02/05/2024
සුහද ක්‍රිකට් තරාගාවලිය
රත්නපුර ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්‍යාලය - පුරාවිද්‍යා සුබසාධක සංගමය
ස්තූතිය පුදකිරීම... 💐💐
2024.04.30 වන දින ශ්‍රී සංඛපාල රජමහා විහාරස්ථභූමියේදී රත්නපුර පුරාවිද්‍යා සුබසාධක සංගමය විසින් සාර්ථකව සුහද ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කරන ලදි.
එම තරග පැවැත්වීම සඳහා විහාරභූමිය ලබාදුන්, සියළු දෙනාට ඉතා ප්‍රනීත ලෙස දිවා ආහාරය සහ අනෙකුත් යටිතල පහසුකම් ලබාදීමට ඉතාමත් ඕනෑකමින් කටයුතු කරන ලද ශ්‍රී සංඛපාල රජමහා විහාරයේ භාරකාර පූජ්‍ය කොකාවල කෝසල ස්ථවිරයන්ට අපගේ ගෞරවනීය ස්තූතිය දෙපානමස්කාර පූර්වකව පුද කරන්නෙමි.
👉 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සඳහා රාජකාරිමය වශයෙන් අනුමැතිය ලබාදුන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්දිස් මහතාට මෙන්ම මේ සඳහා මගපෙන්වීම කරමින් නිරන්තරයෙන් උපදෙස් ලබාදුන් අප සමිතියේ අනුශාසකතුමිය සහකාර අධ්‍යක්ෂ (රත්නපුර ) හේමමාලි විජේසිංහ මෙනවියටද ගෞරවනීය ස්තුතිය පුදකරන්නෙමි..
👉 මෙම සුහද ක්‍රිකට් තරගාවලියේ උදෑසන ආහාරය, සිසිල්පැන්, ශබ්ද විකාශන යන්ත්‍ර ලබාදෙමින් කටයුතු කරන ලද මඩුවන්වෙල කලාපයේ සහෘදයන්ට (කලාපභාර නිලධාරී, ස්ථානභාර නිලධාරී ඇතුළු සහෝදර සේවක මණ්ඩලය) අපගේ හෘදයාංගම ස්තූතිය පුදකරන්නෙමි..
👉 මෙහි සංවිධානය කිරීම සඳහා ක්‍රියාශීලීව දායකවූ අප සමිතියේ ගරු සභාපති සේනක නාපාවල මහතා,ගරු භාණ්ඩාගාරික දර්ශන වීරසේකර මහතා සහ මෙම ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන ලද නුවන් විජේමාන්න මහතා ඇතුළු සමස්ථ නිලධාරී මණ්ඩලයට සහ සියළුම සාමාජිකයන්ට ගෞරවනීය ස්තූතිය පුදකරන්නෙමි..
👉 මෙම ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට යෝජනා වූ අවස්ථාවේදීම එහි වැය කිරීම් සඳහා තම වැටුපෙන් මුදල් අයකරගන්නා ලෙස ඒකාවන්ව දැන්වූ සමස්ථ සාමාජිකයන්ට මෙන්ම අපගේ දැනුම්දීම මත අද දින මෙම අවස්ථාවට සහභාගිවී තරගශීලීභාවයෙන් සහ සහජීවනයෙන් තම දායකත්වය ලබාදුන් අප සමිතියේ ඔබ සැමට ගෞරවනීය ස්තුතිය පුදකරන්නෙමි..
👉 ක්‍රිකට් තරගාවලියේ විනිසුරුවන් හා ලකුණු සටහන්කරුවන් ලෙස මනා දායකත්වයක් ලබාදුන් ආරාධිතයන් සිව්දෙනාටද අපගේ ස්තුතිය පුදකරන්නෙමි..
👉 මෙම කාර්‍යය සාර්ථකව සිදුකිරීම සඳහා දායකත්වය ලබාදුන් සහෘද අනුග්‍රාහක බවතුන්ද (පන්දු, ජල බෝතල්) මෙහිදී ගෞරවයෙන් සිහිපත් කරන්නෙමි...
💐💐 මෙදින සියළුම සාමාජිකයන් ඉතාමත් සතුටින්,විනෝදයෙන්, උද්යෝගයෙන් සහ එකමුතුකමින් මෙම කාර්‍යය සඳහා දායකවූ අතර කෘතඥතාවය ඔබ සියළුම දෙනාටම පුදකරන්නෙමි..
පුරාවිද්‍යා සුබ සාධක සංගමය
රත්නපුර ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය