Entrepreneurial Association Wanduramba

Entrepreneurial Association Wanduramba ව්‍යවසායක සංගමය - වඳුරඹ ප්‍රාදේශීය ලේ?

30/05/2026

ගාලු සදහම් සිසිල

30/05/2026

ඔබේ ආයතනය තුළ ශක්තිමත් 5S විගණන කණ්ඩායම් නිර්මාණය කිරීමට අවශ්‍ය දැනුම හා නිපුණතාව ලබාදීම සඳහා 5S විගණනය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් 5S විගණක නිලධාරින් පුහුණු කිරීමේ තෙදින විශේෂ පුහුණු වැඩසටහනක් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කෙරේ.

මෙම පුහුණු වැඩසටහන 2026 ජූනි 24, 25 හා 26 දිනයන්හීදි ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේදි පැවැත්වීමට නියමිතය.
මෙම පුහුණු වැඩසටහන මගින්
* 5S සංකල්පයේ ප්‍රායෝගික භාවිතය පිළිබද දැනුම ලබා දීම
* 5S විගණනය සිදු කිරීම සම්බන්ධ පූර්ණ අවබෝධය ලබා දීම
* තෝරාගත් ආයතනයක 5S විගණනයක් සිදු කිරීම මගින් ප්‍රායෝගික අවබෝධය ලබා දීම (Practical Session)
* 5S විගණනය සහ ආයතනික කාර්ය දර්ශක අතර අන්තර් සම්බන්ධය පිළිබඳ දැනුවත් කිරීම
* විගණන ප්‍රතිඵල අර්ථකථනය කිරීම සහ පසුවිපරම් කිරීම සිදු කෙරෙනු ලැබේ.
ඔබේ ආයතනය තුළත් 5S විගණන කණ්ඩායමක් ස්ථාපිත කර ගැනීමට මෙම පුහුණු වැඩසටහන සඳහා පහත සබැඳිය මගින් 2026 ජූනි 19 දිනට පෙර අයදුම් කරන්න.
https://forms.gle/Z3nuQNPq1vA18wTLA
සැ.යු : ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත්ව මෙම පුහුණු වැඩසටහන පැවැත්වෙන බැවින් සහ සීමිත සංඛ්‍යාවක් පමණක් සහභාගි කරගනු ලබන බැවින් මුලින් අයදුම් කරන ආයතන/ නිලධාරින් හට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.

පුහුණු පාඨමාලාවට අදාල ගෙවීම් පිළිබඳ විස්තර
බැංකුව : ලංකා බැංකුව
ගිණුම් අංකය : 7040648
ගිණුමේ නම : අධ්‍යක්ෂ ජනරාල් - ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය
ශාඛාව : බත්තරමුල්ල

* උදේ තේ, දවල් ආහාර, සවස තේ හා ලිපි ද්‍රව්‍ය සපයනු ලැබේ.
 වැඩි විස්තර සඳහා දු.ක. 0112186031/ 0711937371 මගින් සුගත් දසනායක මහතා අමතන්න.

30/05/2026
30/05/2026
ස්ක්‍රීන් ප්‍රින්ටින් තාක්ෂණය  පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහනවඳුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ව්ද්‍යා තාක්ෂණ සම්පත් ම...
29/05/2026

ස්ක්‍රීන් ප්‍රින්ටින් තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහන

වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ව්ද්‍යා තාක්ෂණ සම්පත් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද ස්ක්‍රීන් ප්‍රින්ටින් තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් 2026.05.27 දින වඳුරඹ ගොවිජන සේවා මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී.

ස්ක්‍රීන් ප්‍රින්ට් ක්ෂේත්‍රයේ නූතන අවශ්‍යතාවන්ට ගැලපෙන නව ව්‍යවසායකයින් බිහිකිරීම හා දැනට ක්ෂේත්‍රයේ සිටින ව්‍යවසකයින්ගේ තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් ලබා දීම මෙහි අරමුණ වේ.

නූතන වෙළෙදපොළ අවශ්‍යතාවයන් සඳහා නිෂ්පාදන බිහිකරන ආකාරය පිළිබඳ දැනුවත් කිරීම අම්බලන්ගොඩ විද්‍යා හා තාක්ෂණ නිලධාරී සරත් ජිනසෝම මහතා විසින් සිදු කරන ලදී.

වඳුරඹ ප්‍රාදේශීය ලේකම් එස් .ඒ.එම් නස්ලි මහතාගේ උපදෙස් පරිදි , නියෝජ්‍ය අධ්‍යක්ෂ ( ක්‍රමසම්පාදන) සෙව්වන්දි එන්. රණවිර මහත්මියගේ මඟපෙන්වීමෙන් විද්‍යා හා තාක්ෂණ නිලධාරී ඊ.ඩබ්.ඒ.මධුසංක මහතා විසින් වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.

මෙම වැඩසටහන සඳහා සහය දක්වන ලද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන සම්බන්ධීකාරක තුෂාරි සමන්කුමාරි මහත්මියට,අපනයන සංවර්ධන නිලධාරී චතුරංගි විදානගම මහත්මියට, කෘෂිකර්ම සංවර්ධන නිලධාරී

එස්.නදීකා වෙදආරච්චි මහත්මියට, නිපුණතා සංවර්ධන නිලධාරී චම්න්ද ලාල් මහතාට සහ වඳුරඹ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘ.ප.නි.ස නිලධාරී ජේ.ඩබ්ලිව් ජයවීර මහතාට සහ අවශ්‍ය සහයෝගය ලබා දුන් සියලු දෙනාට ස්තුතියි....!!!

27/05/2026
26/05/2026

Transform Your Workplace: Achieve Official 5S Certification

Are you ready to elevate your organization’s efficiency, safety, and reputation?

By implementing and maintaining the 5S Standard, you create a high-quality work environment that drives sustainable growth. The National Productivity Secretariat offers the only official 5S standard certificate issued by a government institution to recognize workplace excellence.

Why Apply?
The Benefits of 5S Implementation
Adopting the 5S framework delivers immediate, measurable organizational advantages:

• Boost Productivity: Significantly increase the production and quality of your goods and services.
• Cut Hidden Costs: Prevent unnecessary expenses by systematically minimizing waste.
• Optimize Delivery: Eliminate operational bottlenecks and prevent delays in service delivery.
• Empower Your Team: Create a safer, cleaner work environment that naturally increases employee motivation.
• Build Trust: Attract more customers and sharply improve your corporate reputation.

Who Can Apply?

This certification program is open to a diverse range of institutions. You can apply as an entire organization or nominate specific departments:

* Private Companies
* Government Institutions
* Semi-Government Organizations
* Academic Institutions

Take the First Step Toward Excellence
Join the ranks of high-performing organizations. Secure your official government-backed certification and build a culture of continuous improvement.

Click Here to Apply Today via the Official Portal
https://productivity.lk/index.php?option=com_content&view=article&id=19&Itemid=127&lang=en

Address

Wanduramba

Website

Alerts

Be the first to know and let us send you an email when Entrepreneurial Association Wanduramba posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Entrepreneurial Association Wanduramba:

Share

Category