Base Hospital Siyambalanduwa

Base Hospital Siyambalanduwa Health and prtotection for all...

සුපිළිපන්න සතිය වෙනුවෙන් සියඹලාණ්ඩුව මූලික රෝහලේ දිනපතා වැඩසටහන 🇱🇰✨සෑම දිනකම උදෑසන පෙ.ව. 8.00ට ප්‍රතිකාර කටයුතු ආරම්භ කි...
04/09/2026

සුපිළිපන්න සතිය වෙනුවෙන් සියඹලාණ්ඩුව මූලික රෝහලේ දිනපතා වැඩසටහන 🇱🇰✨
සෑම දිනකම උදෑසන පෙ.ව. 8.00ට ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීමට පෙර දේශාභිමානී ගීත වාදනය කිරීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කිරීම සිදු කරනු ලබයි. 🇱🇰
ඉන් අනතුරුව, “සුපිළිපන්න සතිය” වෙනුවෙන් ගරු ජනාධිපති ලේකම්තුමා විසින් සිදු කරන ලද විශේෂ කථාව (විනාඩි 6ක කාලයක්) රෝහල් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ශ්‍රවණය කිරීමට සලස්වනු ලැබේ.
පිරිසිදුකම • විනය • වගකීම • ගුණාත්මක සේවය
යහපත් රාජ්‍ය සේවයක් වෙනුවෙන් අපි සැවොම එක්වෙමු. 💙🇱🇰
#සුපිළිපන්නසතිය



#දේශාභිමානය

20/08/2026

අපගේ සියඹලාණ්ඩුව මූලික රෝහලට පැමිණෙන ඔබගේ දැනුවත්භාවය සහ පහසුව උදෙසා පළකරන වැදගත් පණිවිඩයයි! 🏥✨
​රෝහලකට පැමිණෙන රෝගියෙකුගේ ප්‍රතිකාර ක්‍රියාවලියේ සුවිශේෂීම සහ පළමු පියවර වන්නේ රෝගියා නිවැරදිව ලියාපදිංචි කිරීමයි.
​වර්තමානයේ සියඹලාණ්ඩුව මූලික රෝහල ඇතුළුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රෝහල් පද්ධතිය තුළ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණය (e-Health Systems) භාවිතයෙන් මෙම ක්‍රියාවලිය ඉතාම විධිමත් හා කාර්යක්ෂම ලෙස සිදු කරනු ලබයි.
​📌 රෝහල්වල රෝගීන් ලියාපදිංචි වන ආකාරය:
🌸​ඩිජිටල් තොරතුරු පද්ධති (e-Health / HHIMS): රෝගියා පැමිණි වහාම ජාතික හැඳුනුම්පත් අංකය (NIC) පදනම් කරගෙන ඔබටම වෙන්වූ අද්විතීය පෞද්ගලික සෞඛ්‍ය අංකයක් (Personal Health Number - PHN) හිමිවේ.
🌸​Barcode / QR Code භාවිතය: ලියාපදිංචියෙන් පසු ඔබට හිමිවන කාඩ්පත/අංකය මගින් ඊළඟ වාරවලදී තත්පර කිහිපයකින් ඔබගේ තොරතුරු පද්ධතියෙන් ලබාගත හැක.
🌸​ලේඛනගත ක්‍රමය (Manual Registration): පරිගණක පද්ධති ක්‍රියාත්මක නොවන ඇතැම් ඒකකවලදී ලියාපදිංචි ලේඛන මගින් සුරක්ෂිතව දත්ත සටහන් කර ගැනේ.

