Ministry of Environment

Ministry of Environment The Ministry of Environment of Sri Lanka remains committed for the management of the environment

02/09/2026

වනඅලින් දුම්රියේ ගැමීට වැළැක්වීම සඳහා Clean Sri Lanka සහ රාජ්‍ය ආයතන මහජන බැංකුව එක්ව සිදු කරන තාක්ෂණික මෙහෙයුම

වනස්පති රැකවරණය ලැබූ හකුරන්නේගල රක්ෂිත වනාන්තරයනැගෙනහිර වියළි කලාපීය භූමිදර්ශනයේ හකුරන්නේගල රක්ෂිත වනාන්තරය, අම්පාර දිස්...
02/09/2026

වනස්පති රැකවරණය ලැබූ හකුරන්නේගල රක්ෂිත වනාන්තරය

නැගෙනහිර වියළි කලාපීය භූමිදර්ශනයේ හකුරන්නේගල රක්ෂිත වනාන්තරය, අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය වන අඩවියට අයත් පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි සුවිශේෂී පරිසර පද්ධතියක්.

මහවැලි බලප්‍රදේශයේ කෘෂිකාර්මික වගාබිම් මධ්‍යයේ නැගී සිටින මෙම කඳුකර වියළි මෝසම් වනාන්තරය හෙක්ටයාර 128.18ක (දළ වශයෙන් හෙක්ටයාර 129ක) සුවිසල් හරිත පවුරක් පුරා මෙය පැතිර පවතී.

ගැසට් පත්‍රයක් මඟින් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ පාරිසරික හා නීතිමය වැදගත්කම

• නීතිමය රැකවරණය තහවුරු වීම: වන සංරක්ෂණ ආඥාපනත යටතේ නීත්‍යානුකූලව ගැසට් කිරීම මඟින් අනවසර ඉඩම් අත්පත් කරගැනීම්, වන විනාශය, දැව ජාවාරම සහ කෘෂිකාර්මික ව්‍යාප්තියෙන් එල්ල වන තර්ජන මුළුමනින්ම මැඩපැවැත්වීමට නිල බලයක් ලැබෙනු ඇත.
• ජල පෝෂක හා පාංශු ආරක්ෂණය: කෘෂිකාර්මික වටපිටාවකින් යුත් කලාපයක පිහිටි කඳුකර පද්ධතියක් වන බැවින්, පාංශු ඛාදනය වැළැක්වීමටත්, අවට වගාබිම් සහ වැව් පද්ධති පෝෂණය කරන භූගත ජල මට්ටම මනා ලෙස පවත්වා ගැනීමටත් මෙහි පැවැත්ම අත්‍යවශ්‍ය වේ.
• දේශගුණික සමතුලිතතාව: වියළි මෝසම් කලාපයේ හමන වියළි සුළං ප්‍රවාහයන් පාලනය කරමින් ප්‍රදේශයේ ක්ෂුද්‍ර දේශගුණය (micro-climate) සමතුලිතව තබාගැනීමට මෙම හරිත වියන උපකාරී වේ.
• ජෛව විවිධත්ව සුරක්ෂිතතාව: තැනිතලා වගාබිම් මැද හුදකලා වී ඇති ස්වාභාවික සත්ත්ව වාසස්ථාන, පක්ෂීන්, ක්ෂීරපායින් සහ වියළි කලාපීය ආවේණික ශාක ප්‍රජාවන්ට ආරක්ෂිත අභයභූමියක් සපයයි.

'වනස්පති' ජාතික වැඩසටහන යටතේ හෙක්ටයාර 128.18ක් වන මෙම භූමිභාගය නීත්‍යානුකූල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම යනු හුදු භූමි සීමාවක් නම් කිරීමක් නොව, අනාගත පරපුර උදෙසා අම්පාර දිස්ත්‍රික්කයේ පාරිසරික පැවැත්ම සුරක්ෂිත කළ තිරසර පියවරකි.

'வனஸ்பதி' திட்டத்தின் கீழ் அரவணைப்புப் பெற்ற ஹகுரன்னேகல காப்புக்காடு

கிழக்கு உலர் வலய நிலப்பரப்பில் அமைந்துள்ள ஹகுரன்னேகல காப்புக்காடு, அம்பாறை மாவட்டத்தின் மகாஓயா வனச் சரகத்திற்குட்பட்ட படியத்தலாவ பிரதேச செயலாளர் பிரிவில் காணப்படும் ஒரு தனித்துவமான சூழல் அமைப்பாகும். மகாவலி அபிவிருத்திப் பிரதேசத்தின் விவசாய நிலங்களுக்கு மத்தியில் எழும்பியுள்ள இந்த மலைப்பாங்கான உலர் பருவக்காடு, 128.18 ஹெக்டேயர் (தோராயமாக 129 ஹெக்டேயர்) பரப்பளவைக் கொண்ட ஒரு பாரிய பசுமை அரணாக விரிந்துள்ளது.

அரசிதழ் (வர்த்தமானி) மூலம் காப்புக்காடாகப் பிரகடனப்படுத்துவதன் சூழலியல் மற்றும் சட்ட ரீதியான முக்கியத்துவம்

• சட்டப் பாதுகாப்பை உறுதிப்படுத்தல்: வனப் பாதுகாப்பு கட்டளைச் சட்டத்தின் கீழ் உத்தியோகபூர்வமாக வர்த்தமானி அறிவித்தல் வெளியிடுவதன் மூலம், சட்டவிரோத நில அபகரிப்புகள், காடழிப்பு, மரக்கடத்தல் மற்றும் விவசாய விரிவாக்க அச்சுறுத்தல்களைத் தடுத்து நிறுத்துவதற்கான முழுமையான சட்ட அதிகாரம் கிடைக்கப்பெறும்.
• நீரேந்துப் பகுதி மற்றும் மண் பாதுகாப்பு: விவசாயப் பின்னணியைக் கொண்ட பகுதியில் அமைந்துள்ள மலைப்பாங்கான சுற்றுச்சூழல் என்பதால், மண் அரிப்பைத் தடுப்பதற்கும், சுற்றியுள்ள விவசாய நிலங்களையும் குளங்களையும் செறிவூட்டும் நிலத்தடி நீர் மட்டத்தைப் பேணுவதற்கும் இதன் இருப்பு அவசியமானது.
• காலநிலைச் சமநிலை: உலர் பருவப் பகுதிகளில் வீசும் கடுமையான வரண்ட காற்றோட்டங்களைக் கட்டுப்படுத்தி, இப்பிரதேசத்தின் நுண்ணிய காலநிலையை (micro-climate) சமநிலையில் வைத்திருக்க இந்த பசுமைக் குடை உதவுகிறது.
• பல்லுயிர் பாதுகாப்பு: சமவெளி விவசாய நிலங்களுக்கு மத்தியில் தனித்து விடப்பட்டுள்ள இந்த இயற்கை வாழ்விடம், காட்டுயிர்கள், பறவைகள், பாலூட்டிகள் மற்றும் உலர் வலயத்திற்குரிய தாவர வகைகளுக்குப் பாதுகாப்பான புகலிடமாக அமைகிறது.
'வனஸ்பதி' தேசிய திட்டத்தின் கீழ் 128.18 ஹெக்டேயர் பரப்பளவைக் கொண்ட இந்த நிலப்பரப்பைச் சட்டபூர்வ காப்புக்காடாகப் பிரகடனப்படுத்துவதென்பது, வெறும் நில எல்லையை வரையறுப்பது மட்டுமல்லாமல், எதிர்கால சந்ததிக்காக அம்பாறை மாவட்டத்தின் சூழலியல் இருப்பை உறுதிசெய்த ஒரு நிலையான முன்னெடுப்பாகும்.

