NPP Raddoluwa

NPP Raddoluwa රජයේ සියලුම ව්‍යාපෘති බිම් මට්ටමින් සංවිධානය කර ගැනීමට අවශ්‍ය සියලුම ශක්තිය රජයට ලබා දීම මෙහි අරමුණ වේ.

අද දින රද්දොළුගම කොට්ටාස යේ ජාතික ජන බල වේගය නියෝජනය කරම්න් අභිනවයෙන් කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලෙස තේරී පත් වූ අජන්ත...
01/06/2025

අද දින රද්දොළුගම කොට්ටාස යේ ජාතික ජන බල වේගය නියෝජනය කරම්න් අභිනවයෙන් කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලෙස තේරී පත් වූ අජන්ත පණ්ඩිතරත්න සහෝදරයා,ඔබට රද්දොළුගම ග්‍රාමවාසීන් සහ රද්දොළුගම ජාතික ජන බල වේග පාක්ශිකයන්ගේ සුභාශිංසණ පිරිනමමු.රද්දොළුගම සුඛිත,මුදිත පුරවරයක් කිරීමේ කාර්යේදී අප ඔබ හා අත්වැල් බැද ගන්නෙමු.

ජාතික ජන බලවේගය
රද්දොළුගම කොට්ටාස සභාව.

05/04/2025

රද්දොලුගම ප්‍රවීණ සමාජ සේවක
ඩී.කොතලාවල මහතාගේ අභාවය වෙනුවෙන් ජාතික ජන බල වේගයේ රද්දොලුගම කොට්ඨාස සභාවේ ශෝකය.

රද්දොලුගම ඇවිදින මංතීරු ව්‍යාපෘතිය 2025 මාර්තු මස 08 වන දින යෝජිත ඇවිදින මංතීරු ව්‍යාපෘතිය සදහා රද්දොලුගම ක්‍රීඩාංගණය භා...
10/03/2025

රද්දොලුගම ඇවිදින මංතීරු ව්‍යාපෘතිය

2025 මාර්තු මස 08 වන දින යෝජිත ඇවිදින මංතීරු ව්‍යාපෘතිය සදහා රද්දොලුගම ක්‍රීඩාංගණය භාවිතා කරන ක්‍රීඩකයන්ගෙ/ ශරීර සුවතාවයේ යෙදෙන්නන්ගෙ ප්‍රදේශවාසීන්ගේ සහ කටාන ප්‍රාදේශීය සභා සංවර්ධන නිලධාරිනියගේ සහභාගීත්වයෙන් පැවති අදහස් සහ යෝජනා විමසීම සාර්ථකව අවසන් විය.ඇවිදින මංතීරු ව්‍යාපෘතිය රද්දොලුගම ක්‍රීඩාංගණයට පිටතින් ඉදිකිරීමට සහභාගී වු සියලුම අයගෙ එකගත්වයෙන් සම්මත විය. ව්‍යාපෘතිය සඳහා රජයේ මුදල් ප්‍රතිපාදන මිලියන 2 ක් මේ සඳහා වෙන් වී ඇති අතර RDA ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරීන්ගේ ( TO ) සහ රජයේ ලියාපදිංචි කොන්ත්‍රාත් කරුවන්ගේ අනුදැනුම යටතේ සියළුම ඉදිකිරීම් ඉදිරියේදී දියත් වනු ඇත.මෙම ව්‍යාපෘතිය විනිවිද භාවයකින් සහ සකසුරුවමින් යුතුව ඉදිරියට ගෙනයෑම සඳහා අද දින මෙම සාකච්ඡාවට සහභාගී වූ රද්දොලුගම ප්‍රදේශවාසීන්ගෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 13 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරගන්නා ලදී.මෙම කමිටුවෙන් ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය වනු ඇත.
ජාතික ජන බල වේගයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ගමේ සිදුවන සියලුම ව්‍යාපෘති රද්දොලුගම ගම්වැසියන් ගේ අධීක්ෂණය යටතේ ජාතික ජන බල වේගයේ රද්දොලුගම කොට්ඨාස සභාවේ මෙහෙයවීමෙන් ඉදිරියටත් සිදුවනු ඇත.

කමිටු සාමාජිකයින්
1.තිලක් ධර්මසිරි 9 කලාපය
2.E.M.පියතිස්ස 2 කලාපය
3.H.R ධනසිරි 4 කලාපය
4.යසිත් 8 කලාපය
5.ප්‍රිමාල් ප්‍රනාන්දු 7 කලාපය
6.විජයරත්න 3 කලාපය
7.D.කොතලාවල 4 කලාපය
8.T.ගුණසේකර 9 කලාපය
9.ශෙරිෆ්ඩීන් 2 කලාපය
10.මංගල අමරසේකර 7 කලාපය
11.ටිරෝන් පීරිස් 3 කලාපය
12.ප්‍රබුද්ධි 9 කලාපය
13.සුනිල් රණවක සෙන්ට්‍රල් ගාඩ්න්ස්

ජාතික ජන බලවේගය
රද්දොලුගම කොට්ඨාස සභාව.

