Focus News

Focus News 👉 දැනුවත් වන්න ... අවදානයෙන් සිටින්න... 👍

30/06/2026

🚨දිවුලපිටිය පොසොන් පෙරහර පසුගියදා වීථි සංචාරය කරයි .

🇱🇰පොසොන් දින පණිවුඩය.ශ්‍රී සම්බුද්ධ ශාසනය මෙරට ස්ථාපිත කළ මිහිඳු මහ රහතන් වහන්සේගේ ඓතිහාසික ධර්ම දූත මෙහෙවර සිහිපත් කරමි...
28/06/2026

🇱🇰පොසොන් දින පණිවුඩය.

ශ්‍රී සම්බුද්ධ ශාසනය මෙරට ස්ථාපිත කළ මිහිඳු මහ රහතන් වහන්සේගේ ඓතිහාසික ධර්ම දූත මෙහෙවර සිහිපත් කරමින් සැමරෙන උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය ආධ්‍යාත්මික අවබෝධය, ප්‍රඥාව සහ සමාජ සමානාත්මතාව අපට සිහිපත් කරන ඉතා පුණ්‍යවන්ත දිනයකි.

පොසොන් පොහොය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ආගමික සිදුවීමක් පමණක් නොව, ජාතික චින්තනය, සංස්කෘතිය සහ සදාචාරාත්මක ජීවන රටාව පරිවර්තනය කළ ඓතිහාසික සංධිස්ථානයකි.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලාංකිකයන් සමග දේශනාව දායාද වූ බෞද්ධ දර්ශනය, ස්වදේශී ගොඩනැගුණු පුරා අපගේ ජාතික අනන්‍යතාව හැඩගැස්වූ අමිල උරුමයක් බවට පත්විය.

පොසොන් පොහොය අපට සිහිපත් කරන්නේ සැදැහැ සංවර්ධනය ආරම්භ වන්නේ මිනිසාගේ සිත තුළින් බවයි. කරුණාව, දයාව, සමානාත්මතාව, විනය සහ වගකීම වැනි උතුම් බෞද්ධ වටිනාකම් සමාජයේ පදනම බවට පත් කළ හැකි නම්, සාමකාමී, සාධාරණ සහ සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම අපට වඩාත් පහසු වනු ඇත.

අද අපේ රට නව බලාපොරොත්තු සහිත ගමන් මඟකට පිවිස සිටී. එම ගමන සාර්ථක කර ගැනීමට ආර්ථික ප්‍රගතිය පමණක් නොව, සදාචාරාත්මක වටිනාකම්වලින් සුපෝෂිත සමාජයක්ද අවශ්‍ය වේ. පොසොන් පොහොයයේ සැදැහැ භරිත වන සදාචාරය, අවිහිංසාව සහ මානව දයාව, ජනතා අපේක්ෂා ඉටු කරන සාධාරණ හා සර්ව සාධාරණ රටක් ගොඩනැඟීම වෙනුවෙන් වූ රජයේ අරමුණ වෙත මඟපෙන්වීමකි.

උදාවූ වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය සියලුම බෞද්ධ ජනතාවගේ ජීවිතවලට නිවීම, සැනසීම, ප්‍රඥාව සහ සෞභාග්‍ය උදා කරන පින්බර පොහොය දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

 # # # 🇱🇰 ජාතික ප්‍රගතියට සාමූහික කැපවීම අත්‍යවශ්‍යයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියජාතික ප්‍රගතිය අත්කර ගැනීම සඳහා සාමූහ...
28/06/2026

# # # 🇱🇰 ජාතික ප්‍රගතියට සාමූහික කැපවීම අත්‍යවශ්‍යයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

ජාතික ප්‍රගතිය අත්කර ගැනීම සඳහා සාමූහික ප්‍රයත්නයන් සහ පොදු කැපවීම අත්‍යවශ්‍ය බවත්, දැනුමෙන්, කුසලතාවයෙන් සහ හැකියාවෙන් පිරිපුන් සමාජයක් බිහිකිරීමට උසස් අධ්‍යාපනය ශක්තිමත් කළ යුතු බවත් ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

කොළඹ පිහිටි බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) හිදී පැවති ශ්‍රී ලංකා සංස්ථාගත ඉංජිනේරුවන්ගේ ආයතනයේ (IIESL) 48 වැනි වාර්ෂික සැසිවාරයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.

