Ruwan Kalinga

Ruwan Kalinga 🙏☸️🌸_බෞද්ධ ෆේජ් එක ලයික් කරල එකතුවෙන්න.☝නමෝ බුද්ධාය_🌸☸️🙏

රත්ගඟ 😌
12/03/2026

රත්ගඟ 😌

14/08/2025

26/07/2025

බුදු රජාණන් වහන්සේගෙන් තොර ජීවිතයක් නොමැත | There is no life without Lord Buddha🥰☸️🤗🙏

25/07/2025

ස්භාවධර්මයට ආදරය කරන්න. ඔබට කවදාවත් 00 ආපදාවක් ඇති නොවේවි🙏🥰💜

21/07/2025

🙏🙏🙏

💖කාන්තාවන් ඔසප් වන දිනයට බුදු මැදුරට යන්නට හොඳ නැද්ද?💖 🟣කාන්තාවන්ට බුදුන් වදින්න විතරක් නොවේ, සියළුම කුසල් කරන්න හොඳම දව...
11/02/2025

💖කාන්තාවන් ඔසප් වන දිනයට බුදු මැදුරට යන්නට හොඳ නැද්ද?💖

🟣කාන්තාවන්ට බුදුන් වදින්න විතරක් නොවේ, සියළුම කුසල් කරන්න හොඳම දවසක් වන්නේ ඔසප් වන දවසයි. • සියළුම සසර දුක් නසන්න පිහිට සරණ වන තුණුරුවන්, සියළුම කායික දුක් නැති කර ගන්නත් අතිශයින්ම මහනීය ඖෂධයක්ම වේ. ආවෙණිකදුක්ඛ සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක. - පින්වත් මහණෙනි, පුරුෂයන් හැර කාන්තාවන්ට පමණක් විදින්නට සිදු වන දුක් පසක් තිබේ.ඒ දුක් පහ වන්නේ “පින්වත් මහණෙනි,

🔴1. මේ ලෝකයෙහි කාන්තාව ලාබාල වයසේදීම ස්වාමියාගේ නිවසට ගොස් නෑයන්ගෙන් වෙන් වෙයි.

🔴2. කාන්තාව ඔසප් වේ.

🔴3. කාන්තාව ගැබිණියක් වෙයි.

🔴 4. කාන්තාව දරුවන් වදයි.

🔴5. කාන්තාව සැමියාට උපස්ථාන කරන්නියක් බවට පත් වෙයි.

🟣මේවා පිරිමින්ට විඳින්නට නැති කාන්තාවන්ට පමණක් විදින්නට වන දුක් කරදර පහයි.” කාන්තාවන්ගේ ඔසප් දිනයට ඔවුන්ට, හිසේ කැක්කුම, ගර්භාෂායේ කැක්කුම, කෑම අරූචිය, මානසික නොසන්සුන් කම, කරකැවිල්ල, බඩ බුරුල් වීම, ඔක්කාරය, වැනි කායික සහ මානසික වේදනා රාශියක්ම විදින්නට සිදු වේ. එවැනි වේදනාත්මක පීඩාකාරී දවස් වලට තුන් ලෝකයේ එකම ආරක්ෂාව, රැකවරණය, සැනසිල්ල වන බුද්ධ රත්නය ළඟට යන්නත් තහනම් කරනවානම් එසේ කියන අයට තියෙන්නේ තදබල මිථ්‍යා දෘෂ්ටියක් බව කිව යුතුය.

🟣බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලයේ මහ රහත් තෙරණින් වහන්සේලාගේ සිට සියලුම භික්ෂුණීන් වහන්සේලා, මාසික ඔසප් දිනයට භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසී ධර්මශ‍්‍රවණය කර තිබේ. එකළ එයට කිසිදු බාධාවක් තිබී නැත. ඔසප් දින වල අතීත භික්ෂුණීන් වහන්සේලාට සීමාවට වැඩම කර පොහොය කර්ම කිරීමටද කිසිදු බාධාවක් තිබී නැත. විවිධ විනය කර්ම කිරීමටද, බුදු රජණන් වහන්සේ සහ උභතෝ සංඝරත්නයේ ද‍ානාදියට සහභාගි වන්නට කිසිදු තහංචියක් තිබී නැත.