09/03/2025

රද්දොලුගම ක්‍රීඩාංගණයේ නවීකරණයන් සිදු කිරීම සඳහා
ක්‍රීඩාංගණය පරිහරණය කරන
ක්‍රීඩකයින්,ශරීර සුවතාවයේ යෙදෙන්නන් සහ ප්‍රදේශවාසීන් අතර අදහස් හුවමාරු කරගැනීමේ වැඩසටහනක් 2025.03.09 වන ඉරු දින සවස 5 ට රද්දොලුගම ක්‍රීඩාංගණයේදී පැවත්වේ.මේ සඳහා රද්දොලුගම ප්‍රදේශවාසී ඔබ සැමට ආරාධනා.මෙම පණිවිඩය හැකිතාක් බෙදා හැරීමට කාරුණික වන්න.

ජාතික ජන බලවේගය
රද්දොලුගම කොට්ඨාස සභාව.

අද අජිත් හැර අනෙකුත් සියළුම අත් කරත්ත සේවයෙහි යෙදෙනු ඇත.Compactor රථය අද දින 11කලාපය හා 7F කලාපයේ අපද්‍රව්‍ය රැගෙන යනු ඇ...
01/03/2025

අද අජිත් හැර අනෙකුත් සියළුම අත් කරත්ත සේවයෙහි යෙදෙනු ඇත.Compactor රථය අද දින 11කලාපය හා 7F කලාපයේ අපද්‍රව්‍ය රැගෙන යනු ඇත.

27/02/2025

අද ධනංජය සිල්වා සේවය නොකරන අතර ඉතිරි අත්කරත්ත සියල්ල කාලසටහනට අනුව සේවයේ යෙදෙනු ඇත . Compactor රථය දොම්පේ යන බැවින් අද දින බොහෝ දුරට සේවයේ නෙයෙදෙනු ඇත.

අද දිනයේ සියලුම අත් කරත්ත සේවයේ  යෙදෙන අතර කම්පැක්ටර් රථය තුන B කලාපය ආවරණය කරනු ඇත.
25/02/2025

අද දිනයේ සියලුම අත් කරත්ත සේවයේ යෙදෙන අතර කම්පැක්ටර් රථය තුන B කලාපය ආවරණය කරනු ඇත.

රද්දොලුගම පොලීසිය,කටාන ප්‍රාදේශීය සභාව,ජාතික ජන බලවේගයේ රද්දොලුගම කොට්ටාස සභාව ඒකාබද්ධව රජයේ Clean Sri Lanka ව්‍යාපෘතිය ...
24/02/2025

රද්දොලුගම පොලීසිය,කටාන ප්‍රාදේශීය සභාව,ජාතික ජන බලවේගයේ රද්දොලුගම කොට්ටාස සභාව ඒකාබද්ධව රජයේ Clean Sri Lanka ව්‍යාපෘතිය ට සමගාමීව රද්දොලුගම නිවාස සංකීර්ණයේ 199F ග්‍රාම සේවා වසම ඉලක්ක කර දියත් කල මං මාවත් පිරිසිදු කිරීමේ වැඩසටහන 2025.පෙබ 23 වන දින සාර්ථක ව අවසන් කලේය.ඉලක්කගත ප්‍රදේශය ඉදිරියේදී සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට කටයුතු යොදනු ඇත.මෙහිදී 11 කලාපයේ ඇති වැසි ජලය බැස යන කාණු පද්ධතිය සකස් කිරීමට වැඩි වේලාවක් ගත වූ අතර මේ නිසා අධික වැසි දිනයන් හිදී වැසි ජලයෙන් යටවන 11 කලාපය ඉදිරියේදී එම අවධානයට ලක් නොවනු ඇත.

අද දින 3B කලාපය හැර අනෙකුත් සියළුම අත් කරත්ත සේවයෙහී යෙදෙනු ඇත. Compactor රථය අද දිනද සේවයෙහි නොයෙදෙනු ඇත.
24/02/2025

අද දින 3B කලාපය හැර අනෙකුත් සියළුම අත් කරත්ත සේවයෙහී යෙදෙනු ඇත. Compactor රථය අද දිනද සේවයෙහි නොයෙදෙනු ඇත.

විශේෂ නිවේදනයයි.රජයේ Clean Sri Lanka වැඩසටහන යටතේ ශ්‍රී ලංකා පොලීසිය රද්දොලුගම,කටාන ප්‍රාදේශීය සභාව හා ජාතික ජන බලවේගය ර...
22/02/2025

විශේෂ නිවේදනයයි.

රජයේ Clean Sri Lanka වැඩසටහන යටතේ ශ්‍රී ලංකා පොලීසිය රද්දොලුගම,කටාන ප්‍රාදේශීය සභාව හා ජාතික ජන බලවේගය රද්දොලුගම කොට්ටාස සභාව හා එක්ව රද්දොලුගම නිවාස සංකීර්ණයේ 199F යන ග්‍රාම සේවා කොට්ටාසය කේන්ද්‍රගත කොට නිවෙස් ඉදිරිපස සහ නිවෙස් වලට යන මාර්ග වල ඇති ගස් අතු සහ මල් අතු ඉවත් කර මාර්ග පිරිසිදු කිරීමේ වැඩටහනක් 2025.පෙබ 23 වන දින සැලසුම් කර ඇත.මේ.සදහා ඔබත් සහභාගි විඔට කැමති නම් හෙට උදේ 10,11 කලාපවලට පැමිනෙන්න.අමතන්න 077 77 61 392

22/02/2025

අද සියලුම අත් කරත්ත කාලසටහන පරිදි සේවයේ යෙදෙනු ඇත. compactor රථය අද දිනද සේවයේ යෙදෙන්නේ නැත.

Address

Raddoluwa

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Raddoluwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share