​🚨 සියඹලාණ්ඩුව මූලික රෝහලට පැමිණෙන ඔබට මෙහි ඇති වැදගත්කම:
​✅ ඔබගේ සම්පූර්ණ වෛද්‍ය ඉතිහාසය සුරක්ෂිත වීම: ඔබ මින් පෙර ලබාගත් ඖෂධ, අසාත්මිකතා (Allergies), රසායනාගාර පරීක්ෂණ වාර්තා (Lab Reports) සහ රෝග විනිශ්චයන් එකම ස්ථානයකින් දැකගත හැකි බැවින් නිවැරදිම ප්‍රතිකාරය ආරක්ෂිතව ලබාදීමට වෛද්‍යවරුන්ට පහසු වේ.
​✅ රෝගීන් මාරු වීම සහ වැරදි ප්‍රතිකාර සිදු වීම වැළැක්වීම: එකම නම සහිත පුද්ගලයින් කිහිපදෙනෙකු සිටිය හැකි වුවත්, ඔබගේ PHN අංකය හරහා ඔබව නිවැරදිව හඳුනාගැනීම (Patient Identification) මගින් රෝගී ආරක්ෂාව තහවුරු වේ.
​✅ කාලය ඉතිරි වීම: සෑම පැමිණීමකදීම නැවත නැවත තොරතුරු විමසීම අවශ්‍ය නොවන බැවින්, පෝලිම්වල රැඳී සිටින කාලය අඩුවී ප්‍රතිකාර සඳහා ගතවන කාලය ඉතිරි වේ.
​✅ කාර්යක්ෂම ඖෂධ සහ රෝහල් සේවාවක් ලැබීම: රෝහලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව සහ අවශ්‍ය වන ඖෂධ ප්‍රමාණයන් නිවැරදිව ගණනය කිරීමට මෙම දත්ත උපකාරී වන බැවින් ඔබට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබාදීමට හැකිවේ.
​🤝 අපගේ ඉල්ලීම:
සියඹලාණ්ඩුව මූලික රෝහලට පැමිණෙන විට ඔබගේ ජාතික හැඳුනුම්පත (NIC) සහ රෝහලෙන් ලබාදුන් ලියාපදිංචි කාඩ්පත සෑම විටම රැගෙන ඒමට කාරුණික වන්න.
​ඔබගේ සෞඛ්‍යය හා ආරක්ෂාව වෙනුවෙන් කැපවන,
සියඹලාණ්ඩුව මූලික රෝහල 💙🏥

🧠 මන සුව සායනය - සියඹලාණ්ඩුව මූලික රෝහල💙 ඔබත් තනිවෙලාද? මහන්සියිද? ජීවිතේ සමහර දවස්වල, කවුරුවත් තේරුම් ගන්නේ නෑ කියලා හි...
16/08/2026

🧠 මන සුව සායනය - සියඹලාණ්ඩුව මූලික රෝහල

💙 ඔබත් තනිවෙලාද? මහන්සියිද?
ජීවිතේ සමහර දවස්වල, කවුරුවත් තේරුම් ගන්නේ නෑ කියලා හිතෙනවාද...
කතා කරන්න කෙනෙක් නැති බව දැනෙනවාද...
ඇතුළත තියෙන දුක වචනවලට පත් කරගන්නවත් අමාරුයි...
ඒත් ඔබ තනි නෙවෙයි. 🤍
සියඹලාණ්ඩුව මූලික රෝහලේ "මන සුව සායනය" සෑම අඟහරුවාදාවකම ඔබ වෙනුවෙන් විවෘතයි. කරුණාවෙන්, ගෞරවයෙන්, කිසිම විනිශ්චයක් නැතුව ඔබට සවන් දෙන්න අපි සූදානම්.
ඒ වගේම, යළි අත්වැල් බැඳගෙන ජීවිතේට මුහුණ දෙන්න උදව් කරන "මිතුරු පියස" සේවාවත් අප සතුයි.
😔 මානසික සුවතාවය කියන්නෙත් සෞඛ්‍යයේම කොටසක්.
එය ගැන කතා කිරීම දුර්වලකමක් නෙවෙයි - එය ශක්තියක්.
ඔබට, ඔබේ පවුලේ කෙනෙකුට, හෝ ඔබේ මිතුරෙකුට මේ සහයෝගය අවශ්‍ය නම්... සෑම සතියකම අඟහරුවාදා දින පැවැත්වෙන මන සුව සායනයට එන්න.
අපි ඔබ එක්ක ඉන්නවා. 🤝
📍 සියඹලාණ්ඩුව මූලික රෝහල
🗓️ සෑම අඟහරුවාදාවක්ම
#මනසුව #සියඹලාණ්ඩුව

