29/08/2026
නැවත පළකරණ
ලොකු මහත්තයා ගමට ඇවිල්ලා කතාවේ
අද 19 වන පිටුව
" ලොකු මහත්තයා
ගමට ඇවිල්ලා"
කතාවේ අද 19 වන පිටුව
________________________________________________
හොදටොම හිත අවුලට පත් කමලසිරි ට
රෑ කෑමටද රිචියක් නැති තරම්ය.ඇගපත
සොදාගෙන කාමරයට රිංගාගත් ඔහු ඇදට
වැටුනේ අප්‍රානික වූ විලසින්ය.නිලන්තිට ඇති
ආදරය කිසිවිටෙකත් මොහොතකටවත් සිතින්
ඈත්කර තැබීමට තරම් කමලසිරිගේ හදවත
ඉඩනොදෙයි.තමාට හමුවූ සුන්දරම යුවතිය
ඇය බව හා ඒ රුව නිතර මනසින් දැකීම පවා
හිතට ලොකු සතුටක් හැගීමක් ගෙනදෙන්නකි.
මේ නිසාම නිලන්ති ලොකු මහත්තයා ගේ
ඔපීසියේ වැඩට යෑම ගැන කමලසිරි මානසික කම්පනයට හා සිත්තැවුලට පත්වීමට හේතු විය.
ඇදේ ඒපැත්තට මේ පැත්තට පෙරලමින් සිටි
කමලසිරිට,නිලන්ති සමග කතා කරන්නට අවස්ථාවක් නොලැබීම ගැනත්, ඇය කතා කරගත නොහැකිව සිරියාවතී නැන්දා ළග දැවටෙමින් සිටි අයුරුත් මැවි මැවී පෙනින.
දෑස් පියා ගත්තත් නිලන්ති ගේ මතකයත්
සමග නිදිමත පැනයන්නා සේය.
පසු දින උදේම කමලසිරි නිලන්ති හමුවීමේ
අදහසින් බයිසිලයේ නැගී පාර දෙසට ආවේය.
අද සිරියාවතී නැන්දා ඇය සමග නොඒවායි
සිතමින් එන අතරේ නිලන්ති ගේ මිතුරියක්
වූ දමයන්ති හදිසියේම මුණගැසින. ඇය පසුගිය කාලයේ ගමේ නොසිටියේ ඉගෙනීම් කටයුතු සදහා මාතර පුංචි අම්මලාගේ ගෙදර ගොස් සිටි නිසාය. කමලසිරිට දමයන්ති මුණගැසනේ කලකට පසුවය.ඇය නිලන්තිගේ නෑයෙකි.කමලසිරි ගැන ඇයගේ සිතතුලද කැමැත්තක් තිබුණත් නිලන්ති නිසා එම අදහස යටපත් වූවාය.ඒත් කමලසිරි ,ඇයව හිතවන්තියක් ලෙස අසුරු කළේය.තමා ගැන දමයන්ති ගේ හිතේ කැමැත්තක් තිබූ බව නිලන්තිද දැන සිටියත් එය මිතුරුකමට කිසිම බාධාවක් නොවීය.
කමලසිරි බයිසිකලය නතර කළේ දමයන්ති
ළගටම කිට්ටුකරය.
" කොහේද මේ සුරංගනාවි වගේ සැරසිල
උදේ පාන්දර යන්නෙ.මාතර කෑම හොද
වගේ ,ලස්සනට පිපිල ඇවිත් තියෙන්නෙ"
කමලසිරි විමසුවේ දමයන්තිගේ හැඩරුව
දෙස බලමින්ය.ඒ වචන පෙල ඇයගේ හිත
ප්‍රීතියට පත්කළත් එය යටපත් කරගෙන...
" අනේ මගේ මොන ලස්සනක්ද .මම ඉතින්
කොහෝ යන්නද. ඉස්සරහට යනව හැර.
