Piyavi පියවි

Piyavi පියවි මිත්‍යාව අප ජීවිත යටපත්කර තිබෙන බව සම?

නැවත පළකරණ ලොකු මහත්තයා ගමට ඇවිල්ලා කතාවේඅද 19 වන පිටුව
29/08/2026

නැවත පළකරණ
ලොකු මහත්තයා ගමට ඇවිල්ලා කතාවේ
අද 19 වන පිටුව

" ලොකු මහත්තයා
ගමට ඇවිල්ලා"
කතාවේ අද 19 වන පිටුව
________________________________________________
හොදටොම හිත අවුලට පත් කමලසිරි ට
රෑ කෑමටද රිචියක් නැති තරම්ය.ඇගපත
සොදාගෙන කාමරයට රිංගාගත් ඔහු ඇදට
වැටුනේ අප්‍රානික වූ විලසින්ය.නිලන්තිට ඇති
ආදරය කිසිවිටෙකත් මොහොතකටවත් සිතින්
ඈත්කර තැබීමට තරම් කමලසිරිගේ හදවත
ඉඩනොදෙයි.තමාට හමුවූ සුන්දරම යුවතිය
ඇය බව හා ඒ රුව නිතර මනසින් දැකීම පවා
හිතට ලොකු සතුටක් හැගීමක් ගෙනදෙන්නකි.
මේ නිසාම නිලන්ති ලොකු මහත්තයා ගේ
ඔපීසියේ වැඩට යෑම ගැන කමලසිරි මානසික කම්පනයට හා සිත්තැවුලට පත්වීමට හේතු විය.

ඇදේ ඒපැත්තට මේ පැත්තට පෙරලමින් සිටි
කමලසිරිට,නිලන්ති සමග කතා කරන්නට අවස්ථාවක් නොලැබීම ගැනත්, ඇය කතා කරගත නොහැකිව සිරියාවතී නැන්දා ළග දැවටෙමින් සිටි අයුරුත් මැවි මැවී පෙනින.
දෑස් පියා ගත්තත් නිලන්ති ගේ මතකයත්
සමග නිදිමත පැනයන්නා සේය.
පසු දින උදේම කමලසිරි නිලන්ති හමුවීමේ
අදහසින් බයිසිලයේ නැගී පාර දෙසට ආවේය.
අද සිරියාවතී නැන්දා ඇය සමග නොඒවායි
සිතමින් එන අතරේ නිලන්ති ගේ මිතුරියක්
වූ දමයන්ති හදිසියේම මුණගැසින. ඇය පසුගිය කාලයේ ගමේ නොසිටියේ ඉගෙනීම් කටයුතු සදහා මාතර පුංචි අම්මලාගේ ගෙදර ගොස් සිටි නිසාය. කමලසිරිට දමයන්ති මුණගැසනේ කලකට පසුවය.ඇය නිලන්තිගේ නෑයෙකි.කමලසිරි ගැන ඇයගේ සිතතුලද කැමැත්තක් තිබුණත් නිලන්ති නිසා එම අදහස යටපත් වූවාය.ඒත් කමලසිරි ,ඇයව හිතවන්තියක් ලෙස අසුරු කළේය.තමා ගැන දමයන්ති ගේ හිතේ කැමැත්තක් තිබූ බව නිලන්තිද දැන සිටියත් එය මිතුරුකමට කිසිම බාධාවක් නොවීය.

කමලසිරි බයිසිකලය නතර කළේ දමයන්ති
ළගටම කිට්ටුකරය.

" කොහේද මේ සුරංගනාවි වගේ සැරසිල
උදේ පාන්දර යන්නෙ.මාතර කෑම හොද
වගේ ,ලස්සනට පිපිල ඇවිත් තියෙන්නෙ"

කමලසිරි විමසුවේ දමයන්තිගේ හැඩරුව
දෙස බලමින්ය.ඒ වචන පෙල ඇයගේ හිත
ප්‍රීතියට පත්කළත් එය යටපත් කරගෙන...

" අනේ මගේ මොන ලස්සනක්ද .මම ඉතින්
කොහෝ යන්නද. ඉස්සරහට යනව හැර.
මෙයා උදේ පාන්දර සත්‍යප්‍රේම බෘංග රාජය
වගේ එළියට බැහැල මොකද.? කෙල්ලවත්
දකින්ද?"

ඇස් කොනකින් කමලසිරි දෙස බලමින් ඇය
ඇසීය.

" ඇත්තටම මම ඇහුව්වෙ දමයන්ති කොහෙ
ද යන්නෙ , මට උදව්වක් ඕන ඔයාගෙන්.
ඒකයි යන්නෙ කොහේද ඇහුවෙ. ගිය මාසේ
පංසලේදි නේ අන්තිමට හම්බවුනේ.එදයින්
පස්සෙ ඇත්තටම අද දැක්කෙ"

" ඒ කතාව ඕන නෑ ,මොකද්ද උදව්ව "

" ඔයාට නිලන්ති හම්බවෙන් පුළුවන්ද.
ලොකු මහත්තයගෙ ඔපිස් එකට යන්න
එනව නේ.සිරියාවතී නැන්දත් එන නිසා
මට කතා කරන්න බෑ. කොහොම හරි මට
අද හම්බවෙන්න ඕන.නැන්ද කොයිවෙලෙ
ත් පස්සෙන්මයි."

" මොකද්ද පණිවිඩේ."

" නැන්දත් හිටයොත් නොදැනෙන්න මේක
දෙන්න.අද කොහොම හරි දෙන්න මේ
ලියුම අතට දෙන්න. මේකෙ විස්තරේ ලියල
තියෙනව.ඒ උදව්ව කරන්න."

කමලසිරි බැගෑපත් ලීලාවෙන් දමයන්ති ගෙන්
ඇයද සිටියේය.ඇය දෑස උඩට හරවමින් කමල
සිරි දෙස බැලුවේ හැගීම් බරවය.කමලසිරි ගැන කිව නොහැකි හැගීමක් ඇයගේ නෙතග
තුල ගැබිටී තිබුණා සේය.දමයන්ති ,
නිලන්ති තරම්ම හැඩකාර නොවුනත් ඇයගේ
සිරුරේ පැවති කඩවසම් බවත් මුහුණේ රැදි
කාන්තිමත් පෙනුමත් සිත් බැදගන්නා සුළුය.

" කෝ දෙන්න. අපේ සිරියාවතී නැන්දගෙත්
තියෙන ලොකු කම.අපි ඉන්නෙ ලිපි හුවමා
රුවට විතරයි. පවුනේ නිලන්ති. දැන්
රස්සාවකුත් තියෙන නිසා නැන්ද ගෙ ඔළුව
තවත් ලොකු වෙලා ඇති.."

දමයන්ති එසේ කීවේ සුකුමාල සිනහවක් මුව
අගින් පාමින්ය.ඇයගේ සිත ඇතුලේ තමා ගැන
තවමත් කැමැතක් ඇතෙයි සිතෙන තරමට එම
එම වචන පෙල සිතට දැනින.

" දමයන්ති ඔයා කොහෙද යන්න ගියේ.
නිලන්ති හම්බවෙන්න ආපහු හැරිල යන්
න එපයි.කමක් නැද්ද? "

දමයන්ති කිසිවක් මුවින් නොකියා පිළිතුරු දුන්නේ හිස සලමින් කමක් නෑ යන්න අගවමින්ය.
කමලසිරි ට දමයන්ති ගැන වෙනදා නැති අනු
කම්පාවක් දැනුනේය.කොහොමත් ඇය අහිංස ක ගතිපැවතුම් ඇති තරුණියෙකු වීම නිසාම
කමලසිරි ද මිතුරියක් ලෙස ළගින්ම ඇසුරු
කළේය.

" මම ඔයා එනකං පංසලට හැරෙන තැන
ඉන්නං.අද හම්බවෙන් පුළුවන්ද කියල
අහගෙනත් එන්න.අනේ වස්තුවේ කරදරය
ක් නෙවෙයිනේ"

" මමෙයි වස්තුව "
ඇය දෑස් උඩ ඉන්දවමින් ඇසුවාය.

" නිලන්ති හමු නූනනං ඔයා තමයි වස්තුව
කර ගන්නෙ.ඇත්තමයි"

කමලසිරි ගේ ඒ කතාවට දමයන්ති විශ්මයෙ
න් මෙන් බලා වුන්නාය. මුහුණේ පැහැයද තරම
ක් වෙනස්වන සේයාවක් පෙනින. දමයන්තිට
ඒ කතාව දැනුනේ කමලසිරි ගැන යටපත්ව
තිබූ හැගීම් නැවතත් ඉපිද එන්නා සේය.