මෙහිදී නව සාමාජිකයින් වෙත සාමාජිකත්ව සහතික ප්‍රදානය කිරීමද අග්‍රාමාත්‍යවරිය අතින් සිදු වූ අතර, ජාතික සංවර්ධනය සඳහා ඉංජිනේරු වෘත්තිකයන් ලබාදෙන දායකත්වය ඉතා වටිනා බවද ඇය අවධාරණය කළාය.

ගෝලීය ආර්ථික පරිසරයේ වේගවත් වෙනස්වීම් හමුවේ ඇතැම් සුදුසුකම් සඳහා පවතින සීමිත ජාත්‍යන්තර පිළිගැනීම හේතුවෙන් දක්ෂ වෘත්තිකයන්ගේ රැකියා හා වෘත්තීය ප්‍රගති අවස්ථා සීමා වන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, එම අභියෝගවලට විසඳුම් ලබාදීම ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ වර්ධනයට මෙන්ම ජාත්‍යන්තර තරගකාරිත්වය ඉහළ නැංවීමටද අත්‍යවශ්‍ය බව සඳහන් කළාය.

එමෙන්ම උසස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ ජාතික අරමුණක් බවත්, සිසුන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කරමින් රටේ අනාගත සංවර්ධනයට ඵලදායී ලෙස දායක විය හැකි අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීමට රජය කැපවී සිටින බවත් ඇය ප්‍රකාශ කළාය.

අධ්‍යාපන ආයතන, වෘත්තීය සංවිධාන, කර්මාන්ත ක්ෂේත්‍රය සහ රජය අතර සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යා හැක්කේ සියලු පාර්ශ්ව එක්ව ක්‍රියා කරන සාමූහික උත්සාහයක් තුළින් පමණක් බවද අවධාරණය කළාය.

📰 *අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය*

🏥 **කළුබෝවිල රෝහලට අති නවීන Cath Lab ඇතුළු නව රෝග විනිශ්චය ඒකක 3ක් ජනතා අයිතියට**ශ්‍රී ලංකාවේ රෝග විනිශ්චය හා ප්‍රතිකාර ...
28/06/2026

🏥 **කළුබෝවිල රෝහලට අති නවීන Cath Lab ඇතුළු නව රෝග විනිශ්චය ඒකක 3ක් ජනතා අයිතියට**

ශ්‍රී ලංකාවේ රෝග විනිශ්චය හා ප්‍රතිකාර සේවාව තවත් නවීන තත්ත්වයකට ගෙන යමින්, **දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල)** වෙත අති නවීන **හෘද කැතීටරීකරණ රසායනාගාරය (Cath Lab)** ඇතුළු රෝගී ප්‍රතිකාර ඒකක තුනක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

මෙම නව පහසුකම් **ජූනි 30 වනදා** සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය **වෛද්‍ය නලින්ද ජයතිස්ස** මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර, එමඟින් රෝගීන්ට වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ නිරවද්‍ය ප්‍රතිකාර සේවාවක් ලබාදීම අපේක්ෂා කෙරේ.

මෙහිදී ජනතා අයිතියට පත් කෙරෙන ප්‍රධාන ඒකක වන්නේ,

🔹 **හෘද කැතීටරීකරණ රසායනාගාරය (Cardiac Catheterization Laboratory - Cath Lab)**
🔹 **ඩිජිටල් ඇන්ජියෝග්‍රැෆි ඒකකය (Digital Subtraction Angiography - DSA Unit)**
🔹 **ලිතොට්‍රිප්සි ඒකකය (Lithotripsy Unit)** – වකුගඩු හා මුත්‍රා මාර්ගයේ ගල් කුඩු කිරීම සඳහා වන නවීන ප්‍රතිකාර ඒකකයයි.