Hakurannegala Reserved Forest: Sheltered by the 'Vanaspathi' Initiative

Nestled within the eastern dry zone landscape, the Hakurannegala Reserved Forest is an exceptional ecosystem situated in the Padiyathalawa Divisional Secretariat Division under the Mahaoya Forest Range in the Ampara District. Rising amidst the agricultural expanses of the Mahaweli territory, this montane dry monsoon forest spans a magnificent green bastion of 128.18 hectares (approximately 129 hectares).

Ecological and Legal Significance of Gazetting as a Forest Reserve
• Guaranteed Legal Protection: Being formally gazetted under the Forest Conservation Ordinance provides the legal authority required to strictly halt unlawful land encroachments, deforestation, timber trafficking, and agricultural expansion.
• Watershed and Soil Conservation: As a mountain system encircled by agricultural activity, its preservation is vital for curbing soil erosion and maintaining the groundwater tables that feed surrounding farmlands and reservoir (tank) networks.
• Climatic Equilibrium: This lush forest canopy buffers arid wind currents sweeping across the dry monsoon zone, helping sustain a balanced local microclimate.
• Biodiversity Safeguards: Isolated amid flat crop plains, this habitat serves as a secure haven for wildlife, birds, mammals, and plant communities unique to the dry zone.

Declaring this 128.18-hectare landscape a statutory reserve under the 'Vanaspathi' National Program is not merely the demarcation of a boundary; it is a sustainable milestone safeguarding the ecological heritage of the Ampara District for generations to come.

01/09/2026

දික්වැවේ රෝගාතුරව සිටි වන අලි පැටවාට ප්‍රතිකාර

තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිරලෝගම, කදුරුගස්වැව ප්‍රදේශයේ පිහිටි දික්වැව තුළ සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ රෝගාතුරව සිටි කුඩා වන අලි පැටවාට ප්‍රතිකාර කිරීමේ කටයුතු වනජීවී නිලධාරීන් විසින් අද (1) දින ආරම්භ කර තිබේ.

ප්‍රදේශවාසීන් විසින් කරන ලද දැනුම්දීමකට අනුව වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානයට ගොස් ඇති අතර, එම සත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර අවශ්‍ය කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට මේ වන විට පියවර ගනිමින් තිබේ.

අලි-මිනිස් සහජීවනය උදෙසා විද්‍යාත්මක සහ ප්‍රායෝගික ප්‍රවේශයකික් වනජීවී ක්ෂේත්‍ර නිලධාරීන්ගේ මෙහෙයුම් ශක්තිය ඉහළ නැංවීම ස...
01/09/2026

අලි-මිනිස් සහජීවනය උදෙසා විද්‍යාත්මක සහ ප්‍රායෝගික ප්‍රවේශයකික් වනජීවී ක්ෂේත්‍ර නිලධාරීන්ගේ මෙහෙයුම් ශක්තිය ඉහළ නැංවීම සඳහා යතුරු පැදි ලබා දීම

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම යනු හුදෙක් පරිසර ගැටලුවක් පමණක් නොව, දශක ගණනාවක් පුරා සිදු වූ අක්‍රමවත් භූමි පරිහරණය, අලි මංකඩ අවහිර වීම සහ දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම මත නිර්මාණය වූ සංකීර්ණ සමාජ-ආර්ථික අර්බුදයක්.

මෙතෙක් පැවති කෙටිකාලීන හා තාවකාලික ක්‍රියාමාර්ග වෙනුවට, විද්‍යාත්මක පදනමකින් යුතු ස්ථිරසාර විසඳුම් කරා එළඹීමේ ජාතික අවශ්‍යතාවය හඳුනාගනිමින් පූර්ණ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වෙනවා.
ක්ෂේත්‍ර මට්ටමේ ගැටුම් කළමනාකරණයේදී මතුවූ ප්‍රධානතම බාධාව වූයේ මානව හා භෞතික සම්පත්වල පැවති දැඩි හිඟතාවයි. ක්ෂණික ප්‍රතිචාර දැක්වීම, මුර සංචාර සහ සන්නිවේදන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා දෙපාර්තමේන්තු ඉතිහාසයේ පළමු වරට වාහන 294ක් එකවර ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

එහි පළමු අදියර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වුණා. දෙවැනි අදියර සැප්තැම්බර් 2 වන දින නැගෙනහිර අම්පාර කලාපයේ දී සහ පුත්තලම කලාපයේ දීත්, සැප්තැම්බර් 4 වන දින පොළොන්නරුව- මාතලේ කලාපයේදීත්, සිදු වෙනවා.

වන අලින් ගම්වැදීම් පිළිබඳ තොරතුරු ලද විගස දුෂ්කර මාර්ග ඔස්සේ කඩිනමින් එම ස්ථාන වෙත ළඟා වීමට නිලධාරීන්ට හැකියාව ක්ෂේත්‍ර නිළධාරීන්ට ලැබෙන අතර ගැටුම් බහුල සහ අලි මංකඩ ආශ්‍රිත ප්‍රදේශවල නිරන්තර ක්ෂේත්‍ර නිරීක්ෂණ කටයුතු තහවුරු කිරීමටත්, ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතය, වගාබිම් මෙන්ම වනජීවීන්ගේ පැවැත්මද එකවර ආරක්ෂා වන පරිදි සහජීවන යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටත් දැන් හැකියාව ලැබෙනවා.

மனித-யானை சகவாழ்விற்கான விஞ்ஞான ரீதியான மற்றும் நடைமுறை அணுகுமுறை: வனஜீவராசிகள் கள உத்தியோகத்தர்களின் செயல்பாட்டுத் திறனை மேம்படுத்த மோட்டார் சைக்கிள்கள் வழங்கள்

இலங்கையில் மனித-யானை மோதலானது வெறும் சுற்றுச்சூழல் பிரச்சினை மட்டுமல்ல; பல தசாப்தங்களாக இடம்பெற்ற திட்டமிடப்படாத நிலப்பயன்பாடு, யானை வழித்தடங்கள் அடைக்கப்படல் மற்றும் காலநிலை மாற்றத்தின் தாக்கங்களால் உருவான ஒரு சிக்கலான சமூக-பொருளாதார நெருக்கடியாகும். இதுவரை காணப்பட்ட தற்காலிக தீர்வுகளுக்குப் பதிலாக, விஞ்ஞான அடிப்படையிலான நிலையான தீர்வுகளை அடைவதற்கான தேசிய தேவையை உணர்ந்து, தற்போது ஒரு விரிவான வேலைத்திட்டம் முன்னெடுக்கப்பட்டு வருகின்றது.