🏥රෝහලේ වැඩ කරන අපි ගැන පොඩි කතාවක්…(හැම වෙලාවෙම සෞඛ්‍ය පණිවිඩ  දාන්න කියලත් නෑනේ. )😂😂පිටින් බලනකොට රෝහලේ රස්සාව කියන්නේ ...
13/08/2026

🏥රෝහලේ වැඩ කරන අපි ගැන පොඩි කතාවක්…(හැම වෙලාවෙම සෞඛ්‍ය පණිවිඩ දාන්න කියලත් නෑනේ. )😂😂

පිටින් බලනකොට රෝහලේ රස්සාව කියන්නේ ලොකු පඩියක් හම්බවෙන, නිදහසේ ඉන්න පුළුවන්, සැප රස්සාවක් වගේ පේන්න පුළුවන්. සමහරු කියනවා, “අපි ගෙවන බදු සල්ලි වලින් තමයි ඔයාලා ජීවත් වෙන්නේ” කියලා.

ඒත් අපිත් මේ රටේම පුරවැසියෝ. අපේ වැටුපෙන් අපිත් බදු ගෙවනවා. ජීවිත වියදම් දරනවා. අපිත් පවුල් තියෙන මිනිස්සු.

උදේ වැඩට ඇවිත් රෑ වෙනකම් වැඩ කරන දවස් අපිට අලුත් දෙයක් නෙවෙයි. පැය 12ක රාජකාරි, නයිට් ඩියුටි, පෝය දවසටත්, අවුරුද්දටත්, උත්සව දවසටත් නිවාඩුවක් නැතුව සේවය කරනවා. සමහර මාසවල නිවාඩු දවස් ගණන එක අතේ ඇඟිලි ගණනටත් අඩුයි.

අපේ රස්සාවේ වටිනාකම දැනෙන්න නම්, ඒ රස්සාව කරලාම බලන්න ඕනේ. මොකද අපේ එක් තීරණයක්, එක් ක්‍රියාවක්,එක් නිරීක්ෂනයක් , එක් මොහොතක් මනුෂ්‍ය ජීවිතයක් බේරගන්න හේතුවක් වෙන්න පුළුවන්.

අපි අතින් වරදක් වුණොත් එය විවේචනය කරන්න ඔබට අයිතියක් තියෙනවා. නමුත් ඒ එක් වරද පමණක් දැකලා, දහස් ගණන් ජීවිත වෙනුවෙන් දවස පුරා, රෑ පුරා, නිහඬව කරන සේවය අමතක කරන්න එපා.

මේ ලියන්නේ මගේ රෝහලේ මගේ කණ්ඩායම වෙනුවෙන් පමණක් නොවෙයි. සියලු වෛද්‍යවරුන්, හෙද හෙදියන්, පරිපූරක වෛද්‍ය සේවකයින්, ඖෂධවේදීන්,පවුල් සෞඛ්‍ය සේවිකාවන්, රසායනාගාර නිලධාරීන්, උපස්ථාදායක සේවක මහත්ම මහත්මීන්, සෞඛ්‍ය කාර්ය සහායක මහත්ම මහත්මීන් , කාර්යාල සේවක මහත්ම මහත්මීන්, ආරක්ෂක නිලධාරීන්, පිරිසිදු කිරීමේ සේවකයින් — රෝහලක් ජීවමානව තබාගෙන යන සියලුම කණ්ඩායම් වෙනුවෙන්.

අපි පරිපූර්ණ මිනිස්සු නෙවෙයි. අපිත් වෙහෙසෙනවා. අපිටත් රිදෙනවා. අපිත් අඬනවා. ඒත් ඒ හැමදේම අතරේ, තවත් කෙනෙකුගේ ජීවිතයක් වෙනුවෙන් අපි නැවතත් රාජකාරියට එනවා.

ඒ නිසා රෝහලේ වැඩ කරන කෙනෙක් දකිද්දී, ඔහු හෝ ඇයගේ නිල ඇඳුමට පිටුපසින් තියෙන්නේ මනුෂ්‍ය ජීවිත වෙනුවෙන් නිහඬව කැපවන හදවතක් කියලා මතක තියාගන්න.

