Divisional Secretariat - Pasgoda

Call Directions Website Contact the organization

Divisional Secretariat - Pasgoda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Secretariat - Pasgoda, Government Organization, Divisional Secretariat/Pasgoda, Urubokka.

▶️ පස්ගොඩ කොට්ඨාසයේ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා පස්ගොඩ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය පිහිටුවා ඇත. ◀️

☎️ Telephone :- 041-22 91 236

📩 Fax :- 041 - 22 91 007 / 041 - 22 91 238

📧 Email :- [email protected] දකුණු පළාතේ ඊසාන දෙසට වන්නට පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වර්ග කිලෝ මීටර් 148.3 ක (හෙක්ටයාර් 14830) ක භූමි ප්‍රමාණයකින් යුක්ත වන අතර ග්‍රාම නිලධාරී වසම් 43 කින් යුක්ත වේ. එමෙන්ම උතුරින් කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද, නැගෙනහිරින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද, ගිණිකොනින් හම්බන්තොට දිස්ත්‍රික්කය මෙන්ම රම්මලේ කන්ද රක්ෂිත වනාන්තරයෙන් ද, දකුණින් මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් හා එම රක්ෂිත වනාන්තරයෙන් ද, බටහිරින් පිටබැද්දර හා කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලින් ද මායිම් වේ.

"තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" “අවැසි පමණට - සැමට සෙවනත”නිවාස ආධාර වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ඉදි...
08/10/2026

"තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්"
“අවැසි පමණට - සැමට සෙවනත”

නිවාස ආධාර වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන ලද මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසට අයත් කීරිපිටිය බටහිර ග්‍රාම නිලධාරි වසමේ පදිංචි තුෂාර ප්‍රදීප් මහතාගේ නිවස විවෘත කිරීම 2026.10.05 දින පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති විජිත රංගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

එම අවස්ථාවට,කොට්ඨාස භාර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරී තුසිත රංග මහතා, ග්‍රාම නිලධාරි තුමන් ඇතුළු බොහෝ දෙනෙකු සහභාගීවිය.

මාධ්‍ය ඒකකය,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පස්ගොඩ.

Media Unit | Divisional Secretariat, Pasgoda
​Copyright 2026 © All Rights Reserved
[ © 2026 DSPASGODA Media ]

#සැමටනිවහන

"තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" “අවැසි පමණට - සැමට සෙවනත”නිවාස ආධාර වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ඉදි...
08/10/2026

"තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්"
“අවැසි පමණට - සැමට සෙවනත”

නිවාස ආධාර වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන ලද මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසට අයත් මොරගල ග්‍රාම නිලධාරි වසමේ පදිංචි රේණුකා වසන්ති මහත්මියගේ නිවස විවෘත කිරීම 2026.10.05 දින පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති විජිත රංගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

එම අවස්ථාවට,කොට්ඨාස භාර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණි මැතිතුමා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරී තුසිත රංග මහතා, ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි ඇතුළු බොහෝ දෙනෙකු සහභාගීවිය.

මාධ්‍ය ඒකකය,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පස්ගොඩ.

Media Unit | Divisional Secretariat, Pasgoda
​Copyright 2026 © All Rights Reserved
[ © 2026 DSPASGODA Media ]

#සැමටනිවහන

"තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන ලද මාතර දිස්ත්‍රික්කය...
07/10/2026

"තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්"

නිවාස ආධාර වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන ලද මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසට අයත් බටාදුර උතුර ග්‍රාම නිලධාරි වසමේ පදිංචි කෝසල ධනංජය මහතාගේ නිවස විවෘත කිරීම 2026.10.05 දින පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති විජිත රංගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

එම අවස්ථාවට,කොට්ඨාස භාර ප්‍රාදේශීය සභා මන්ත්‍රී තුමිය ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්,ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරී තුසිත රංග මහතා, ග්‍රාම නිලධාරී චන්ද්‍රා ලියනගේ මිය,ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි එම් පී ප්‍රියන්ති මිය හා පවුල් සෞඛ්‍ය නිලධාරී තුමියද සහභාගීවිය.

මාධ්‍ය ඒකකය,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පස්ගොඩ.

Media Unit | Divisional Secretariat, Pasgoda
​Copyright 2026 © All Rights Reserved
[ © 2026 DSPASGODA Media ]

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය එක්ව සංවිධානය කළ ප්‍රාදේශීය සාහිත්‍ය...
03/10/2026

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය එක්ව සංවිධානය කළ ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය 2026 සැප්තැම්බර් මස 29 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

මෙහිදී විශේෂ සාහිත්‍ය දේශනය පොලිස් නීති කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක නීතිඥ දිමුතු ප්‍රදීප් ජයසිංහ මහතා විසින් සිදු කරන ලදී.

ඉතා විචිත්‍රවත් අන්දමින් නර්තනාංග සහ විශේෂාංග සහිතව කලා මහෝත්සවය පවත්වන ලද අතර සියලුම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට, නර්තන ශිල්පීන්ට, ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කළ අතර නිර්මාණකරණය සහ ඉදිරිපත් කිරීම් තුළින් වැඩිම ජයග්‍රහණයන් ලබා ගත් කණ්ඩායම් තෝරා ප්‍රථම , දෙවන හා තෙවන ස්ථාන සඳහා කුසලාන ප්‍රදානය ද සිදුකර තරග ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් දිරිමත් කරන ලදී.

