UNP Foreign Community

UNP Foreign Community Welcome to the United National Party Foreign Community Coordinator of the Foreign Branch Societies of the UNP - Attorney at Law Niroshana Perera.

"UNPers Abroad" is to be established to reorganize and network the hundreds of thousands of Party supporters working or living overseas. It will provide a forum for like-minded people to socialize and will also given a platform for political discussion on matters of mutual interest.

පනින්නට පෙර සිතා බලන්න.මා පෙර සඳහන් කර ලිපියේ ඇතුළත්ව තිබුනේ ජනාධිපතිවරයායේ සිට ආරක්ෂාව ලබන පහළම නිලධාරියා දක්වා ඔවුන්ගේ...
06/03/2026

පනින්නට පෙර සිතා බලන්න.
මා පෙර සඳහන් කර ලිපියේ ඇතුළත්ව තිබුනේ ජනාධිපතිවරයායේ සිට ආරක්ෂාව ලබන පහළම නිලධාරියා දක්වා ඔවුන්ගේ රාජකාරී වෙලාවන් හා පෞද්ගලික වේලාවන් බෙදා වෙන් කරන කාලසීමාවන් හා ඔවුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ එමගින් පැන නගින ගැටලුව පිළිබඳවයි.ශ්‍රී ලංකාව තුළ ඒ සඳහා සම්මත නිර්ණයන්
නොමැති අතර එසේ නිර්ණයන් ඇති කිරීම ප්‍රායෝගික නොවන බව පෙනී යන්නේය.එමගින් ශ්‍රී ලංකාවේ සාමය හා ආරක්ෂාව පිළිබඳ ගැටලු පැන නගිනු ඇත.මේ වන විට ජනාධිපතිවරයාගේ සිට ප්‍රධාන නීති නිලධාරීන් දක්වා එම ප්‍රශ්නය ගොඩනැගී ඇත.පෞද්ගලික හෝ පක්ෂයක අරමුණු වෙනුවෙන් එවැනි ක්‍රියාමාර්ගයකට යොමු වන්නේ නම් බොහෝ රාජ්‍ය නිලධාරීන් අපහසුතාවයකට පත්වන්නේය.එය පසු කාලීනව එම අනුවණ ක්‍රියාව ක්‍රියාත්මක කිරීමට වෙර දරන සියල්ලටම පාරාවළල්ලක් වනු නිසැකය.
එම නිසා පනින්නට පෙර සිතා බලනු.

නොදන්න නීතියක් සම්බන්ධයෙන් උගත් බුද්ධිමත් නීතිගරුක සමාජ ජාලා භාවිතා කරන ඔබ සැමගෙන් අසා නිවැරදි කර ගනු පිණිස මෙම ප්‍රශ්න ...
25/02/2026

නොදන්න නීතියක් සම්බන්ධයෙන් උගත් බුද්ධිමත් නීතිගරුක සමාජ ජාලා භාවිතා කරන ඔබ සැමගෙන් අසා නිවැරදි කර ගනු පිණිස මෙම ප්‍රශ්න හා මා දන්නා පිළිතුරු ඉදිරිපත් කරමි.
මෙම ප්‍රශ්න සඳහා ලැබෙන පිළිතුරු මගින් උසස් රාජ්‍ය නිලධාරියාගේ සිට පහළම රාජ්‍ය නිලධාරියා දක්වා ඔවුනට හිමි විශ්‍රාම වැටුප බේරා ගත හැක.
1) රජයක් මගින් ආරක්ෂාව පිණිස ආරක්ෂකයන් සහ රියදුරන් ලබා දෙන්නේ කාටද ?
ජනාධිපතිට
අගමැතිට
හිටපු ජනාධිපතිවරුන්ට
කථානායකට
ඇමතිවරුන්ට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට
උසස් ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන්ට
අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ට

2)රජය මගින් මහජන නියෝජිතයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට ආරක්ෂකයන් හා රියදුරන් ලබාදීමට හේතු කාරණාව වන්නේ ?
මා දන්නා තරමින්,රටේ ඒකීයභාවය වෙනුවෙන්,ජාතික ආරක්‍ෂාවවෙනුවෙන්,නීතිය හා සාමය පවත්වාගෙන යනු පිණිස.නීතිය ක්‍රියාත්මක කරුණුපිණිස.

3)මෙසේ ලබාදෙනන ආරක්ෂාව තීරණය කරනු ලබන්නේ කවුරුන් විසින්ද?

4)මොවුනට ආරක්ෂාව සපයනු ලබන්නේ ඔවුන් රැකියාවේ යෙදෙන කාලය සඳහා පමණක්ද? එසේ නොමැති නම් එම තනතුර දරන කාලවකවානුවද?

5)එම නිලධාරීන් නිවසේ රැඳී සිටින කාලය රාජකාරි කාලයක් ලෙස ගණන් ගැනෙන්නේද,එසේ නොමැති නම් පුද්ගලික කාරණාවක් ලෙස ගණන් ගැනෙන්නේ ද?

6)මරණ ගෙයක් හෝ සාදයක් සඳහා ඔවුන් සහභාගී වෙන්නේ නම් එය පෞද්ගලික ද,රාජකාරි ද ?