රෝහලේ වැඩ කරන අපි ගැන විනිශ්චය කරන්න කලින්, අපේ දිනයක් ජීවත් වෙලා බලන්න. ❤️

සෑම දිනකම ඔබ ලබා දෙන සත්කාරය,ඉවසීම සහ කැපවීම -රෝගියෙකුගේ සුවයේ මුල් පියවරයි...💐💐❤️ඔබ  අද කළ කුඩාම දායාවෙන් යුතු ක්‍රියාව...
11/08/2026

සෑම දිනකම ඔබ ලබා දෙන සත්කාරය,ඉවසීම සහ කැපවීම -රෝගියෙකුගේ සුවයේ මුල් පියවරයි...💐💐
❤️
ඔබ අද කළ කුඩාම දායාවෙන් යුතු ක්‍රියාවක් කෙනෙකුගේ දවස වෙනස් කර ඇත. ස්තුතියි..🙏🙏
#මූලික රෝහල සියඹලාණ්ඩුව #

03/08/2026
02/08/2026

I got over 2,000 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

🌸කොලෙස්ටරෝල් ගැන දැනගනිමු – ඔබේ හදවත ආරක්ෂා කරගනිමු🌸අද ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද හෘද රෝග, ආඝාතය (Stroke) සහ රුධිර නාල ආශ...
02/08/2026

🌸කොලෙස්ටරෝල් ගැන දැනගනිමු – ඔබේ හදවත ආරක්ෂා කරගනිමු
🌸අද ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද හෘද රෝග, ආඝාතය (Stroke) සහ රුධිර නාල ආශ්‍රිත රෝග වේගයෙන් වැඩිවෙමින් පවතී. මෙම රෝග සඳහා ප්‍රධානතම හේතු අතර රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම ඉතා වැදගත් සාධකයකි.

🌸කොලෙස්ටරෝල් වැඩි වූ විට බොහෝවිට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන නිසා එය “නිහඬ අවදානමක් (Silent Risk)” ලෙස සැලකේ. බොහෝ දෙනාට තම කොලෙස්ටරෝල් මට්ටම වැඩි බව දැනගන්නේ හෘදයාබාධයක්, ආඝාතයක් හෝ වෙනත් බරපතළ සංකූලතාවයක් ඇති වූ පසුවය.

🌷කොලෙස්ටරෝල් යනු කුමක්ද?

කොලෙස්ටරෝල් යනු ශරීරයේ ඇති මේදමය (Fat-like) ද්‍රව්‍යයකි. එය සම්පූර්ණයෙන්ම නරක දෙයක් නොවේ. ඇත්ත වශයෙන්ම,

🌸සෛල පටල (Cell membranes) සෑදීමට
🌸හෝමෝන නිපදවීමට
🌸Vitamin D නිපදවීමට
🌸ආහාර ජීර්ණයට අවශ්‍ය bile acids සෑදීමට
කොලෙස්ටරෝල් අවශ්‍ය වේ.
🌷අපගේ ශරීරයේ වැඩි කොටසක් අක්මාව (Liver) මගින් කොලෙස්ටරෝල් නිපදවයි. ඉතිරි කොටස ලැබෙන්නේ ආහාර මගිනි.
🌷කොලෙස්ටරෝල් වර්ග තුනකි,
1. LDL – “නරක කොලෙස්ටරෝල්”
Low Density Lipoprotein (LDL) රුධිර නාල තුළ මේද තැන්පත් කරයි, නාල පටු කරයි
අවහිර වීමට හේතු වේ
හෘදයාබාධ හා ආඝාත අවදානම වැඩි කරයි
2. HDL – “හොඳ කොලෙස්ටරෝල්”High Density Lipoprotein (HDL),LDL ඉවත් කිරීමට උපකාරී වේ, අක්මාව වෙත කොලෙස්ටරෝල් රැගෙන යයි හෘද රෝග අවදානම අඩු කරයි.
3. Triglycerides
ශරීරයේ ශක්තිය ගබඩා කරන මේද වර්ගයකි,අධික වූ විට හෘද රෝග අවදානම වැඩි කරයි,දියවැඩියාව සහ ස්ථූලතාව සමඟ බොහෝවිට සම්බන්ධ වේ.

