Divisional Secretariat Welipitiya

Divisional Secretariat Welipitiya Official page of Divisional secretariat, Welipitiya

2026.08.31
31/08/2026

2026.08.31

📅 2026.08.21රාජ්‍ය නිලධාරීන්ගේ සාමාන්‍ය හැසිරීම සහ විනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනමාතර, වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කා...
21/08/2026

📅 2026.08.21

රාජ්‍ය නිලධාරීන්ගේ සාමාන්‍ය හැසිරීම සහ විනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

මාතර, වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීන්, ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් සහ කාර්යාල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් “රාජ්‍ය නිලධාරීන්ගේ සාමාන්‍ය හැසිරීම සහ විනය” පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩසටහන දකුණු පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනය මගින් සංවිධානය කරන ලදී.

වැඩසටහනේ සම්පත් දායකත්වය ලබා දෙමින්, සිය දීර්ඝ රාජ්‍ය සේවා අත්දැකීම් හා දැනුම සහභාගී වූ නිලධාරීන් සමඟ බෙදාගනු ලැබුවේ, ප්‍රවීණ රාජ්‍ය නිලධාරියෙකු සහ පුහුණුකරුවෙකු වන හිටපු පළාත් සෞඛ්‍ය ලේකම් බුද්ධප්‍රිය නිගමුණි මැතිතුමන් විසිනි.

රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා නිලධාරීන්ගේ වගකීම, විනය, ආකල්ප හා වෘත්තීය හැසිරීම පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම සඳහා මෙවැනි වැඩසටහන් ඉතා වැදගත් වේ.

🙏 තම වටිනා දැනුම හා අත්දැකීම් බෙදා දෙමින් මෙවැනි සත්කාර්යයන් සඳහා දායක වන බුද්ධප්‍රිය නිගමුණි මැතිතුමන්ට අපගේ ගෞරවය හා ස්තුතිය පුද කරමු.

එතුමන්ට තවදුරටත් මෙවැනි සත්කාර්යයන් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමු. 🙏

මාධ්‍ය ඒකකය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය – වැලිපිටිය

30/07/2026
📅 2026.07.27🌿 සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීම උදෙසා 🌿━━━━━━━━━━━━━━━━━━━━පුරවැසි අයිතීන් සහ අවශ්‍යතාවයන් තවදුරටත් සුරක්...
27/07/2026

📅 2026.07.27

🌿 සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීම උදෙසා 🌿
━━━━━━━━━━━━━━━━━━━━

පුරවැසි අයිතීන් සහ අවශ්‍යතාවයන් තවදුරටත් සුරක්ෂිත කරමින්, දූෂණයෙන් තොර, පාරදෘශ්‍ය හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් තුළින් යහපත් පුරවැසි සමාජයක් බිහි කිරීම උදෙසා රාජ්‍ය සේවකයන් ලෙස අපගේ කාර්යභාරය වගකීමෙන් හා අවංකභාවයෙන් ඉටු කිරීම අරමුණු කර ගනිමින්,

“සුපිළිපන් රාජ්‍ය සේවයක්” ගොඩනැගීම උදෙසා දිවුරුම් දීමේ වැඩසටහනක් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් ආර්. එස්. දිල්හානි නදීකා මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය එක්ව සුපිළිපන්, අවංක, පාරදෘශ්‍ය හා ජනතා හිතකාමී රාජ්‍ය සේවයක් වෙනුවෙන් සිය කැපවීම ප්‍රකාශ කළහ.

ජනතා විශ්වාසය සුරකිමින්,
වගකීමෙන් හා අවංකභාවයෙන්,
පාරදෘශ්‍ය හා කාර්යක්ෂම සේවාවක් තුළින්
යහපත් පුරවැසි සමාජයක් ගොඩනැගීම අපගේ අරමුණයි. 🇱🇰

🤝 සුපිළිපන් රාජ්‍ය සේවයක් වෙනුවෙන් අපි සැවොම එක්වෙමු!
━━━━━━━━━━━━━━

🟢 'සුරකිමු ලංකා' බලශක්ති සුරක්ෂිතතා වැඩසටහනට කැබිනට් අනුමැතිය 🟢ජනාධිපති ලේකම් කාර්යාලය,  බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා...
28/05/2026

🟢 'සුරකිමු ලංකා' බලශක්ති සුරක්ෂිතතා වැඩසටහනට කැබිනට් අනුමැතිය 🟢

ජනාධිපති ලේකම් කාර්යාලය, බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන 'සුරකිමු ලංකා' බලශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම සියලූම සියලූම රාජ්‍ය, අර්ධ රාජ්‍ය පෞද්ගලික අංශය සහ මහජනතාව සම්බන්ධ කරමින් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

පොසිල ඉන්ධන මත අධික ලෙස රඳා පැවතීම, අහිතකර කාලගුණය, භූ දේශපාලනික අස්ථාවරත්වය සහ ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව අභියෝගයට ලක්ව ඇති අතර, පාරිභෝගිකයන්ගේ අවිධිමත් විදුලි භාවිතය නිසා ඉහළ යන ඉන්ධන ආනයන වියදම ජාතික ආර්ථිකයට දැඩි පීඩනයක් එල්ල කරයි. මෙම තත්ත්වය කළමනාකරණය කරමින් රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා, පුනර්ජනනීය බලශක්තිය වැඩිපුර ජනනය වන කාලසීමාවන් තුළ විදුලිය පරිභෝජනය කිරීමට මහජනතාව යොමු කිරීම සහ බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය චර්යාත්මක වෙනස්කම් ඇති කිරීම අරමුණු කරගනිමින් ඉදිරියේදී වඩාත් ත්‍රීව ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
--------------------------------------

2026.01.09 දින,මාතර, වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, උඩුකාව දකුණ- "සැනසුම" වැඩිහිටි සමිතිය සහඋඩුකාව උතුර- "විකසිත"...
09/01/2026

2026.01.09 දින,
මාතර, වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, උඩුකාව දකුණ- "සැනසුම" වැඩිහිටි සමිතිය සහ
උඩුකාව උතුර- "විකසිත" වැඩිහිටි සමිතියේ සාමාජික, සාමාජිකාවන් සදහා,
ගී රසවින්දනය තුළින්...
"අන්තර් වැඩිහිටි සංවිධාන සුහදතා වර්ධන වැඩසටහන"

#. ආර්ථික සංවර්ධන නිලධාරී, නිශාන්තා හර්ෂණී මහත්මියගේ සංවිධානයෙන් හා සම්බන්ධීකරනයෙන්,
#. ග්‍රාම නිලධාරී, අප්සරා ගුණසේකර මෙනවියගේ සහායෙන්,
#. රොබින් සංඛ මහතාගේ සම්පත්දායකත්වයෙන්,
#. වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී, චන්දන ජයවර්ධන මහතාගේ සහභාගීත්වයෙන්,

අද දින සවස් යාමයේ උඩුකාව බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී, පැවැත්වුනා....
=====================
මාධ්‍ය ඒකකය, ප්‍රා.ලේ.කා. වැලිපිටිය.

Address

Weligama

Opening Hours

Monday 08:30 - 04:00

Telephone

+94412250238

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Welipitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Welipitiya:

Shortcuts

Share