கள மட்டத்தில் மோதல்களைக் கையாள்வதில் நிலவிய பிரதான தடையாக மனித மற்றும் பௌதிக வளங்களின் கடுமையான பற்றாக்குறை அமைந்திருந்தது. உடனடித் துலங்கல், ரோந்துப் பணிகள் மற்றும் தகவல் தொடர்புத் திறனை அதிகரிப்பதற்காக, திணைக்கள வரலாற்றிலேயே முதன்முறையாக 294 வாகனங்கள் ஒரே கட்டத்தில் வழங்க நடவடிக்கை எடுக்கப்பட்டுள்ளது.

இதன் முதற்கட்டம் திருகோணமலை மாவட்டத்தை மையமாகக் கொண்டு ஆரம்பிக்கப்பட்டது. இரண்டாம் கட்டம் செப்டம்பர் 2 ஆம் திகதி கிழக்கு - அம்பாறை வலயத்திலும், புத்தளம் வலயத்திலும், செப்டம்பர் 4 ஆம் திகதி பொலன்னறுவை - மாத்தளை வலயத்திலும் நடைபெறவுள்ளது.

காட்டுயானைகள் கிராமங்களுக்குள் நுழைவது பற்றிய தகவல் கிடைத்தவுடன், கள உத்தியோகத்தர்கள் கரடுமுரடான பாதைகள் ஊடாக விரைவாக சம்பவ இடங்களைச் சென்றடைய இது வழிவகுக்கிறது. அத்துடன், மோதல்கள் அதிகம் நிகழும் பகுதிகள் மற்றும் யானை வழித்தடங்களை மையப்படுத்தி தொடர்ச்சியான களக் கண்காணிப்பை உறுதிப்படுத்தவும், கிராமப்புற மக்களின் அன்றாட வாழ்க்கை, விவசாய நிலங்கள் மற்றும் வனவிலங்குகளின் பாதுகாப்பு ஆகியவற்றை உறுதி செய்து சகவாழ்வுப் பொறிமுறையை வலுப்படுத்தவும் இதன்மூலம் வாய்ப்பேற்பட்டுள்ளது.

A Scientific and Practical Approach Toward Human-Elephant Coexistence: Providing Motorcycles to Enhance the Operational Capacity of Wildlife Field Officers

The human-elephant conflict in Sri Lanka is not merely an environmental issue; it is a complex socio-economic crisis resulting from decades of unplanned land use, blocked elephant corridors, and the impacts of climate change. Recognizing the national need to transition from short-term, ad-hoc measures to scientifically grounded, sustainable solutions, a comprehensive initiative is currently underway.

A major obstacle in managing conflict at the ground level has been the acute shortage of human and material resources. To facilitate rapid response, intensive patrolling, and improved communication efficiency, a historic fleet of 294 vehicles is being deployed simultaneously for the first time in the department's history.

The first phase of distribution commenced centered around the Trincomalee District. The second phase will take place on September 2 in the Eastern–Ampara region and the Puttalam region, followed by the Polonnaruwa–Matale region on September 4.

This initiative empowers field officers to swiftly navigate difficult terrain upon receiving reports of wild elephants entering villages. It also ensures continuous monitoring in high-conflict zones and elephant corridors, strengthening the coexistence framework to safeguard rural livelihoods and farmlands while preserving wildlife.

31/08/2026

-වසර ගණනාවක් පුරා පැවති රාජ්‍ය දැව සංස්ථාවේ තනතුරු 10ක් අද සම්පූර්ණ වූවා-

රාජ්‍ය දැව සංස්ථාවේ මානව සම්පත් අර්බුදයට තිරසර විසඳුම් ලබා දෙමින්  තනතුරු 10ක් සඳහා නව පත්වීම්සේවක වැටුප් හා දීමනා සඳහා ...
31/08/2026

රාජ්‍ය දැව සංස්ථාවේ මානව සම්පත් අර්බුදයට තිරසර විසඳුම් ලබා දෙමින් තනතුරු 10ක් සඳහා නව පත්වීම්

සේවක වැටුප් හා දීමනා සඳහා වැයවන මූල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයට බරක් නොවී සංස්ථාව විසින් ම සපයා ගැනීම සුවිශේෂීයි

රාජ්‍ය යාන්ත්‍රණය වඩාත් කාර්යක්ෂම, ඵලදායී, සහ ජනතා හිතෛෂී සේවාවක් බවට පරිවර්තනය කිරීමේ ජාතික ප්‍රතිපත්තියට සමගාමීව, දීර්ඝ කාලයක් මුළුල්ලේ රාජ්‍ය දැව සංස්ථාව මුහුණ දී තිබූ දැඩි මානව සම්පත් හිඟයට තිරසාර විසඳුම් ලබා දෙමින් නව පත්වීම් ප්‍රදානය කිරීම ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (31) රාජ්‍ය දැව සංස්ථා ‘සප්ත පරිසර මණ්ඩපයේදී’ පැවැත්විණ.

2,308ක් වූ රාජ්‍ය දැව සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩලයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් දීර්ඝ කාලයක් තිස්සේ පුරප්පාඩුව පැවතීම හේතුවෙන් ආයතනික කාර්යයන් කළමනාකරණය කිරීම දැඩි අභියෝගයක්ව පැවතිණි. එම තත්ත්වය සමනය කරලීම සඳහා 2025 සහ 2026 වර්ෂවල කැබිනට් මණ්ඩල අනුමැතියට යටත්ව බඳවා ගැනීම් ක්‍රියාවලිය විධිමත් ලෙස ක්‍රියාත්මක කෙරුණි.

ඒ අනුව, 2025 සහ 2026 වසර තුළදී අනුමත කරන ලද තනතුරු 43කට අදාළ පුරප්පාඩු 195ක් සඳහා සේවකයින් බඳවා ගැනීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර ඇත. මෙම සියලු බඳවා ගැනීම් සහ ස්ථිර කිරීම් සමඟ සංස්ථාවේ සමස්ත සේවක සංඛ්‍යාව 1,474ක් දක්වා යාවත්කාලීන වන අතර, සියලු සේවක වැටුප් හා දීමනා සඳහා වැයවන මූල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයට බරක් නොවී සංස්ථාව විසින්ම උපයා ගන්නා ආදායමෙන් සපුරා ගැනීමට කටයුතු කිරීම සුවිශේෂී වේ.

හරිත ආර්ථිකයක් සහ පරිසර හිතකාමී සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී මානව සම්පත් කළමනාකරණය ඔස්සේ සංස්ථාව ලාභ ලබන සහ රටේ දැව අවශ්‍යතාව තිරසරව සපුරාලන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.