මෙයා උදේ පාන්දර සත්‍යප්‍රේම බෘංග රාජය
වගේ එළියට බැහැල මොකද.? කෙල්ලවත්
දකින්ද?"
ඇස් කොනකින් කමලසිරි දෙස බලමින් ඇය
ඇසීය.
" ඇත්තටම මම ඇහුව්වෙ දමයන්ති කොහෙ
ද යන්නෙ , මට උදව්වක් ඕන ඔයාගෙන්.
ඒකයි යන්නෙ කොහේද ඇහුවෙ. ගිය මාසේ
පංසලේදි නේ අන්තිමට හම්බවුනේ.එදයින්
පස්සෙ ඇත්තටම අද දැක්කෙ"
" ඒ කතාව ඕන නෑ ,මොකද්ද උදව්ව "
" ඔයාට නිලන්ති හම්බවෙන් පුළුවන්ද.
ලොකු මහත්තයගෙ ඔපිස් එකට යන්න
එනව නේ.සිරියාවතී නැන්දත් එන නිසා
මට කතා කරන්න බෑ. කොහොම හරි මට
අද හම්බවෙන්න ඕන.නැන්ද කොයිවෙලෙ
ත් පස්සෙන්මයි."
" මොකද්ද පණිවිඩේ."
" නැන්දත් හිටයොත් නොදැනෙන්න මේක
දෙන්න.අද කොහොම හරි දෙන්න මේ
ලියුම අතට දෙන්න. මේකෙ විස්තරේ ලියල
තියෙනව.ඒ උදව්ව කරන්න."
කමලසිරි බැගෑපත් ලීලාවෙන් දමයන්ති ගෙන්
ඇයද සිටියේය.ඇය දෑස උඩට හරවමින් කමල
සිරි දෙස බැලුවේ හැගීම් බරවය.කමලසිරි ගැන කිව නොහැකි හැගීමක් ඇයගේ නෙතග
තුල ගැබිටී තිබුණා සේය.දමයන්ති ,
නිලන්ති තරම්ම හැඩකාර නොවුනත් ඇයගේ
සිරුරේ පැවති කඩවසම් බවත් මුහුණේ රැදි
කාන්තිමත් පෙනුමත් සිත් බැදගන්නා සුළුය.
" කෝ දෙන්න. අපේ සිරියාවතී නැන්දගෙත්
තියෙන ලොකු කම.අපි ඉන්නෙ ලිපි හුවමා
රුවට විතරයි. පවුනේ නිලන්ති. දැන්
රස්සාවකුත් තියෙන නිසා නැන්ද ගෙ ඔළුව
තවත් ලොකු වෙලා ඇති.."
දමයන්ති එසේ කීවේ සුකුමාල සිනහවක් මුව
අගින් පාමින්ය.ඇයගේ සිත ඇතුලේ තමා ගැන
තවමත් කැමැතක් ඇතෙයි සිතෙන තරමට එම
එම වචන පෙල සිතට දැනින.
" දමයන්ති ඔයා කොහෙද යන්න ගියේ.
නිලන්ති හම්බවෙන්න ආපහු හැරිල යන්
න එපයි.කමක් නැද්ද? "
දමයන්ති කිසිවක් මුවින් නොකියා පිළිතුරු දුන්නේ හිස සලමින් කමක් නෑ යන්න අගවමින්ය.
කමලසිරි ට දමයන්ති ගැන වෙනදා නැති අනු
කම්පාවක් දැනුනේය.කොහොමත් ඇය අහිංස ක ගතිපැවතුම් ඇති තරුණියෙකු වීම නිසාම
කමලසිරි ද මිතුරියක් ලෙස ළගින්ම ඇසුරු
කළේය.
" මම ඔයා එනකං පංසලට හැරෙන තැන
ඉන්නං.අද හම්බවෙන් පුළුවන්ද කියල
අහගෙනත් එන්න.අනේ වස්තුවේ කරදරය
ක් නෙවෙයිනේ"
" මමෙයි වස්තුව "
ඇය දෑස් උඩ ඉන්දවමින් ඇසුවාය.
