Sugarcane Research Institute

Call Directions Website Contact the organization

Sugarcane Research Institute SRI is a statuary body established for conducting research in respect of the growth and cultivation of sugarcane and manufacture of Sri Lanka.

The Sugarcane Research Institute (SRI) is a statutory body established by the Act of Parliament No. 75 of 1981 to conduct research on cultivation and processing of sugarcane to cater to technical and technological needs of the development of the sugar industry of Sri Lanka.Presently, the institute is under the purview of the Ministry of Sugar Industry Development.

Vacancies at Sugarcane Research Institute
18/05/2026

Vacancies at Sugarcane Research Institute

Dakunu Ela Road Uda Walawe (70190), Sri Lanka. Tel : (+94) 47 22 33 281/49 37 301 Fax : (+94) 47 22 33 285 Email : [email protected]

උක් පර්යේෂණ ආයතනයේ සේවක සුභ සාධක සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහ බක් මහ උළෙල මෙවරත් .
21/04/2026

උක් පර්යේෂණ ආයතනයේ සේවක සුභ සාධක සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහ බක් මහ උළෙල මෙවරත් .

ශ්‍රී ලංකාව පුරා කෘෂිකාර්මික පර්යේෂණ සම්පත් සඳහා පුළුල් වේදිකාවක් ලෙස සේවය කරන AGRINET පද්ධතිය පිළිබඳ දැනුවත්භාවය සහ භාව...
21/11/2025

ශ්‍රී ලංකාව පුරා කෘෂිකාර්මික පර්යේෂණ සම්පත් සඳහා පුළුල් වේදිකාවක් ලෙස සේවය කරන AGRINET පද්ධතිය පිළිබඳ දැනුවත්භාවය සහ භාවිතය වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති කවුන්සිලය විසින් (SLCARP) 2025 නොවැම්බර් 17 වන දින උක් පර්යේෂණ ආයතනයේ (SRI) AGRINET දැනුවත් කිරීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ AGRINET පුස්තකාල පද්ධතිය සහ ඒ ආශ්‍රිත පර්යේෂණ දත්ත සමුදායන් ඵලදායී ලෙස ප්‍රවේශ වීමට, සැරිසැරීමට සහ භාවිතා කිරීමට කුසලතා ඇති පර්යේෂකයින්, සිසුන් සහ කෘෂිකාර්මික වෘත්තිකයන් සන්නද්ධ කිරීමයි.
මෙම වැඩසටහනට තොරතුරු සැසි කිහිපයක් ඇතුළත් විය:

👉Maximizing University digital library/ Institutional repositories for agriculture research පිළිබඳව දැනුවත් කිරීම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති ඒ. ධර්මරත්න මහතා සිදු කරන ලදී.
👉Exploring agriculture databases for Effective research පිළිබඳ තොරතුරු ලබා දෙන ලද්දේ කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති චිත්‍රා අබේගුණසේකර මහත්මිය විසිනි.
👉 Guidelines for selecting reputable journals and avoiding predatory publishers පිළිබඳ දේශනය රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති තනුජා දිල්රුක්ෂි මහත්මිය විසින් සිදු කෙරිණි.
👉• ජාතික විද්‍යා පදනමේ තොරතුරු නිලධාරී ලෙස කටයුතු කරන කේ.එන්. සමන්ති මහත්මිය විසින් Role of the National Science Library and Resource center පිළිබඳ තොරතුරු ලබා දුනි.
👉Optimizing Research workflow; The role of Zotero in Efficient Reference Management පිළිබඳ දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති ආචාර්ය මනෝජා සමරදිවාකර විසින් සිදු කරන ලදී.

මෙම වැඩසටහන සඳහා උක් පර්යේෂණ ආයතනයේ පර්යේෂණ කාර්යමණ්ඩලය‍, තාක්ෂණ නිලධාරීන් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ද සහභාගි විය.

මෙම සමස්ත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම හා දේශකයින් සම්බන්ධ කිරීම සිදු කරන ලද්දේ හි පුස්තකාලයාධිපති සී.ආර්.ඩී. පෙරේරා මහතා විසිනි.