මෙම ව්‍යාපෘතියත් සමඟ මෙම සතිය තුළම රජයේ රෝහල් පද්ධතියට **අති නවීන Cath Lab ඒකක 4ක්** එක්වන අතර, පසුගිය 27 වැනිදා **යාපනය ශික්ෂණ රෝහලේ** Cath Lab ඒකකයද ජනතා අයිතියට පත් කෙරිණි. කළුබෝවිල රෝහලේ මෙම ඒකකයත් සමඟ **කොළඹ ජාතික රෝහලට** Cath Lab ඒකක දෙකක්ද ඉදිරියේදී එක් කිරීමට සැලසුම් කර තිබේ.

මෙම නවීන පද්ධතිවල **කෘත්‍රිම බුද්ධිය (AI)** මත පදනම් වූ **Real-time Imaging** තාක්ෂණය භාවිතා වන අතර, එමඟින් විකිරණ නිරාවරණය සැලකිය යුතු ලෙස අඩු කරමින් ඉහළ ගුණාත්මක රූප ලබාගැනීමට හැකි වේ. ඒ හේතුවෙන් හෘද හා රුධිර නාල ආශ්‍රිත රෝග හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීම වඩාත් නිරවද්‍ය හා ආරක්ෂිතව සිදු කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ, මෙම නව පහසුකම් මඟින් රෝග විනිශ්චය සඳහා ඇති **පොරොත්තු ලේඛන කාලය අඩු කරමින්**, ජනතාවට වේගවත්, නිරවද්‍ය සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකි වනු ඇති බවයි.

🚨*තෙලිප්පලෙයි මූලික රෝහල මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට ගැනීමේ හැකියාව පිළිබඳ පුළුල් සමාලෝචනයක්**ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය ...
28/06/2026

🚨*තෙලිප්පලෙයි මූලික රෝහල මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට ගැනීමේ හැකියාව පිළිබඳ පුළුල් සමාලෝචනයක්*

*ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීමට රජය කැපවී සිටිනවා – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්*

*තෙලිප්පලෙයි රෝහල සම්බන්ධයෙන් පරිපාලනය, වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයන් සහ අදාළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබාගෙන පමණක් අවසන් තීරණය ගන්නවා – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස*

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ එක්ව තෙලිප්පලෙයි මූලික රෝහලේ නිල නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

මෙම අවස්ථාවේදී, වර්තමානයේ උතුරු පළාත් සභාවේ පරිපාලනය යටතේ ක්‍රියාත්මක වන තෙලිප්පලෙයි මූලික රෝහල මධ්‍යම රජයේ පරිපාලනය යටතට පත් කිරීමේ හැකියාව පිළිබඳ පුළුල් සාකච්ඡාවක් පැවැත්විණි. රෝහලේ සේවා තත්ත්වය ඉහළ නැංවීම, පරිපාලන හා සම්පත් කළමනාකරණය ශක්තිමත් කිරීම සහ රෝගීන්ට ලබාදෙන ප්‍රතිකාර සේවා තවදුරටත් පුළුල් කිරීම පිළිබඳ කරුණු මෙහිදී අවධානයට ලක් විය.

එමෙන්ම, රෝහලේ පවතින කාර්ය මණ්ඩල හිඟය, විශේෂඥ වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලයේ අවශ්‍යතාව, වෛද්‍ය උපකරණවල හිඟය, සෞඛ්‍ය සේවකයන්ගේ ගැටලු, යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව සහ රෝගී සේවා පුළුල් කිරීම සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අමාත්‍යවරු රෝහලේ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය සේවකයන් සහ පරිපාලන නිලධාරීන් සමඟ සෘජුව සාකච්ඡා කරමින් ඔවුන් මුහුණ දෙන අභියෝග, අවශ්‍යතා සහ සේවා සංවර්ධනය සඳහා වූ යෝජනා පිළිබඳ අදහස් විමසා බැලූහ. ඉන් අනතුරුව රෝහලේ විවිධ වාට්ටු නිරීක්ෂණය කරමින් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසා බැලූ අතර, ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක වන ආකාරයද නිරීක්ෂණය කළහ.

