Divisional Secretariat - Pasgoda

Divisional Secretariat - Pasgoda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Secretariat - Pasgoda, Government Organization, Divisional Secretariat/Pasgoda, Urubokka.

▶️ පස්ගොඩ කොට්ඨාසයේ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා පස්ගොඩ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය පිහිටුවා ඇත. ◀️

☎️ Telephone :- 041-22 91 236

📩 Fax :- 041 - 22 91 007 / 041 - 22 91 238

📧 Email :- [email protected] දකුණු පළාතේ ඊසාන දෙසට වන්නට පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වර්ග කිලෝ මීටර් 148.3 ක (හෙක්ටයාර් 14830) ක භූමි ප්‍රමාණයකින් යුක්ත වන අතර ග

්‍රාම නිලධාරී වසම් 43 කින් යුක්ත වේ. එමෙන්ම උතුරින් කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද, නැගෙනහිරින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද, ගිණිකොනින් හම්බන්තොට දිස්ත්‍රික්කය මෙන්ම රම්මලේ කන්ද රක්ෂිත වනාන්තරයෙන් ද, දකුණින් මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් හා එම රක්ෂිත වනාන්තරයෙන් ද, බටහිරින් පිටබැද්දර හා කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලින් ද මායිම් වේ.

02/08/2026

30/07/2026

ජාතික තරුණ සේවා සභාව,සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එක්ව හදිසි ආපදා තත්ත්වයන්වල දී සහය ලබාදීම වෙනුවෙන් දිවයින පුරා තරුණ තරුණියන් 28,000කට ප්‍රථමාධාර පුහුණුව ලබා දීම අද (30දා) ආරම්භ කරන ලදී.

ඒ අනුව එක් ග්‍රාම සේවා වසමකට තරුණ තරුණියන් දෙදෙනෙක් බැගින් මෙම පුහුණුව ලබාදීම සඳහා තෝරාගෙන ඇත.

30/07/2026
மக்களின் நம்பிக்கையையும் அரச சேவைகளின் வினைத்திறனையும் உறுதிப்படுத்தும் நேர்மையான மற்றும் வெளிப்படையான செயல்பாட்டு வலைப்...
30/07/2026

மக்களின் நம்பிக்கையையும் அரச சேவைகளின் வினைத்திறனையும் உறுதிப்படுத்தும் நேர்மையான மற்றும் வெளிப்படையான செயல்பாட்டு வலைப்பின்னலை உருவாக்குவோம்! 🏛️✨

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" 🇱🇰ජනතාවගේ විශ්වාසය සහ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව තහවුරු කරන්නේ සුපිළිපන්, ...
30/07/2026

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" 🇱🇰

ජනතාවගේ විශ්වාසය සහ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව තහවුරු කරන්නේ සුපිළිපන්, පාරදෘශ්‍ය මෙහෙයුම් ජාලයක් තුළිනුයි. 🏛️✨


#වෙනස්වෙමුවෙනස්කරමු

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්"මානව ගරුත්වය සුරකින, හික්මුණු හදවත් ඇති සුපිළිපන් සමාජයක් උදෙසා පෙළගැසෙමු....
29/07/2026

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්"
මානව ගරුත්වය සුරකින, හික්මුණු හදවත් ඇති සුපිළිපන් සමාජයක් උදෙසා පෙළගැසෙමු. 🤝✨

සුපිළිපන් බවෙන් පිරිපුන්, කාර්යක්ෂම සහ ඩිජිටල් තාක්ෂණයෙන් සපිරි නව රාජ්‍ය සේවා යුගයකට මුලපුරමු!
28/07/2026

සුපිළිපන් බවෙන් පිරිපුන්, කාර්යක්ෂම සහ ඩිජිටල් තාක්ෂණයෙන් සපිරි නව රාජ්‍ය සේවා යුගයකට මුලපුරමු!