උක් පර්යේෂණ ආයතනයේ තාක්ෂණ හුවමාරු හා සංවර්ධන අංශයේ අංශ ප්‍රධානී ඩී.පී.ඩබ්ලිව්. පොත්තවෙල මහතා හා එම අංශයේ සේවයේ නියුතු ඒ.පී. කරුණාතිලක (උක් පර්යේෂණ ආයතනයේ AGRINET සම්බන්ධීකාරක) මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.





10/11/2025
17/09/2025
පුවත් හසුන - 2025 අගෝස්තු කලාපය...
15/09/2025

පුවත් හසුන - 2025 අගෝස්තු කලාපය...



ඔබට නිරෝගිමත් සුවබර විශ්‍රාම දිවියකට ආසිරි...ආයතනයේ තාක්ෂණික නිලදාරියෙකු වශයෙන් 1988 වසරේ සේවයට එක්වී 2025 අගෝස්තු 12 දි...
27/08/2025

ඔබට නිරෝගිමත් සුවබර විශ්‍රාම දිවියකට ආසිරි...

ආයතනයේ තාක්ෂණික නිලදාරියෙකු වශයෙන් 1988 වසරේ සේවයට එක්වී 2025 අගෝස්තු 12 දින සේවයෙන් විශ්‍රාම ලබාගත් එම්.කේ.ඩී.උබේසේන මහතාණෙනි, පුරා වසර 37ක් උක් පර්‍යේෂණ ආයතනයට කරන ලද අවංක හා විශිෂ්ට සේවයට අපගේ හදපිරි කෘතඥතාව පිරිනමමු. එසේම ඔබට නිදුක් නිරෝගී සුවබර විශ්‍රාම දිවියක් සඳහා අපගේ සුභාශිංෂණ එක් කරමු.🌹🌹🌹



22/08/2025

ලංකා සීනි පුද්ගලික සමාගම
දුඹුරු සීනි විකිණීම සඳහා දිවයින පුරා තොග විකිණුම් ස්ථාන පිහිටුවීම සහ බෙදාහැරීමේ ගබඩා පහසුකම් සඳහා ගොඩනැගිලි කුලියට ගනු ලැබේ.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන 100% ක්ම භාණ්ඩාගාරය සතු සමාගමක් වන සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගම දුඹුරු සීනි තොග ලෙස විකිණීම සඳහා දිවයින පුරා විකුණුම් ස්ථාන සහ ගබඩා පහසුකම් පිහිටුවීමට සැලසුම් කර ඇත.

ඒ අනුව විකුණුම් ස්ථාන සහ ගබඩා පහසුකම් සඳහා අපේක්ෂිත ගොඩනැගිලි පහත සඳහන් කරුණු වලට අනුකූල විය යුතුය.

1. අභ්‍යන්තර ගොඩනැගිලි ඇතුළත වට ප්‍රමාණයේ අඩි 10 × 10 ලෙස සහ ගබඩා පහසුකම් අඩි 40 × 50 ලෙස තිබිය යුතුය.
2. ජල හා විදුලි සැපයුම තිබිය යුතුය.
3. අවුරුදු දෙකක සීමාවකට ගිවිසුම් වෙත වීමේ හැකියාව තිබිය යුතුය.
4. විකිණීමේ ස්ථාන සඳහා තෝරගත් ගොඩනැගිලි නගරයේ ප්‍රධාන මාර්ගය වෙත මුහුණලා තිබිය යුතුය.

5. ගබඩා පහසුකම එක් දිස්ත්‍රික්කයක, එක බැගින් පහත සඳහන් දිස්ත්‍රික්ක ස්ථානවලට සමීපව තිබිය යුතුය.
6. අතරමැදි (බ්‍රෝකරුවන්) කිසිසේත්ම පිළිගනු නොලැබේ.
7. මේ සඳහා අයදුම් කළ හැක්කේ ගොඩනැගිලි හිමිකරුවන් හට පමණි.