" ඇයි ඔහොම බලන්නෙ.ඉරිසියාද.ඔයාට
හොද කෙනෙක් හම්බවෙයි දමයන්ති.
ඔයා විතරයි නේ ගෙදර ඉන්නෙ.බදින එකා
ට බරකුත් නෑ.හැබැයි පරිස්සමෙන් තමයි
හොද කොල්ලෙක් හොයන්න ඕන.දන්නෙ
නැද්ද ? ඇන්න පැන්න කොම්පැණියෙ
හාදයෝ තමයි වැඩිපුරම ඉන්නෙ."

" අපෝ මම තාම ඕව ගැන හිතන්නෙ නෑ.
එකක් ගැන තමයි හිතුවේ.ඒක මට උරුම
නැති නිසා දැන් ඒව ගැන අදහසක් ඇත්තෙ
ම නෑ.ඕව ගැන කතා කරල වැඩක් නෑ. මම
නිලන්ති හම්බවෙන්න යනං."

කමලසිරි කිසිත් නොකියාම ඇයගේ නිවුනු
මුහුණ දෙස බලාසිටියේය.ආපසු හැරී ඇය
යන දෙස දෑස් අහකට නොගෙනම බලා සිටියේ
ය. නිලන්තිගේ මෙන්ම දමයන්තිගේ ද වැඩුනූ
ගොතන ලද දිගු වරලස පිට පුරා පහළට වැටී
දෙපස පැද්දෙන විලාසය කමලසිරිට මැවුනේ
ඔච්චම් කරන්නාක් මෙන්ය.දමයන්ති තවම
ත් යටි සිතින් ආදරය අපේක්ෂා කරණ බවක්
ඇය කතා කරණ හැම මොහොතකම හැගෙන
බව හැසිරීමෙන් පවා දැනුනේය.ඒ ගැන
කමලසිරිට ඇති වුනේ මහත්වූ අනුකම්පාවකි.

දමයන්ති එනතෙක් බොහෝ වේලාවක්
මග සිටි කමලසිරි ඇයගේ පමාව නිසා බයිසි
කලයේ නැගී ඉස්සරහට ආවේය.ඒත් ඇය හමු
වුයේ නැත.කමලසිරිට දැන් ඉවසුම් නැත.
දමයන්තිට ඇය හමු නොවුනානම් ආපසු නාවේ
මන්ද. දෙවරක් නොසිතා කමලසිරි ලොකු
මහත්තයාගේ ඔපීසිය පැත්තට ආවේය.
දමයන්ති මුදුලේ සිටින අයුරු දුර සිටම දැක්කාය .ඒත් නිලන්ති පෙනෙන්නට නැත.

" නිලන්ති ආවද ?."

ළගට ආ කමලසිරි දමයන්ති ගෙන් ඇසුවේ
උමතුවෙන් මෙන්ය.

" ආව.සර් එක්ක වාහනේ ගියා ටවුන් එකට
බැංකුවට යන්න.මේ දැන් ගියේ"

දමයන්ති කිව් කතාවට කමලසිරිගේ හිත
හොදටම අවුල් විය.
_______________________________________________
20 වන පිටුව ඊළගට

29/08/2026

" ලොකු මහත්තයා
ගමට ඇවිල්ලා"
කතාවේ අද 19 වන පිටුව
________________________________________________
හොදටොම හිත අවුලට පත් කමලසිරි ට
රෑ කෑමටද රිචියක් නැති තරම්ය.ඇගපත
සොදාගෙන කාමරයට රිංගාගත් ඔහු ඇදට
වැටුනේ අප්‍රානික වූ විලසින්ය.නිලන්තිට ඇති
ආදරය කිසිවිටෙකත් මොහොතකටවත් සිතින්
ඈත්කර තැබීමට තරම් කමලසිරිගේ හදවත
ඉඩනොදෙයි.තමාට හමුවූ සුන්දරම යුවතිය
ඇය බව හා ඒ රුව නිතර මනසින් දැකීම පවා
හිතට ලොකු සතුටක් හැගීමක් ගෙනදෙන්නකි.
මේ නිසාම නිලන්ති ලොකු මහත්තයා ගේ
ඔපීසියේ වැඩට යෑම ගැන කමලසිරි මානසික කම්පනයට හා සිත්තැවුලට පත්වීමට හේතු විය.

ඇදේ ඒපැත්තට මේ පැත්තට පෙරලමින් සිටි
කමලසිරිට,නිලන්ති සමග කතා කරන්නට අවස්ථාවක් නොලැබීම ගැනත්, ඇය කතා කරගත නොහැකිව සිරියාවතී නැන්දා ළග දැවටෙමින් සිටි අයුරුත් මැවි මැවී පෙනින.
දෑස් පියා ගත්තත් නිලන්ති ගේ මතකයත්
සමග නිදිමත පැනයන්නා සේය.
පසු දින උදේම කමලසිරි නිලන්ති හමුවීමේ
අදහසින් බයිසිලයේ නැගී පාර දෙසට ආවේය.
අද සිරියාවතී නැන්දා ඇය සමග නොඒවායි
සිතමින් එන අතරේ නිලන්ති ගේ මිතුරියක්
වූ දමයන්ති හදිසියේම මුණගැසින. ඇය පසුගිය කාලයේ ගමේ නොසිටියේ ඉගෙනීම් කටයුතු සදහා මාතර පුංචි අම්මලාගේ ගෙදර ගොස් සිටි නිසාය. කමලසිරිට දමයන්ති මුණගැසනේ කලකට පසුවය.ඇය නිලන්තිගේ නෑයෙකි.කමලසිරි ගැන ඇයගේ සිතතුලද කැමැත්තක් තිබුණත් නිලන්ති නිසා එම අදහස යටපත් වූවාය.ඒත් කමලසිරි ,ඇයව හිතවන්තියක් ලෙස අසුරු කළේය.තමා ගැන දමයන්ති ගේ හිතේ කැමැත්තක් තිබූ බව නිලන්තිද දැන සිටියත් එය මිතුරුකමට කිසිම බාධාවක් නොවීය.

කමලසිරි බයිසිකලය නතර කළේ දමයන්ති
ළගටම කිට්ටුකරය.

" කොහේද මේ සුරංගනාවි වගේ සැරසිල
උදේ පාන්දර යන්නෙ.මාතර කෑම හොද
වගේ ,ලස්සනට පිපිල ඇවිත් තියෙන්නෙ"

කමලසිරි විමසුවේ දමයන්තිගේ හැඩරුව
දෙස බලමින්ය.ඒ වචන පෙල ඇයගේ හිත
ප්‍රීතියට පත්කළත් එය යටපත් කරගෙන...

" අනේ මගේ මොන ලස්සනක්ද .මම ඉතින්
කොහෝ යන්නද. ඉස්සරහට යනව හැර.
මෙයා උදේ පාන්දර සත්‍යප්‍රේම බෘංග රාජය
වගේ එළියට බැහැල මොකද.? කෙල්ලවත්
දකින්ද?"

ඇස් කොනකින් කමලසිරි දෙස බලමින් ඇය
ඇසීය.

" ඇත්තටම මම ඇහුව්වෙ දමයන්ති කොහෙ
ද යන්නෙ , මට උදව්වක් ඕන ඔයාගෙන්.
ඒකයි යන්නෙ කොහේද ඇහුවෙ. ගිය මාසේ
පංසලේදි නේ අන්තිමට හම්බවුනේ.එදයින්
පස්සෙ ඇත්තටම අද දැක්කෙ"

" ඒ කතාව ඕන නෑ ,මොකද්ද උදව්ව "

" ඔයාට නිලන්ති හම්බවෙන් පුළුවන්ද.
ලොකු මහත්තයගෙ ඔපිස් එකට යන්න
එනව නේ.සිරියාවතී නැන්දත් එන නිසා
මට කතා කරන්න බෑ. කොහොම හරි මට
අද හම්බවෙන්න ඕන.නැන්ද කොයිවෙලෙ
ත් පස්සෙන්මයි."

" මොකද්ද පණිවිඩේ."

" නැන්දත් හිටයොත් නොදැනෙන්න මේක
දෙන්න.අද කොහොම හරි දෙන්න මේ
ලියුම අතට දෙන්න. මේකෙ විස්තරේ ලියල
තියෙනව.ඒ උදව්ව කරන්න."

කමලසිරි බැගෑපත් ලීලාවෙන් දමයන්ති ගෙන්
ඇයද සිටියේය.ඇය දෑස උඩට හරවමින් කමල
සිරි දෙස බැලුවේ හැගීම් බරවය.කමලසිරි ගැන කිව නොහැකි හැගීමක් ඇයගේ නෙතග
තුල ගැබිටී තිබුණා සේය.දමයන්ති ,
නිලන්ති තරම්ම හැඩකාර නොවුනත් ඇයගේ
සිරුරේ පැවති කඩවසම් බවත් මුහුණේ රැදි
කාන්තිමත් පෙනුමත් සිත් බැදගන්නා සුළුය.

