Thousand Hearts Social Development Foundation

Thousand Hearts Social Development Foundation Humanity For Humans - මිනිසුන් වෙනුවෙන් මනුස්සකම

14/04/2026
මැදදුම්බර අසරණ පවුල් 10 වෙනුවෙන් රුපියල් හැත්තෑදහසක වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාගය.. (133)පසුගිය දිනක Ocean de Grace ආයත...
02/03/2026

මැදදුම්බර අසරණ පවුල් 10 වෙනුවෙන් රුපියල් හැත්තෑදහසක වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාගය.. (133)

පසුගිය දිනක Ocean de Grace ආයතනයේ අධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ මූලීකත්වයෙන් සහ හදවත් දහසක් පදනමේ සම්බන්ධිකරණයෙන් මැදදුම්බර හා කුණ්ඩසාලේ ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශවල අසරණ පවුල් 10ක් වෙනුවෙන් රුපියල් 70,000.00 අධික වටිනාකමකින් යුතු වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කලා.

මේ සඳහා දායකත්වය දැක්වු Ocean de Grace ආයතනයේ අධිපතිතුමා ඇතුළු සියලු දෙනාටත් සම්බන්ධිකරණ කටයුතු සිදු කල සියලු සහෝදර සහෝදරියන්ටත් ගෞරවණිය ස්තුතිය පුද කර සිටිනවා.

උඩදුම්බර ආපදාවෙන් අසරණ වු සා.පොළ ට A9 ලබා ගත් දියණියට මාසිකව රුපියල් 5000/= ශිෂ්‍යත්වයක්. (132)හදවත් දහසක් පදනමේ සම්බන්ධ...
25/01/2026

උඩදුම්බර ආපදාවෙන් අසරණ වු සා.පොළ ට A9 ලබා ගත් දියණියට මාසිකව රුපියල් 5000/= ශිෂ්‍යත්වයක්. (132)

හදවත් දහසක් පදනමේ සම්බන්ධිකරණයෙන් ආර්. සෙනවිරත්න මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් උඩදුම්බර දිට්වා සුළි කුණාටුව හේතුවෙන් තම නිවස අධි අවදානම් තත්ත්වයට පත් වු සා.පෙළ විභාගයෙන් A9 ලබා ගත් දියණියට උසස් පෙළ විභාගයට පෙනී සිටින තෙක් මාසිකව රුපියල් 5000/= මුදලක් ලබා දීමට අදහස් කරනවා.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයේ පළමු මුදල පසුගියදා මැදදුම්බර ප්‍රාදේශීය ලේකම්තුමාගේ සුරතින් පරිත්‍යාග කරන ලදී.

මෙම කටයුත්ත සම්බන්ධිකරණය කල සහෝදරියත් හදවත් දහසක් පදනමේ නිලධාරි මණ්ඩලයත් ගෞරවයෙන් සිහිපත් කරනවා.

උපත් බර අඩු මේ නිවුන් දරුවන් දෙදෙනාට මවගේ රෝගි තත්ත්වය හේතුවෙන් මව් කිරි ප්‍රමාණවත් පරිදි ලබා දිය නොහැකි බැවින් හැකියාවක...
18/11/2025

උපත් බර අඩු මේ නිවුන් දරුවන් දෙදෙනාට මවගේ රෝගි තත්ත්වය හේතුවෙන් මව් කිරි ප්‍රමාණවත් පරිදි ලබා දිය නොහැකි බැවින් හැකියාවක් ඇත්නම් කිරිපිටි ලබා ගැනීම සඳහා උපකාරයක් බලාපොරොත්තු වෙනවා. 🙏

හදවත් දහසක් පදනමේ ගරු අනුශාසක හාල්යාලේ පඤ්ඤානන්ද ගෞරවණිය ස්වාමීන් වහන්සේට සුබ ජන්ම දිනයක් වේවා 🙏
24/09/2025

හදවත් දහසක් පදනමේ ගරු අනුශාසක
හාල්යාලේ පඤ්ඤානන්ද ගෞරවණිය ස්වාමීන් වහන්සේට සුබ ජන්ම දිනයක් වේවා 🙏

දියණියගේ උපන් දිනයට රුපියල් පනස්දහසක පාසල් උපකරණ පරිත්‍යාගය (131)හදවත් දහසක් පදනමේ සාමජික අංක 234 දරණ ආදරණිය සහෝදරියගේ අ...
13/09/2025

දියණියගේ උපන් දිනයට රුපියල් පනස්දහසක පාසල් උපකරණ පරිත්‍යාගය (131)

හදවත් දහසක් පදනමේ සාමජික අංක 234 දරණ ආදරණිය සහෝදරියගේ අවුරුදු 07ක් වන රිතුෂි ලිහිංසා දියණිය⁣ගේ උපන්දිනය වෙනුවෙන් රුපියල් 50000.00ක් වටිනා පාසල් උපකරණ ඊයේ දිනයේ බෙදා දෙනු ලැබුවා.

මේ සඳහා දායකත්වය දැක්වු හදවත් දහසක් පදනමේ සාමාජික අංක 234 දරණ ආදරණිය සහෝරියට ගෞරවණිය ස්තුතිය පුද කරන අතර දියණියට සුබ උපන්දිනයක් වගේම සුබ අනාගතයක් ප්‍රාර්ථනි කරමු.

මෙම කාර්යය සාර්ථක කර ගැනීමට ඇප කැපවු හදවත් දහසක් පදනමේ නිලධාරී මණඩලය, රුවන්කා සහෝදරිය ඇතුළු කුණ්ඩසාල ප්‍රා.ලේ.කා. සහෝදර නිලධාරින් සහ මැදදුම්බර ප්‍රා.ලේ.කා. සහෝදර නිලධාරි සියලු දෙනාද ගෞරවයෙන් සිහිපත් කරමු.