බස්නාහිර පළාතේ
බත්තරමුල්ලේ, නුගේගොඩ, අවිස්සාවේල්ල නාරාහේන්පිට, කොටුව, ගම්පහ, මීගමුව, ජා ඇල, මිනුවන්ගොඩ, රාගම, කලුතර, පානදුර

මධ්‍යම පළාත

නුවර, ගම්පොල, අකුරණ, දඹුල්ල, නුවරඑළිය

දකුණු පළාතේ
ගාල්ල, අම්බලන්ගොඩ, මාතර, හම්බන්තොට

වයඹ පළාතේ
කුරුණෑගල අලව්ව, කුලියාපිටිය පුත්තලම

උතුරු මැද පළාත
අනුරාධපුරයේ තඹුත්තේගම, පොළොන්නරුව,

සබරගමුව
රත්නපුරය, ඇඹිලිපිටියේ, කෑගල්ල

ඌව පළාත
බදුල්ල, මොණරාගල

නැගෙනහිර පළාත
මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය

උතුරු පළාත
යාපනය, වව්නියාව

උනන්දුවක් දක්වන පාර්ශ්ව 2025 සැප්තැම්බර් 3 දක්වා සතියේ වැඩකරන දිනවල 09.00 සිට 16.00 දක්වා කාලය තුළ සභාපති ලංකා සීනි පුද්ගලික සමාගම, wing-B, 1 වන මහල, සෙත්සිරිපාය - අදියර 1, බත්තරමුල්ල ලිපිනයට ලිඛිතව ඉල්ලුම් කළ යුතුය.

අයදුම් පත්‍රය රුපියල් 5000.00 ක නැවත නොගෙවනු ලබන ලියාපදිංචි ගාස්තුවක් අදාළ වන අතර එම මුදල සීස ලංකා සීනි (පුද්ගලික) සමාගම, Wing-B, 1 වන මහල, සෙත්සිරිපාය - අදියර 1, බත්තරමුල්ල පිහිටි සීස ලංකා සීනි (පුද්ගලික) සමාගමේ මූල්‍ය අංශයට මුදලින් ද, එසේ නැතහොත් පහත සඳහන් බැංකු ගිණුමට තැන්පත් කර එහි ලදුපත ලියාපදිංචි ලේඛන සමග යුතුය ඉදිරිපත් කළ යුතුය.

ලංකා බැංකුව
මිලාගිරිය
සීස ලංකා සීනි (පුද්) සමාගම
ගිණුම් අංකය - 73927950

නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත සහ ඉල්ලා ඇති ඊට අදාළ ලේඛන සමඟ මුද්‍රා තැබූ ලියුම් කවරයක බහා 2025 සැප්තැම්බර් 4 වැනි දිනදා සවස 2.00 ට පෙර සභාපති සීස ලංකා සීනි (පුද්ගලික) සමාගම Wing-B, 1වන මහල, සෙත්සිරිපාය - අදියර 1, බත්තරමුල්ල වෙත අතින් ගෙනැවිත් ලියාපදිංචි තැපෑලෙන් හෝ කුරියර් සේවාවක් මගින් ලැබෙන්නට සැලැස්විය යුතුය. ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ "දුඹුරු සීනි විකිණීම සඳහා දිවයින පුරා විකුණුම් ස්ථාන පිහිටුවීම සහ ගබඩා පහසුකම් සඳහා ගොඩනැගිලි කුලියට ගැනීම" ලෙස පැහැදිලිව සඳහන් කළ යුතුය. භාර ගැනීම අවසන් වූ වහාම යෝජනා විවෘත කරනු ලැබේ. ලංසුකරුවන් හෝ ඔවුන්ගේ බලයලත් නියෝජිතයින් හට ලංසු විවෘත කරන අවස්ථාව සඳහා සහභාගි විය හැකියි. මෙහිදී ප්‍රමාද වී ලැබෙන මිල ගණන් ප්‍රතික්ෂේප කරනු ලැබේ. ටෙන්ඩර් මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වනු ඇත.

උනන්දුවක් දක්වන ලංසුකරුවන් හට වැඩි දුර තොරතුරු සීස ලංකා සීනි (පුද්) සමාගමේ ප්‍රසම්පාදන ප්‍රධානී වෙතින්
දු.ක +9412584184
ජංගම +94770103359
ෆැක්ස් +94112500674
ඊමේල් - [email protected] සහ සහකාර කළමනාකරු - අළෙවි +94710912252
ඊමේල් - [email protected] මගින් ලබා ගත හැක.

17/08/2025

Address

Udawalawa
70190

Opening Hours

Monday 06:30 - 16:30
Tuesday 06:30 - 16:30
Wednesday 06:30 - 16:30
Thursday 06:30 - 16:30
Friday 06:30 - 16:30

Telephone

+94472233281

Alerts

Be the first to know and let us send you an email when Sugarcane Research Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sugarcane Research Institute:

Shortcuts

Share