" කෝ දෙන්න. අපේ සිරියාවතී නැන්දගෙත්
තියෙන ලොකු කම.අපි ඉන්නෙ ලිපි හුවමා
රුවට විතරයි. පවුනේ නිලන්ති. දැන්
රස්සාවකුත් තියෙන නිසා නැන්ද ගෙ ඔළුව
තවත් ලොකු වෙලා ඇති.."

දමයන්ති එසේ කීවේ සුකුමාල සිනහවක් මුව
අගින් පාමින්ය.ඇයගේ සිත ඇතුලේ තමා ගැන
තවමත් කැමැතක් ඇතෙයි සිතෙන තරමට එම
එම වචන පෙල සිතට දැනින.

" දමයන්ති ඔයා කොහෙද යන්න ගියේ.
නිලන්ති හම්බවෙන්න ආපහු හැරිල යන්
න එපයි.කමක් නැද්ද? "

දමයන්ති කිසිවක් මුවින් නොකියා පිළිතුරු දුන්නේ හිස සලමින් කමක් නෑ යන්න අගවමින්ය.
කමලසිරි ට දමයන්ති ගැන වෙනදා නැති අනු
කම්පාවක් දැනුනේය.කොහොමත් ඇය අහිංස ක ගතිපැවතුම් ඇති තරුණියෙකු වීම නිසාම
කමලසිරි ද මිතුරියක් ලෙස ළගින්ම ඇසුරු
කළේය.

" මම ඔයා එනකං පංසලට හැරෙන තැන
ඉන්නං.අද හම්බවෙන් පුළුවන්ද කියල
අහගෙනත් එන්න.අනේ වස්තුවේ කරදරය
ක් නෙවෙයිනේ"

" මමෙයි වස්තුව "
ඇය දෑස් උඩ ඉන්දවමින් ඇසුවාය.

" නිලන්ති හමු නූනනං ඔයා තමයි වස්තුව
කර ගන්නෙ.ඇත්තමයි"

කමලසිරි ගේ ඒ කතාවට දමයන්ති විශ්මයෙ
න් මෙන් බලා වුන්නාය. මුහුණේ පැහැයද තරම
ක් වෙනස්වන සේයාවක් පෙනින. දමයන්තිට
ඒ කතාව දැනුනේ කමලසිරි ගැන යටපත්ව
තිබූ හැගීම් නැවතත් ඉපිද එන්නා සේය.

" ඇයි ඔහොම බලන්නෙ.ඉරිසියාද.ඔයාට
හොද කෙනෙක් හම්බවෙයි දමයන්ති.
ඔයා විතරයි නේ ගෙදර ඉන්නෙ.බදින එකා
ට බරකුත් නෑ.හැබැයි පරිස්සමෙන් තමයි
හොද කොල්ලෙක් හොයන්න ඕන.දන්නෙ
නැද්ද ? ඇන්න පැන්න කොම්පැණියෙ
හාදයෝ තමයි වැඩිපුරම ඉන්නෙ."

" අපෝ මම තාම ඕව ගැන හිතන්නෙ නෑ.
එකක් ගැන තමයි හිතුවේ.ඒක මට උරුම
නැති නිසා දැන් ඒව ගැන අදහසක් ඇත්තෙ
ම නෑ.ඕව ගැන කතා කරල වැඩක් නෑ. මම
නිලන්ති හම්බවෙන්න යනං."

කමලසිරි කිසිත් නොකියාම ඇයගේ නිවුනු
මුහුණ දෙස බලාසිටියේය.ආපසු හැරී ඇය
යන දෙස දෑස් අහකට නොගෙනම බලා සිටියේ
ය. නිලන්තිගේ මෙන්ම දමයන්තිගේ ද වැඩුනූ
ගොතන ලද දිගු වරලස පිට පුරා පහළට වැටී
දෙපස පැද්දෙන විලාසය කමලසිරිට මැවුනේ
ඔච්චම් කරන්නාක් මෙන්ය.දමයන්ති තවම
ත් යටි සිතින් ආදරය අපේක්ෂා කරණ බවක්
ඇය කතා කරණ හැම මොහොතකම හැගෙන
බව හැසිරීමෙන් පවා දැනුනේය.ඒ ගැන
කමලසිරිට ඇති වුනේ මහත්වූ අනුකම්පාවකි.

දමයන්ති එනතෙක් බොහෝ වේලාවක්
මග සිටි කමලසිරි ඇයගේ පමාව නිසා බයිසි
කලයේ නැගී ඉස්සරහට ආවේය.ඒත් ඇය හමු
වුයේ නැත.කමලසිරිට දැන් ඉවසුම් නැත.
දමයන්තිට ඇය හමු නොවුනානම් ආපසු නාවේ
මන්ද. දෙවරක් නොසිතා කමලසිරි ලොකු
මහත්තයාගේ ඔපීසිය පැත්තට ආවේය.
දමයන්ති මුදුලේ සිටින අයුරු දුර සිටම දැක්කාය .ඒත් නිලන්ති පෙනෙන්නට නැත.

" නිලන්ති ආවද ?."

ළගට ආ කමලසිරි දමයන්ති ගෙන් ඇසුවේ
උමතුවෙන් මෙන්ය.

" ආව.සර් එක්ක වාහනේ ගියා ටවුන් එකට
බැංකුවට යන්න.මේ දැන් ගියේ"

දමයන්ති කිව් කතාවට කමලසිරිගේ හිත
හොදටම අවුල් විය.
_______________________________________________
20 වන පිටුව ඊළගට

නැවත පළකරණ ලොකු මහත්තයා ගමට ඇවිල්ලා කතාවේඅද 18 වන පිටුව
28/08/2026

නැවත පළකරණ
ලොකු මහත්තයා ගමට ඇවිල්ලා කතාවේ
අද 18 වන පිටුව

" ලොකු මහත්තයා
ගමට ඇවිල්ලා"
කතාවේ අද 18 වන පිටුව..
_______________________________________________

ඇදිරි වැටීගෙන එනතෙක් නිලන්ති ලොකු
මහත්තය ගේ ඔපීසියේ සිටීම ගැන කමලසිරි
ගේ හිත චකිතයකි.බියකි.මේ නිසා හිතට නැගෙන කේන්තිය සංසිදවා ගත්තේ ඉතා අමාරුවෙන් ය.
සුරවීර ලොකු මහතා ගේ කල්ක්‍රියාව ගැන කිසි
ම පැහැදීමක් නැති නිසායි නිලන්ති ගැන බියක්
දැනුනේ.කමලසිරි ලොකු මහත්තයා ගේ ඔපීසි
ය පේන නොපෙනෙන තෙක් මානයට විත් දෑස් අයා බලාසිටියේ දැන් නැතිවට දැන් ඇය එළියට
එයි දෝයි සිතමින්ය. එය හරියට ගණ වලාවකි
න් වැසීගිය අහස් කුස අතරින් ඉරු දකින්නා
සේය.

ඇදිරිය අතරින් නිලන්ති එළියට එන අයුරු
දුටු කමලසිරි හදවත සතුටින් ඉපිල ගියේය. ඇය මිදුලට බැස වාහනය ළගට ගියාය.ඒ එක්කම ලොකු මහත්තයා ද වාහනයට ගොඩවිය.ඒ දසුන දුටු කමලසිරි බෙහෙවින්ම කලබලයට පත් වූවා සේය.සිදුවන්නේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකි වූ අතර කමලසිරි ගේ මුළු ගතම වෙවුලා යන්නට කම්පනයක් ඇති වුණි.හදවතේ නැගුණු ගැස්මද කණට ඇසෙන තරම්ය.

නිලන්ති පිටුපස අසුනේ වාඩිවන අයුරුද
මද අදුර අතරින් කමලසිරි දුටුවේ ඇය ඇද සිටි
සුදු වර්ණ ඇදුම නිසාය. එම දසුන දෑසට දරාගත නොහැකි තරම්ය.

ඔහුගේ මනස දැඩිසේ වියවුලට පත් විය.
නිලන්ති කෙරෙහිද ඇති වූයේ ඉවසාගත නොහැකි තරමේ කේන්තියකි.
බයිසිකලයේ නැගි කමලසිරි වේගයෙන් පැද
ගෙන ගියේ නිලන්තිගේ ගෙදර පැත්තටය.
වෙල පාරදිගේ මහපාරට එන සිරියාවතී නැන්දා ඉදිරියට හමු වුවාය.ඇයගේ එක් අතක ටෝච් එකද අනිත් අතේ කෝට්ටක්ද තිබෙන අයුරු මද අදූර අතිරින් දිස්විය.