🌸කොලෙස්ටරෝල් වැඩි වීමට හේතු

🌷ආහාරමය හේතු
🌷ගැඹුරු තෙලේ බැදපු ආහාර
🌷ෆාස්ට් ෆුඩ්ස්
🌷බේකරි නිෂ්පාදන
🌷කේක්, පේස්ට්‍රි
🌷බටර්, ගිතෙල්
🌷අධික පොල්තෙල්
🌷රතු මස් (Beef, Mutton)
🌷සැකසූ මස් (Sausages, Bacon)
🌷ජීවන රටාව
🌷ව්‍යායාම නොකිරීම
🌷දිගු වේලාවක් වාඩි වී සිටීම
🌷දුම්පානය
🌷අධික මත්පැන් භාවිතය
🌷අධික ශරීර බර
වෙනත් හේතු
🌷දියවැඩියාව
🌷අධි රුධිර පීඩනය
🌷වකුගඩු රෝග
🌷Hypothyroidism
🌷පවුලේ ඉතිහාසය (Familial Hypercholesterolemia)
🌷වයස වැඩිවීම

🌸කොලෙස්ටරෝල් වැඩි වූ විට ඇතිවන අතුරුආබාධ හා සංකූලතා

🌸කොලෙස්ටරෝල් වැඩිවීමේ ප්‍රධාන අතුරුආබාධය වන්නේ රුධිර නාල තුළ මේද තැන්පත් වීම (Atherosclerosis) ය.
🌸හෘදයාබාධ (Heart Attack)
🌸හදවතට රුධිරය සපයන Coronary arteries අවහිර වූ විට
🌸පපුවේ දැඩි වේදනාව
🌸වමතට, හකු, පිටුපසට වේදනාව
🌸දහඩිය දැමීම
🌸හුස්ම ගැනීමේ අපහසුතාව
🌸හදිසි මරණය
🌸ආඝාතය (Stroke)
🌸මොළයට යන රුධිර නාල අවහිර වූ විට
🌸අතක් හෝ කකුලක් අක්‍රිය වීම
🌸මුහුණ ඇද වීම
🌸කතා කිරීමට අපහසු වීම
🌸දෘෂ්ටිය අඩුවීම
Peripheral Arterial Disease
🌸පාදවල රුධිර ගමනාගමනය අඩුවීම
🌸ඇවිදින විට පාද වේදනාව
🌸පාද සීතල වීම
🌸තුවාල සුව වීමට ප්‍රමාද වීම

🩸කොලෙස්ටරෝල් වැඩි වූ විට පෙන්විය හැකි ලක්ෂණ

🌷බොහෝවිට කිසිදු ලක්ෂණයක් නොමැත.
නමුත් සමහර අය තුළ,
🌷ඇස් වටා කහ පැහැති මේද තැන්පත් වීම (Xanthelasma)
🌷සම මත මේද ගැටිති (Xanthomas)
🌷පවුලේ අඩු වයසේ හෘද රෝග ඉතිහාසය
දක්නට ලැබිය හැක.

🌸කළ යුතු පරීක්ෂණ
🌷Lipid Profile (Fasting Lipid Profile)
මෙය ප්‍රධානතම පරීක්ෂණයයි.
එහි,
Total Cholesterol
LDL Cholesterol
HDL Cholesterol
Triglycerides
VLDLපරීක්ෂා කරයි.
🌸සාමාන්‍යයෙන් පැය 9–12ක් නිරාහාරව මෙම පරීක්ෂණය කිරීම වඩාත් සුදුසුය.
🌸කොලෙස්ටරෝල් පාලනය කරගන්නේ කෙසේද?
🥗 එළවළු, පලතුරු, ධාන්‍ය වර්ග වැඩිපුර ගන්න
🚶 දිනපතා විනාඩි 30ක්වත් ව්‍යායාම කරන්න
🚭 දුම්පානයෙන් හා මත්පැන් භාවිතයෙන් වැළකෙන්න
⚖️ නිසි බර පවත්වාගන්න
🩸 වයස අවුරුදු 20න් පසු වාර්ෂිකව කොලෙස්ටරෝල් පරීක්ෂාවක් කරගන්න
💡 මතක තබාගන්න: කොලෙස්ටරෝල් වැඩිවීම බොහෝවිට රෝග ලක්ෂණ නොපෙන්වයි - "නිහඬ ඝාතකයා" ලෙසින් හඳුන්වන්නේ එබැවිනි!
📍 වැඩි විස්තර සහ පරීක්ෂණ සඳහා අප රෝහලේ සෑම සිකුරාදා දින පවතින සුව දින සායනයට පැමිණෙන්න අපි ඔබට සුවැති දිවියකට නිවැරදි මග පෙන්වන්නෙමු.