මෙම නිරීක්ෂණ චාරිකාවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය එස්. ශ්‍රීභවානන්දරාජා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් ශාලින්ද බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන්, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ, තෙලිප්පලෙයි මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ඒ. දේවනායගම්, යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, රෝහල් සේවකයන් සහ රෝහල් සංවර්ධන කමිටු සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, තෙලිප්පලෙයි මූලික රෝහලේ සංවර්ධනය සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සමාලෝචනය කළ බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

"දැනට ඉදිකරමින් පවතින තෙමහල් ගොඩනැගිල්ලේ වැඩ ලබන වසර තුළ අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම රෝහලේ සංවර්ධනය සම්බන්ධයෙන් විවිධ ඉල්ලීම් අප වෙත ලැබී තිබෙනවා. විශේෂයෙන්ම පිළිකා ප්‍රතිකාර ඒකකයක් පිහිටුවීම පිළිබඳ ඉල්ලීම් රැසක් ඉදිරිපත් වී තිබෙනවා.

වර්තමාන පරිපාලන ව්‍යුහය වහාම වෙනස් නොකර පවත්වාගෙන යාමයි අපගේ ස්ථාවරය. එමෙන්ම, ඔබ ඉදිරිපත් කළ යෝජනා අනුව පිළිකා ප්‍රතිකාර ඒකකය විශේෂ ඒකකයක් ලෙස මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පත් කිරීම සහ අනාගතයේදී සමස්ත රෝහලම මධ්‍යම රජයේ පරිපාලනය යටතට පත් කිරීමේ හැකියාව පිළිබඳවද සලකා බලනවා.

දිස්ත්‍රික් සංවර්ධන කමිටුව මගින් රෝහල මධ්‍යම රජය යටතට පත් කිරීමේ යෝජනාවක් සම්මත කර තිබුණද, රෝහලේ පරිපාලනය, වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයන් සහ අදාළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබාගෙන පමණක් අවසන් තීරණය ගන්නවා. ඒ සඳහා අමාත්‍යාංශය මගින් විශේෂ කමිටුවක් පත්කර අවශ්‍ය නිර්දේශ ලබාගැනීම සුදුසු පියවරක් වනු ඇත." යනුවෙනි.

අනතුරුව අදහස් දැක්වූ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සඳහන් කළේ, තෙලිප්පලෙයි මූලික රෝහල උතුරු ජනතාවගේ සෞඛ්‍ය සේවාවේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

"තෙලිප්පලෙයි මූලික රෝහලේ සේවය කරන වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයන් සම්පත් හිඟය මධ්‍යයේ වුවද ඉතා කැපවීමෙන් සේවය කරනවා. ඔවුන් පෙන්වා දී ඇති අඩුපාඩු සහ අවශ්‍යතා පිළිබඳව රජය සම්පූර්ණ අවධානය යොමු කර තිබෙනවා. ඒවාට අදියරෙන් අදියර විසඳුම් ලබාදීමට කටයුතු කරනවා.

මෙම රෝහලේ පවතින ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දැනුවත් කර තිබෙනවා. ජනතාවට ගුණාත්මක, සමානාත්මතාවයෙන් යුත් සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය සියලු සහාය රජය ලබාදෙනවා.

සමහරු මෙම රෝහල මුල්කරගෙන දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරනවා. සෞඛ්‍ය සේවාව දේශපාලන වේදිකාවක් නොව, ජන ජීවිත රැකගන්නා අත්‍යවශ්‍ය සේවාවක්. ඒ නිසා දේශපාලන වෙනස්කම් පසෙකලා රෝහලේ සංවර්ධනය සහ ජනතා සුබසාධනය වෙනුවෙන් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි. ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් තවදුරටත් ඉහළ නැංවීමට රජය අඛණ්ඩව කැපවී සිටිනවා." යනුවෙන් පැවසීය.