කමලසිරි බයිසිකලය නතර කළේ සිරියාවතී නැන්දා ළගමය.ඇය එය නොදැක්කා සේ යන්නට හැදුවත් කමලසිරි එය වලකාලීය.

" නැන්දෙ අන්න ලොක්ක නිලන්ති කාර් එකේ
නග්ග ගෙන ටවුම පැත්තට ගියා.ලොක්ක
ගෙ හැටි නැන්ද දන්නෙ නැද්ද.මම ඒකමයි
කිව්වෙ නිලන්ති යවන්න එපයි කියල.ඔය
වැඩේ එච්චර හොද දෙයක් නෙවෙයි
නැන්දේ.වැඩ ඉවරනං ගෙදර එන්න කියන්න"

කමලසිරිගේ කතාවට එතරම් සැලකිල්ලක්
නොදැක්වූ බව ඇයගේ අඩ අදුරට දිස්වූ මුහුණේ ඉරියව්වලින් පෙනින.

" මම ඒක බලාගන්නං.ඔය දරුව කලබල
වෙන්න ඕන නෑ"

කියමින් ඇය වෙළ පාර දිගේ මහපාර දෙසට ගියාය.ඒ කතාවට කමලසිරිගේ සිත හොදටම තැවුනේය.

" නැන්දේ, නැන්දේ..."

කියා තමා පසුකර ගිය සිරියාවතී නැන්දාට
කතා කලත් ඇය පසු පස හැරීවත් බැලුවේ නැත. වැඩි වෙලාවක් ගත නොවීය.ලොකු
මහත්තයා ගේ වාහනය වෙල පාර ළග නතර
නතර කළේය. කමලසිරි ද වාහනය නතර
කරනු දැක එතනට ආවේය.ලොකු මහත්තයා
දොරේ වීදුරුව ඇර කමලසිරිට කතා කළේය.

" කමලසිරි මට හම්බවෙන්න ඕන. හෙට
ඔපිස් එක පැත්තට ආවනං.මොකද ළමය
එනකං මග බලන් හිටියද "

ලොකු මහත්තයා නලල රැළිගන්වමින් කිව්වේ
නිලන්ති දෙසද බලමින්ය.ඇය හොරහින් මෙන්
කමලසිරිගේ මුහුණ දෙස විපරමින් බැලීය.
මෙතෙක් හිතේ රැව්දුන් චංචලබව ඒ බැල්මෙන්
තරමක් පහවගියා සේ දැනින.ඇය ගියේ කොහි
දැයි දැන ගැන්නා තුරු ඉවසුම් නැති වුවත් සිරියාවතී නැන්දාගේ නෝකාඩු කතාව නිසා එය ඇසීමට කමලසිරිගේ හිත ඉඩ නොදුන්නේ
ය.සිරියාවතී නැන්දා දියණිය සමග ආපසු
ගියේ කමලසිරි දෙස නොබලාමය.ඒ ගැන
නිලන්ති ගේ හදවතට දැනුනේ අනුකම්පාවක්
ය.

නිලන්ති සමග වචනයක්වත් කතා කිරීමට
අවස්ථාවක් නොමැති වීමෙන් වේදනාවට පත්
මනසින් කමලසිරි ගෙදරට ආවේ පිස්සුවෙන් මෙන්ය.
සියදෝරිස් මුදලාලිටද පුතාගේ කලබලකාරී
හැසිරීම ගැන ඉවවැටුනේය.

,"මොකෝ මේ පිස්සෙක් වගේ අද "

සියදෝරිස් මුදලාලි පුතා ගෙන් ඇසීය.

" මුකුත් නෑ.සුරවීර කාරයගෙ වැඩනං අසික්
කිතයි අප්පච්චි.ගමේ උන්නන් හොදටෝම
අන්දල තියෙන්නෙ. "

" මිනිහ දේශපාලනේට බහින්න හදන්නෙ.
සංවිධායක කම හම්බවෙවයි කියල කතා
වකුත් තියෙනව."

" නියමයි, ගමේ ඉන්න වහල්ලුන්ට හරි
අගෙයි.අපේ හාමුදුරුවන්ටත් දැන් සුරවීර
කාරය තරං ලොක්කෙක් නෑ. ධර්ම ශාලාවෙ
වහල ගහල දෙන්නත් භාරගෙන.ඊට වඩා
දෙයක් නෑ හාමුදුරුවන්ටත්."
______________________________________________
19 වන පිටුව ඊළගට

27/08/2026

ගෙදර පුරුදු සුන්දරද?

නැවත පළකරණ ලොකු මහත්තයා ගමට ඇවිල්ලා කතාවේ අද 17 වන පිටුව
26/08/2026

නැවත පළකරණ
ලොකු මහත්තයා ගමට ඇවිල්ලා
කතාවේ අද 17 වන පිටුව

" ලොකු මහත්තයා
ගමට ඇවිල්ලා"
කතාවේ අද 17 වන පිටුව.
_______________________________________________

ලොකු මහත්තයා එතනින් නික්ම ශාන්තද
කැටිව කෙලින්ම ආවේ අල්විස් වත්තටය.
වත්ත බලා කියා ගන්නේ අල්විස් මහතා ගේ
කාලයේ සිටම විජිතා හා ඇයගේ සැමියා වන
සැමීය.විජිතා ගේ කඩවසම් පෙනුමත්, කඩිසර
බවත් , ස්වාමියාට ඇති ලෙන්ගතු බවත් නිසා,
ලොකු මහත්තයා ගේ සිත් දිනාගැනීමට හැකි
විය.ඇයට වඩා වයසින් වැඩි වූ සැමී සවසට
බීමත් කමට කෑදරව සිටියත් වත්තේ වැඩටික
අකුරටම ඉටුකිරීම නිසා ලොකු මහත්තයා
වත්තේ වැඩ කටයුතු සියල්ල සැමීටම පවරා
දෙනු ලැබීය.

විජිතා ගේ කඩිසර හා කඩවසම් පෙනුමට ලොකු මහත්තයාගේ සිත ඇදී ගියේ කාන්දමකට යකඩ කැබැල්ලක් ඇදී යන්නා සේය.වත්තට එන සැම දිනකම විජිතා සමග ඉතා කුළුපගව උසුළු විසුළු කරමින් කතා බස් කරයි.මේ නිසා විජිතා ලොකු මහත්තයා ළග හැසිරෙන්නේ හරියටම පෙමිවතෙක් ළග සිටින අයුරකින්ය. ලොකු මහත්තයා වත්තට එන දවසට ඇය උදේම නා ගෙන පිරිසිදුවී, පුයර ගල්වා හැඩ වැඩ වී සිටීම ට පෙළඹෙයි. මොටර් රථය එන හඩ ඇසුනු විජිතා මිදුලට ආවේ කොන්ඩය හිසවටා කරකවා ගටගසමි න්ය. ඇය සිටි තැනම රථය නතර කලාය. එහි සිටම ලොකුමහත්තයා විජිතා දෙස හෙළු බැල්මේ රැදී තිබුණේ ඇය වෙත උපන් ආශාවකි.
ඇය ඇද සිටි මල් විසිරුණු කහපාට කොට
ගවුම සිත් ඇදබැද ගන්තා සුළුය විය.

" මහත්තයෝ, මේකි එන්න එන්න හැඩයි,
සැමීට නම් මේක ආම්බං කරන්න බෑ"

රථයේ ඇතුලේ සිටම ශාන්ත හෙමිහිට කීවේය.ලොකු මහත්තයා කට කොනකින් සිනා සුනේ ශාන්ත දෙස බලමින්ය.

" මහත්තය අද ටිකක් පරක්කුයි නේ.සැමී
මෙච්චර වේල බලන් ඉදළ ගියේ.අද පෝර
දාන් කටිටිය ඇවිත්"

විජිතා එසේ කීවේ ලොකු මහත්තයා වාහනෙන් බැස එද්දීය.

" අද විජිතා හරි හැඩයි නේ. ඔහොම තමයි
ඉන්න ඕන"

ඇයගේ පිටට තට්ටු කරමින් ලොකු මහත්තයා
කීවේය.ලැජ්ජාවෙන් මෙන් ඇඹරෙමින්...

" අපේ මොන ලස්සනද්ද සර්..."

විජිතා එසේ කීවේ දෑස කරකවමින්ය.ලොකු මහත්තයා ගේ හැටි හොදින් දන්නා ශාන්ත මිදුලේ ඈත කෙළවර තිබූ පෙර ගස ළගට ගොස් පැසී තිබූ ගොඩි කඩන්නට ගසට ගොඩ විය.

