District Survey Office - Puttalam

District Survey Office - Puttalam Surveying and Map Sale

ඔබ වෙනුවෙන්,
28/03/2021

ඔබ වෙනුවෙන්,

28/03/2021

දෙපාර්තමේන්තුව ගැන බිදක්,
ශ්‍රී ලංකාවේ පැරණිම දෙපාර්තමේන්තුව ලෙස 1800 අගෝස්තු 02 වන දින පිහිටුවන ලද ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ඉඩම් මැනීම, චන්ද්‍රිකා දුරස්ථ ග්‍රහණ (RS) ,ගෝලීය ස්ථාපිත පද්ධතිය(GPS),‍ භූ ගෝලීය තොරතුරු පද්ධතිය(GIS), ඉඩම් තොරතුරු පද්ධතිය(LIS), සහ ඡායාරේඛනමිතික කාර්යයන් වැනි ක්ෂේත්‍රයන්හි පුරෝගාමී වු ජාතික මැනුම් සහ සිතියම් සංවිධානයයි.එකී ක්ෂේත්‍රයන් තක්ෂණයේ ශීඝ්‍ර දියුණුවත් සමඟ,තොරතුරු තාක්ෂණය වඩාත් දායකකරගත් ක්ෂේත්‍රයන් බවට පත්වු අතර 20 වන ශත වර්ෂයේ අවසන් දශකයේදී ඉන් බොහෝමයක් න්‍යායාත්මක සංකල්ප පමණක්ම විය.

නොබෝදා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව තුළ පිහිටුවන ලද භූ තොරතුරු (භූගෝලීය නාම) සහ NSDI (ජාතික අවකාශ දත්ත උපරි ව්‍යුහය) නම් වු අංශ ඉඩම් සම්බන්ධ තොරතුරු ඒ හා උනන්දුවක් දක්වන රටෙහි අනෙකුත් සංවිධාන සමඟ සහයෝගයෙන් බෙදාගැනීම සඳහා විශාල මෙහෙවරක යෙදිනි. වර්තමානය වන විට දෙපාර්තමේන්තුව නවීනතම තක්ෂණයෙන් යුක්තවේ.දෙපාර්තමේන්තුවේ ශක්තිය ඉහත ක්ෂේත්‍රයන්හි කාර්මික සුදුසුකම්ලත් සහ කැපවුණු කාර්යය මණ්ඩලයකින් සමන්විත 5000ක පමණ වු නිලධාරී මඩුල්ලක් අභිබවයි.සර්වේයර් ජනරාල් වරයා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන අතර මැනුම් හා සිතියම් වෘත්තියේ ප්‍රධානියාද වේ.ශ්‍රී ලංකාවේ ‍පෞද්ගලික මිනින්දෝරුවරු පාලනය කිරීම සඳහා නීතිමය වශයෙන් පිළිගත් සංවිධානයක් වන ඉඩම් මැනුම් සභාවේ (2002 අංක 17 දරණ මැනුම් පනත යටතේ ස්ථාපිත) සභාපතිවරයාද වන්නේ සර්වේයර් ජනරාල්වරයා වේ.

සර්වේයර් ජනරාල්වරු 50 කගේ නායකත්වය යටතේ, පසුගිය වසර 220 තුළ මිනින්දෝරු දෙපාර්තමේන්තුව මැනුම් සහ සිතියම් සංවිධානය සහ රටේ ඕනෑම ඉඩම් සංවර්ධන ක්‍රියාවක මුලික ක්‍රියාකරු ලෙස පිඹුරු, සිතියම් සහ නවතම තක්ෂණය යොදා ගනිමින් ඉහල තත්වයෙන් යුතු ඉඩම්/භූ තොරතුරු පිළියෙල කිරීම තුලින් මහත් ගෞරවයක් අත්කරගෙන සිටී.

04/01/2021

2021 ට සුභ පැතුම්.🙏🙏🙏🙏

Address

Puttalam
Puttalam
61300

Alerts

Be the first to know and let us send you an email when District Survey Office - Puttalam posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to District Survey Office - Puttalam:

Share