Divisional Secretariat Polgahawela

Divisional Secretariat Polgahawela Vision - Excellent service to Polgahawela

🪁“නිල් අහසේ සරුංගල්” – දරුවන්ගේ සිහින අහසට එක් කළ සුන්දර වැඩසටහනක් 🪁2026.08.25 දින මැද කළුගමුව වසමේ දරුවන් සඳහා “නිල් අහ...
28/08/2026

🪁“නිල් අහසේ සරුංගල්” – දරුවන්ගේ සිහින අහසට එක් කළ සුන්දර වැඩසටහනක් 🪁

2026.08.25 දින මැද කළුගමුව වසමේ දරුවන් සඳහා “නිල් අහසේ සරුංගල්” වැඩසටහනක් සංස්කෘතික නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පවත්වන ලදී. 🪁🌈

දරුවන්ගේ නිර්මාණශීලීත්වය, සතුට සහ සහයෝගීත්වය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් පැවති මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ ගරු මන්ත්‍රීතුමා, ප්‍රජා කමිටු නිලධාරිතුමිය, දෙමාපියන් සහ ආදරණීය දරුවන් සහභාගී වූහ. 🪁

🌿 “අත්තම” – පවිත්‍ර දේශයක් උදෙසා එක්වන ජාතික පුරවැසි මෙහෙවර 🌿2026.08.08 දින පැවති “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට ස...
09/08/2026

🌿 “අත්තම” – පවිත්‍ර දේශයක් උදෙසා එක්වන ජාතික පුරවැසි මෙහෙවර 🌿

2026.08.08 දින පැවති “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව, පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බැවිල්ගමුව ග්‍රාම නිලධාරි සේවා පියසේ දී පැවැත්විණි.

මෙහිදී ග්‍රාම නිලධාරි වසමේ “බරහැලගමුව” ගම්මානයේ මාර්ග දෙපස පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ රුක් රෝපණ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන අතරතුර, බැවිල්ගමුව ශාන්ති කලායතනයේ කලායතනාධිපති හා දෙනගමුව මහා විද්‍යාලයේ නර්තනාචාර්ය සාන්ති නිල්මිණී මහත්මිය විසින් පවිත්‍රතාව හා යහපත් ආකල්ප පිළිබඳව වටිනා දේශනයක් ද පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, අනෙකුත් රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු අනෙකුත් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ද සහභාගී වූහ.
🤝එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු!
🇱🇰🌿

06/08/2026
131 වන ජාතික දහම් පාසල් දිනය නිමිත්තෙන්, "මානව ගරුත්වයෙන් යුත් සුපිළිපන් සමාජයක් බිහි කරමු" යන තේමාව යටතේ 2026.08.02 දින...
03/08/2026

131 වන ජාතික දහම් පාසල් දිනය නිමිත්තෙන්, "මානව ගරුත්වයෙන් යුත් සුපිළිපන් සමාජයක් බිහි කරමු" යන තේමාව යටතේ 2026.08.02 දින ඔකදපොල ශ්‍රී සුමන දහම් පාසල, හතලිස්පහුව ශ්‍රී සුමනසාර දහම් පාසල, පොතුහැර ශ්‍රී රතනපාල දහම් පාසල සහ අස්වත්තාරාමය කොළදිවියන්කඩ දහම් පාසලේදී විශේෂ සැමරුම් වැඩසටහන් පැවැත්විණි.

මෙම වැඩසටහන් මඟින් දරුවන් තුළ සදාචාරාත්මක ගුණාංග, මානව ගරුත්වය සහ යහපත් සමාජ වටිනාකම් වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. එමෙන්ම, දරුවන් තුළ සත්‍යවාදී ගුණය, අවංකභාවය, විනය සහ යහපත් චර්යාවන් වර්ධනය කිරීම පිළිබඳ දැනුවත් කිරීම් ද සිදු කෙරිණි.

මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය නිමිත්තෙන්, "විකසිත වන ළමා ලොවට හිරු කිරණකි සොඳුරු පවුල" යන තේමාව යටතේ...
03/08/2026

මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය නිමිත්තෙන්, "විකසිත වන ළමා ලොවට හිරු කිරණකි සොඳුරු පවුල" යන තේමාව යටතේ 6 වන දිනට යෙදී තිබූ ගර්භණී මාතාවන් හා නව විවාහපත් යුවළ දැනුවත් කිරීමේ වැඩසටහන 2026.07.24 වන දින කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය අලව්ව හා පොල්ගහවෙල ප්‍රාදේශීය මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් විසින් ලබා දෙන ලදී.

31/07/2026

Address

Sri Sumangala Road
Polgahawela
60300

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Polgahawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share