විජිතා බංගලාවේ ඉස්සරහ දොර ඇරිය අතර ලොකු මහත්තයා ගේ ඇතුලට ආවේය. බංගලාවේ දොර අරින්නේ ලොකු මහත්තයා එන දවසට විතරය. ශාන්ත බංගලාවේ ඇතුලට ආවේ නැත.
ලොකු මහත්තයා කතා කරණ තුරු තවමත්
ඉන්නේ පේර කඩමින්ය.තව පැයකටවත්
එළියට නොයන නිසා ගහේ අත්තක් උඩ වාඩි
වුන් ශාන්ත ඈත බලා සිටියේ ඔත්තු බලන්නෙ
කු විලසය.

" ශාන්ත මල්ලි තේ බොන්න එන්න"

විජිතාගේ හඩ ඇසුනු ඔහු ගසෙන් බිමට පැන
ඇය දෙස බැලීය. ශාන්ත ඇයගේ හිසේ සිට
පාදාන්තය දක්වා බැලුවේ තොල් පෙති සපමිනි.
බංගලාවේ පැයකට ආසන්න කාලයක් රැදී
සිටි ලොකු මහත්තයා ශාන්තද සමග වත්ත
බැලීමට පිටත්ව යන්නට සැරසිනි. විජිතා ගේ මුවපුරා රැදුනේ සිනහවකි.

" සර් දෙල් තියෙනව තම්බන්ද දවල්ට."

විජිතා ඇසුවේ දහවල් කෑමට පිසීමටය.

" හොදයි,සැරට සම්බලකුත් හදන්න.ඔයැයි
ගෙ කෑම කොහොමත් රහයි නේ.මොකෝ
ශාන්ත කියන්නෙ."

ලොකු මහත්තයා සිනාවෙම්න් දෙදෙනා දෙසම
බලමින් කීවේය.

අල්විස් වත්තේ සිට නැවත එන විට සවස් විය.
ශාන්ත කිසිවිටකත් ලොකු මහත්තයා කියන
කරණ දේවල් දේව රහස් මෙන් රකී.මේ නිසා
ශාන්ත කියන ඕන දෙයක් ලොකු මහත්තයා
අසයි.අනෝමා හාමුද ඇයට කිව නොහැකි
සමහර දේවල් කියවන්නේ ශාන්ත මගින්ය.

මේ අතර නිලන්ති සවස ගෙදර එන වෙලාවට ඇය හමු වීමට කමලසිරි මගබලා
සිටියේය.වෙනදා එන වේලාවට නිලන්ති
නොපැමිණීම නිසා ටික වේලාවක් බලා ඉද
බයසිකලයේ නැගී ලොකු මහත්තයා ගේ
ඔපීසිය පැත්තට සෙමින් සෙමින් ආවේය.ඒත්
තවමත් ඇය එන පාටක් නැත.රෑ බෝවීමටත්
ආසන්නය.කලින් වැඩ ඇරී ගෙදරවත් ගියා
දැයි සිතු නේය.කමලසිරිට දවසක් හෝ ඇය
හමුනොවීම දරාගැනීමට තරම් අපහසු
දෙයකි.මේ නිසා පිරිවෙනේ ඉගැන්වීමේ වැඩද ඔහු අතින් අතපසු වෙයි.පංසලේ හාමුදුවෝ ද ඒ ගැන කිහිප විටක් සිහිපත් කළහ.

සිරියාවතී නැද්දා කිසිසේත් කමලසිරිට කැමති
නොවීම ඔහුගේ සිත්තැවුල වැඩිවන්නට හේතු
විය.ඒනිසාම දිනපතා කෙසේ හෝ නිලන්ති
මුණගැසීමට නිරායාසයෙන්ම යොමුවේ. ඇයටද කමලසිරි නොදක සිටිය නොහැකි තරම්ය.
මේ යන අතරේ ලොකු මහත්තයාගේ ගෙවල් පැත්තේ සිට එමින් සිටි ශාන්න මුණගැසිනි.

" උඹ කොහෙද යන්නෙ."

ශාන්ත ඇසීය.

" වතමත් ඔපීසියෙ වැඩද"

කමලසිරි ඇසුවේ ශාන්ත ගෙන්ය.

" අද ස්ටොක් ගන්නව.ටිකක් රෑවෙයි."
_______________________________________________
18 වන පිටුව ඊළගට

නැවත පළකරණ ලොකු මහත්තයා ගමට ඇවිල්ලා කතාවේ අද 16 වන පිටුව
25/08/2026

නැවත පළකරණ
ලොකු මහත්තයා ගමට ඇවිල්ලා
කතාවේ අද 16 වන පිටුව

" ලොකු මහත්තයා
ගමට ඇවිල්ලා"
කතාවේ අද 16 වන පිටුව
______________________________________________

සුරවීර ලොකු මහත්තයා ගමේ විතරක් නොව
අවට ගම්වල පවා ඉතා ජනප්‍රිය පුද්ගලයෙකු
බවට පත් වූවේය.ගමේ වගේම පිට ගම්වල උත්සව අවස්ථා වලද ප්‍රධාන ආරාධිතයා බවට නිතැතින්ම පත් වූයේ ලොකූ මහත්තයාය.ඔහු පොදු කටයුතු වලට කිසිම මසුරු කමක් නැතිව උදව් කිරීම නිසා ආධාර ඉල්ලාගෙන එන පිරිස් වලින්ද අඩුවක් නැත.

ලොකු මහත්තයා හමුවිය හැක්කේ ඔපීසියේදී පමණි. කවුරෙකු කුමකට ආවත් තම ව්‍යාපාරික කටයුතු හා එදිනෙදා ජීවිතයේ මුහුණ දෙණ ගැටළු විසදා ගන්නා ආකාරය පැමිනෙන අය සමග බොහෝ වේලාවක් කතා කිරීම ඔහු ගේ සිරිතකි. තමා විසින් කරණ සත්කාර්යන් වලින් ලැබෙන යහපත් දේ ගැන උදාහරණ පෙන්වමින් කතාකරයි.රාත්‍රි යේ ඇවිද යන විට ගිනි පෙල්ල කරකවමින් යන්නේනම් ගිනිපෙල්ල අතේ තබාගෙන සිටින අයට පමණක් නොව ඉන්විහිදෙන ආලෝකයෙන් තවත් පිරිසකට එළිය ලැබෙන බවත් තමා ගේ දර්ශනය එය බවත් ලොකු මහත්තයා නිතරම කීව කතාවකි.

" කෝ අද ශාන්ත ආවෙ නැද්ද"

ලොකු මහත්තයා ඔපීසියේ උඩ තට්ටුවට ගොඩ වෙන අතරේ ඇසුවේ ජයතිලක මහතා ගෙන්ය.

" නෑ සර් ආවෙ නෑ.අද වත්තට යනවනේ ද."

ජයතිලක මහතා ලොකු මහත්තය ගෙන් විමසීය.අළුතින් මිලදී ගත් අල්විස් වත්ත බලන්න සතියේ දින දෙකක් අනිවාර්යයෙන්ම යන අතර ශාන්ත ද බොහෝ දවස්වලට ඒ ගමට එක්වෙ යි.

" වත්තට පෝර යැව්වද, "

" ඔව් සර්, ඊයෙම යැව්ව.ශාන්තත් ගියා ඒ
ලොරියෙම"

" අර ළමය අද ඇවිත් නෑ නේ"

ලොකු මහත්තයා බිත්තියේ එල්ලා තිබූ
ඔරලෝසුව දෙස බලමින් කීවේය.

ලොකු මහත්තයා අර ළමයා යයි කිව්වේ නිලන්
ති ටය.අම්මා ගේ බලකිරීමට නිලන්තිට කැමති
නොවීසිටීමට නොහැකිවීම නිසා ලොකු මහත්
තයා ළගට නෑවිත් බැරිම විය.ආවේ හිතේ
කිසිම සතුටකින් නොවේය.තම වචනයට
පිටුපෑම නිසා ඇයව මගහැර සිටීමට කමලසිරි
සිතා සිටියත් එය එලෙස කිරීමට තරම් හිත ඉඩ නොදුන්නේය. වෙල්යායේ ඈත කෙළවරේ
කොක් රෑනක් ඉගිලී යන අයුරු දෙස කමලසරි
ගේ දෙනෙත් යොමුවී තිබිණි.