அரசு மர கூட்டுத்தாபனத்தின் மனிதவள நெருக்கடிக்கு நிலையான தீர்வு

நீண்டகால வெற்றிடங்களை நிரப்பி 10 பதவிகளுக்கான புதிய நியமனங்கள்

ஊழியர் சம்பளம் மற்றும் கொடுப்பனவுகளுக்கான நிதி ஒதுக்கீடுகள் திறைசேரிக்கு சுமையின்றி கூட்டுத்தாபனத்தின் சுய வருமானம் மூலம் பூர்த்தி

அரசுப் பொறிமுறையை மிகவும் வினைத்திறனான, பயனுள்ள மற்றும் மக்கள்-நேய சேவையாக மாற்றும் தேசிய கொள்கைக்கு அமைவாக, அரசு மர கூட்டுத்தாபனம் நீண்ட காலமாக எதிர்கொண்டு வந்த கடுமையான மனிதவளப் பற்றாக்குறைக்கு நிலையான தீர்வுகளை வழங்கி புதிய நியமனங்களை வழங்கும் நிகழ்வு, இன்று (31) அரசு மர கூட்டுத்தாபனத்தின் ‘சப்த பரிசர மண்டபத்தில்’ நடைபெற்றது.

அரசு மர கூட்டுத்தாபனத்தின் அங்கீகரிக்கப்பட்ட 2,308 பணியாளர்களில் 50% க்கும் அதிகமான பணியிடங்கள் நீண்டகாலமாக வெற்றிடமாக இருந்தமையினால், நிறுவன ரீதியான பணிகளை முகாமைத்துவம் செய்வது பாரிய சவாலாக அமைந்திருந்தது. இந்த நிலையை சீர்செய்வதற்காக, 2025 மற்றும் 2026 ஆம் ஆண்டுகளுக்கான அமைச்சரவை அனுமதியின் கீழ் முறையான ஆட்சேர்ப்பு நடவடிக்கைகள் முன்னெடுக்கப்பட்டன.

அதற்கிணங்க, 2025 மற்றும் 2026 ஆம் ஆண்டுகளில் அங்கீகரிக்கப்பட்ட 43 பதவிகளுக்குரிய 195 வெற்றிடங்களுக்கான ஊழியர் ஆட்சேர்ப்பு பணிகள் வெற்றிகரமாக நிறைவு செய்யப்பட்டுள்ளன. இந்த ஆட்சேர்ப்பு மற்றும் நிரந்தர நியமனங்களுடன், கூட்டுத்தாபனத்தின் மொத்த ஊழியர் எண்ணிக்கை 1,474 ஆக புதுப்பிக்கப்பட்டுள்ளதுடன், ஊழியர்களின் அனைத்து சம்பளங்கள் மற்றும் கொடுப்பனவுகளுக்கான நிதி ஒதுக்கீடுகள் மகா திறைசேரிக்கு சுமையாக அமையாமல் கூட்டுத்தாபனத்தின் சுய வருமானத்தின் மூலமே ஈடுசெய்யப்படுவது இதன் சிறப்பம்சமாகும்.

பசுமைப் பொருளாதாரம் மற்றும் சூழல்-நேய அபிவிருத்தி இலக்குகளை அடையும் நோக்கில், மனிதவள முகாமைத்துவத்தின் ஊடாக இந்நாட்டுக்குத் தேவையான மரத் தேவைகளை நிலைபேறான முறையில் பூர்த்தி செய்து, கூட்டுத்தாபனத்தை இலாபமீட்டும் ஒரு மையமாக மாற்றும் பணிகள் தற்போது முன்னெடுக்கப்பட்டு வருகின்றன.

Sustainable Solutions to the Human Resource Crisis at the State Timber Corporation - New appointments for 10 positions to fill long-standing vacancies

Salaries and allowances funded entirely through internal revenue without burdening the General Treasury

In alignment with the national policy of transforming the state machinery into a more efficient, productive, and people-centric service, a ceremony to grant new appointments—providing sustainable solutions to the severe human resource deficit long faced by the State Timber Corporation—was held today (31st) at the ‘Saptha Parisara Mandapaya’ of the State Timber Corporation under the patronage of the Hon. Minister of Environment, Dr. Dammika Patabendi.

With over 50% of the Corporation’s approved cadre of 2,308 remaining vacant for an extended period, managing institutional operations had become a formidable challenge. To alleviate this situation, a formal recruitment process was executed under Cabinet approval for the years 2025 and 2026.

Accordingly, the recruitment process for 195 vacancies across 43 approved designations for 2025 and 2026 has been successfully concluded. Following these recruitments and confirmations, the Corporation's total workforce stands updated at 1,474. It is noteworthy that all financial provisions required for employee salaries and allowances are met entirely through internally generated revenue, placing no financial burden on the General Treasury.

Initiatives are underway through effective human resource management to transform the Corporation into a profitable hub that sustainably fulfills the nation’s timber requirements while advancing toward a green economy and eco-friendly development goals.

තිල්ලිඅඩිය කඩොලාන වනාන්තරය වනස්පති යටතේ ආරක්ෂා වුණාපුත්තලම දිස්ත්‍රික්කයේ, කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ, පුත්ත...
31/08/2026

තිල්ලිඅඩිය කඩොලාන වනාන්තරය වනස්පති යටතේ ආරක්ෂා වුණා

පුත්තලම දිස්ත්‍රික්කයේ, කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ, පුත්තලම කලපුවට මායිම්ව හෙක්ටයාර් 13.06ක (අක්කර 32කට ආසන්න) භූමි ප්‍රමාණයක පැතිර පවතින "තිල්ලිඅඩිය කඩොලාන වනාන්තරය" යනු හුදෙක් ගස් කොළන් රැසක් පමණක් නොවේ. එය ජෛව විවිධත්වයෙන් අනූන, දැඩි සංවේදී සහ අමිල පාරිසරික සේවාවන් රැසක් සපයන ජීවමාන පද්ධතියක්.

මෙම වනාන්තරයෙහි සුවිශේෂත්වය වන්නේ එය "අන්තර් උදම් කලාපය" (Intertidal Zone) තුළ පිහිටා තිබීමයි.

එනම්, දිනපතා සිදුවන වඩදිය සහ බාදිය නිසා වරෙක ජලයෙන් යටවන, තවත් වරෙක වියළෙන කලාපයක මෙම ශාක ප්‍රජාව වැඩෙයි. මෙම අභියෝගාත්මක පරිසරයට අනුවර්තනය වෙමින්, ලවණතාව දරාගැනීම සහ ඔක්සිජන් අවම මඩ සහිත පසෙහි ස්ථාවරව සිටීම සඳහා කඩොලාන ශාක සතු සුවිශේෂී අනුවර්තන (විශේෂිත මුල් පද්ධති, බීජ ප්‍රරෝහණය) මෙම වනාන්තරය තුළ මැනවින් දැකගත හැකියි.

මෙම සංවේදී පරිසර පද්ධතිය 'වනස්පති' ජාතික වැඩසටහන හරහා නීතිමය වශයෙන් රක්ෂිතයක් බවට පත් කිරීමේ තීරණය කාලෝචිත සහ අත්‍යවශ්‍ය පියවරක්.

'வனஸ்பதி' தேசிய திட்டத்தின் கீழ் பாதுகாக்கப்பட்ட தில்லியடி கண்டல் காடு

புத்தளம் மாவட்டம், கற்பிட்டி பிரதேச செயலாளர் பிரிவில் புத்தளம் களப்பை அண்டி 13.06 ஹெக்டேர் (சுமார் 32 ஏக்கர்) பரப்பளவில் அமைந்துள்ள "தில்லியடி கண்டல் காடு" என்பது வெறும் தாவரங்களின் தொகுப்பு மட்டுமல்ல; மாறாக, அது பல்லுயிர் வளம் நிறைந்த, அதீத உணர்திறன் கொண்ட மற்றும் விலைமதிப்பற்ற சூழலியல் சேவைகளை வழங்கும் ஒரு உயிருள்ள அமைப்பாகும்.