මෙම අවස්ථාවට පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් තුමා, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

මාධ්‍ය ඒකකය,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පස්ගොඩ.

Media Unit | Divisional Secretariat, Pasgoda
​Copyright 2026 © All Rights Reserved
[ © 2026 DSPASGODA Media ]




ආර්ථික සංගණනය 2025/26
03/10/2026

ආර්ථික සංගණනය 2025/26

වැඩිහිටියන්ට ගෞරවයත්, දරුවන්ට ආරක්ෂාවත් ලබාදෙන සෙනෙහසින් පිරි සමාජයක් ගොඩනඟමු.”** 🌿❤️ #පවුල  #වැඩිහිටිසත්කාරය  #දරුසුරැක...
01/10/2026

වැඩිහිටියන්ට ගෞරවයත්, දරුවන්ට ආරක්ෂාවත් ලබාදෙන සෙනෙහසින් පිරි සමාජයක් ගොඩනඟමු.”** 🌿❤️

#පවුල #වැඩිහිටිසත්කාරය #දරුසුරැකුම #ගෞරවය #සෙනෙහස #සමාජවගකීම

🏆 ජාතික ඵලදායිතා සම්මාන 2025/26 🏆අපගේ කැපවීම, කණ්ඩායම් හැඟීම සහ නවෝත්පාදනශීලී රාජකාරි භාවිතය ඇගයීමට ලක් කරමින්, රාජ්‍ය අ...
30/09/2026

🏆 ජාතික ඵලදායිතා සම්මාන 2025/26 🏆

අපගේ කැපවීම, කණ්ඩායම් හැඟීම සහ නවෝත්පාදනශීලී රාජකාරි භාවිතය ඇගයීමට ලක් කරමින්, රාජ්‍ය අංශයේ 3 වන ස්ථානය හිමි කරගැනීමට පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමත් විය. 🥉✨

මෙය එක් පුද්ගලයෙකුගේ ජයග්‍රහණයක් නොව, අප සියලු දෙනාගේ එකමුතු කැපවීමේ ප්‍රතිඵලයකි. ❤️

🙏 මෙම ජයග්‍රහණය සඳහා දායක වූ සියලුම සහෘද නිලධාරීන්ට අපගේ හෘදයාංගම ස්තුතිය!

“අද ජයග්‍රහණය… හෙට තවත් ඉහළ ඉලක්කයක් කරා!” 🚀🏆

මාධ්‍ය ඒකකය,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පස්ගොඩ.

Media Unit | Divisional Secretariat, Pasgoda

​Copyright 2026 © All Rights Reserved
[ © 2026 DSPASGODA Media ]

⚠️ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි eRL 2.0 පද්ධතිය යාවත්කාලීන කිරීමක් හේතුවෙන්, පළාත් 8ක ඉලෙක්ට්‍ර...
24/09/2026

⚠️ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

eRL 2.0 පද්ධතිය යාවත්කාලීන කිරීමක් හේතුවෙන්, පළාත් 8ක ඉලෙක්ට්‍රොනික වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව සැප්තැම්බර් 25 සිට 28 දක්වා තාවකාලිකව අත්හිටුවනු ලැබේ.

නැවත සැප්තැම්බර් 29 වන අඟහරුවාදා සිට සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ. සිදුවන අපහසුතාවය පිළිබඳ කණගාටු වෙමු.



මාධ්‍ය ඒකකය,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පස්ගොඩ.

Media Unit | Divisional Secretariat, Pasgoda

අත්තම දෙවන අදියර බේරුබැවුල වත්ත කේන්ද්‍ර කර ගනිමින් සිදු කල වෛද්‍ය සායනය - 2026/09/19පස්ගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිල...
22/09/2026

අත්තම දෙවන අදියර බේරුබැවුල වත්ත කේන්ද්‍ර කර ගනිමින් සිදු කල වෛද්‍ය සායනය - 2026/09/19

පස්ගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය නිලධාරී තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය හා හීහොඩ Medicare Laboratory Service ආයතනයේ සහය ඇතිව ප්‍රාදේශීය ලේකම් තුමාගේ හා බේරුබැවුල වතු අධිකාරි තුමාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සිදු කරන ලදී.

පළතුරු ආශ්‍රිත බීම පැකට් නිෂ්පාදන පුහුණු වැඩසටහන 🧃🍊නිවැරදිව පළතුරු බීම සාදාගන්නා ආකාරය ඉගෙන ගන්න ඔබත් එන්න! * දිනය: 2026...
22/09/2026

පළතුරු ආශ්‍රිත බීම පැකට් නිෂ්පාදන පුහුණු වැඩසටහන 🧃🍊

නිවැරදිව පළතුරු බීම සාදාගන්නා ආකාරය ඉගෙන ගන්න ඔබත් එන්න!

* දිනය: 2026.09.24
* ස්ථානය: විදාතා සම්පත් මධ්‍යස්ථානය - පස්ගොඩ
* වේලාව: උදෑසන 09.30 ට
* විමසීම්: 0412291098 / 0718004239
වැඩි විස්තර සඳහා අමතන්න.



Address

Divisional Secretariat/Pasgoda
Urubokka
81615

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94412291236

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - Pasgoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat - Pasgoda:

Shortcuts

Share