 # **ජාතික හැඳුනුම්පත නැති නිසා වැඩිහිටි දීමනාව අහිමි වූවන්ට සුබ ආරංචියක් – කඩිනම් හැඳුනුම්පත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ඇ...
28/06/2026

# **ජාතික හැඳුනුම්පත නැති නිසා වැඩිහිටි දීමනාව අහිමි වූවන්ට සුබ ආරංචියක් – කඩිනම් හැඳුනුම්පත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ඇරඹේ**

ජාතික හැඳුනුම්පත නොමැති වීම හේතුවෙන් මාසික වැඩිහිටි දීමනාව ලබා ගැනීමට නොහැකි වූ අඩු ආදායම්ලාභී පවුල්වල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කඩිනම් ජාතික හැඳුනුම්පත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින්, වයස අවුරුදු 70ට වැඩි අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් **5,000ක මාසික දීමනාවක්** ලබාදෙන අතර, පෙර රුපියල් 3,000ක්ව පැවති එම දීමනාව රුපියල් 5,000 දක්වා ඉහළ නැංවීමටත්, ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව මිලියනයක් දක්වා වැඩි කිරීමටත් රජය තීරණය කර තිබේ.

මේ වන විට **'අස්වැසුම' ගිණුම්** හරහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් **698,790 දෙනෙකුට** සහ තැපැල් කාර්යාල මගින් **232,496 දෙනෙකුට** මෙම දීමනාව ලබාදෙන නමුත්, **ජාතික හැඳුනුම්පතක් නොමැති වීම හේතුවෙන් පුද්ගලයන් 76,716 දෙනෙකුට** එම ප්‍රතිලාභය අහිමි වී ඇති බව අනාවරණය වී ඇත.

ඒ අනුව, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කඩිනමින් ජාතික හැඳුනුම්පත් සකස් කර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරයි.

ජාතික හැඳුනුම්පත නොමැති වීම නිසා වැඩිහිටි දීමනාව ලබා ගැනීමට නොහැකි වී සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හැකි ඉක්මනින් තම **ග්‍රාම නිලධාරී**, **ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරී** හෝ **වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී** හමුවී අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය දැනුම් දෙයි.

මීට අමතරව, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මගින් ප්‍රජා ශක්ති හා ප්‍රජා සංවර්ධන සභා ඔස්සේ අදාළ පුද්ගලයන්ගේ තොරතුරු රැස්කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබේ.

**📌 ජාතික හැඳුනුම්පත නොමැති වීම නිසා ඔබ හෝ ඔබගේ පවුලේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුට මෙම දීමනාව අහිමි වී ඇත්නම්, හැකි ඉක්මනින් අදාළ නිලධාරීන් සම්බන්ධ කරගෙන අවශ්‍ය ලියාපදිංචි කටයුතු සිදු කරන්න.**

🌧️ **ප්‍රදේශ රැසකට අදත් තද වැසි – කාලගුණයෙන් විශේෂ අනතුරු ඇඟවීමක්**දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල,...
28/06/2026

🌧️ **ප්‍රදේශ රැසකට අදත් තද වැසි – කාලගුණයෙන් විශේෂ අනතුරු ඇඟවීමක්**

දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (28) දිනය පුරා විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවන තරමක් තද වැසි ඇදහැලීමේ හැකියාව පවතින අතර, ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන් වේ.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර් 30–40 අතර තරමක තද සුළං හමා යා හැකි බවද අනාවැකියේ දැක්වේ.

⚠️ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

27/06/2026

🎭 **ගිනස් වාර්තා නර්තන වැඩසටහන සම්බන්ධයෙන් මතුව ඇති චෝදනාවලට සංවිධායකයින් අද මාධ්‍ය හමුවක් පවත්වා පැහැදිලි කිරීමක් සිදු කළේය.**

මුදල් එකතු කිරීම, ශිෂ්‍යත්ව ලබාදීම, ගිණුම් පරිහරණය සහ අමාත්‍ය සම්බන්ධතා ඇතුළු කරුණු රැසක් පිළිබඳ ඔවුන් අදහස් පළ කළ අතර, එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරමින් සියලු ගෙවීම් සඳහා ලේඛන සහ රිසිට්පත් පවතින බවද සඳහන් කළේය.

