26/12/2024
Megha's journey is a poignant reminder of the resilience of nature and the compassion of those who dedicate their lives to wildlife conservation. In September 2023, a young elephant was found in the Puliyankulama area, severely injured by a jaw bomb—a cruel and lethal method used to harm animals. When wildlife officers discovered the baby elephant, he had been in pain for a day, its mouth severely injured, and his mandible broken.
Recognizing the critical need for immediate care, the officers transported the little elephant to the Udawalawe Elephant Transit Home. There, he underwent a series of surgeries to repair the damage caused by the jaw bomb. Due to the severity of his injuries, he initially could not chew and had to be fed liquid food via a feeding tube inserted through his neck. This gruelling process required dedicated staff to care for him around the clock, providing sustenance every three hours without much rest.
Over time, Megha’s condition improved. As the wounds in his mouth healed, he transitioned from the feeding tube to foraging and eating alongside his peers. Now, he enjoys a life of freedom and companionship with other elephants, exploring the vast landscape and learning to navigate his world like any other young elephant.
This story underscores the vital importance of swift action and collective effort in wildlife rescue. Special thanks are due to the Kilinochchi Wildlife Officers for their quick response and to the compassionate and tireless staff at the Udawalawe Elephant Transit Home. Their unwavering commitment ensured that Megha avoided the tragic fate faced by many elephants affected by jaw bombs. Thanks to their efforts, this young elephant has a second chance at life and can thrive in a safe environment. Megha’s recovery is a testament to the power of empathy, dedication, and the fight against wildlife cruelty.
මේඝගේ කතාව ස්වභාවධර්මයේ ඔරොත්තු දීමේ හැකියාව සහ වනජීවී සංරක්ෂණය සඳහා තම ජීවිතය කැප කරන අයගේ අනුකම්පාව පිළිබඳ සංවේදී මතක් කිරීමකි.
2023 සැප්තැම්බර් මාසයේදී පුලියන්කුලම ප්‍රදේශයෙන් හක්කපටස් කෑම නිසා දැඩි ලෙස කටට තුවාලවූ අලි පැටියෙක් සොයාගන්නවා, වනජීවී නිලධාරීන් අලි පැටවා සොයා ගන්නා විට මේ පැටියාගෙ යටි හනුවේ අස්ථි කැඩිලා දැඩි වේදනාවක් විදිමින් සිටියෙ.
වහාම ක්‍රියාත්මක වූ කිලිනොච්චිය වනජීවී නිලධාරීන් පැටියව උඩවලව ඇත් අතුරු සෙවනට යොමු කරනව. එහිදී අලි පැටියගෙ හනුවේ අස්ථි නැවත සැකසීම සදහා ශල්‍යකර්ම කිහිපයක්ම කරන්න සිදුවෙනව.
මෙයාගෙ තුවාලවල බරපතලකම නිසාත්, ආහාර හපන්නට නොහැකි නිසාත් බෙල්ල හරහා ඇතුළු කරන ලද බටයක් හරහා තමයි කටේ තුවාල හොදවෙනකන් ආහාර ලබාදෙන්න සිදුවෙන්නෙ.. ශල්‍යකර්ම වලින් අනතුරුව මෙයාව රැකබලාගැනීම තමයි බරපතලම කාර්ය වෙන්නෙ, මොකද මෙයාට රෑ දවල් දෙකේම පැය තුනෙන් තුනට බටය හරහා ආහාර ලබාදෙන්න වෙනව.
කාලයත් එක්ක මේඝගේ තත්වය යහපත් අතට හැරෙනව, කටේ තුවාල සම්පූර්ණයෙන් හොද වූ පසු මේඝව එයා වගේම අසරණ වෙලා ඇත් අතුරු සෙවනට ආපු අනිත් අලි පැටවුන් එක්ක කෑම හොයාගෙන කන්න යොමුකරනව, දැන් මේඝ එයාගෙ යාළුවන් එක්ක උඩවලව ජාතික උද්‍යානයේ නිදහසේ කාලය ගතකරනව.
කිලිනොච්චිය වනජීවී නිලධාරීන්ගේ කඩිනම් ක්‍රියාත්මකවීමත් ඇත් අතුරු සෙවන් කාර්යමණ්ඩලයේ දැඩි කැපවීමත් නිසා හක්කපටස් කන බොහෝ අලි පැටවුන්ට අත්වන ඉරණමෙන් මෙයාව ගලවගන්න ඔවුන්ට හැකිවෙනවා..