Divisional Secretariat - Polpithigama

Divisional Secretariat - Polpithigama පොල්පිතිගම ප්රාදේශීය ලේකම් කාර්යාලය

නිල ක්‍රීඩා වරුණ 2026 වයඹ පළාත් රාජ්‍ය සේවා වොලිබෝල් තරගාවලියේදී පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් දස්...
08/04/2026

නිල ක්‍රීඩා වරුණ 2026 වයඹ පළාත් රාජ්‍ය සේවා වොලිබෝල් තරගාවලියේදී පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් දස්කම් පෑ අපේ සහෝදර නිලධාරීන්ට අපගේ උණුසුම් සුබ පැතුම්!

07/04/2026

සුරකිමු ලංකා" බලශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම

"සුරකිමු ලංකා" බලශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම
07/04/2026

"සුරකිමු ලංකා" බලශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම

"ශ්‍රී දළදා මාළිගාවේ ගරු දියවඩන නිලමේතුමාගේ පරිත්‍යාගයෙන්, 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ පොල්පිතිගම ප්‍රාද...
17/03/2026

"ශ්‍රී දළදා මාළිගාවේ ගරු දියවඩන නිලමේතුමාගේ පරිත්‍යාගයෙන්, 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් පවුල් 82ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම, පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් 2026-03-16 වන දින කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී."

17/03/2026

"ක්ලීන් ශ්‍රී ලංකා" ජාතික වැඩසටහන සමග එක්ව ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මෙහෙයවන ප්‍රජා ඵලදායීතා ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ පොල්පිතිගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාඑළිය උතුර ග්‍රාම නිලධාරී වසමේ කුරුලුබැද්ද ගම්මානය ප්‍රජා ඵලදායීතා ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ සමාරම්භය 2026/03/16 දින නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සහ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව සිදු විය.

ඵලදායීතාවය තුලින්, අපේ රට සංවර්ධනය කරා රැගෙන යන මේ දැවැන්ත වැඩසටහනේ සාරාංශය ඔබට මෙම විඩීයෝව මගින් නැරඹිය හැකිය.
එක්වෙමු.! ප්‍රජා ඵළදායිතාවය තුලින් ක්ලීන් ශ්‍රී ලංකාවක් ගොඩ නංවමු!

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම - 2026"පොහොසත් රටක අබිමන – ඇය වේ දැයක පෙරමග" යන තේමාව යටතේ 2026.03.08 වන දින මඩගල්ල සනස බැං...
09/03/2026

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම - 2026

"පොහොසත් රටක අබිමන – ඇය වේ දැයක පෙරමග" යන තේමාව යටතේ 2026.03.08 වන දින මඩගල්ල සනස බැංකු ගොඩනැගිලි පරිශ්‍රයේදී ජාත්‍යන්තර කාන්තා දින උලෙළ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙහිදී යෝගට් නිෂ්පාදන පුහුණු වැඩසටහනක් සහ කාන්තා කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණු අතර, ඒ සඳහා වනිතා සංවර්ධන නිලධාරී, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී සහ පොල්පිතිගම පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා ඒකකයේ නිලධාරිනියන් සහභාගී විය.

Address

Polpithigama
Polpithigama

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - Polpithigama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat - Polpithigama:

Share