🌸අදම ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කර, ඔබේ හදවත සහ ඔබේ පවුලේ අනාගතය ආරක්ෂා කරගන්න.

# Base Hospital Siyambalanduwa # Health Promotion #කොලෙස්ටරෝල් ්ෂාකරමු #

27/07/2026

❤️ හෘදයාබාධයක් ඇතිවීමට පෙර ශරීරය ලබාදෙන අනතුරු ඇඟවීම් ඔබ දන්නවාද?

🌸හෘදයාබාධයක් (Heart Attack) හදිසියේම සිදුවිය හැකි වුවද, බොහෝ පුද්ගලයන්ට එයට පෙර ලක්ෂණ මතුවිය හැකිය.

⚠️ අවධානය යොමු කළ යුතු ලක්ෂණ
❤️ පපුවේ තදවීම, බරක් දැනීම හෝ වේදනාව
💪 වේදනාව වම් අතට, දකුණු අතට, උරහිසට, බෙල්ලට, හකුට හෝ පිටුපසට පැතිරීම
😮‍💨 හුස්ම ගැනීමේ අපහසුතාව
🥶 සීතල දහඩිය දැමීම
🤢 ඔක්කාරය හෝ වමනය
😵 හදිසි කරකැවිල්ල හෝ ක්ලාන්ත ගතිය
🚨 මේ ලක්ෂණ තිබේ නම්...
❌ "ගෑස් අමාරුවක් වෙන්න ඇති" කියලා ගෙදර ඉන්න එපා.
☎️ 1990 සුවසැරිය අමතන්න හෝ වහාම ළඟම රෝහලට යන්න.
⏳ සෑම මිනිත්තුවක්ම හෘද පේශි බේරා ගැනීමට වැදගත්ය.
❤️ හෘදයාබාධ අවදානම අඩු කරගන්නේ කොහොමද?
✅ දුම්පානය නවත්වන්න. ✅ රුධිර පීඩනය, දියවැඩියාව සහ කොලෙස්ටරෝල් පාලනය කරන්න. ✅ දිනපතා ව්‍යායාම කරන්න. ✅ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කරන්න. ✅ නියමිත වෛද්‍ය පරීක්ෂණ කරවා ගන්න.
📢 ඔබගේ එක් Share එකක් මඟින් කෙනෙකුගේ ජීවිතයක් බේරාගත හැකිය.
#හෘදයාබාධ #ජීවිතයබේරාගනිමු #සෞඛ්‍යදැනුවත්කිරීම

02/12/2025

ඔබ මී උණ (Rat Fever) අවදානමට ලක්ව සිටීද?

✓ ඔබ ගංවතුර හෝ මඩ සහිත ජලයේ ඇවිදීම, වැඩ කිරීම හෝ පිරිසිදු කිරීම සිදු කළේ නම්.
✓ ගංවතුර බැස ගිය පසු ඔබ ලිං, කානු පද්ධති හෝ කසළ පිරිසිදු කිරීමේ යෙදුනේ නම්.
✓ පාදවල හෝ කකුල්වල කැපුම් හෝ සීරීම් තුවාල තිබියදීත් තෙත හෝ මඩ සහිත ප්‍රදේශවල ගැවසුනේ නම්.

ඉහත කරුණු වලින් එකක් හෝ ඔබට අදාළ නම්, ඔබ මී උණ අවදානමේ පසුවෙයි.

ගංවතුර ආපදා තත්වයට මුහුණ දුන් ජනතාව මී උණ වැලැක්වීමේ පූර්ණ ප්‍රතිකාරය (Doxycycline) නොමිලයේ ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා අමතන්න.

Address

Siyambalanduwa

Telephone

+94552279460

Website

Alerts

Be the first to know and let us send you an email when Base Hospital Siyambalanduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Base Hospital Siyambalanduwa:

Shortcuts

Share