අද ඔපීසියට එන අතර මගදී කමලසිරි මග
රැක සිටින්නේ නිලන්ති හමුවීමටය.ඈත තියාම කමලසිරි මහ පාරේ මාර ගස යට සිටින අයුරු වෙල පාරේ එමින් සිටියදි දුටුවාය.ලොකු මහත්තයා ළග වැඩට ගිය නිසා කමලසිරි අමනාපවීම හා සිත්තැවුලට පත්වීම ගැන ඇයගේ යටි හිතේ ඇති වුනේ කනස්සල්ලකි. වේදනාකාරී හැගීමකි.එහෙත් කමලසිරි දැකීමත් සමග සානුකම්පිත හැගීමක්ද සිතතුල උපන්නේය.

තමා කැමැත්තකින් නොගිය බව ඔහු තේරුම්
නොගැනීම නිසයි හිතේ කේන්තිය ද දරාගෙන නොදැක්කා සේ පාරේ අනිත් පැත්තෙන් කමලසිරි පසුකර මදක් ඉදිරියට යත්ම..

" නිලන්ති"

යයි කියා ඇමතීය. ඇය පිටුපස නොබලාම ඉදිරියට ගියේ කමලසිරිට රිදවීමේ අටියෙනි.

" නිලන්ති , ඔහොම නවතින්න. ඔයා හම්බ
වෙන්න ආවෙ.පොඩ්ඩක් කතා කරල යන්න
කෝ.."

වේගයෙන් නිලන්ති පසුපස එමින් කමලසිරි
කීවේය.ඇය සමීපයටම පැමිණ අතකින් අල්ලා
නතර කරගත්තාය.
නිලන්ති ගේ නෙත් යොමුව තිබුණේ ඉවතටය.
වෙනදා ඇයගේ නලියන දීප්තිමත් දිගු දෙනෙත
කමලසිරිගේ මුහුණ දෙස යොමු වුවත් ,අද
එසේ යොමු නොවුණාය.

" නිලන්ති ,ඇයි මට මෙහෙම කරන්නෙ.ඔයා
ගෙ හොදට ඔය රස්සාවට යන්න එපා
කිව්වෙ.මට ඒක දරාගන්න බෑ.ඔයා දකින්න
එන්න තරං මගේ හිත ඉඩ දුන්නෙ නෑ.
තරහකට නෙවෙයි වස්තුවේ. හිතට ඇති
වෙච්ච දුකට ඇත්තමයි ආවෙ නැත්තෙ."

කමලසිරි ගේ සංවේදී වදන් නිලන්තිගේ හදවත රිදුම් දෙන්නට විය.කදුළු පිරි ඇයගේ දෑස නොදැනීම කමලසිරි වෙත යොමු වුණි.

" ඇයි ඔයා මට එහෙම කරේ.මම විස්වාස
නැති නිසාද"

ඇය ඉකිබිදිමින් ඇසුවාය.කමලසිරිට සිටින
තැන පවා අමතක විය.මහපාරේ කිසිවෙකුත්
නැත.දෑතින්ම ඇයගේ මුහුණ අල්ලා ගත්තා......
" ඔය කදූළු පිහිදා ගන්න.මම ඔයත් එක්ක
තරහවෙන්නෙ නෑ.මට බෑ ඔයා එහෙම අමත
ක කරන්න.පරිස්සමෙන් වැඩකරන්න. මම
හිත හදාගන්නං.ඔයා පරිස්සංවෙන්න.ඔය
ලොකු මිනිස්සුන්ගෙ හරි මූණ අදුනගන්න
අමාරුයි.ඔයා ගැන තියෙන බය ඒකයි."

කමලසිරි කදුළු පිරි දෑස් දෙස නෙත් යොමා
ගෙන කීවේය.ඒ ක්ෂනයෙන් ඔවුන් සිටිතැනින්
මදක් පෙරට ගොස් නතර කළේ ලොකු මහත්තයාගේ මෝටර් රථයයි.ඒ වන විටත් කමලසිරි ගේ දෑත රුදී තිබූණේ නිලන්තිගේ දෙම්කම්බුල් අතරය.

මදක් ඉදිරියට ගිය රථය නැවත පසු පසට ගෙන ඔවුන් දෙදෙනා සිටි තැනම නතර කලේය. ශාන්තද කාරය ඇතුලේ සිටිනු කමලසිරි දුටුවේය.දොර ඇරගෙන ඉන් බැසගත් ශාන්ත .........
" ඒක තමයි අද ඔපීසියට එන්න පරක්කු.
මහ පාරේ ලව්.. නියමයි සර්"

ශාන්ත ලොකු මහත්තයාගේ හයිය ගෙන කිව් ඒ කතාව,ගානකට නොගත් කමලසිරි කාරයේ ලොකු මහතා සිටි රිය දුරු අසුන පැත්තට ගියේය.

" සමාවෙන්න ලොකු මහත්තයෝ.ඔබ තුමා
අපට මොනවත් කිව්වනං කමක් නෑ.මූට
තියෙන ගාය මොකද්ද. මහත්තය දන්නව
නේ නිලන්ති මාත් එක්ක යාළුයි.ඒක සිරියා
වතී නැන්දත් දන්නව.කැමති අකමැති වීම
වෙන ප්‍රශ්නයක්.මූට තියෙන අමාරුව මොක
ද්ද. මහත්තයෝ."

කමලසිරි හිතේ ගුලිගැසී තිබූ වේදනාව හා
ශාන්ත කෙරෙහි ඇතිවූ කේන්තිය ද මුසුකර
ගනිමින් ලොකු මහත්තයාට කීවේය.

" ශාන්ත , ඔයැයි වාහානේට නගිනව.නිලන්ති
ඔපීසියට යන්න.ජයතිලක මහත්තයට
වැඩ වගයක් කියල ආවෙ ඒ ටික කරන්න.
මම වත්තට ගිහින් එනව."

ලොකු මහත්තයා එසේ කීවේ කමලසිරිගේ
අතක් අල්ලා මිරිකමින්ය. නිලන්ති යාන්තමින්
ඔළුව ඔසවා ලොකු මහත්තයා දෙස බලා සිටි
යාය.
_______________________________________________
17 පිටුව ඊළගට

25/08/2026

හුරු පුරුදු හොද නරක...
මේකත් එහෙම එකක්..

නැවත පළකරණ ලොකු මහත්තයා ගමට ඇවිල්ලා කතාවේ අද 15 වන පිටුව
24/08/2026

නැවත පළකරණ
ලොකු මහත්තයා ගමට ඇවිල්ලා කතාවේ
අද 15 වන පිටුව

"ලොකු මහත්තයා
ගමට ඇවිල්ලා"
කතාවේ අද 15 වන පිටුව
_______________________________________________

නිලන්තිට තීරණයක් ගත නොහැකිව දෙලොවන් අතර තනිවූවා සේය.අනෝමා හාමු
ගේ කරුණාබරිත වදන් නිලන්තිගේ සිත දැඩි
සේ ඇදබැද ගත්තාය.ඇය සිතෙන් මවා ගෙන
සිටි අනෝමා හාමු නොව හැබැහින් දුටු අනෝමා හාමු වෙනස් කෙනෙකු වීම රැකියාවට
තිබූ අකමැත්ත වෙනස් කිරීමට තරම් බලවත්
වූවාය.එහෙත් කමලසිරි ගේ අකමැත්ත නිසා සෘජු තීරණයක් ගැනීමට තරම් නිලන්තිගේ
හිත ශක්තිමත් නොවුණි.

කෙසේ හෝ කමලසිරි හමුවී මේ ගැන කතා
කර තීරණයක් ගන්නවායයි ඇයගේ සිත කිය
න්නට වූවාය.

" බලපන් අනෝම හාමු කොච්චර තැම්පත්
නෝන කෙනෙක්ද කියල.උඹ ,සියදෝරිස්
උන්නැහෙගෙ පුත්තරය ගෙ වචනෙට
රැවටිල නේ යන්න බැරි කිව්වෙ දැන් මොකෝ
කියන්නෙ"

නිලන්ති ගේ අම්මා ගෙදර එන ගමන් එසේ
කීවාය.අම්මා කී දෙයට කිසිදු හා හූවක් නැතිව
ම ආවාය.ගෙදර සමීපයට එත්ම කමලසිරි
නිලන්ති සොයා ආවේය.ඔහු බයිසිකයේ නැගී එන අයුරු දුටු සිරියාවතී නැන්දා නිලන්ති දෙස බලා...

" කතා කරණව එහෙම නෙවෙයි.පාඩුවෙ
යමං ගෙදරට"

යයි කීවේ කමලසිරිටද ඇසෙන නොඇසෙන
ගානටය.පැදගෙන ආ බයිසිකලය නතර කළේ
ඔවුන් දෙදෙනා ළගය.

