03/06/2026
Congratulations 🤲🏻❤️👍🏻
வாழ்த்துக்கள்🤲🏻❤️👍🏻
Puttalam Police Crime Branch Salute
🤲🏻❤️👍🏻.
Sisira Kumara
Nandana Kumara
Chamara Police Officer
Lagoon Team Lagoon Team Puttalam and Community Police Leader:-
Muhammadh Ilham Iqbal
පුත්තලම පොලිසියේ අපරාධ අංශයෙන් සුපිරි වැටලීමක් ! 👮♂️❤️🔥
පුත්තලමේ ප්‍රබල කුඩු ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට
පුත්තලම අපරාධ අංශයේ සියලුම නිලධාරීන්ට අපගේ හෘදයාංගම ස්තූතිය සහ උත්තමාචාරය ❤️🫡
වසර ගණනාවක් තිස්සේ පුත්තලම ප්‍රදේශයේ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින්, මෙතෙක් කිසිදු නිලධාරියෙකුට හසු නොවී බේරී සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අවසානයේ නීතියේ රැහැනට කොටු කරගෙන තිබේ.
මීට පෙර කිහිප වතාවක්ම නීතියට හසුවීමට ආසන්න වුවද, තමන්ගේ සල්ලි බලය සහ දේශපාලන හිතවත්කම් පාවිච්චි කර, අල්ලස් දී ඉතා සාමාන්‍ය පරිදි නිදහස් වී සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ අයෙකි මොහු. "අපව හොලවන්න කවුරුත් නැත" යන උද්දච්චකමෙන් සිටි මොහුව, පුත්තලම අපරාධ අංශයේ (Crime Branch) අවංක නිලධාරියෙකු වන සිසිර කුමාර මහතා විසින් මෙලෙස වටලා අත්අඩංගුවට ගෙන ඇත.
කොතරම් බලපෑම් එන්නට ඇත්ද, කොතරම් කෝටි ගණන් මුදල් අල්ලස් ලෙස දෙන්නට ඇත්ද නමුත්, කිසිදු දේකට තම ආත්මය පාවා නොදී කාටවත් හිස නොනමා නීතිය ඉදිරියේ වැරදිකරුවන්ට ගැලවීමක් නැත යන්න සිසිර කුමාර නිලධාරීතුමා ඔප්පු කර පෙන්වා දී ඇත
මෙවැනි සිංහයන් අපේ පුත්තලම පස් මත සිටින තාක් කල්, මත්ද්‍රව්‍ය නමැති රක්ශසා අපේ සමාජයෙන් මුලිනුපුටා දැමිය හැකිය යන විශ්වාසය දැන් අප තුළ ඇති වී තිබේ.
අල්ලසට සහ තර්ජනවලට හිස නොනැමූ අවංක නිලධාරී සිසිර කුමාර මහතාට පුත්තලම ජනතාවගේ හෘදයාංගම උත්තමාචාරය!
ඔබේ මේ නිර්භීත සේවය තවදුරටත් ඉදිරියටම කරගෙන යන්න !🫡 අවංකකම සැමවිටම ජය ගනී !
- I Love Puttalam Social Media Team