08/11/2020
SMS හරහා සේවා සැපයීම අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමෙයි.. Online Cabs අපි ලංකාවේ ත්‍රී රෝද රථ රියදුරු මහතුන් sms කේතයන් හරහා ඉන්න ස්ථානය ලබා ගන්න කටයුතු කලේ 2011 දී.. මේ පොතේ පිටුවක් දැක්කම කට්ටියට තේරෙවි අපි කොහොමද වැඩේ කරේ කියලා. ඔය කලේදීම තමයි අපි ඔය අංක පාරවල් වල තියෙන නාම පුවරු වලට සම්බන්ධ කරන්න ඉල්ලුවේ මහ නගර සභාවෙන්. ඒ සඳහා එක පාරක් වෙනුවෙන් ඉල්ලන ගාන අපිට ගෙවන්න බැරි නිසා තාක්ෂණ දියුණුවත් එක්ක සමාජයේ කියන විදියට ත්‍රී වීල් කාරයන්ට Android phone එකක් ගෙවීමේ ක්‍රමයට (Etisalat ආයතනය හරහා) දීලා App එකට පුරුදු කරේ.. ඔය කියන කාලේදිත් අපි QR code එහෙමත් භාවිතා කරා.
මම මේ sms හරහා location ගන්න වැඩසටහන කරේ මහ ලොකු වියදමක් කරලා නෙමෙයි. Sony ericson එකක් භාවිතා කරලා පටන් ගත්ත වැඩේ. ඒත් ඒක fully automated. පස්සේ dongel එකකට java program එකක් හදා ගත්තා පොඩි ගානක් ගෙවලා.
මේ කාලේ Mobitel භාවිතා කරත් පසුව Etisalat ආයතන වෙත මාරු වෙන්න උනා අපිට අවශ්‍ය උන තාක්ෂණික විසදුම ලබා ගන්න..
මේ ටික කිව්වේ මම මේ වැඩ සටහන මගේ වියදමින් පටන් ගත්තේ පුරුදු වෙන්න sms වලින් හෝ QR code වලින් වැඩ කරලා නෙමෙයි. මෙම වැඩ සටහනෙ තියෙන සමහර OPTION හැමෝම දන්නෙ නැහැ. ඒක අවශ්‍යතාව අනුව ලබා දුන්නා. ඕනම අවස්ථාවකට ගැලපෙන විදියට ඕනෑම තැනක වැඩ කරන්න පුලුවන් විදියට. Niyagama divisional secretariat. වෙත phone එකක් නැති කෙනෙක් ආවොත් වැඩ කරන්න පහසු වෙන්න ක්‍රමයක් දුන්නා..