දකුණු පළාත් ග්‍රාම සංවර්ධන දිනය නිමිත්තෙන් පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාතර දිස්ත්‍රික් ප්‍රධාන වැඩසටහන පැවැත්වීම...
27/07/2026

දකුණු පළාත් ග්‍රාම සංවර්ධන දිනය නිමිත්තෙන් පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාතර දිස්ත්‍රික් ප්‍රධාන වැඩසටහන පැවැත්වීමට සමගාමිව රොටුඹ නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිති ශාලාව ජනතා අයිතියට පත් කිරීම, අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් බල මණ්ඩල අරමුදලින් නිවාස ආධාර ලබා දීම, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සිසුන් සදහා ඩැනී හිත්තැටිය අනුස්මරණ ගැමිසෙත ශිෂ්‍යත්ව ප්‍රදානය, ව්‍යවසායකත්ව ණය ලබා දීම ආදි වැඩසටහන් ගණනාවක් රොටුඹ නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදී පැවැත්වූ අතර මේ සමගම ග්‍රාම සංවර්ධන දිනය වෙනුවෙන් පස්ගොඩ ග්‍රාම සංවර්ධන බල මණ්ඩල කොඩි පැලදවීම හා ග්‍රාම සංවර්ධන බලමණ්ඩලයට ආධාර පිණිස ලොතරැයි පතක් හඳුන්වා දීමද සිදු කෙරිණි.

මේ සඳහා පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ උප සභාපති තුමිය ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් දර්ශන වර්ණප්‍රිය මහතා,දකුණු පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ප්‍රසාදිනී බොමිරිය ආරච්චි මහත්මිය, පස්ගොඩ සහකාර ප්‍රාදේශීය ලේකම් එච්.ඒ.ජී. නිසංසලා මෙනවිය, මාතර දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නිලධාරී මයුරි මහත්මිය, පස්ගොඩ ග්‍රාම සංවර්ධන නිලධාරී නුවන් දහනායක මහතා ,රොටුඹ පොලිස් ස්ථානාධිපති තුමන් ඇතුළු නිලධාරින් ග්‍රාම නිලධාරීන් හා ග්‍රාම සංවර්ධන බලමණ්ඩලයේ නිලධාරින් ඇතුළු සමිති සාමාජිකයින් සහභාගී විය.



ජාතික සුපිළිපන් සතිය අදින් ඇරඹෙයි.පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් තුමන් ඇතුළු කාර්යමණ්ඩලය සුපිළිපන් රාජ්‍ය සේවයක් උදෙසා දිවුරුම...
27/07/2026

ජාතික සුපිළිපන් සතිය අදින් ඇරඹෙයි.

පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් තුමන් ඇතුළු කාර්යමණ්ඩලය සුපිළිපන් රාජ්‍ය සේවයක් උදෙසා දිවුරුම් දීමේ අවස්ථාව..

ජනතාවගේ අයිතීන් සුරකිමින්, නීතියට අනුකූලව ක්‍රියාකරමින්, සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට අද සිට කැපවෙමු. 🤝

දකුණු පළාත් ග්‍රාම සංවර්ධන දිනය සැමරීමේ මාතර දිස්ත්‍රික් ප්‍රධාන වැඩසටහන පස්ගොඩ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දී 2026.07.2...
27/07/2026

දකුණු පළාත් ග්‍රාම සංවර්ධන දිනය සැමරීමේ මාතර දිස්ත්‍රික් ප්‍රධාන වැඩසටහන පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දී 2026.07.26 සිදු කෙරිණි.

ඒ සඳහා හීගොඩ ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රය පවිත්‍ර කිරීමේ හා එළිපෙ⁣හෙලි කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පස්ගොඩ ග්‍රාම සංවර්ධන බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලදි.

මාතර දිස්ත්‍රික් ප්‍රධාන වැඩසටහන වූ මේ සඳහා පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති විජිත රංගම⁣ගේ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, පස්ගොඩ සහකාර ප්‍රාදේශීය ලේකම් එච්.ඒ.ජී. නිසංසලා මෙනවිය, මාතර දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නිලධාරී මයුරි මහත්මිය, පස්ගොඩ ග්‍රාම සංවර්ධන නිලධාරී නුවන් දහනායක මහතා , ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී තුමන් ඌරුබොක්ක ග්‍රාම නිලධාරී චාමර මහතා හා ග්‍රාම සංවර්ධන බලමණ්ඩලයේ නිලධාරින් ඇතුළු සමිති සාමාජිකයින් සහභාගී විය.



Address

Divisional Secretariat/Pasgoda
Urubokka
81615

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94412291236

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - Pasgoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat - Pasgoda:

Shortcuts

Share