21/11/2025
ශ්‍රී ලංකාව පුරා කෘෂිකාර්මික පර්යේෂණ සම්පත් සඳහා පුළුල් වේදිකාවක් ලෙස සේවය කරන AGRINET පද්ධතිය පිළිබඳ දැනුවත්භාවය සහ භාවිතය වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති කවුන්සිලය විසින් (SLCARP) 2025 නොවැම්බර් 17 වන දින උක් පර්යේෂණ ආයතනයේ (SRI) AGRINET දැනුවත් කිරීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ AGRINET පුස්තකාල පද්ධතිය සහ ඒ ආශ්‍රිත පර්යේෂණ දත්ත සමුදායන් ඵලදායී ලෙස ප්‍රවේශ වීමට, සැරිසැරීමට සහ භාවිතා කිරීමට කුසලතා ඇති පර්යේෂකයින්, සිසුන් සහ කෘෂිකාර්මික වෘත්තිකයන් සන්නද්ධ කිරීමයි.
මෙම වැඩසටහනට තොරතුරු සැසි කිහිපයක් ඇතුළත් විය:
👉Maximizing University digital library/ Institutional repositories for agriculture research පිළිබඳව දැනුවත් කිරීම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති ඒ. ධර්මරත්න මහතා සිදු කරන ලදී.
👉Exploring agriculture databases for Effective research පිළිබඳ තොරතුරු ලබා දෙන ලද්දේ කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති චිත්‍රා අබේගුණසේකර මහත්මිය විසිනි.
👉 Guidelines for selecting reputable journals and avoiding predatory publishers පිළිබඳ දේශනය රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති තනුජා දිල්රුක්ෂි මහත්මිය විසින් සිදු කෙරිණි.
👉• ජාතික විද්‍යා පදනමේ තොරතුරු නිලධාරී ලෙස කටයුතු කරන කේ.එන්. සමන්ති මහත්මිය විසින් Role of the National Science Library and Resource center පිළිබඳ තොරතුරු ලබා දුනි.
👉Optimizing Research workflow; The role of Zotero in Efficient Reference Management පිළිබඳ දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති ආචාර්ය මනෝජා සමරදිවාකර විසින් සිදු කරන ලදී.
මෙම වැඩසටහන සඳහා උක් පර්යේෂණ ආයතනයේ පර්යේෂණ කාර්යමණ්ඩලය, තාක්ෂණ නිලධාරීන් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ද සහභාගි විය.
මෙම සමස්ත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම හා දේශකයින් සම්බන්ධ කිරීම සිදු කරන ලද්දේ හි පුස්තකාලයාධිපති සී.ආර්.ඩී. පෙරේරා මහතා විසිනි.
උක් පර්යේෂණ ආයතනයේ තාක්ෂණ හුවමාරු හා සංවර්ධන අංශයේ අංශ ප්‍රධානී ඩී.පී.ඩබ්ලිව්. පොත්තවෙල මහතා හා එම අංශයේ සේවයේ නියුතු ඒ.පී. කරුණාතිලක (උක් පර්යේෂණ ආයතනයේ AGRINET සම්බන්ධීකාරක) මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.