இக்காட்டின் தனித்துவம் என்னவெனில், இது "இடை அலை வலயத்தில்" (Intertidal Zone) அமைந்துள்ளது. அதாவது, நாளாந்தம் ஏற்படும் ஏற்ற வற்றல் அலைகளின் காரணமாக ஒரு வேளையில் நீரினால் மூழ்கடிக்கப்பட்டும், மற்றொரு வேளையில் வறட்சியடைந்தும் காணப்படும் வலயத்தில் இத்தாவர சமூகம் செழித்து வளர்கிறது. அதீத உவர்த்தன்மையை தாங்கிக்கொள்ளல் மற்றும் ஒக்சிஜன் குறைவான சேற்று மண்ணில் நிலைத்து நிற்றல் போன்ற சவாலான சூழலுக்கு ஏற்ப, கண்டல் தாவரங்கள் கொண்டுள்ள தனித்துவமான தகவமைப்புகளை (விசேட வேர்த் தொகுதிகள், வித்தூன்றி முளைத்தல்) இக்காட்டில் தெளிவாகக் காண முடியும்.

இந்த உணர்திறன் மிக்க சூழலமைப்பை 'வனஸ்பதி' தேசிய திட்டத்தின் கீழ் சட்டப்பூர்வமாக காப்புக்காடாகப் (Reserve Forest) பிரகடனப்படுத்தும் தீர்மானம் மிகவும் காலோசிதமானதும் அத்தியாவசியமானதுமான ஒரு நடவடிக்கையாகும்.

Thilliadiya Mangrove Forest Protected Under the 'Vanaspathi' National Program

Spanning 13.06 hectares (nearly 32 acres) bordering the Puttalam Lagoon in the Kalpitiya Divisional Secretariat Division of the Puttalam District, the "Thilliadiya Mangrove Forest" is far more than just a cluster of trees. It is a living, highly sensitive ecosystem rich in biodiversity that renders invaluable ecological services.

The uniqueness of this forest lies in its location within the "intertidal zone." As a result of daily tidal cycles, this floral community thrives in an environment that is alternately submerged by high tide and exposed to dry air at low tide. Mangrove flora's remarkable adaptations to this demanding environment—such as specialized root systems and unique seed germination (vivipary) enabling them to withstand high salinity and remain anchored in oxygen-depleted muddy soils—are prominently displayed throughout this forest.

The decision to legally declare this sensitive ecosystem a protected forest reserve under the 'Vanaspathi' National Program is a timely and vital measure.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ තිරසර පැවැත්ම වෙනුවෙන් තීන්දු රැසක්ශ්‍රී ලංකාවේ අතිශය සංවේදී සහ අද්විතීය ජෛව විවිධත්වයකි...
30/08/2026

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ තිරසර පැවැත්ම වෙනුවෙන් තීන්දු රැසක්

ශ්‍රී ලංකාවේ අතිශය සංවේදී සහ අද්විතීය ජෛව විවිධත්වයකින් හෙබි ලෝක උරුම හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ආරක්ෂා කරගනිමින්, එහි යටිතල පහසුකම් නවීකරණය කිරීම සහ තිරසර පරිසර සංචාරක ව්‍යාපාරයක් ස්ථාපිත කිරීම අරමුණු කරගත් විශේෂ ඒකාබද්ධ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක් සහ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (29) හෝටන්තැන්න ජාතික වනෝද්‍යානයේදී සාර්ථකව පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු නිලධාරීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු නිලධාරීන් සහ හෝර්ටන් තැන්න උද්‍යාන භාරකරු ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීහු එක්ව සිටියහ.
මෙහිදී හෝර්ටන් තැන්න පරිසර පද්ධතියේ සුරක්ෂිතභාවය සහ නරඹන්නන් කළමනාකරණය කිරීම සඳහා පට්ටිපොළ සිට හෝර්ටන් තැන්න දක්වා වන මාර්ගයේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශයට ඇතුළු වන ස්ථානයට (පට්ටිපොළ දුම්රිය ස්ථානය පසුකර ආසන්න ප්‍රදේශයට) ටිකට් කවුන්ටරය ගෙන ඒමට රැගෙන ඒමට යෝජනා විය.

වනජීවී සහ වන සංරක්ෂණ කලාප තුළ සිදුවන නීතිවිරෝධී මිනිස් ක්‍රියාකාරකම්, කැලිකසල බැහැර කිරීම්, ශබ්ද දූෂණය සහ සතුන් දඩයම් කිරීම් වැනි හානි පාලනය කර පෙන්වීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මාස 6ක නිරීක්ෂණ කාලයක් ලබා දෙන ලදී. ඒ අනුව ඉදිරි මාස 6 තුළ එම කලාපවල සිදුවන පරිසර හානි සාර්ථකව පාලනය කිරීමට නොහැකි වුවහොත්, ප්‍රවේශ පත්‍ර කවුන්ටර කඩිනමින් පහළ පිවිසුම් කලාප වෙත ගෙන ගොස් දැඩි මාර්ග සහ පිවිසුම් පාලනයක් ක්‍රියාවට නැංවීමට තීරණය විය.

හෝර්ටන් තැන්න සහ ඒ අවට ඇති සංවේදී ජෛව කලාප ආරක්ෂා කිරීම සඳහා වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු එක්ව ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ. විශේෂයෙන් වන සීමා මායිම් අනවසරයෙන් අත්පත් කරගැනීම සහ අනවසර ඇතුළුවීම් වැළැක්වීම පිණිස මායිම් මුර සංචාර සහ නිරීක්ෂණ ජාලය ශක්තිමත් කිරීමට උපදෙස් ලබා දෙන ලදී.
හෝර්ටන් තැන්න කලාපයේ පවතින දුරකථන සංඥා දුර්වලතාවලට ස්ථිර විසඳුමක් ලෙස චන්ද්‍රිකා තාක්ෂණය (Starlink) සහ VPN තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන නවීන ඩිජිටල් ටිකට්පත් පද්ධතියක් ස්ථාපිත කිරීමටත්, ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) හරහා ඩිජිටල් යටිතල පහසුකම් කඩිනමින් යාවත්කාලීන කිරීමටත් එකඟතාව පළ විය.

උද්‍යානයට ඇතුළු වන සංචාරකයින් සංඛ්‍යාව දිනකට නිශ්චිත ප්‍රමාණයකට සීමා කිරීම (Cap on visitors), අන්තර්ජාලය ඔස්සේ පූර්ව වේලාවන් වෙන්කරවා ගැනීමේ ක්‍රමවේදයක් (Online Booking) හඳුන්වා දීම සහ මිල ප්‍රතිපත්තියක් (Pricing Strategy) මඟින් පරිසරයට වන පීඩනය අවම කර, ඉහළ ආදායමක් ගෙනෙන ගුණාත්මක සංචාරක ව්‍යාපාරයක් (High-End Eco-Tourism) ප්‍රවර්ධනය කිරීමට තීරණය විය.

