CEA Hambantota

CEA Hambantota A Clean & Green Environment through Service Excellency

🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘
10/06/2026

🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘

රිටිගල සංරක්ෂණ වනාන්තරයත් රක්ෂිතයක්

වනස්පති ජාතික වැඩසටහන යටතේ ජගත් පරිසර දිනයේදී රක්ෂිතයක් ලෙස ආරක්ෂා වීමට නියමිත
රිටිගල සංරක්ෂණ වනාන්තරය අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව අඩවියේ කැකිරාව, පලුගස්වැව හා තිරුප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් හෙක්ටයාර 1957.07කින් යුක්ත වනාන්තරයකි.

රිටිගල දැඩි ස්භාවික රක්ෂිතය වටා පිහිටා ඇති මෙම වනාන්තරය නුවර කලාවියේ උසම කඳු වැටිය වන රිටිගල කදු වැටිය වටා විහිදී තිබෙනවා. වියළි කලාපයේ පිහිටා තිබුනද, තෙත් කලාපීය වනාන්තර ලක්ෂණ හා ශාක රාශියක් වැවෙන සිසිල් දේශගුණයකින් යුතු මෙහි ශ්‍රි ලංකාවට අවේණික ශාක හා සත්ව ප්‍රජාවන්ගෙන් යුක්ත ඉතා ඉහළ ශාක හා සත්ව ජෛව විවිධත්වයකින් යුතු වටිනා වනාන්තර පාරිසරික පද්ධතියක්.

මෙම වනාන්තරයෙහි ඕකිඩ් විශේෂ, සපුෂ්ප ශාක හා, පක්ෂි විශේෂ , අලියා, වලසා, ගෝනා, මුවන් ඇතුළු ක්ෂීරපායී විශේෂ, උරගයින් ඇතුළු සත්ව ප්‍රජාවන් රැසක් සදහා වාසස්ථාන සපයනු ලබනවා.

මල්වතු ඔය ඇතුළු ජල මූලාශ්‍ර සදහා ජල පෝශක ප්‍රදේශයක් හා පුරා විද්‍යා වටිනාකමින් යුක්ත මෙම වනාන්තරය වියලි කලාපයේ පිහිටා ඇති අධි සංවේදී පාරිසරික පද්ධතියක්.

Ritigala Conservation Forest to be Declared a Reserve

The Ritigala Conservation Forest, which is slated to be protected as a reserve under the Wanaspathi National Programme, spans 1,957.07 hectares across the Kekirawa, Palugaswewa, and Thirappane Divisional Secretariat divisions within the Kekirawa Forest Range in the Anuradhapura District.

Surrounding the Ritigala Strict Natural Reserve, this forest extends around the Ritigala mountain range—the highest mountain range in Nuwarakalaviya. Despite its location in the dry zone, it features a cool climate and exhibits characteristics and plant species typical of a wet zone forest.

It is a highly valuable forest ecosystem boasting rich floral and faunal biodiversity, including species endemic to Sri Lanka.

This forest provides a vital habitat for numerous animal and plant communities, including unique orchid species, flowering plants, various bird species, and mammals such as elephants, sloth bears, sambar deer, and spotted deer, as well as a diverse range of reptiles.

As a crucial catchment area for water resources—including the Malwathu Oya—and possessing immense archaeological value, this forest stands out as a highly sensitive ecosystem within the dry zone.

30/03/2026

ශ්‍රී ලංකාවේ මිරිදිය කකුළු විවිධත්වය සහ සංරක්ෂණ තත්ත්වය

ශ්‍රී ලංකාව මිරිදිය කකුළුවන් සම්බන්ධයෙන් ලොව ඉහළම ජෛව විවිධත්වයක් සහිත කලාපයකි. මෑතක් වන තුරුම මෙරට හමුවන මිරිදිය කකුළු විශේෂ 51 ම ලංකාවට ආවේණික ලෙස සැලකුණද, ඉන් එක් විශේෂයක් ඉන්දියාවෙන් ද වාර්තා වීමත් සමඟ එම තත්ත්වය යාවත්කාලීන වී ඇත. කෙසේ වෙතත්, මෙම සතුන්ගෙන් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බැවින් ජාතික රතු දත්ත ලේඛනය (National Red List) මගින් ඔවුන් සුවිශේෂී ආරක්ෂිත මට්ටම්වලට ඇතුළත් කර ඇත.

