Tea Research Institute of Sri Lanka

Tea Research Institute of Sri Lanka Official page - Tea Research Institute of Sri Lanka.

සංගීතයට ආදරය කරන හදවත් එකට එක් කරමින් ගේය පද අතර සඟවුණු හැඟීම් මියුරු තනු නදින් හද අවදි කරන මතකයන් හා ඒකාත්මික වන්නට.......
26/08/2026

සංගීතයට ආදරය කරන හදවත් එකට එක් කරමින් ගේය පද අතර සඟවුණු හැඟීම් මියුරු තනු නදින් හද අවදි කරන මතකයන් හා ඒකාත්මික වන්නට....
Lyrics Unlocked
ගී රසවින්දන රසාලිප්තය
ඔබ අපේක්ෂාවෙන් බලා සිටි ඒ සුමධුර සංගීත සන්ධ්‍යාව ...

Mark your calendars and get ready to unlock the lyrics, emotions and memories ….
Listen feel and let the lyrics unfold

🌿 Warmest Wishes to the Newly Appointed Director of the Tea Research Institute of Sri Lanka 🌿The Tea Research Institute ...
12/08/2026

🌿 Warmest Wishes to the Newly Appointed Director of the Tea Research Institute of Sri Lanka 🌿

The Tea Research Institute of Sri Lanka (TRI) warmly welcomes Dr. Mahasen A. B. Ranatunga as the newly appointed Director of the Institute.

With more than two decades of dedicated service to TRI, Dr. Ranatunga brings with him a wealth of experience in tea science, plant breeding, agricultural biotechnology, genetic improvement, climate resilience, research management and technology transfer. His professional journey at TRI has included a range of scientific and leadership positions, culminating in his appointment as Director.

Dr. Ranatunga's academic and scientific achievements, extensive research experience, strong publication record, involvement in national and international research programmes, and contribution to the wider tea and plantation sectors reflect his longstanding commitment to the advancement of Sri Lankan tea research.

At a time when the tea industry is evolving in response to climate change, emerging technologies, changing market requirements and the need for sustainable production, his experience and leadership will be valuable in further strengthening the research and innovation agenda of TRI.

The Chairman of the Tea Research Board, Prof. W. A. J. M. De Costa, and the entire staff of the Tea Research Institute of Sri Lanka extend their warmest congratulations and best wishes to Dr. Mahasen A. B. Ranatunga on his appointment.

We look forward to his leadership in further advancing tea research, innovation and technology transfer, and in strengthening TRI's contribution towards a globally competitive Ceylon Tea industry.

🌱 Congratulations, Dr. Ranatunga, and best wishes for a successful and fulfilling tenure as Director of TRI!

එල් නිනෝ කාලගුණික තත්ත්වයෙන් තේ වගාවට ඇති විය හැකි බලපෑම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දෙනියායේ දී ......එල් නිනෝ කාල...
11/08/2026

එල් නිනෝ කාලගුණික තත්ත්වයෙන් තේ වගාවට ඇති විය හැකි බලපෑම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දෙනියායේ දී ......

එල් නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් තේ වගාවට ඇති විය හැකි බලපෑම් සහ එම අභියෝග කළමනාකරණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය 06 වැනිදා දෙනියාය තේ පර්යේෂණ ආයතනයේදී පැවැත්විණි.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ තේ පරීක්ෂක ව්‍යාප්ති නිළධාරීන් දැනුවත් කිරීම සඳහා පවත්වනු ලබන "තාක්ෂණික හා ව්‍යාප්ති සංසදය" ට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

රජයේ “තේ ගම්මාන 500” විශේෂ ව්‍යාපෘතිය යටතේ මාතර දිස්ත්‍රික්කයේ තෝරාගත් තේ ගම්මාන 22ක නියෝජිතයින් සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ තේ පරීක්ෂක හා ව්‍යාප්ති නිලධාරීන් මෙම වැඩසටහනට සහභාගී වූහ.

