NPP Rambukkana

NPP Rambukkana ජාතික ජන බලවේගය
National People's Power

රඹුක්කන ආසනය Official page

අපේ ආණ්ඩුව වසර දෙකයි-රටට සුබයි...
01/09/2026

අපේ ආණ්ඩුව
වසර දෙකයි-රටට සුබයි...


නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ලබා දෙන රු.මිලියනයක නිවාස ආධාර ලබා දීමේ වැඩසටහන යටතේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල අ...
28/08/2026

නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ලබා දෙන රු.මිලියනයක නිවාස ආධාර ලබා දීමේ වැඩසටහන යටතේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල අඩු ආදායම් ලාභී පවුල් 40 ක් සඳහා ආධාර ලබා දීම සිදුවන අතර අද දින එම නිවාස කිහිපයක වැඩ ආරම්භ කිරීම මොලගොඩ,මංගලගම, ගොඩගන්දෙනිය සහ වරාගොඩ වසම් වලදී සිදුවුණා...

ඒ සඳහා කෑගල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ සහෝදරයා,රඹුක්කන ප්‍රාදේශීය සභාවේ උප සභාපති අශාන් කරුණාරත්න සහෝදරයා,ප්‍රාදේශීය සභ මන්ත්‍රී සුසාන්ත විමලරත්න,නාලක ක්‍රිශාන්ත සහෝදරවරු,ලේකම් ජානක පින්නවල මහත්මා, නිවාස සංවර්ධන නිළදාරීතුමන්, රාජ්‍ය නිළදාරීන් සහ ප්‍රාදේශවාසීන් සහභාගී වුණා...

තමන්ගේම තැනක්- ලස්සන ජීවිතයක් සංකල්පය යටතේ සැමට නිවසක් ලබා දීම මෙහි අරමුණයි..

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 19 වියදමින් ,කුඩාගම උතුර හැළඹුරේ යාය සදහා අමුණක් ඉදිකිරීම ...
25/08/2026

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 19 වියදමින් ,කුඩාගම උතුර හැළඹුරේ යාය සදහා අමුණක් ඉදිකිරීම අද දින,එනම් 2026 අගෝස්තු 24 දින කැගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ මැතිතුමාගේ සුරතින් ආරම්භ විය.මෙය කුඩාගම උතුර ශ්‍රී උදාර ගොවි සංවිධානය විසින් සංවිධානය කරන ලදි.මෙම අවස්ථාව සදහා අධිවේගී මාර්ග ව්‍යාපෘතිය බාර නිලධාරි දිසානායක මහතා,වසමේ රාජ්‍ය නිලධාරීන් ,ගොවි සංවිධානය සහ යායේ ගොවි මහත්ම මහත්මීන් සහභාගී විය..

සබරගමු පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ රඹුක්කන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ...
10/08/2026

සබරගමු පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ රඹුක්කන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දහම් පාසල් දහයක් සඳහා ප්ලාස්ටික් පුටු ප්‍රධානය කිරිම පසුගිය 28 වන දින රඹුක්කන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී කෑගල්ල දිස්ත්‍රික් පා.ම සමන්ත රණසිංහ සහෝදරයා අතින් සිදු විය. තොරා ගත් බෞද්ධ දහම් පාසල් නවයක් සහ කතෝලික දහම් පාසලක් සඳහා මෙම පරිත්‍යාගය සිදු කෙරුණි.මෙම අවස්ථාවට සමන්ත රණසිංහ සහෝදරයා සමඟ රඹුක්කන ප්‍රාදේශිය ලේකම්තුමිය , රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංස්කෘතික කටයුතු නිලධාරීන් ඇතුළු දේශපාලන අධිකාරියද සම්බන්ධ විය.

06/08/2026
පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානයේ අලිවසුරු කාබනික පොහොරක් බවට පත් කිරීමේ නව වැඩපිළිවෙළක් පිළිබඳ සාකච්ඡාවක්.දීර්ඝ කාලයක් ...
02/07/2026

පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානයේ අලිවසුරු කාබනික පොහොරක් බවට පත් කිරීමේ නව වැඩපිළිවෙළක් පිළිබඳ සාකච්ඡාවක්.

දීර්ඝ කාලයක් තිස්සේ පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය මුහුණ දී තිබූ අලිවසුරු කළමනාකරණ ගැටලුවට තිරසාර විසඳුමක් සෙවීමේ අරමුණින්, එම අලිවසුරු උසස් තත්ත්වයේ කාබනික පොහොරක් ලෙස නිෂ්පාදනය කිරීමේ හැකියාව සහ විභවතාව පිළිබඳ ක්ෂේත්‍ර නිරීක්ෂණයක් හා සාකච්ඡාවක් අද දින පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ මහතා, මාකදුර කෘෂි තාක්ෂණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂතුමිය, පින්නවල අලිගාලේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම නිලධාරීන් සහ පින්නවල කෘෂිකර්ම නිලධාරීන් එක්ව සහභාගී වූහ.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන්,
✅ අලිවසුරු නිසි පරිදි කළමනාකරණය කිරීම,
✅ පරිසර දූෂණය අවම කිරීම,
✅ ගුණාත්මක කාබනික පොහොර නිෂ්පාදනය,
✅ නව රැකියා අවස්ථා බිහිවීම
✅ තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම,
යන අංශ රැසකට වැදගත් දායකත්වයක් ලබාදිය හැකි වනු ඇත.

Address

No 7, Kegalle Road
Rambukkana
71100

Alerts

Be the first to know and let us send you an email when NPP Rambukkana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share