29/07/2020
එක්සත් ජාතික පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායක පාලිත ලිහිණියකුමාර මහතාගේ සංවිධාන ශක්තියෙන්, මිනුවන්ගොඩ මැතිවරණ බලප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ කොට්ඨාශ බලමණ්ඩල රැස්වීම 2020/07/28 වැනිදා ප.ව. 5.00 සිට උඩුගම්පොළ, වීදියවත්ත සැනෝරා උත්සව ශාලා පරිශ්‍රයේදී සංවිධානය කෙරිණ. එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් - හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන, ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග, ගම්පහ ආසන සංවිධායක - පාර්ලිමේන්තු අපේක්ෂක වරුණ රාජපක්ෂ, මීගමුව ආසනයේ පාර්ලිමේන්තු අපේක්ෂක අනුරුද්ධ ප්‍රදීප් පීරිස්, දිවුලපිටිය ආසන සංවිධායක - පාර්ලිමේන්තු අපේක්ෂක ආචාර්ය කිත්සිරි මංචනායක, පාර්ලිමේන්තු අපේක්ෂක ඉන්දික රණතුංග, කටුනායක - සීදූව මහ නගර සභාවේ නගරාධිපති සරත් පීරිස්, ගම්පහ එ.ජා.ප. කළමනාකාර සමරතුංග මහතා සහ ප්‍රාදේශීය එ.ජා.ප. ක්‍රියාකාරී මහත්ම මහත්මීන් රැසක් සහභාගී වූහ.