තේ පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) ආචාර්ය ශාමන්ත බණ්ඩාර මහතා සහ උපදෙස් හා ව්‍යාප්ති අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය ජානක මහින්දපාල මහතා සම්පත් දායකයින් ලෙස සහභාගී වූහ.

එල් නිනෝ තත්ත්වය ඇතිවීමේ විද්‍යාත්මක පසුබිම, එමගින් පහතරට තේ වගාවට ඇති විය හැකි බලපෑම් සහ එම බලපෑම් අවම කර ගැනීම සඳහා තේ පර්යේෂණ ආයතනය විසින් ලබා දී ඇති නිර්දේශ පිළිබඳව සහභාගී වූවන් දැනුවත් කරන ලදී.

තේ වගාව ආශ්‍රිත බිම් මට්ටමේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමටත්, ඒ සඳහා විශේෂඥ උපදෙස් ලබා ගැනීමටත් සහභාගී වූවන්ට අවස්ථාව සලසා දීම මෙම වැඩසටහනේ තවත් විශේෂත්වයක් විය.

තේ පර්යේෂණ ආයතනයේ දෙනියාය ප්‍රාදේශීය මධ්‍යස්ථානය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ මාතර ප්‍රාදේශීය කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

Centre

🌱📰 “වැවිලි” – අපේ වැවිලි ක්ෂේත්‍රයේ අද සහ හෙටවැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සංවර්ධන වැඩසටහන්, විශේෂ ව්‍යාපෘ...
08/08/2026

🌱📰 “වැවිලි” – අපේ වැවිලි ක්ෂේත්‍රයේ අද සහ හෙට

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සංවර්ධන වැඩසටහන්, විශේෂ ව්‍යාපෘති, ජනතා ප්‍රතිලාභී වැඩසටහන් සහ අමාත්‍යංශයේ අනුබද්ධ ආයතනවල නවතම ප්‍රගතිය පිළිබඳ තොරතුරු රැගත් “වැවිලි” නිල පුවත්පත දැන් ඔබට කියවිය හැකිය.

🌱 වැවිලි ක්ෂේත්‍රයේ සංවර්ධන ගමන්මඟ
🤝 ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන්
📈 අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතනවල ප්‍රගතිය
🔭 ඉදිරි දැක්ම සහ නව වැඩපිළිවෙළ

පිළිබඳ තොරතුරු රැසක් සමඟින් “වැවිලි” පුවත්පත.......

📰 2026 අගෝස්තු 09 – සිළුමිණ සමඟ නොමිලේ

#වැවිලි #වැවිලිසහප්‍රජායටිතලපහසුකම්අමාත්‍යාංශය #ශ්‍රීලංකාතේපර්යේෂණආයතනය #සිලෝන්ටී

🌤️ Are your tea fields ready for the upcoming El Niño conditions?Get updated on the Do's and Don'ts for managing tea pla...
01/08/2026

🌤️ Are your tea fields ready for the upcoming El Niño conditions?

Get updated on the Do's and Don'ts for managing tea plantations during the anticipated El Niño condition.

Learn TRI recommended Good Agricultural Practices (GAPs) to reduce the impact of drought and heat stress, and protect your tea bushes, while maintaining productivity.

🎥 Watch the latest video of the Tea Research Institute of Sri Lanka now:
https://youtu.be/GLj2FUrTJgc?si=P8Q-Ri1rAuTKQknR

📢 Share the video with fellow tea growers, estate managers, extension officers, and everyone involved in the Sri Lankan tea industry.

Together, we can build a more climate-resilient tea sector.



https://youtu.be/GLj2FUrTJgc?si=hAwN3McYpLie27bY

TEA RESEARCH INSTITUTE OF SRI LANKA | SHIELD YOUR TEA ESTATE FROM E...