ප්‍රධාන වශයෙන් වාසස්ථාන අහිමි වීම, කෘෂිකාර්මික රසායනික ද්‍රව්‍ය සහ පරිසර දූෂණය මෙම සතුන් මුහුණ දෙන ප්‍රධාන තර්ජන වේ. පහත දැක්වෙන්නේ එම විශේෂයන්හි විද්‍යාත්මක නාමය සහ ඒවායේ වත්මන් සංරක්ෂණ තත්ත්වයයි.

සංකේත පැහැදිලි කිරීම:
CR (Critically Endangered) - දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්වූ
EN (Endangered) - වඳවීමේ තර්ජනයට ලක්වූ
VU (Vulnerable) - වඳවීමේ තර්ජනයට ලක්විය හැකි
NT (Near Threatened) - තර්ජනයට ආසන්න
LC (Least Concern) - අවම අවදානම් සහිත

මෙරට මිරිදිය කකුළු විශේෂ නාමාවලිය:
Ceylonthelphusa ගණය
Ceylonthelphusa alpina (CR)
Ceylonthelphusa armata (CR)
Ceylonthelphusa callista (CR)
Ceylonthelphusa cavatrix (CR)
Ceylonthelphusa diva (CR)
Ceylonthelphusa durrelli (CR)
Ceylonthelphusa kandambyi (EN)
Ceylonthelphusa kotagama (CR)
Ceylonthelphusa nata (CR)
Ceylonthelphusa orthos (CR)
Ceylonthelphusa rugosa (NT)
Ceylonthelphusa savitriae (CR)
Ceylonthelphusa sentosa (EN)
Ceylonthelphusa sanguinea (CR)
Ceylonthelphusa soror (EN)
Ceylonthelphusa venusta (CR)

Clinothelphusa ගණය
Clinothelphusa kakoota (CR)

Mahatha ගණය
Mahatha adonis (NT)
Mahatha helaya (CR)
Mahatha iora (CR)
Mahatha lacuna (CR)
Mahatha ornatipes (NT)
Mahatha regina (CR)

Oziothelphusa ගණය
Oziothelphusa ceylonensis (NT)
Oziothelphusa dakuna (CR)
Oziothelphusa gallicola (CR)
Oziothelphusa hippocastanum (EN)
Oziothelphusa intuta (CR)
Oziothelphusa kodagoda (CR)
Oziotelphusa mineriyaensis (EN)
Oziothelphusa populosa (EN)
Oziothelphusa ritigala (EN)
Oziothelphusa stricta (NT)

Pastilla ගණය
Pastilla ruhuna (CR)

Perbrinckia ගණය
Perbrinckia fenestra (CR)
Perbrinckia cracens (CR)
Perbrinckia enodis (CR)
Perbrinckia fido (CR)
Perbrinckia gabadagei (CR)
Perbrinckia glabra (CR)
Perbrinckia integra (EN)
Perbrinckia morayensis (CR)
Perbrinckia nana (EN)
Perbrinckia punctata (CR)
Perbrinckia quadratus (CR)
Perbrinckia rosae (CR)
Perbrinckia scansor (EN) - (ලංකාවේ හමුවන එකම ගස් නගින කකුළුවා)
Perbrinckia scitula (CR)
Perbrinckia uva (CR)

Spiralothelphusa ගණය
Spiralothelphusa fernandoi (EN)
Spiralothelphusa parvula (EN)

PC: (c) amila salgado
♡ ⎙ ⌲
ˡᶦᵏᵉ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
#පරිසර_සමාගම

