Nature Beauty.

Nature Beauty. ස්වභාව ධර්මය මගේ හදවතයි. ස්වභාව ධර්මය මගේ උරුමයයි.

07/07/2026

මිනිස්සු වෙනස් වුණාට මතක ඉතුරු වෙනවා නේද?

අත්පොඩි තැලුණුනෙතු කඳුළු පිරුණුඒ මහා ප්‍රේක්ෂකාගාරයමඅද නිහඬ වෙලා...කළු ලෝගුවේ උණුසුමතවමත් රඳවාගෙනරතු ගඩොල් පඩිපෙළක් උඩතන...
07/07/2026

අත්පොඩි තැලුණු
නෙතු කඳුළු පිරුණු
ඒ මහා ප්‍රේක්ෂකාගාරයම
අද නිහඬ වෙලා...

කළු ලෝගුවේ උණුසුම
තවමත් රඳවාගෙන
රතු ගඩොල් පඩිපෙළක් උඩ
තනිවෙලා මම...
සරසවි ජීවිතේ අන්තිම දවස
හීන් හුළඟකට මුසු කරමින්.

මේ පඩිපෙළවල් දිගේ
කී දෙනෙක් නම් ඇවිද යන්න ඇතිද?
"මනමේ" කුමරියගේ විලාපයට
"සිංහබාහු" ලේ විලට
අපි එකට හඬා වැටුණු හැටි...

හන්තානෙන් හමා ආ
සීතල කඳුළු බිඳක් කළා
කම්මුල දිගේ ගලායන.
උපාධි සහතිකය දෑතේ තියෙද්දීත්
හිතේ තියෙන්නේ හිස්බවක්...

හෙට මම මෙතන නෑ,
දේශන ශාලා, සෙනෙහස පිරුණු නේවාසිකාගාර
හැමදේම අතීතයට
විතරක්ම අයිති වෙයි.
ජීවිතයේ නියම රංගනය
රඟපාන්නයි මේ සූදානම.

රඟහලෙන් නික්ම යන්නට පෙර
අන්තිම වතාවටත් මම හැරී බැලුවා...
සරසවි මෑණියනි,
ඔබ දුන් දෑතින් මම ලෝකය දකින්නම්!

ඡායාරූපය මුහුණු පොතෙන්

07/07/2026
🚨 අතුරුදන්වීම් දැන්වීමයි / LOST NOTICE 🚨පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේදී මගේ මුදල් පසුම්බිය (Purse එක) අස්ථානගත වී...
05/07/2026

🚨 අතුරුදන්වීම් දැන්වීමයි / LOST NOTICE 🚨
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේදී මගේ මුදල් පසුම්බිය (Purse එක) අස්ථානගත වී ඇත.

හිමිකරුගේ නම: E. Duleesha Sandamali

වර්ගය/පාට: රතු පාට පර්ස් එකක් (Red color purse)

ඇතුළත තිබූ වැදගත් දේවල්:

විශ්වවිද්‍යාල හැඳුනුම්පත (University ID)

ජාතික හැඳුනුම්පත (NIC)

තවත් වැදගත් ලිපිලේඛන සහ මුදල්

සරසවි පරිශ්‍රයේ හෝ ඒ අවට තිබී මෙය කාට හෝ හමු වුවහොත්, කරුණාකර පහත දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මෙය දුටු පිරිස ශෙයාර් කර උදව් වන්න. 🙏

📞 ඇමතුම්:

071 1791935

071 2297412

05/07/2026
05/07/2026

🌼🌷🌸🌼🌷🌸🌼🌷🌸
නමෝ බුද්ධාය!

ශ්‍රී ලාංකේය නූතන ඉංජිනේරු තාක්ෂණයේ ප්‍රමුඛ කේන්ද්‍රස්ථානයක් වන පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීඨයේ *76 වන සංවත්සරය* සමරනු වස් ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය, ඉංජිනේරු පීඨ බෞද්ධ සහෝදර සංගමය සහ අධ්‍යන/අනධ්‍යන කාර්‍යමණ්ඩල එක්ව සංවිධානය කරනු ලබන සැමරුම් වැඩසටහන,

🌼ජුලි මස 1වැනිදා -අති ගම්භීර පටිච්චසමුප්පාද ධර්ම දේශනාව සහ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය

🌼ජුලි මස 2වැනිදා - උදෑසන දානමය පිංකම

වැඩසටහන සමග එක්ව කුසල් පුරාගන්නට ඔබ සැමට මෙත් සිතින් ආරාධනා...

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය සහ ඉංජිනේරු පීඨ බෞද්ධ සහෝදර සංගමය

Address

Polgasowita

Alerts

Be the first to know and let us send you an email when Nature Beauty. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category