" නැන්දෙ, නිලන්ති පිරිවනට එවන්න.හාමුදු
රුවොත් කිව්ව ගෙදරට ගිහින් කියන්න
කියන්න කියල.මම ආවෙ ඒ පණිවිඩේ
කියල යන්න."

බයිසිකලයෙන් බැසගත් කමලසිරි සංසුන්
විලාසයෙන් සිරියාවතී නැන්දාට කිව්වේය.

සිරියාවතී නැන්දා ගානකටවත් නොගෙන
කිසිවක් නොකියා ඔහු පසුකර යන්නට හැදුව
ත් ,නිලන්ති නතරවිය.ඇය හිස මදක් පහතට
නමා ගෙන කමලසිරි ගේ මුහුණ දෙසට දෑස
යොමු කළාය.එම බැල්මේ රැදී තිබුණේ ඇයගේ
අසරණ බවය.එය කමලසිරිගේ හදවතට
හොදින්ම දැනින.

" මොකෝ බලං ඉන්නෙ, යමං ගෙදර.පිරිවෙ
නට ගෙන්නව ගන්න මහත්තයට මේකි
විතරමද ඉන්නෙ.ලොකු මහත්තය රස්සාවක්
දුන්න.අපිට ඒක හොදයි."

කියමින් නිලන්ති ගේ අතකින් අල්ලා ඇද්දාය.
ඇද්ද වේගයට ඇය බයිසිකලයේ රෝදයේ හැපී
පසකට තල්ලු විය.

"නැන්දෙ , මම කියන දේ පොඩ්ඩක් අහංන.
රස්සාවක යනවට මම විරුද්ද නෑ නැන්දේ.
මේ සැරේ ව්භාග ලියල ඉවර වෙල යවන්න.
නිලන්තිට විභාගෙ පාස්වෙන්න පුළුවන්.
එහෙම උනොත් ආණ්ඩුවේ රස්සාවක් උනත්
හොයා ගන්න බැරිනෑ."

" ඔය විභාග පාස්වෙනොකොට බැරිය.අපිට
මේ දෙන්න හදන රස්සාව හොදටම හොද
යි."

නිලන්තිද ඇදගෙනම ගෙදර පැත්තට ගිය
අතර ඒ යන අතර කිහිප විටක්ම පසු පස හැරී
කමලසිරි දෙස බැලුවේ අම්මාගේ නෝක්කාඩු
කතාවට තමාද අසරණවූ බව ඇගවීමටය. කමලසිරිට කරකියාගත දෙයක් නොවීය.හිතට නැගුණු කේන්තිය දරා ගත්තේ දැඩි ආයාසයකි කින්ය.

නිලන්ති සමග වචනයක්වත් කතා කරගැනීම
ට නොහැකි වීමෙන් හිතට දැනුන වේදනාව
සංසිදවා ගැනීම පහසු නොවුවීය.පංසලේදී
නිලන්ති කතා කලවිට එයට පිටුපා යෑම
නොකලානම් හොදයයිද කියා සිතට දැනුනේය.
එයටත් වඩා කමලසිරිගේ හදවත ලතවන්නේ
ලොකු මහත්තයා ගේ ඔපීසියේ වැඩට නිලන්ති
යන එක වලක්වා ගන්නේ කෙසේද යන ගැටළු
ව විසදාගන්නේ කෙළෙසද යන්න ගැනය. ලොකු මහත්තයා ගේ කල්ක්‍රියාව හොදින්
දන්නා නිසා කාර්යාලයේ ඇය වැඩට ගැනීමෙන්
ඇතිවිය හැකි අයුතු ක්‍රියාවන් සිතේ මැවෙන්න
ට විය.මේ නිසා කමලසිරි ට නිලන්තිව කෙසේ
හෝ හමුවනකම් ඉවසුමක් නැත.

දින ගෙවී ගියේ නොදැනීමය.සිරියාවතී නැන්දා මේ දවස් කිහිපයේම ගෙදරින් එළියට
නොයෑම නිසා නිලන්තිව හමුවීමට අවස්ථාව
ක් නොලැබීය.ඉරිදා රාත්‍රියේ කමලසිරි සෙමින්
සෙමින් නිලන්තිගේ ගෙදර පිටු පසට ආවේ
අඩි ශබ්ධයක් වත් නොඇසෙන ලෙසටය.හද එළිය තරමක් වැටී තිබූ රාත්‍රියක් වීම නිසා ගල් මුල්වල නොවැදී ගෙයි පිටුපස පැත්තෙන් එන්නට අපහසුවක් නොවීය.වැසිකිලිය තිබෙන්නේ ගෙදර කුස්සියට මදක් දුරින් පල්ලමට වන්නය.කොයි මොහොතක හෝ නිලන්තිව වැසිකිලයට යන්නට ආවොත් ඇය සමග යන්තමින් හෝ කතාබහක් කළ හැකිවේ යයි ඔහුට සිතින.එතෙක් ඉවසුමක් නැත.

වැසිකිලිය ළග කොස් ගසට මුවාවී සෑහෙන වේලාවක් රැදී සිටියත් තවමත් කිසිවෙකුත් එළියට එන පාටක්නම් නොපෙනේ.වසා තිබූ කුස්සියේ දොර අරින සද්දයක් ඇසින. කමලසිරි නොපෙනෙන සේ හොදින් ගසට මුවා වී යාන්තමින් කුස්සිය පැත්ත බැලුවේය එළියට ආවේ සිරියාවතී නැන්දාය.මොනවදෝ පල්ලම පැත්තට වීසිකර නැවතත් ඇතුලට ගිය අතර දොර වහන්න එපා කියන හඩක් යන්තමින් ඇසින.

කුප්පි ලාම්පුවත් දල්වාගෙන එළියට ආවේ
නිලන්තිය.නිලන්ති ගේ ගෙවල් පැත්තට
විදුලිය නැති නිසා රෑට එළියට පහලියට එන්නේ මෙලෙසය.

ලාම්පුවේ දැල්ලේ එළියත් ,ගස්වල අතු ඉති
අතරින් ගලා එන සද එළියත් නිලන්තිගේ
මුහුණු මත වැටීමෙන් දිස්වන සුන්දරත්වය
කමලසිරි ගේ හෘදය ප්‍රේමයේ හැගීමෙන් කුල්
මත් වුවේය.ඇය ළගට පැන සිපගන්නට තරම
ට සිත කැලබිණ.

ඇය ආවේ වැසිකිළියටය.මේ අසල කමලසිරි
සිටීයයි කිසිවිටෙකත් නොසිතිණ.නිලන්තී එතනට ළංවෙත්ම..

ඉතාමත් හීන් හඩින් ..

" මම කමසිරි......" කී අතර නිලන්ති ඒ හඩ
ඇසී හතර වටේ නෙත් යොමා බැලුවාය.
ක්ෂනයෙන් කමලසිරි ඇයට ළංවිය.ලාම්පුව නිවීය.දෑතින්ම ඇය තුරුළු කරගත්තාය.

" අම්ම තාම කුස්සියෙ.බය නැතිව ආව හැට"

කමලසිරි ගේ පපුව මතට අත්ලෙන් තට්ටු
කරමින් මුහුණ නටම ළංවී කණට කිට්ටුකර
මුව තබා කීවාය.

" මගෙ රත්තරං ලොක්කගෙ ළග රස්සාවට
යන්න එපා.ඔයා ගෙන්නව ගන්නෙ හොද
කට නෙවෙයි.ඕක මහ කොටිය.අම්මට
ඕකගෙ හැටි තේරෙන්නෙ නෑ."

" අම්ම බලකරණව නේ.මම මොකද්ද කරන්
නෙ ,මට හිතාගන්න බෑ කරන්න ඕන
මොකද්ද කියල රත්තරනේ"

කමලසිරි ගේ ලයමත හිස තබාගෙන නිලන්ති කෙදිරි හඩින් කීවාය. සද එළියේ පැහැයෙන් ඔපවත් වන නිලන්ති සරාගී නෙතග දෙස
කමලසිරි බලාසිටියේ හදවත පිරීයන ආලයෙනි.මේ නිසාම ඇය කියූ වදන් නෑසුන තරම්ය.

" පොඩි දුවේ අක්ක තාම කක්කුසියට ගිහින්
ආවෙ නැද්ද"

සිරියාවතී නැන්දා හයියෙන් අසන සද්දය පහළට ඇසුනා.

" අම්ම මම හොයනව.ඔයා යන්න.එළියට
ආවොත් අම්ම දකී."

කමලසිරි ඇයගේ නලල සිප ගෙන...
" මම යන්නං රත්තනේ.අරක බෑ කියන්න."