26/03/2026

All in One Frame 📸 Bulbuls of Sri Lanka 🐦 ශ්‍රී ලංකාවේ කොණ්ඩකුරුල්ලන්

1. Black-capped Bulbul (Rubigula melanicterus)- ශ්‍රී ලංකා කළු ඉසැසි කොණ්ඩයා

2. Yellow-eared Bulbul (Pycnonotus penicillatus) - ශ්‍රී ලංකා කහකන් කොණ්ඩයා - Endemic

3. Yellow-browed Bulbul (Acritillas indica) - බැමකහ කොණ්ඩයා - Endemic

4. Black Bulbul/Square-tailed Bulbul (Hypsipetes ganeesa humii) - කළු පිරි-කොණ්ඩයා

5. White-browed Bulbul (Pycnonotus luteolus) - බැමසුදු කොණ්ඩයා

6. Red-vented Bulbul (Pycnonotus cafer) - කොණ්ඩයා/ කොණ්ඩකුරුල්ලා

"Extremely grateful for all the support and kind words on this post. Thank you for being part of this journey!"


26/03/2026

මධ්‍යම කඳුකර කලාපයේ වෙසෙන ශ්‍රී ලංකා කොටියාගේ ආහාර සහ දඩයම් රටා පිළිබඳ පර්‍යේෂණ වාර්තාව.

පර්‍යේෂකයන් පැහැදිලි කරන්නේ ශ්‍රී ලංකා කොටියා (Panthera pardus kotiya) යනු ශ්‍රී ලංකාවේ ඉහළින්ම සිටින විලෝපිකයා (apex predator) වන අතර, කොටින් ආරක්ෂිත වනාන්තර ප්‍රදේශවලට පමණක් සීමා නොවී, මිනිසුන් ජීවත් වන කෘෂිකාර්මික ප්‍රදේශවලද වාසය කරන බවයි. එමෙන්ම පර්‍යේෂකයන් සඳහන් කරන්නේ වනාන්තර අහිමිවීම, මිනිස් ක්‍රියාකාරකම්, සහ ජනගහණ වර්ධනය හේතුවෙන් කොටි-මිනිස් අන්තර්ක්‍රියා වැඩි වී ඇති බවයි. එම නිසා, කොටියාගේ ආහාර රටා සහ දඩයම් හැසිරීම් අවබෝධ කර ගැනීම, කොටියාගේ දිගුකාලීන සංරක්ෂණය සහ මිනිසුන් සමඟ සමබරව පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත් බව ඔවුන් පවසයි.

පර්‍යේෂකයන් වාර්තා කරන්නේ මෙම අධ්‍යයනය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ඉහළ කැළණි ගංගා ද්‍රොණිය (Upper Kelani River Basin) ප්‍රදේශයේ සිදු කළ බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ එම ප්‍රදේශය තේ වගා භූමි, වනාන්තර, සහ මිනිස් ජනාවාස වලින් සමන්විත බවත්, එම නිසා කොටියා මිනිසුන් සමඟ එකම පරිසරය බෙදාගන්නා බවත්ය. කොටියාගේ ආහාර වර්ග හඳුනා ගැනීම සඳහා ඔවුන් කොටියාගේ මළ (s**t) නියැදි 107ක් එකතු කර විශ්ලේෂණය කළ බව ඔවුන් සඳහන් කර තිබේ. ඔවුන් පවසන්නේ මෙම නියැදි විශ්ලේෂණය කිරීමෙන් කොටියාගේ ආහාර වර්ග, විවිධත්වය, සහ ප්‍රියතාවය හඳුනාගත හැකි වූ බවයි.

පර්‍යේෂකයන් හඳුනාගෙන ඇති පරිදි කොටියාගේ ආහාරයේ විවිධ සතුන් විශේෂ 17 ක් ඇතුළත් වී ඇත. ඔවුන් පවසන්නේ කොටියා සාමාන්‍ය සහ අවස්ථානුරූපී විලෝපිකයෙක් වන අතර,ඔවුන් එකම ආහාරයකට සීමා නොවී, පරිසරයේ පවතින විවිධ සතුන් ආහාර ලෙස දඩයම් කරන බවයි. ඔවුන් වාර්තා කරන්නේ වල් හාවුන් (black-naped hare) යනු වඩාත් සුලබව හමුවූ ආහාරය වන අතර, වැලි මුවන් (barking deer) යනු කොටියාට වැඩි ශක්තිය ලබාදෙන වැදගත් ආහාරයක් බවයි. ඔවුන් තවදුරටත් සඳහන් කරන්නේ ගෝනුන් වැනි විශාල සතුන් ද කොටියාගේ ආහාරයේ වැදගත් කොටසක් බවයි, මන්ද එවැනි සතුන් කොටියාට වැඩි ශක්තිය සහ පෝෂණය ලබාදෙන බැවිනි.

