28/08/2026
🌸 නිරෝගී කාන්තාවක් ... සක්‍රීය සේවාවක්! 🧘♀️
ප්‍රාදේශීය සභා කාන්තා කාර්ය මණ්ඩලය සහ කාන්තා සහික මණ්ඩලය වෙනුවෙන් සංවිධානය කරන ලද "ශරීර සුවතා හා බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ සහ යෝගා පුහුණු වැඩමුළුව" අඟුරුවැල්ල ළමා උයන (නීල හරිත ගොඩනැගිලි ශාලාව) පරිශ්‍රයේදී ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී.
👉දිනපතා රාජකාරි හා ගෘහස්ත කටයුතු අතරතුර මතුවන මානසික ආතතිය පාලනය කරගනිමින්, බෝ නොවන රෝගවලින් මිදී සක්‍රීය හා නිරෝගී ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නිවැරදි යෝගා අභ්‍යාස සහ සෞඛ්‍ය උපදෙස් මෙහිදී ප්‍රායෝගිකව ලබා දෙන ලදී.
💐මෙම වැඩමුළුව ඉතා උසස් අන්දමින් මෙහෙයවා දුන් ප්‍රවීණ යෝගාචාර්ය පාලිත සී ගුණසේකර මහතාට සහ අයේෂා ගුණසේකර මහත්මියට අපගේ විශේෂ ප්‍රණාමය පුදකර සිටිමු.
🙏එසේම වැඩසටහන සඳහා මඟපෙන්වූ ගරු සභාපති දර්ශන වෛද්‍යරත්න මහතාට, සහභාගි වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී රුවිනි ලක්ෂ්මි මහත්මියට, ලේකම් නදීමා ඒකනායක මහත්මියට, ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනී සන්ධ්‍යා කුමාරි මහත්මියට, වැඩසටහන සංවිධානය කළ පුහුණු විෂය නිලධාරී චලනි සෙනරත් මියට,වැඩසටහන සඳහා සක්‍රීයව දායක වූ සියලුම නිලධාරිනියන්ට සහ සහාය දැක්වූ සැමට හදපිරි ස්තූතිය පුද කරමු! 💐