21/03/2026
මාර/ පැළෑණ ශ්‍රී වජිරඤාණ මහා විදුහලේ 2026 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය වෙන කවරදාටත් වඩා උත්කර්ෂවත් ලෙස ඊයේ දින පවත්වන ලදි. එය පැමිණි ආරාධිත අමුත්තන්ගේ ද පෑසසුමට ලක්විය. මානව හා භෞතික සම්පත් ඌනතාවයන් මධ්‍යයේ වුවද අපගේ දුවා දරුවන්ගේ ක්‍රීඩා හැකියා හදුනාගෙන ඔවුන් ඇගයීමට ලක් කිරීම අරමුණු කරගෙන අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ උත්සාහය හා කැපවීම මත මෙය සාර්ථකව අවසන් කිරීමට හැකිවිය. මේ අනුව වෙනදා නොපැවැත්වූ ක්‍රීඩා ඉසව් පැවැත්වීමට හැකිවූ අතර උත්සවය ආරම්භයේ සිට අවසානය දක්වා ජනප්‍රිය පසල් වලට නොදෙවෙනි ලෙස අලංකාරවත්ව පැවැත්වීමට හැකි විය.
මෙම උත්සවය සාර්ථක කරගැනීමට ආදි ශිෂ්‍ය ප්‍රජාවෙන්, ප්‍රදේශයේ සංචාරක සේවා ආයතනවලින්, ප්‍රදේශවාසීන්ගෙන් හා දෙමාපියන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණි.
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💐💐💐💐🙏🏽🙏🏽🙏🏽