ගවේෂකයන් පැහැදිලි කළේ කොටියාගේ ආහාරයේ 85% කට වඩා වනයේ ජීවීන්ගෙන් සමන්විත වූ බවයි. ඔවුන් පවසන පරිදි මෙම ප්‍රතිඵලයෙන් පෙන්වුම් කරන්නේ එම ප්‍රදේශයේ ස්වභාවික ආහාර සම්පත් තවමත් ප්‍රමාණවත් බව පෙන්වන බවයි. ඔවුන් සඳහන් කළේ ප්‍රාථමිකයන් (primates- වඳුරන් වැනි සතුන්) වැනි සතුන් ද දිවියාගේ ආහාරයේ වැදගත් කොටසක් බවයි. මෙය කොටියා විවිධ ප්‍රමාණයේ සහ විවිධ වර්ගයේ සතුන් ආහාර ලෙස භාවිතා කරන බව පෙන්වන බව ඔවුන් පැහැදිලි කළහ.

පර්‍යේෂකයන් වාර්තා කරන්නේ ගෘහස්ථ සතුන් වන බල්ලන් සහ බළලුන් දිවියාගේ ආහාරයට ඇතුළත් වූවත්, ඒවා ප්‍රමාණයෙන් අඩු බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ කොටියා ගෘහස්ථ බල්ලන්ව බහුල ලෙස සීමකිරීමට උත්සාහ කරන බවයි, මන්ද එවැනි සතුන් මිනිසුන් සමඟ සම්බන්ධ වී ඇති බැවින්, දිවියාට අවදානමක් ඇති විය හැකි බවයි. ඔවුන් තවදුරටත් සඳහන් කළේ ගෘහස්ථ එළුවන් සහ ගවයන් වැනි සතුන් කොටියාගේ ආහාරයේ නොපෙනුණු බවයි, මන්ද එවැනි සතුන් ආරක්ෂිතව තබාගන්නා බැවිනි.

ගවේෂකයන් නිගමනය කරන්නේ කොටියා ඉතා අනුවර්තන හැකියාවක් ඇති සත්වයෙකු වන අතර, විවිධ පරිසරයන්ට අනුව තම ආහාර රටා වෙනස් කර ගන්නා බවයි. ඔවුන් අවධාරණය කරන්නේ ස්වභාවික ආහාර සම්පත් ආරක්ෂා කිරීම දිවියාගේ පැවැත්මට ඉතා වැදගත් බවයි. ඔවුන් තවදුරටත් නිර්දේශ කරන්නේ මිනිසුන් අතර දිවියා පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම සහ සංරක්ෂණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම කොටි-මිනිස් අන්තර්ක්‍රියා අඩු කිරීමට උපකාරී වන බවයි. ඔවුන් අවසාන වශයෙන් පවසන්නේ ස්වභාවික ආහාර සම්පත් ප්‍රමාණවත් වීම කොටියාගේ දිගුකාලීන පැවැත්ම සහ මිනිසුන් සමඟ සමබරව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය බවයි.

✒ Research team: P. H. Suranga Chanaka Kumara, Andrew M. Kittle, Anjali C. Watson, Sandun J. Perera, Nimalka Sanjeewani, Saminda P. Fernando
🔗 DOI: https://doi.org/10.1002/ece3.73027
📰 Issue: Ecology and Evolution, 2026; 16:e73027
📅 Published: 11 February 2026

♡ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
#පරිසර_සමාගම

Address

අංක 279 A, තිස්ස පාර, තංගල්ල
Tangalle
82200

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when CEA Hambantota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share