙයි. බුද්ධ දර්ශනයෙන් ඈත් වුණ, ඒ වටිනා දර්ශනය විකෘති කරල සුඛවිහරනය සහ නොයෙකුත් ලාබ ප්‍රයෝජන වෙනුවෙන් ආගම අවභාවිතා කරන අපේ රටේ සිස්ටම් එක තමයි මේ.
- බුද්ධ කාලයේ මුදල් පරිහරණය නොකල යුතු බව කියවුනා.
ජාත රූප රජත කියල ශික්ෂාපදයක් තියෙනව. ඒකියන්නේ රන් රිදී වගේ ඉදන් කාසි දක්වා භික්ෂුවක් පරිහරණය නොකරපු බව. නමුත් ඒකාලේ සියලු දේ භික්ෂූන්ට බෞද්ධ රජවරු නොමිලේ සැලැස්සුවා. අද එහෙමද කියලත් අහන්න හිතෙනවා..
- මේ වඩින හාමුදුරුවන්වහන්සේ තමන්ගෙ ප්‍රතිපත්තිය දුර්වල කරගත්තෙ නෑ.
උන්වහන්සේ ඒක ප්‍රතික්ෂේප කලා... !!!
- Thivantha Harischandra