පරිසර හිතකාමී, වගකීම් සහගත සමාජයක් උදෙසා සුපිළිපන් තිරසාර හරිත සංස්කෘතියකට මුලපුරමු! 🌿✨
31/07/2026

පරිසර හිතකාමී, වගකීම් සහගත සමාජයක් උදෙසා සුපිළිපන් තිරසාර හරිත සංස්කෘතියකට මුලපුරමු! 🌿✨


ජනතා විශ්වාසය සහ කාර්යක්ෂමතාවය තහවුරු කරනසුපිළිපන් පාරදෘශ්‍ය මෙහෙයුම් ජාලයකට අඩිතාලම දමමු ..........
30/07/2026

ජනතා විශ්වාසය සහ කාර්යක්ෂමතාවය තහවුරු කරන
සුපිළිපන් පාරදෘශ්‍ය මෙහෙයුම් ජාලයකට
අඩිතාලම දමමු ..........


මානව ගරුත්වය සුරකින හික්මුණු හදවත් ඇති සුපිළිපන් සමාජයක් උදෙසා පෙළ ගැසෙමු ..........           See less
29/07/2026

මානව ගරුත්වය සුරකින
හික්මුණු හදවත් ඇති
සුපිළිපන් සමාජයක් උදෙසා පෙළ ගැසෙමු ..........


See less

සුපිළිපන් බවෙන් පිරිපුන්, කාර්යක්ෂම සහ ඩිජිටල් තාක්ෂණයෙන් සපිරි නව රාජ්‍ය සේවා යුගයකට මුලපුරමු !
28/07/2026

සුපිළිපන් බවෙන් පිරිපුන්, කාර්යක්ෂම සහ ඩිජිටල් තාක්ෂණයෙන් සපිරි නව රාජ්‍ය සේවා යුගයකට මුලපුරමු !


සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපති කාර්යාලය විසින් ප්‍රකාශයට පත් ...
27/07/2026

සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපති කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික සුපිළිපන් සතියේ පළමු දිනය වන අද දින “ආයතනික සුපිළිපන්නභාවය ප්‍රවර්ධනය කිරීමේ දිනය” සනිටුහන් කරමින් ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය, තලවාකැලේ ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී ජාතික සුපිළිපන් දිවුරුම / ප්‍රතිඥාව ආයතනික මට්ටමින් ලබා දීමට කටයුතු කරන ලදී.

ආදර්ශය තුළින් රාජ්‍ය සේවයේ ගෞරවය, පාරදෘශ්‍යභාවය සහ කාර්යක්ෂමතාවය රැක ගැනීමට සහ ඒ ඔස්සේ තේ කර්මාන්තයේ ඉදිරි ප්‍රගමනය සඳහා අවශ්‍ය පර්යේෂණ සහ සංවර්ධන කටයුුතු සඳහා මෙන්ම පාර්ශවකරුවන් වෙත සේවා සැපයීම ද අරමුණු කර ගත්, ආයතනයේ සේවාවන් සහ කාර්යයන් සිදු කිරීමට අප සියලු දෙනා එක්ව කටයුතු කළ බවට මෙහිදී අදහස් ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා තේ පර්යේෂණ මණ්ඩලයේ සභාපතිතුමා මහාචාර්ය ඩබ් ජේ එම් ද කොස්තා මහතා අවධාරණය කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා තේ පර්යේෂණ මණ්ඩලයේ සභාපතිතුමා, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂතුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුවන්, අංශ ප්‍රධානීන්, පරිපාලන සහ මූල්‍ය අංශ ඇතුළුව සියලුම නිලධාරී මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

තව ද මේ අවස්ථාව සඳහා මාර්ගගතව, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ ප්‍රාදේශීය මධ්‍යස්ථානවල මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.


Address

St. Coombs
Talawakele
22100

Opening Hours

Monday 08:00 - 16:15
Tuesday 08:00 - 16:15
Wednesday 08:00 - 16:15
Thursday 08:00 - 16:15
Friday 08:00 - 16:15

Telephone

+94522258201

Alerts

Be the first to know and let us send you an email when Tea Research Institute of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Tea Research Institute of Sri Lanka:

Shortcuts

Share