සාම්ප්‍රදායික වාහන මඟින් පිටවන දුමාරය, කාබන් විමෝචනය සහ අධික ශබ්ද දූෂණයෙන් වනජීවීන්ට සහ පරිසරයට වන හානිය මුළුමනින්ම නැවැත්වීම සඳහා විද්‍යුත් වාහන සේවාවක් (EV Shuttle Service) හඳුන්වා දීමට යෝජනා විය.
මේ යටතේ පිවිසුම් දොරටු අසල පෞද්ගලික වාහන නැවැත්වීමේ පහසුකම් ස්ථාපිත කර, එතැන් සිට උද්‍යානය අභ්‍යන්තරයට සංචාරකයින් ප්‍රවාහනය සඳහා විද්‍යුත් වාහන පමණක් යොදවා පරිසර හිතකාමී නිහඬ කලාපයක් බවට හෝර්ටන් තැන්න පත් කිරීමට පියවර ගැනේ.

Sweeping Decisions Taken for the Sustainable Preservation of Horton Plains National Park

A special joint field inspection and progress review meeting was successfully held yesterday (29) at Horton Plains National Park under the leadership of the Hon. Deputy Minister of Environment, Anton Jayakody. The initiative aims to protect Horton Plains National Park—a UNESCO World Heritage site endowed with a highly sensitive ecosystem and unique biodiversity—while modernizing its infrastructure and establishing a sustainable eco-tourism model.

The event was attended by K. R. Uduwawala, Secretary to the Ministry of Environment, the Director General and officials of the Department of Wildlife Conservation, the Director General and officials of the Forest Department, as well as the Horton Plains Park Warden and field officers.

To safeguard the Horton Plains ecosystem and streamline visitor management, it was proposed to relocate the ticket counter along the Pattipola–Horton Plains route to the entry point of the Forest Department’s jurisdiction (near the area just past the Pattipola Railway Station).

A six-month probationary/observation period was granted to the Forest Department to demonstrate effective control over environmental damage within the wildlife and forest conservation zones, including illegal human activities, littering, noise pollution, and poaching. Accordingly, it was decided that if these zones cannot be effectively regulated within the next six months, the ticket counters will be relocated down to the lower entrance zones to enforce strict route and access control.

A joint protection programme will be implemented by the Department of Wildlife Conservation and the Forest Department to preserve Horton Plains and its surrounding sensitive bio-zones. Clear directives were issued to strengthen boundary patrols and surveillance networks to curb unauthorized encroachments and illegal entries along the forest perimeter.

As a permanent solution to the persistent network connectivity issues in the Horton Plains area, an agreement was reached to introduce a modern digital ticketing system powered by satellite technology (such as Starlink) and VPN connectivity, while upgrading digital infrastructure through Sri Lanka Telecom (SLT).

To mitigate environmental pressure and promote high-end, high-revenue eco-tourism, it was decided to place a cap on daily visitor numbers, introduce an online advance time-slot booking system, and implement an adjusted pricing strategy.

Furthermore, an electric vehicle (EV) shuttle service was proposed to eliminate exhaust emissions, carbon footprints, and severe noise pollution caused by conventional vehicles, which disturb wildlife and the ecosystem. Under this initiative, private parking facilities will be set up near the entrance gates, and visitors will be transported into the park exclusively via electric shuttles, transforming Horton Plains into an eco-friendly, serene, and silent zone.

පරපුරක් වෙනුවෙන් අපිට පුළුවන් විදියෙන් පටන් ගමු! මොහොතක පහසුව වෙනුවෙන් අප මිලදී ගන්නා තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතලයක්,...
30/08/2026

පරපුරක් වෙනුවෙන් අපිට පුළුවන් විදියෙන් පටන් ගමු!

මොහොතක පහසුව වෙනුවෙන් අප මිලදී ගන්නා තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතලයක්, පරිසරය තුළ වසර සිය ගණනක් තිස්සේ විනාශ නොවී රැඳෙමින් මහ පොළොවටත්, අපේ ජීවිතවලටත් නිහඬවම හානි සිදු කරනවා. අපේ අනාගත පරපුර වෙනුවෙන් සුන්දර, හරිතවත් සහ පිරිසිදු ලෝකයක් ඉතිරි කිරීම අප සැමගේ වගකීමක්.

තනි භාවිත ප්ලාස්ටික් බෝතල්වලට තිත තබා, නැවත නැවත භාවිත කළ හැකි පරිසර හිතකාමී වීදුරු හෝ සුදුසු විකල්ප බෝතලයක් ළඟ තබා ගැනීමෙන් මේ වෙනස අදම අරඹන්න පුළුවන්.

පරිසර හිතකාමී සංස්කෘතියක් රට තුළ ගොඩනැගීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය මගින් මේ වන විටත්
• රාජ්‍ය ආයතන තුළ තනි භාවිත ප්ලාස්ටික් අවම කිරීම: සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් මිලදී ගැනීම සහ භාවිතය අවම කිරීම සඳහා 2026 මැයි මස 31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පරිසර අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර එය මේ වන විටත් සාර්ථකව ක්‍රියාවේ යොදවා ඇත.
• ප්‍රායෝගික ප්‍රතිඥා යථාර්ථයක් කිරීම: 2025 වසරේ ජගත් පරිසර දිනයේ දී දුන් ප්‍රතිඥාවට අනුව, ප්ලාස්ටික් හා පොලිතීන් අවම කිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළ සියලු රාජ්‍ය ආයතනයන්ගේ පූර්ණ සහභාගිත්වයෙන් අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක වේ.
• නීතිමය හා කර්මාන්ත සහයෝගීතාව: සංශෝධිත පාරිසරික පනත ඔස්සේ කර්මාන්තකරුවන්ගේ ද එකඟතාව සහිතව ප්ලාස්ටික් අවම කිරීමේ විශේෂ දීපව්‍යාප්ත වැඩසටහන් දියත් කිරීමට කටයුතු සම්පාදනය කර ඇත.

නීති රීතිවලට එහා ගිය සැබෑ වෙනසක් කළ හැක්කේ අපේ පුරුදු වෙනස් කරගැනීමෙනි. නිවසින් පිටත්ව යනවිට තමන්ගේම නැවත භාවිත කළ හැකි වතුර බෝතලයක් ළඟ තබාගැනීම වැනි කුඩා පියවරකින් අපට මහා පාරිසරික හානියක් වළක්වා ගත හැකියි.

අද ඔබ තබන මේ කුඩා පියවර, හෙට දවසේ උපදින දරුවෙකුට හුස්ම ගන්න පිරිසිදු ලෝකයක් තිළිණ කරනු ඇත.

எதிர்கால சந்ததிக்காக நம்மால் முடிந்த வழியில் தொடங்குவோம்!

ஒரு கண நேர வசதிக்காக நாம் வாங்கும் ஒருமுறை மட்டுமே பயன்படுத்தக்கூடிய பிளாஸ்டிக் குடிநீர் போத்தல், அழியாமல் பல நூறு ஆண்டுகள் சூழலில் நிலைத்திருந்து பூமிக்கும் நமது வாழ்விற்கும் அமைதியாகப் பெரும் பாதிப்பை ஏற்படுத்துகின்றது. நமது எதிர்கால சந்ததியினருக்காக அழகான, பசுமையான மற்றும் தூய்மையான உலகத்தை விட்டுச் செல்வது நம் அனைவரதும் கூட்டுப் பொறுப்பாகும்.