ඇය අල්ලාගෙන සිටි අත අතහරිමන්
කමලසිරි රහසක් කියන්නා සේ කියමින්
කොස්ගසට මුවා විය.

________________________________________________
16 වන පිටුව ඊළගට.

23/08/2026

ජරා පුරුදු අත් හරිමු....

නැවත පළකරණ ලොකු මහත්තයා ගමට ඇවිල්ලා කතාවේඅද 14 වන පිටුව..
23/08/2026

නැවත පළකරණ
ලොකු මහත්තයා ගමට ඇවිල්ලා කතාවේ
අද 14 වන පිටුව..

"ලොකු මහත්තයා
ගමට ඇවිල්ලා"
කතාවේ අද 14 වන පිටුව
_____________________________________________

හෙට සිටම ඔපීසියේ වැඩට එන්නට කී කතාව
ට නිලන්තිගේ හිත අවුල් සහගත වුවද,
එය ශාන්තට නම් ඉවසුම් නැති සතුටක් විය.
නිලන්තිගේ බිමට යොමු ගෙන වුන් මුහුණ දෙස බැලූ ශාන්තට දිය පොදක් නැතිව පෙති
හැකිළුනු මලක සේ මැලවුන නෙත ගැටිණ.

ලොකු මහත්තයා ගේ මේසය මත තිබූ රිසිවරය ට්‍රීන් ගා නාද දෙන්නට වූවේය.ගමේ තැපැල් කන්තෝරුවේ හැරුණ විට දුරකතනයක් තියෙන්නේ ලොකු මහත්තයා ගේ ඔපීසියේ විතරය. එය ලොකු මහත්තයා ගේ ධනය හා බලය පෙන්නන මෙවලමක් බදුය.ගම්මුන්ට ද එය මහා ලොකුවකි.

නිලන්ති මීට පෙර දුරකතනයක් නාද වෙනු
අසා නැත.ඇය ගේ බිමට හැරවී තිබූ දෙනෙත්
දුරකතනයේ සීනු හඩට දෙසට නොදැනීම
යොමු වූවාය.ලොකු මහත්තයා දුරකතන ඇමතුට සම්බන්ධවී කතා කළේ ඉංගිරිසි බසින්ය. එය ශාන්තට මහත් ලෙකු කමකි. වරින් වර හිස හරවමින් නිලන්ති දෙස බැලුවේ ඒබව ඇගවීමටය.

" මහත්තයට වැද පං. හෙට එනව නේ"

නිලන්තිගේ ළගට විත් අම්මා එය කීවේ නියෝගයක් විලසින්ය.
දුරකතන ඇමතුමෙන් පසු ලොකු මහත්තයා
ළගට වැදීමට ගිය නිලන්ති ගේ දෑත අල්ලා
ගෙන ..

" අඩු පාඩු මොනවත් තියෙනවද?
අපේ ගෙදරට ගොඩවෙල යන්න.මම කියන්
නං නෝනට .හම්බවෙල යන්න සිරියාවතී."

එසේ කියමින් කමීසයේ සාක්කුවට අත දැමූ
ලොකු මහත්තයා රුපියල් 100 නෝට්ටු දෙකක්
ඇයගේ අතේ තැබීය.මෙතරම් මුදලක් මින් පෙර
නිලන්තිගේ අතට නොලැබීම නිසා ඇයට මෙය
ඇදහාගත නොහැකි තරම්ය.ඇය ගේ නෙත්
නොදැනීම ලොකු මහත්තයා ගේ දෑස වෙත
යොමු වුණි.

" ඔය සල්ලි වලින් ඇදුමක් ගන්න.මේක මගේ
ගානේ."

ලොකු මහත්තයා එසේ කියමින් දුරකතන
ඇමතුමක් ගත්තේ ඉහළ දොළපීල්ල වත්තේ
නිවසටය.

" දැන් සිරියාවතී එයි.රුපියල් පන්සීයක්
දෙන්න."

කියමින් රිසිවරය තැබීය.ඇමතුම ගත්තේ
අනෝමා හාමුටය.

" ශාන්තත් උඩහට ...ගියානං"

ලොකු මහත්තයා නලල පිස දමමින් කීවේය.
සිරියාවතී නැන්දා හිස නමා ගරුබුහුමන් කරමින් එතනින් පිටත්ව ආවේ ලොකු මහත්තයාගේ මහ ගෙදරටය.ඒ එනවිට අනෝමා හාමු මැද සාලයේ ලොකු පුටුවකට බරවී පුවත් පතක් බලමින් සිටියාය.

" හමු,අපි මේ ආවේ.."

සිරියාවතී ගේ හඩ ඇසුණු අනෝමා හාමු..

" මේ සිරියාවතී ගෙ දුවද?.ශක් හරි ලස්සන
යි නේ. කොහෙද හංගන් හිටියෙ මෙච්චර
දවසක්.."

ඒ කාරුණික වදන් මෙතෙක් මානසික පීඩනයකට අසුව සිටි නිලන්තිට මහත් අස්වැසිල්ලක් විය. ඇයගේ මුහුණේ මෙතෙක් තිබූ අදුරු බවට යම් හෝ එළියක් වැටුනේ දැන්ය.අනෝමා හාමු නිලන්තිගේ ළගටම විත් ඇය ගේ හිස අතගාමින්..

" මට සුරවීර කිව්ව හෙට ඉදළ ඔපීස් එකේ
වැඩට එනව කියල. සිරියාවතී මට මෙයා
ගැන කියල තිබ්බනේ.හැබැයි මේ දකිනකම්
මෙච්චර හැඩ කෙල්ලක් ඉන්න බව නම්
කිව්වෙ නෑ."

අනෝමා හාමු දෑස කරකවමින් ලතාවකට
සිත් ගන්නා විලාසයෙන් කීවාය.ඒ කතාවට
සිරියාවතී නැන්දාගේ මුහුණේ මලක් පිපුනා සේය.

" හාමු, මම මෙයාට ගෙදරට ගිහින් කීප
දවසක් කිව්ව එන්නෙයි කියල.ගනන්
ගත්තෙ නෑ.අපි කළුයි නේ"

ඒ කතාවට නිලන්ති ශාන්ත දෙස බැලුවේ
නොරිස්සුම් ස්වභාවයෙන්ය.
නිලන්ති ගේ හැඩය ගැන කියන විට ශාන්ත
ට ද ඉවසුම් නැතිතරම්ය.ඔහුගේ හිතේ ඇදී
ඇති බලාපොරොත්තුව නිලන්ති වැඩට ඒමෙන්
සපල කරගත හැකිවේයයි විශ්වාසයක් තිබීම
එයට හේතු වූවේය.

ලොකු මහත්තයා ළගදී නිලන්තිට දැනුන බිය
කරු හැගීම හා අමුත්ත , අනෝමා හාමු ළගදී
නොදැනුනාය. ඇය කතා කල ස්වරයේ ගැබ් වූ
සෙනෙහෙබර හැගීමෙන් නිලන්ති ගේ අප්‍රානික වූ හැගීම් ප්‍රානවත් වන්නට වූවාය.

" අනෝම හාමුයි ලොකු මහත්තයයි අපිට
දෙයිය වගෙයි.කොච්චර අමාරුවෙන්ද
මේකි ඇදගෙන ආවෙ.එන්න බෑමෙයි කිව්ව."

සිරියාවතී,දියණියගේ මුහුණ දෙස රවා බලමින්
කිව්වා.

" මම තමයි ඔය යෝජනාව ගෙනාවෙ.
ලොකු මහත්තයට කිව්වෙ ඔපීසියට ගන්න
වනං හොද කෙනෙක් ඉන්නව. මෙයා ගැන
කිව්වෙ.කන්දෙ ජිනදාස අයියගෙ ඉස්සල්ල
පවුලෙ කෙල්ලෙක් ඉන්නව මල්කාන්ති කියල.
ඒකි ගන්න හිටියෙ.හරි නැට්ටික් කාරියක්.
ඒක බ්රේක් කරල තමයි මෙයා ගැන කිව්වෙ."

ශාන්ත මහත් උචාරුවෙන් අත් ඒ මේ දෙසට
වනමින් පැවසුවේය.

" ශාන්ත ඉතින් ගෑනු ළමයි ගැන හොදට
දන්නව නේ.."

අනෝමා හාමු උපහාසාත්මක සිනහවක් පාමින් නිලන්ති දෙසට නෙත් යොමා කීවාය.
______________________________________________
ඊළගට 15 වන පිටුව

Address

8/29, Grestorn Park
Polgasowita

Telephone

+94775330778

Website

Alerts

Be the first to know and let us send you an email when Piyavi පියවි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Piyavi පියවි:

Shortcuts

Share

Category