7)එම මොහොත පෞද්ගලික නම් එම මොහොතේ ආරක්ෂාව සඳහා වග කියනු ලබන්නේ කවුරුන්ද?

8)එම මොහොත පෞද්ගලික නම් එම මොහොතේ ආරක්ෂාව සඳහා සිටින නිලධාරීන් හා එම ආරක්‍ෂාව ලබාගන්නා පුද්ගලයින් රාජ්‍ය දේපළ අවභාවිතාවක් කොට තිබේද?
9)එසේ වී තිබේ නම් ඔවුනට නීතියේ දඬුවම් ලෙස,සිරගත වීමක් හා ඔවුන්ගේ විශ්‍රාම වැටුප අහිමි වීමක් සිදුවන්නේද?

Npp, ජී.වී.පී.කරණය වීමට සිදුවීම.ජාතික ජන බලවේගය ඔස්සේ පාර්ලිමේන්තුවට බොහෝ පිරිසක් ඔවුන්ගේ වෘත්තිය රැකියාවද අතරමග නවතා පැ...
21/02/2026

Npp, ජී.වී.පී.කරණය වීමට සිදුවීම.
ජාතික ජන බලවේගය ඔස්සේ පාර්ලිමේන්තුවට බොහෝ පිරිසක් ඔවුන්ගේ වෘත්තිය රැකියාවද අතරමග නවතා පැමිණි අය වෙති.නමුත් මේ වනවිට තමාගේ පෙර රැකියාවේ විශ්‍රාම වැටුපද අහිමි වී සිටින ඔවුන්ට මන්ත්‍රී වරප්‍රසාදය යටතේ හිමිවු විශ්‍රාම වැටුපද අහිමි වී ගොස්ය.එම නිසා ඔවුන්ට පෙර රැකියාව මෙන්ම විශ්‍රාම වැටුපද දැන් අහිමිය.මීට අමතරව ආණ්ඩුවේ සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල සාමාජිකයන් හට දූෂණ චෝදනා ප්‍රබල ලෙස එල්ල වෙමින් පවතී.මෙලෙස තවදුරටත් ආණ්ඩුව පිරිහෙමින් පැවතීමත් ජීවීපී ප්‍රබලයන්ට දූෂණ චෝදනා එල්ල වීමත් සමඟ ඊළඟ මැතිවරණයකදී ඔවුන්ගේ ජයග්‍රහණය කෙසේ වෙතත් පරාජය නියත වෙමින් පවතී.තවද ජනතා විරෝධය කෙමෙන් කෙමෙන් ජනතා විමුක්ති පෙරමුණට පමණක් නොව ජාතික ජන බලවේගය දෙසටද යොමු වෙමින් පවතී.කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ සාමාජිකයන් ඔවුන්ගේ පක්ෂය විසින් රැකබලා ගන්නා බව කවුරුත් දන්නා රහසකි.එය මනාව ඔප්පු වූයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කාලයෙහි පාර්ලිමේන්තුවට ගෙනා දූෂණ විරෝධී පනත සම්මත වීමත් සමඟ සියලුම මන්ත්‍රීවරුන්ට වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදීමට සිදුවූ බැවින් එහිදී හෙළිදරව් වූ කරුණු මතය.නමුත් ජාතික ජන බලවේගයේ සාමාජිකයන්ට,ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ සාමාජිකයන්ට ලැබෙන වරදාන වරප්‍රසාද එම පක්‍ෂයෙන් නොලැබෙනු ඇත.එබැවින් ජාතික ජන ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට ජනතා විමුක්ති පෙරමුණේ පාපිසි කෑලි බවට පත්වීමහෝ තවදුරටත් ආණ්ඩුකරණයේ යෙදෙන ආකාරය පිළිබඳ සිතා බැලිය යුතුය.

31/12/2025
07/12/2025

"සිරිකොත කරුණා මෙහෙවර"

සිදුවූ ව්‍යසනය හමුවේ විපතට පත් බදුල්ලේ ජනතාව වෙනුවෙන්!





05/12/2025

සිරිකොත කරුණා මෙහෙවර

බැරි නම් ඉවත්වන්න
07/11/2025

බැරි නම් ඉවත්වන්න

10/10/2025

Big ????

මේ සමග බොහෝ අය එකතු උනා,එකතු නොවුණු අයටත් එකතු වෙන්න පුළුවන්.ලඟදීම එකතු වුණු අයත් එක්ක අදහස් හුවමාරු කර ගනිමින් සැලසුම් ...
02/06/2025

මේ සමග බොහෝ අය එකතු උනා,එකතු නොවුණු අයටත් එකතු වෙන්න පුළුවන්.ලඟදීම එකතු වුණු අයත් එක්ක අදහස් හුවමාරු කර ගනිමින් සැලසුම් කොට ඇති ඉදිරි වැඩපිළිවෙල ආරම්භ කරනු ඇත.

https://forms.gle/um5xbSfga54Q9cPU6

Address

"Srikotha" No: 400, Kotte Road
Pita Kotte
10100

Alerts

Be the first to know and let us send you an email when UNP Foreign Community posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to UNP Foreign Community:

Share