ஒருமுறை பயன்பாட்டுப் பிளாஸ்டிக் போத்தல்களுக்கு முற்றுப்புள்ளி வைத்துவிட்டு, மீண்டும் மீண்டும் பயன்படுத்தக்கூடிய சூழலுக்கு உகந்த கண்ணாடிப் போத்தல்கள் அல்லது பொருத்தமான மாற்று வழிகளைப் பழக்கப்படுத்திக் கொள்வதன் மூலம் இந்த மாற்றத்தை இன்றே தொடங்க முடியும்.

நாட்டில் சூழல் நட்புப் பண்பாட்டை உருவாக்குவதற்காக அரச பொறிமுறையினால் முன்னெடுக்கப்பட்டுள்ள முக்கிய நடவடிக்கைகள்:

அரச நிறுவனங்களில் ஒருமுறை பயன்பாட்டுப் பிளாஸ்டிக்கைக் குறைத்தல்: அனைத்து அரச நிறுவனங்களிலும் ஒருமுறை மட்டுமே பயன்படுத்தப்படும் பிளாஸ்டிக் குடிநீர் போத்தல்களின் கொள்வனவு மற்றும் பயன்பாட்டைக் குறைப்பதற்காக, சுற்றாடல் அமைச்சின் தலையீட்டுடன் 2026 மே 31 முதல் நடைமுறைக்கு வரும் வகையில் விசேட சுற்றுநிருபம் வெளியிடப்பட்டு, தற்போது வெற்றிகரமாக நடைமுறைப்படுத்தப்பட்டு வருகின்றது.

நடைமுறை உறுதிமொழிகளை நனவாக்குதல்: 2025 ஆம் ஆண்டு உலக சுற்றாடல் தினத்தில் வழங்கப்பட்ட உறுதிமொழிக்கமைய, பிளாஸ்டிக் மற்றும் பொலித்தீனைக் குறைப்பதற்கான நடைமுறைத் திட்டங்கள் அனைத்து அரச நிறுவனங்களின் முழுமையான பங்களிப்புடன் தொடர்ச்சியாக முன்னெடுக்கப்பட்டு வருகின்றன.

சட்ட மற்றும் கைத்தொழில் ஒத்துழைப்பு: திருத்தப்பட்ட சுற்றாடல் சட்டத்தின் ஊடாக, உற்பத்தியாளர்களின் இணக்கப்பாட்டுடன் பிளாஸ்டிக் பயன்பாட்டைக் குறைப்பதற்கான விசேட நாடளாவிய திட்டங்களை நடைமுறைப்படுத்த ஏற்பாடுகள் செய்யப்பட்டுள்ளன.

சட்டதிட்டங்களுக்கும் விதிகளுக்கும் அப்பால், உண்மையான மாற்றம் நமது அன்றாடப் பழக்கவழக்கங்களை மாற்றியமைப்பதன் மூலமே சாத்தியமாகும். வீட்டிலிருந்து வெளியே செல்லும்போது மீண்டும் பயன்படுத்தக்கூடிய தண்ணீர் போத்தலை உடன் எடுத்துச் செல்வது போன்ற சிறிய அடிவைப்புகள் மூலம் பெரும் சுற்றுச்சூழல் பேரழிவைத் தடுத்து நிறுத்த முடியும்.

இன்று நீங்கள் எடுத்து வைக்கும் இந்தச் சிறிய அடி, நாளைய சந்ததி சுதந்திரமாக சுவாசிக்கக்கூடிய ஒரு தூய்மையான உலகத்தைப் பரிசளிக்கும்.

Let’s start in our own way, for the sake of future generations!

A single-use plastic water bottle, purchased for a moment’s convenience, lingers in the environment for hundreds of years without decomposing, silently harming the earth and our lives. Leaving behind a beautiful, green, and clean world for our future generations is a shared responsibility.

We can start making this change today by putting an end to single-use plastic bottles and switching to reusable, eco-friendly glass bottles or other sustainable alternatives.

To foster an eco-friendly culture across the country, the government machinery has taken key initiatives:

Minimizing Single-Use Plastics in State Institutions: A special circular, effective from May 31, 2026, was issued through the intervention of the Ministry of Environment to minimize the purchase and use of single-use plastic water bottles across all state institutions, and it is already being successfully implemented.

Transforming Practical Pledges into Reality: In line with the commitment made on World Environment Day 2025, practical programs aimed at reducing plastics and polythene continue to be actively executed with the full participation of all state institutions.

Legal and Industrial Cooperation: Through the amended National Environmental Act, arrangements have been made to launch nationwide programs in mutual agreement with industrialists to curb plastic use.

Beyond rules and regulations, real change begins with shifting our daily habits. Simple actions—like carrying your own reusable water bottle when leaving home—can avert massive environmental destruction.

The small step you take today will gift a clean world for a child of tomorrow to breathe freely.

හක්ගල කේන්ද්‍ර කරගනිමින් භූගෝලීය පිහිටීමට ආවේණික ශාක සංරක්ෂණ මධ්‍යස්ථානයක් සහ විද්‍යාගාරයක් නව පරිසර හිතකාමී සංචාරක කලාප...
29/08/2026

හක්ගල කේන්ද්‍ර කරගනිමින් භූගෝලීය පිහිටීමට ආවේණික ශාක සංරක්ෂණ මධ්‍යස්ථානයක් සහ විද්‍යාගාරයක්

නව පරිසර හිතකාමී සංචාරක කලාපයක් ස්ථාපිත කිරීමට පියවර

පරිසර සංරක්ෂණය තහවුරු කරමින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා හක්ගල උද්භිද උද්‍යානය ආශ්‍රිතව නව සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීමට අදාළව, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් හක්ගල උද්භිද උද්‍යානයේ විශේෂ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක් ඊයේ දින(28) සිදු කරන ලදී.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම නිරීක්ෂණ චාරිකාව සහ සාකච්ඡාවේදී ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු විය.

එහි දී හක්ගල ප්‍රදේශයේ පවතින සුවිශේෂී භූගෝලීය පිහිටීම මත එම ප්‍රදේශයටම ආවේණික වූ විශේෂ ශාක වර්ග සංරක්ෂණය කිරීම වෙනුවෙන් ශාක සංරක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත්, ඒ ආශ්‍රිත පර්යේෂණ සිදු කිරීම සඳහා මූලික විද්‍යාගාරයක් (Basic Laboratory) ස්ථාපිත කිරීම සහ ඊට අදාළ සැලසුම් සැකසීම සඳහාත්, දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගනිමින් ස්වභාවික සෞන්දර්යය සුරැකෙන පරිදි නව ඇවිදින මංතීරු (Walking Trails) සහ කුඩා අඩිපාරවල් ඔස්සේ නිර්මාණය වන නව පරිසර කලාපයක් ස්ථාපිත කිරීමත් මූලික සාකච්ඡා සිදු කෙරිණ.