🟣හේමමාලා කුමරිය දන්ත ධාතූන් වහන්සේ වඩම්මවන විට ඇයද කාන්තාවන්ට ආවේණික මෙම සිදුවීමට මුහුණ පෑවාය. ඒ අතීත උත්තමාවියන් මෙවැනි වේදනාකාරී දවසක වඩ වඩාත් බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ පිහිටම තමන්ගේ ජීවිතයට ලබා ගන්නට කටයුතු කළාය.

🟣කාන්තා පිරිමි දෙපක්ෂයම ඇවිදින අසුචි ගොඩවල් වැනිය. ඔවුන් අතරින් කාන්තාවන් ඔසප් වන දිනයේ ඔවුන්ව ආගමික කටයුතු වලින් ඉවත් කිරීම, කොන් කිරීම, වධ දීම, පීඩාවට පත් කිරීම, දොස් කීම වැරදිය. ඔවුන්ට බුදු මැදුරට යාම තහනම් කිරීම ධර්ම විනයට පට හැනි මිථ්‍යා දෘෂ්ඨියකි.

🟣එම දවසට කාන්තාවන්ට තුණුරුවන්ගේ සෙවන තුළින් වඩ වඩාත් සහනය ලබන්නට ඉඩකඩ සැලසිය යුතුය. කාන්තාවන්ගෙන් උයන පිහන වැඩ, ගෙදර දොර වැඩ එවැනි වේදනාත්මක දවසක ගැනීම නම් සුදුසු නැත. පිරිමින් අපහසුවට පත්ව සිටින තමන්ගේ බිරිඳ සහ දියණිය එම වැඩ කටයුතු වලින් එදිනට නිදහස් කර ඒවා කර දිය යුතුය.

🟣එම දිනයෙහි දී බුදු මැදුරට ගොස් මල් පහන් පූජා කර උතුම් පින් රැස්කර ගන්නා කාන්තාවන්ට ලැබෙන කුසලය අහෝසි වන්නේ කුමන කරුණු නිසාද? කියා කර්ම සකස්වන විදිහ අනුව විමසා බැලිය යුතුය. එවිට පෙනෙන්නේ සමහර විට වෙනදාට වඩා ඇයට එදිනට පින් කර ගත හැකි බවයි. ඇයට කායික මානසික අපහසුතාවය නිසා වඩ වඩා තුණුරුවන්ගේ ගුණ සිහි කරමින් එදිනට පිහිට ලබාගත හැකි ය.

🟣සසරේ භයානක බව වටහාගෙන ත්‍රිලක්ෂණය ඔස්සේ සංස්කාරයන්ගේ හැටි තේරුම් ගන්නටද පුළුවන. විදර්ශනාව හොඳින් වැඩය හැකි දිනයක් බවට ද පත් විය හැක. ප්‍රේතාදී අමනුෂ්‍ය පිරිස් ගැබ් මල, බැහැර කරන ලද ඔසප් ලේ, කෙළ සැරව වැනි දෑ අනුභවයට පැමිණීම සාමාන්‍ය දෙයකි. නමුත් නිරතුරුවම ඥාතීන්ට දෙවියන්ට පින් අනුමෝදන් කරමින්, පින් දහම් සිදු කරන ස්ථානයකට, අමනුෂ්‍යයින්ට පැමිණෙන්නට දෙවියන් විසින්ද ඉඩ ලබා දෙන්නේ නැත.

🟣කාන්තාවන්ගේ ඔසප් දිනයක වුවත්, කිසිදු බියක් සැකක් නොමැතිව තම තමන්ගේ නිවෙස් වල බුදු මැදුරු වල හෝ වෙහෙර විහාරස්ථාන වලට ගොස් හිතේ හැටියට පින්කම් කරගත හැකිය. එදිනට වුවත් ඇතිවන ත්‍රිහේතුක උත්කෘෂ්ට ඥාන සම්පයුත්ත කුසල් සිත් වලට, එවැනි ම විපාක ලැබෙනවා හැර අකුසල විපාකයක් ලැබෙන ක්‍රමයක් නැත.

🌺🙏එම නිසා බිය නොවී ඔබට පීඩාකාරීම මොහොතේ තුණුරුවන් පිහිට කර ගන්න. තෙරුවන් සරණයි!!! සුවපත් වෙත්වා!!!🙏🌺

උපුටා ගැනීමක්
(Ruwan Kaling)

Ruwan Kalinga දහම් කරුණු සඳහා ෆේජ් එක ලයික් කර තබාගන්න.

05/02/2025

Address

Niwithigala
Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Ruwan Kalinga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ruwan Kalinga:

Share