16/02/2022
# #
#වෙනස් විදියට නැවුම් විදියට ලෝකය දකින්න හුරුවෙමු #
දශක ගණනාවක් ආපස්සට ගියවිට අසම්මතයක්ව තිබූ ලිංගික සුලුතර ප්‍රජාව වර්තමානය වන විට ඉතාමත් නිදහස් දිවි පෙවෙතකට උරුමකම් කියනු ඇත....
නිතැතින්ම විය යුත්තේ එයයි....
මිනිසෙකු ලෙස ඉපදී සිටින කිසිවෙකු වෙනස් ජීවියෙකු වන්නේ නැත.... ඒ සියල්ලම එකම වර්ගයකය.....
රූපයෙන් බෙදා දැක්වීම ද සාධාරණ වන්නේ නැත.....
ඔබ ඔබව දකිනා ස්වාභාවයෙන් ඔබ්බට සමාජයට ඔබව විනිශ්චය කිරීමට නොහැක.....
මනුශයෙකු ලෙස උපන් ඕනෑම අයෙකුට මේ මිහිතලය මත වෙන් වෙන් වශයෙන් අයිතියක් ඇත....
කාන්තාවක ලෙස ඉපිද පිරිමියෙකු ලෙස ජීවත් වන්නට, ඇඳුම් පැළඳුම් භාවිතා කරන්නට ඕනෑම පුද්ගලයෙකුට අයිතිවාසිකම් ඇත.....
පිරිමියෙකු ලෙස ඉපිද කාන්තාවක ලෙස ජීවත් වන්නට ද එලෙසම අයිතීන් ඇත.....
ඔබ ජීවත් විය යුත්තේ සමාජයට නොව ඔබට අවංකවය....
ඔබ ප්‍රේම කරන්නේ ගැහැණියකටද නැතිනම් පිරිමියෙකුටද යන්න සමාජයට අවැසි නැත..... එය ඔබට දැනෙන හැඟෙන ආකාරයට සිදුවිය යුතුය.....
අනෙකාට මේ ලෝකය තුළ ඔහුට හෝ ඇයට අවැසි දේ කිරීමට ඇති අයිතිය උදුරා නොගන්න....
ලෝකයට භීතියෙන් කිසිවිට ඔබගේ හැඟීම් යටපත් නොකොට කිසිවෙකුට පීඩාවක් නොවන සේ ඔබ සතුටින් ජීවත් වන්න.....
එවිට මේ සියලු ප්‍රජාවන් තුළ වෙනසක් නොමැති බව ඔබට හැඟෙනු ඇත......