හඳුනාගත් දුර්ලභ හා ආවේණික ශාක විශේෂ සංරක්ෂණය සඳහා හරිතාගාර ඉදිකිරීම මෙන්ම, එම ශාක හා සත්ත්ව විශේෂ පිළිබඳ තොරතුරු අධ්‍යයනය කිරීමට මහජනතාවට සහ පර්යේෂකයන්ට පහසුකම් සලසා දීම මෙන් ම ස්වභාවික පරිසරයට කිසිදු හානියක් සිදු නොවන පරිදි ස්වභාවධර්මයේ සුවය විඳිමින් නිදහසේ හුස්ම ගත හැකි 'ශුන්‍ය විමෝචන' කලාපයක් ලෙස මෙම පරිශ්‍රය සංවර්ධනය කිරීම සඳහාත් සාකච්ඡා සිදු කරන ලදී.

ස්වභාවික පරිසර පද්ධතියට හානියක් නොවන අයුරින් තිරසර සංචාරක කර්මාන්තය නංවාලීම සහ කඳුකර ජෛව විවිධත්වය අනාගත පරපුර වෙනුවෙන් සුරැකීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ වන අතර, ඊට අදාළ විධිමත් යෝජනාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් ද නිලධාරීන් වෙත ලබා දෙන ලදී.

ஹக்கலவின் புவியியல் அமைப்பிற்குரிய தாவரங்களைப் பாதுகாக்கும் மையம், ஆய்வகம் மற்றும்

புதிய சூழல் சுற்றுலா வலயம் அமைப்பதற்கு நடவடிக்கை

சுற்றாடல் பாதுகாப்பை உறுதிப்படுத்தி சுற்றுலாத்துறையை மேம்படுத்துவதற்காக, ஹக்கல தாவரவியல் பூங்காவை அண்மித்து பல புதிய அபிவிருத்தித் திட்டங்களை முன்னெடுப்பது தொடர்பாக, சுற்றாடல் பிரதி அமைச்சர் அன்டன் ஜயகொடி தலைமையில் நேற்று (28) ஹக்கல தாவரவியல் பூங்காவில் விசேட கள விஜயமொன்று மேற்கொள்ளப்பட்டது.

சுற்றாடல் அமைச்சின் செயலாளர் திரு. கே. ஆர். உடுவாவல, தேசிய தாவரவியல் பூங்காக்கள் திணைக்களத்தின் பணிப்பாளர் நாயகம் உள்ளிட்ட அதிகாரிகளின் பங்குபற்றலுடன் இடம்பெற்ற இந்நிகழ்வு மற்றும் கலந்துரையாடலின் போது, பல முக்கிய விடயங்கள் தொடர்பில் கவனம் செலுத்தப்பட்டது.

ஹக்கல பிரதேசத்தின் தனித்துவமான புவியியல் அமைப்பின் காரணமாக அப்பிரதேசத்திற்கே உரிய விசேட தாவர வகைகளைப் பாதுகாப்பதற்கான தாவரப் பாதுகாப்பு மையம் ஒன்றை அமைப்பது குறித்தும், அது தொடர்பான ஆய்வுகளை மேற்கொள்வதற்கான அடிப்படை ஆய்வகத்தை (Basic Laboratory) நிறுவுதல் மற்றும் உரிய திட்டங்களைத் தயாரிப்பது குறித்தும், இயற்கை அழகைப் பாதுகாக்கும் வகையில் உள்நாட்டு மற்றும் வெளிநாட்டு சுற்றுலாப் பயணிகளைக் கவரும் வண்ணம் புதிய நடைபாதைகள் (Walking Trails) மற்றும் சிறிய பாதைகளைக் கொண்ட புதிய சூழல் வலயத்தை அமைப்பது குறித்தும் ஆரம்பக்கட்டக் கலந்துரையாடல்கள் முன்னெடுக்கப்பட்டன.
அடையாளம் காணப்பட்ட அரிய மற்றும் உள்ளூர் தாவர வகைகளைப் பாதுகாப்பதற்காக பசுமை இல்லங்களை அமைத்தல், பொதுமக்கள் மற்றும் ஆராய்ச்சியாளர்கள் இத்தாவரங்கள் மற்றும் விலங்கினங்கள் பற்றிய தகவல்களைக் கற்பதற்கான வசதிகளை ஏற்படுத்திக் கொடுத்தல், அத்துடன் இயற்கை சூழலுக்கு எவ்வித பாதிப்பும் ஏற்படாதவாறு இயற்கையின் நன்மைகளை அனுபவித்துச் சுதந்திரமாகச் சுவாசிக்கக்கூடிய ‘சுழிய உமிழ்வு’ (Zero-Emission) வலயமொன்றாக இப்பரிசிரத்தை அபிவிருத்தி செய்வது தொடர்பாகவும் கலந்துரையாடப்பட்டது.

இயற்கை சுற்றுச்சூழல் தொகுதிக்கு எவ்வித பாதிப்பும் ஏற்படாத வகையில் நிலையான சுற்றுலாத்துறையை மேம்படுத்துவதும், எதிர்கால சந்ததியினருக்காக மலைசார் பல்லுயிர் பெருக்கத்தைப் பாதுகாப்பதுமே இந்த வேலைத்திட்டத்தின் முதன்மை நோக்கம் என பிரதி அமைச்சர் இங்கு வலியுறுத்தியதுடன், இது தொடர்பான முறையான முன்மொழிவை விரைவாக நடைமுறைப்படுத்துவதற்குத் தேவையான ஆலோசனைகளையும் அதிகாரிகளுக்கு வழங்கினார்.

Steps Taken to Establish a Plant Conservation Centre, Laboratory, and New Eco-Tourism Zone

Centred on Hakgala's Geographical Endemism

A special field observation visit was conducted yesterday (28) at the Hakgala Botanical Garden under the patronage of the Deputy Minister of Environment, Anton Jayakody, regarding the implementation of several new development projects aimed at promoting tourism while ensuring environmental conservation.

During this observation visit and discussion—attended by the Secretary to the Ministry of Environment, Mr. K. R. Uduwawala, the Director General of the Department of National Botanic Gardens, and other officials—deliberations focused on several key areas.

Preliminary discussions were held on establishing a plant conservation centre to conserve unique plant species endemic to the area due to Hakgala's distinctive geographical location, setting up a basic laboratory to conduct related research along with formulating its requisite plans, and creating a new eco-zone featuring walking trails and footpaths designed to attract local and international tourists while preserving natural beauty.

Further discussions also addressed constructing greenhouses to protect identified rare and endemic flora, providing facilities for both the public and researchers to study information on these plant and animal species, and developing the premises into a "zero-emission" zone where visitors can experience the healing qualities of nature and breathe freely without causing any harm to the natural environment.

The primary objective of this programme is to foster sustainable tourism while safeguarding montane biodiversity for future generations without harming the natural ecosystem. He also issued necessary directives to officials to implement the formal proposal expeditiously.

Address

Sobadam Piyasa. 416/C/1, Robert Gunawardana Mawatha, Baththaramulla
Sri Jayavardhanapura

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112034114

Alerts

Be the first to know and let us send you an email when Ministry of Environment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ministry of Environment:

Shortcuts

Share