වයස අවුරුදු 78 දිරිය අම්මාට පිහිට වෙමු. 🙏මේ අම්මා තෙල්දෙණිය රංගල පාරේ උඩිස්පත්තුව   නගරයට ආසන්නව වසර හයකට ආසන්න කාලයක්  ...
14/08/2025

වයස අවුරුදු 78 දිරිය අම්මාට පිහිට වෙමු. 🙏

මේ අම්මා තෙල්දෙණිය රංගල පාරේ උඩිස්පත්තුව නගරයට ආසන්නව වසර හයකට ආසන්න කාලයක් එළවළු වෙළඳාම් කටයුතු කරනවා.

ඉතිං වැස්සට තෙමි තෙමි අව්වට පිච්චි පිච්චි තමන්ගේ ජීවිකාව රැක ගන්න කටයුතු කරන
මේ අම්මා අත පය හොදට තියන් අස්වැසුම හොයන මිනිසුන්ට වගේම මේ මුළු මහත් සමාජයටම ආදර්ශයක් සපයනවා.

මේ පුංචි වෙළඳාම කරගෙන යන්න අඩුපාඩු ටිකක් තියනවා.
# තරාදියක්
# ලොකු කුඩයක්
# මේසයක්
මේ දේවල් ටික ගන්න පුංචි උපකාරයක්
හරි කරන්න පුළුවන් නම් කතා කරන්න අපිට..
0715569710 Whatsapp .https://www.facebook.com/share/v/19ESCgcBeC/
මේ අම්මාගේ කතාවේ live video eka

2025 ජූනි 30වන දින දක්වාගිණුම් සාරාංශය. ඔබත් හදවත් දහසක් පදනමේ උතුම් සාමාජිකත්වය ලබා ගැනීමට කැමති නම් 0715569710 අංකයට W...
25/07/2025

2025 ජූනි 30වන දින දක්වා
ගිණුම් සාරාංශය.
ඔබත් හදවත් දහසක් පදනමේ උතුම් සාමාජිකත්වය ලබා ගැනීමට කැමති නම් 0715569710 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න 🙏

මාස 04ක් වයස නිවුන් දරුවන් සිටින ආර්ථික අපහසුතා ඇති පවුලට කිරිපිටි පරිත්‍යාගය (129)හාතියල්වෙල වසමේ සංවර්ධන නිලධාරි තෙන්න...
08/07/2025

මාස 04ක් වයස නිවුන් දරුවන් සිටින
ආර්ථික අපහසුතා ඇති පවුලට
කිරිපිටි පරිත්‍යාගය (129)

හාතියල්වෙල වසමේ සංවර්ධන නිලධාරි තෙන්නකෝන් සහෝදර⁣යාගේ සම්බන්ධිකරණය මාස 04 වයස නිවුන් දරුවන් සිටින මෙම නිවසට පසුගියදා කිරිපිටි,බෙහෙත් වර්ග,පැම්පස්, දරුවන්ට කෑම ලබා දීමට අවශ්‍ය භාජන සහ රුපියල් 7,500.00 වටිනා වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කලා.

මෙම පවුල සම්බන්ධිකරණ සිදු කල තෙන්නකෝන් සහෝදරයා සහ හාතියල්වෙල වසමේ ග්‍රාම නිලධාරිතුමියත් කෘතවේදිව සිහිපත් කරනවා.

මෙම අවස්ථාව සඳහා හදවත් දහසක් පදනමේ භාණ්ඩාගාරික Manoj Sampath Dharmasena සොහොයුරාද එක්වුවා.

මුල්‍ය උපකාර කල හදවත් දහසක් පදනමේ උතුම් හදවත් ඇති සාමාජිකයන් තිදෙනාටත් නිලධාරි මණ්ඩලයටත් ස්තූතිය පුද කරනවා.

දින 21 වයස නිවුන් දරුවන් සිටින ආර්ථික අපහසුතා ඇති පවුලට කිරිපිටි පරිත්‍යාගය (128)හාතියල්වෙල වසමේ සංවර්ධන නිලධාරි තෙන්නකෝ...
07/07/2025

දින 21 වයස නිවුන් දරුවන් සිටින
ආර්ථික අපහසුතා ඇති පවුලට
කිරිපිටි පරිත්‍යාගය (128)

හාතියල්වෙල වසමේ සංවර්ධන නිලධාරි තෙන්නකෝන් සහෝදර⁣යාගේ සම්බන්ධිකරණය මත දින 21 වයස නිවුන් දරුවන් සිටින මෙම නිවසට පසුගියදා කිරිපිටි,බෙහෙත් වර්ග,පැම්පස් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදවතේ බැංකුවට ලැබුණු කුඩා ළමුන්ගේ ඇඳුම් තොගයක් පරිත්‍යාග කරනු ලැබුවා.

මෙම පවුල සම්බන්ධිකරණ සිදු කල තෙන්නකෝන් සහෝදරයා සහ හාතියල්වෙල වසමේ ග්‍රාම නිලධාරිතුමියත් කෘතවේදිව සිහිපත් කරනවා.

මෙම අවස්ථාව සඳහා හදවත් දහසක් පදනමේ භාණ්ඩාගාරික Manoj Sampath Dharmasena සොහොයුරාද එක්වුවා.

උපකාර කල සියලු දෙනාටත් හදවත් දහසක් පදනමේ නිලධාරි මණ්ඩලයටත් ස්තූතිය පුද කරනවා.

Address

410/2, Wilamuna
Teldeniya
20900

Website

Alerts

Be the first to know and let us send you an email when Thousand Hearts Social Development Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category