📰 වැඩි විස්තර පහතින්...

27/06/2026

⚖️ "ඇත්තටම චරිත්ට ටිල්වින් සිල්වා කතා කළාද?"

මෙය මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයට ලක්ව ඇති ප්‍රශ්නයකි.

චරිත් වැරදිද? නිවැරදිද? ඒ පිළිබඳව විවිධ මත පළ වුවද, සත්‍යය සහ නීතිමය වගකීම තීරණය කිරීම අධිකරණය සතු කාර්යයකි.

එබැවින්, අවසන් තීන්දුව ලැබෙන තෙක් තහවුරු නොවූ තොරතුරු සත්‍ය ලෙස ඉදිරිපත් කිරීමෙන් වැළකීම වැදගත්ය.

🗣️ — වරුණ රාජපක්ෂ

🏥 **රුපියල් මිලියන 300ක ආයෝජනයෙන් යාපනය ශික්ෂණ රෝහලට අති නවීන Cath Lab ඒකකයක්**උතුරු පළාතේ ජනතාවට වඩාත් කාර්යක්ෂම හෘද රෝ...
27/06/2026

🏥 **රුපියල් මිලියන 300ක ආයෝජනයෙන් යාපනය ශික්ෂණ රෝහලට අති නවීන Cath Lab ඒකකයක්**

උතුරු පළාතේ ජනතාවට වඩාත් කාර්යක්ෂම හෘද රෝග ප්‍රතිකාර සේවා ලබාදීමේ අරමුණින් රුපියල් මිලියන 300ක වියදමින් ඉදිකරන ලද අති නවීන **කැතීටකරණ රසායනාගාර (Cath Lab)** ඒකකය අද (27) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලේදී ජනතා අයිතියට පත් කෙරිණි.

නවීන AI තාක්ෂණයෙන් සමන්විත මෙම ඒකකය හරහා යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව ඇතුළු උතුරු පළාතේ ලක්ෂ 11කට අධික ජනතාවට තම පළාත තුළම විශේෂිත හෘද රෝග පරීක්ෂණ හා ප්‍රතිකාර ලබාගැනීමේ පහසුව සැලසෙනු ඇත. එමෙන්ම අනුරාධපුර, ත්‍රිකුණාමලය, බදුල්ල ඇතුළු ප්‍රදේශවල ජනතාවටද මෙම සේවාවෙන් ප්‍රතිලාභ හිමිවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම Cath Lab ඒකකය මගින් ඇන්ජියෝග්‍රැෆි, ඇන්ජියෝප්ලාස්ටි, ස්ටෙන්ට් තැන්පත් කිරීම, හෘද කපාට ආශ්‍රිත ප්‍රතිකාර සහ හෘද රිද්ම අසාමාන්‍යතා සඳහා වන විශේෂ පරීක්ෂණ ඇතුළු ජීවිතාරක්ෂක සේවා රැසක් ලබාදීමට හැකි වේ. විවෘත හෘද සැත්කම් අවශ්‍යතාව අවම කරමින් වේගවත් හා ආරක්ෂිත ප්‍රතිකාර ලබාදීම මෙම ඒකකයේ විශේෂත්වයකි.

උත්සවයෙන් අනතුරුව අමාත්‍යවරයා රෝහලේ ප්‍රධාන අංශ කිහිපයක් නිරීක්ෂණය කළ අතර, රෝගීන්ගේ සුවදුක් විමසා බැලීමටද කටයුතු කළේය. එමෙන්ම රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ රෝහල් උපකරණ තොගයක්ද මෙහිදී භාර දුන් අතර, ඉදිරියේදී අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කඩිනමින් ලබාදීමටත්, රෝහලේ මානව හා භෞතික සම්පත් සංවර්ධනය සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Address

No 110
Polonnaruwa

Telephone

+94740430551

Website

Alerts

Be the first to know and let us send you an email when Focus News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Focus News:

Shortcuts

Share