" නිලන්ති හමු නූනනං ඔයා තමයි වස්තුව
කර ගන්නෙ.ඇත්තමයි"
කමලසිරි ගේ ඒ කතාවට දමයන්ති විශ්මයෙ
න් මෙන් බලා වුන්නාය. මුහුණේ පැහැයද තරම
ක් වෙනස්වන සේයාවක් පෙනින. දමයන්තිට
ඒ කතාව දැනුනේ කමලසිරි ගැන යටපත්ව
තිබූ හැගීම් නැවතත් ඉපිද එන්නා සේය.
" ඇයි ඔහොම බලන්නෙ.ඉරිසියාද.ඔයාට
හොද කෙනෙක් හම්බවෙයි දමයන්ති.
ඔයා විතරයි නේ ගෙදර ඉන්නෙ.බදින එකා
ට බරකුත් නෑ.හැබැයි පරිස්සමෙන් තමයි
හොද කොල්ලෙක් හොයන්න ඕන.දන්නෙ
නැද්ද ? ඇන්න පැන්න කොම්පැණියෙ
හාදයෝ තමයි වැඩිපුරම ඉන්නෙ."
" අපෝ මම තාම ඕව ගැන හිතන්නෙ නෑ.
එකක් ගැන තමයි හිතුවේ.ඒක මට උරුම
නැති නිසා දැන් ඒව ගැන අදහසක් ඇත්තෙ
ම නෑ.ඕව ගැන කතා කරල වැඩක් නෑ. මම
නිලන්ති හම්බවෙන්න යනං."
කමලසිරි කිසිත් නොකියාම ඇයගේ නිවුනු
මුහුණ දෙස බලාසිටියේය.ආපසු හැරී ඇය
යන දෙස දෑස් අහකට නොගෙනම බලා සිටියේ
ය. නිලන්තිගේ මෙන්ම දමයන්තිගේ ද වැඩුනූ
ගොතන ලද දිගු වරලස පිට පුරා පහළට වැටී
දෙපස පැද්දෙන විලාසය කමලසිරිට මැවුනේ
ඔච්චම් කරන්නාක් මෙන්ය.දමයන්ති තවම
ත් යටි සිතින් ආදරය අපේක්ෂා කරණ බවක්
ඇය කතා කරණ හැම මොහොතකම හැගෙන
බව හැසිරීමෙන් පවා දැනුනේය.ඒ ගැන
කමලසිරිට ඇති වුනේ මහත්වූ අනුකම්පාවකි.
දමයන්ති එනතෙක් බොහෝ වේලාවක්
මග සිටි කමලසිරි ඇයගේ පමාව නිසා බයිසි
කලයේ නැගී ඉස්සරහට ආවේය.ඒත් ඇය හමු
වුයේ නැත.කමලසිරිට දැන් ඉවසුම් නැත.
දමයන්තිට ඇය හමු නොවුනානම් ආපසු නාවේ
මන්ද. දෙවරක් නොසිතා කමලසිරි ලොකු
මහත්තයාගේ ඔපීසිය පැත්තට ආවේය.
දමයන්ති මුදුලේ සිටින අයුරු දුර සිටම දැක්කාය .ඒත් නිලන්ති පෙනෙන්නට නැත.
" නිලන්ති ආවද ?."
ළගට ආ කමලසිරි දමයන්ති ගෙන් ඇසුවේ
උමතුවෙන් මෙන්ය.
" ආව.සර් එක්ක වාහනේ ගියා ටවුන් එකට
බැංකුවට යන්න.මේ දැන් ගියේ"
දමයන්ති කිව් කතාවට කමලසිරිගේ හිත
හොදටම අවුල් විය.
_______________________________________________
20 වන පිටුව ඊළගට