21/08/2026
2026 වර්ෂයේ නොවැම්බර් මස ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානය - රංටැඹේ, පැවැත්වීමට නියමිත හර්මන්ලූස් ජාතික ශිෂ්‍යභට කදවුර සදහා සහභාගි වීමට නියමිත සීවලි ශිෂ්‍යභට කණ්ඩයේ ශිෂ්‍යභට ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, T 56 පුහුණු සරඹ අවි ආකෘති 26 ක් ශිෂ්‍යභට කණ්ඩය වෙත ප්‍රධානය කිරීම 2026.08.12 වන දින විද්‍යාලයේ ප්‍රධාන ශාලාව ඉදිරිපිට දී සිදු විය.
මේ සදහා සීවලීයෙන් ත්‍රිවිධ හමුදාවට දායාද කළ කීර්තිමත් නිලධාරීන් වන
Maj Gen Pooraka Seneviratne,
Maj Gen Jayantha Seneviratne,
Maj Gen Wasantha De Abrew,
Maj Gen Lakruwan C Pathirana,
Maj Gen Saliya Dias,
Brig Samamn Sumanasinghe,
Brig Chandima Beligaswatta,
Air Cmde Mohan Balasooriya,
Gp Capt MG Chandralal,
Lt Col Sanjaya, Gunawardhana,
Cdr Wasantha Sugathadasa,
Cdr SK Liyanage,
Cdr Isuru Kularatne,
Maj Sanjeewa Kodikara,
Maj Mahesh Perera,
Mr. I H Mahindapala,
WO II Chandrathilaka KP,
සහ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික නිහාල් ජයතිලක යන මහත්වරුන් විසින් මූල්‍ය දායකත්වය ලබා දෙන ලදී.
එමෙන්ම, සීවලි ආදි ශිෂ්‍ය මව් සංගමය සහ සියලුම ආදි ශිෂ්‍ය සමාජ එක්ව 2026.08.03 වන දින ශිෂ්‍යභටයින් සදහා බූට් යුවල් මිලදී ගැනීමට අදාලව පරිත්‍යාග කරන ලද මුදලින් මිලදී ගන්නා ලද බූට් යුවල් 25 ක් ද එදින ශිෂ්‍යභට කණ්ඩය වෙත භාර දීම සිදු විය.
මෙම අවස්ථාවට සීවලි මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති අධ්‍යාපනපති කපිතාන් නීල් වතුකාරවත්ත මැතිතුමන්, සීවලී ආදී ශිෂ්‍ය සංගමයේ ගරු ප්‍රධාන ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) පූරක සෙනෙවිරත්න නිලධාරීතුමන්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජයන්ත සෙනෙවිරත්න නිලධාරීතුමන්, සීවලි ශිෂ්‍යභට කණ්ඩභාර නිලධාරී මේජර් ශාන්ත සුමනසේන, කණ්ඩභාර සැරයන් හසිදු පබසර ඇතුළු ශිෂ්‍යභට කණ්ඩයේ සාමාජිකයින් සහභාගී වන ලදී.
@2026-08-21