31/08/2026
" රිදීගම කිරිබත්ගල්ල ශ්‍රී අභිනවාරාම විහාරයේ අභිනව සංඝාවාස ගොඩනැගිල්ල සඳහා අවශ්‍ය ටයිල් පූජා කලෙමු "
≿━━━━༺❀༻━━━━≾
❧──────••✧✧••──────☙
සො ච සබ්බදදො හොති, යො දදාති උපස්සයං
❧──────••✧✧••──────☙
❝ යමෙක් ආවාස සාදා පූජා කරයි නම් හෙතෙම සියල්ල දෙන්නේ වෙයි ❞
(කිංදද සූත්‍රය ☞ https://pitaka.lk/main?n=211050)
නිර්වාණබෝධය පිණිස පිළිවෙත් පුරණ ගරුතර මහා සංඝරත්නයට සීත පීඩා, උෂ්ණ පීඩා වළක්‌වා ගනීමටත් ලේ බොන මැස්‌සන්, මදුරුවන්ගෙන් ආරක්‌ෂා වීමටත් සුළඟ, අව්ව, වැස්‌ස සර්පාදීන්ගෙන් එන පීඩාවන් දුරුකර ගැනීමටත් විවිධ සෘතු උපද්‍රවවලින් ආරක්‌ෂා වීමටත් සහ සිත එකඟ කර ගැනීමේ පහසුව පිණිසත් උන්වහන්සේලා වෙනුවෙන් ආවාස ගෙයක් තනවා පූජා කිරීම මහත්ඵල මහානිසංස කුසලයක් බව භාගය්‍යවතුන් වහන්සේ වදාළ ඉහත සදහන් සූත්‍ර පාඨයෙන් මැනවින් පැහැදිලි වේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාසයට අයත් කිරිබත්ගල්ල ග්‍රාමයේ පිහිටි ශ්‍රී අභිනවාරාම විහාරයේ මෙම වර්ෂයේ (2026) වස් පිංකම ලංකාදීශ්වර සංසදය විසින් සිදුකරනු ලබයි. වස් පිංකමට සමගාමීව විහාරයේ දැනට මහත් අඩුපාඩුවක්ව පවතින අභිනවයෙන් ඉදිකරනු ලබන සංඝාවාස ගොඩනැගිල්ලේ ඇතුළත සහ පිටත් ඇල්ලීමට අවශ්‍ය ටයිල් ඉතාමත් ශාසනාලයෙන් යුතුව 2026.08.29 දින පූජා කිරීමට ලංකාදීශ්වර සංසදයේ අප කළණ මිතුරන්ට හැකි විය.
මෙම මහත්ඵල මහානිසංස කුසලයෙන් ජනිත වූ සියළු කුසල් ටයිල් හා අවශ්‍ය අනෙකුත් අමුද්‍රව්‍ය, ප්‍රවාහන වියදම හා වැඩ කුලිය සඳහා රු.515,000 කට ආසන්න මූල්‍යමය දායකත්වයක් දැරූ, මෙම පිංකම සඳහා මෙන්ම වස් පිංකමෙහි ප්‍රධාන දායකත්වය දරන ලංකාදීශ්වර සංසදයේ චන්දිමා ඉරේෂා මහත්මිය ඇතුළු පවුලේ සැමටත් නන් අයුරින් දායක වූ සියළු දෙනාටත් පිංකම සඳහා පැමිණ සම්බන්ධ වූ ලංකාදීශ්වර සංසදයේ අප කළණ මිතුරන් සැමටත් අප පිංකම් සදහා දායක වන සියල්ලන්ටමත් වචනයකින් හෝ සිතුවිලි මාත්‍රයකින් පවා උපකාර කල සියළු දෙනාටත් ශ්‍රී අභිනවාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය කිරිබත්ගල්ලේ ගුණාලංකාර ස්වාමීන් වහන්සේ ඇතුළු සියළු ස්වාමීන් වහන්සේලාටත් පිං කැමති සියල්ලන්ටමත් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණයෙන්, සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් ධර්මාවබෝධය කොට නිවනින් නිවී සැනසීම පිණිසම හේතු වේවා...!!!🙏🙏🙏
🌸 🌸 සාධු සාධු සාධු 🌸 🌸
තෙරුවන් සරණයි🙏🙏🙏
❛❛ලංකාදීශ්වර සංසදය❜❜ මගින් සිදුකරන ඉදිරි පිංකම් මාලාවන් සඳහා සම්බන්ධ වීමට පිං කැමති ඔබ සැමටත් ආරාධනා...
📞0762847640 - අසංක නාමල්
»»»»»————- ⚜ ————-«««««
©Lankadheeshwara Sansadaya®
█ ║ ▌║ █║▌│█│║▌││█║▌║