Budugallena Chandrarama Temple - Pannila

Budugallena Chandrarama Temple - Pannila ශ්‍රී ලංකා ධරණිතලයේ උතුම් ශ්‍රී සද්ධ?

ශතවර්ෂාධික කාලයකට උරුමකම් කියන අටකලන් කෝරළයේ පන්නිල් පත්තුවට අයත් නැතහොත් රත්නපුර රක්වාන මහපන්නිල ග්‍රාමයතුල වර්ෂ1940 දී බුද්ධාබුද්ධි සම්පන්න දායකාදීන් විසින් කටාරම් කෙටූ ගල් ගුහාවක් තුළ පිළිම වහන්සේ නමක් වැඩ හිදුවා බුදුගල්ලෙන චන්ද්‍රාරාමය නමින් ආරාමය ඉදි කෙරෙනු බවට සඳහන් වේ. එතැන් පටන් පන්නිල පියරතන නායක ස්වාමීන් වහන්සේ විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් ලෙසත් එවකට පන්නිල විද්‍යාලයේ විදුහල්පති ලෙස සේව

ය කල පේමචන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන් ඉදිවූවක් නිසාවෙන් බුදුගල්ලෙන චන්ද්‍රාරාමය ලෙස නම් තැබූ බවත් කියවේ.
පන්නිල පියරතන නායක ස්වාමීන්ද්‍රයන්ගේ අපවත්වීමෙන් පසු මාතර පේමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩ වාදාළහ. 90 දශකයේ මැද භාගය වන විට පූජ්‍ය මාතර ප්‍රේමසිර් ස්වාමීන්ද්‍රයන්ගේ වියෝවෙන් පසු පන්නිල පියරතන නායක ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යවර පූජ්‍ය දෙමුවාවත ශාන්තිනෙකේතනාරාම පන්නිල බුදුගල්ලෙන චන්ද්‍රාරාම උභය විහාරාධීශ්වර අමරපුර මහා නිකායේ ඉද්දමල්ගොඩ විහාර පාර්ශවයේ සබරමු පළාත් ප්‍රදාන සංඝනායක පියරතන වංශාවතංශ සද්ධර්ම කීර්ති ශ්‍රී ගොඩැල්ලේ පඤ්ඤාතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ වත්මන් විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් ,විහාරාධිකාරී දිගන්දල සුමනසාර ස්වාමීන් වහන්සේ වැඩසිටී.

සූපවේදී ආචාර්්‍ය පබ්ලිස් සිල්වා මහතා විසින් ශෛලමය බුදධ මන්දිරය තුළ තම ආර්්‍යාව උදෙසා උතුම් මංගල ලක්ෂණ පූර්ණ වූ සැතෙපෙන බුද්ධ ප්‍රතිමාව නෙළා භක්ති ප්‍රසාදයෙන් සාසනයට පූජාකරන සේක.
ගලෙන් නෙළන ලද බුද්ධ මන්දිරය ඇතුලත පිළිමයට ඉහළ ගල්තලාව මත ඉතා පැරණි නුවර යුගයට අයත් සිතුවමින් අලංකාරකොට ඇත.
ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ දක්ෂිණ ශාඛාවක් භක්තිපූර්වකව වැඩමවා දැක ශ්‍රද්ධාසම්පන්න සංවේගය උපදවාලීමට වැඩවාසය කරන සේක.

සිංහරාජ වනාන්තරය තුල පිහිටීමත් විහාරස්ථානයේ මහා බලසම්පන්න භාවයත් සහ ඓතිහාසික හා ආගමික වටිනාකමත් භක්තිකයන්ගේ සිත් සතන් සම්මා සමාධියටත් නිස්කලංක පරිසරය පවිත්‍ර නිර්මල පහන් සිත් ඇතිකිරීමට හේතු වන සේක.

Address

Maha Pannila
Rakwana

Website

Alerts

Be the first to know and let us send you an email when Budugallena Chandrarama Temple - Pannila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category